උගුර ආශ්‍රිතව ඇතිවන වේදනාව ඉතා පීඩාකාරී රෝග තත්වයකි. එනම් උගුර ආශ්‍රිතව වේදනාවන් ඇතිවීමට විවිධ හේතු බලපානු ලබයි. එනම්
- බැක්ටීරියා ආසාදනයන් ඇති වූ විට.
- උගුරේ පටකවලට හානි වූ විට
- ප්‍රතිශ්‍යාව කැස්ස ඇති වීමට පෙර
- උගුර ආශ්‍රිතව වේදනාවන් ඇතිවනු ලැබේ.
- එනම් මෙසේ උගුර ආශ්‍රිත වේදනාවන් ඇති වූ විටක
- කෙල ගිලීමේ අපහසුතා
- ආහාර ගැනීමේ අපහසුතා
- පානය කිරීමේ අපහසුතා
ඇති වනු ලැබේ. මේ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වඩාත් වැදගත් වේ. එනම් ඊට අමතරව ස්වභාවික ප්‍රතිකාර නිවසේදීම සිදුකළ හැකිය.

ලුණු වතුරෙන් උගුර සෝදා හැරීම. ඈත අතීතයේ සිට ම සෑම දෙනාම පාහේ උගුර ආශ්‍රිතව ඇතිවන වේදනාවන් ,සෙම්ගෙඩි සුව කර ගැනීම සඳහා ඖෂධයක් ලෙස ලුණු භාවිතා කර තිබේ. එනම් මේ සඳහා මඳ උණුසුම් වතුර වීදුරුවකට ලුණු ස්වල්පයක් දමා හොඳින් මිශ්‍ර කර උගුර සහ මුඛය සෝදා හැරීම වඩාත් යෝග්‍ය වේ. එනම් මෙම සත්කාරය උදෑසන සහ සවස් කාලය තුළ සිදු කළ යුතුය. එනම් මෙමගින් උගුර ආශ්‍රිතව ඇතිවන වේදනාවන්, සෙම් ගෙඩි සුව කර ගත හැකිය.
පොල් කැබැල්ලක් පුළුස්සා ආහාරයට ගැනීම.උගුර ආශ්‍රිතව ඇති වන සීරීම් හා වේදනාවන් සුවකර ගැනීම සඳහා භාවිතා කළ හැකි තවත් එක් ස්වභාවික සත්කාරයක් ලෙස මෙම සත්කාරය හැඳින්විය හැකිය. එනම් නැවුම් පොල් කැබැල්ලක් ගෙන එයට ලුණු ස්වල්පයක් මිශ්‍ර කර අඟුරු මත තබා පුළුස්සා ආහාරයට ගැනීමෙන් උගුර ආශිතව ඇතිවන වේදනාවන් සුව කරගත හැකිය. එනම් එක් වතාවක් සිදු කර සුවතාවයක් ලබාගත නොහැකි නම් නැවත වතාවක් සිදු කිරීම මඟින් යහපත් ප්‍රතිඵල ලබාගත හැකිය.
මිංචි කොළ පානය.උගුර ආශිතව ඇතිවන වේදනා ඉදිමුම් සෙම්ගෙඩි සුව කර ගැනීම සඳහා භාවිතා කළ හැකි තවත් එක් ඖෂධයක් ලෙස මිංචි කොළ පානය හැඳින්විය හැකිය. එනම් ඒ සඳහා උණුසුම් වතුර වීදුරුවකට මිංචි කොළ කිහිපයක් දමා පසුව එයට මී පැණි තේ හැන්දක් මිශ්‍රකර පානය කිරීම මගින් උගුර ආශ්‍රිතව ඇතිවන අපහසුතාවයන් සුව කරගත හැකිය. එනම් මින්චි කොල වල අඩංගු ගුණයන් උගුර ආශ්‍රිතව ඇතිවන තුවාල සුව කිරීමට ප්‍රබල දායකත්වයක් සපයනු ලැබේ.
වැල්මීඋගුර ආශ්‍රිතව ඇතිවන ආබාධ තත්ත්වයන් සුව කිරීම සඳහා ආයුර්වේදය තුල බහුලව භාවිතා කරන ඖෂධයක් ලෙස වැල්මී හඳුනාගත හැකිය. එනම් ඈත අතීතයේ සිටම වැල්මී කටහඩ මිහිරි කර ගැනීම සඳහා භාවිතා කර තිබේ. එනම් වැල්මි තම්බා පානය කිරීම, වැල්මී කුඩු ලෙස සකස් කර තේ පානයක් ලෙස භාවිතා කිරීම, වැල්මී කැබැල්ලක් සපා කෙල ගිලීම. මේ ආදී වශයෙන් කුමන හෝ ආකාරයකට වැල්මී ඖෂධයක් ලෙස භාවිතා කිරීමෙන් උගුර ආශ්‍රිතව ඇතිවන වේදනාවන්, කටහඬ වෙනස් වීම් ,සෙම්ප්‍රතිශ්‍යාව ,කැස්ස ආදී රෝග සියල්ලම සුව කරගත හැකිය.

මී පැණි උගුර ආශ්‍රිතව ඇතිවන අපහසුතා සමනය කිරීම සඳහා ඖෂධයක් ලෙස මී පැණි භාවිතා කළ හැකිය. එනම් මී පැණිවල තුවාල සුව කිරීමේ ගුණය පවතී. මේ නිසා උගුර ආශිතව ඇතිවන වේදනාවන් ඉදමුම් සුවකර ගැනීම සඳහා මී පැණි හැන්දක් මද උණුසුම් වතුර වීදුරුවකට දමා පානය කිරීම වඩාත් යෝග්‍ය වේ. එනම් මෙමගින් උගුර ආශ්‍රිත වේදනාවන් සුවපත් කරගත හැකිය. ඊට අමතරව මෙම පානයට දෙහි යුෂ ස්වල්පයක් එකතු කර ගැනීම ද යෝග්‍ය වේ.
උළුහාල් උගුර ආශ්‍රිතව ඇතිවන නොයෙකුත් වේදනාවන් ,ඉදමුමි ,කැස්ස ,සෙම්ප්‍රතිශ්‍යාව ආදී රෝග තත්ත්වයන් සුව කර ගැනීමට උළුහාල් ඖෂධයක් ලෙස යොදා ගත හැකිය. එනම් උළුහාල් තේ හැදි දෙකක් වතුරට දමා හොඳින් තැම්බෙන්නට තබා පසුව එම වතුර පෙරා මද රස්නයෙන් උගුර සෝදා හැරීම මගින් මෙම රෝග තත්ත්වයන් සුව කර ගත හැකිය.
කරාබු නැටි-උගුර ආශ්‍රිතව ඇතිවන වේදනාවන් වලට ඉක්මන් සහනය ලබාගැනීමට කරාබු නැටි ඖෂධයක් ලෙස යොදා ගත හැකිය. එනම් මේ සඳහා කරාඹු නැටි කිහිපයක් ගෙන හොඳින් තළා උණුසුම් වතුර වීදුරුවකට දමා තැම්බෙන්නට තබා මද රස්නෙන් යුතුව පානය කිරීම මගින් උගුර ආශ්‍රිතව ඇතිවන වේදනාවන් ඉදමුම්, තුවාල සුවපත් කරගත හැකිය.
ඉඟුරු-සෑම නිවසකම පාහේ භාවිතා කරන ඖෂධ අතර පළමු තැන හිමි වන්නේ ඉඟුරු වලටය. එනම් බොහෝ රෝගවලට සුවදෙන ඉඟුරු උගුර ආශ්‍රිතව ඇතිවන ඉදිමුම්, වේදනාවන් මෙන්ම සෙම්ප්‍රතිශ්‍යාව ,කැස්ස වැනි රෝග තත්ත්වයන් හේතුවෙන් ඇතිවන සංකූලතාවයන් සුවකර ගැනීමට භාවිතා කළ හැකිය. එනම් මේ සඳහා ඉඟුරු මිශ්‍රකර තේ පානයක් සකස් කර භාවිතා කිරීම හෝ ඉඟුරු කැබැල්ලක් උණුවතුර වීදුරුවකට දමා මඳ රස්නයෙන් යුතුව පානය කිරීම මගින් උගුර ආශිතව ඇතිවන වේදනාවන් සුව කරගත හැකිය.