උගුරේ වේදනා සමනය කරන පිළියම් 14 ක්

health tips

සෙම්ප්‍රතිෂ්‍යාව කියන්නේ සීතල දේශගුණයත් එක්ක සීතල ආහාරයක් ගත්විටත් නිතර ඇතිවන සුලබ රෝගයක්. සෙම්ප්‍රතිෂ්‍යාව හැදීගෙන එනවිට මතුවන මූලිකම ලක්ෂණය තමයි උගුරේ වේදනාව . ඉතින් අද බොහෝ අය උගුරේ වේදනාවක් දැණුනු විගසම බටහිර වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නට උන්නන්දු වීමක් දකින්නට පුළුවන්.නමුත් කිසිදු මුදලක් වැය කර ගන්නේ නැතුව ඉතා පහසුවෙන් ලෙහෙසියෙන් නිවසේදී කළ හැකි පිළියම් ගැන ඇතැම් අය දැනුවත් නැහැ. තවත් අය ඒවා කරන්නට එතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ. ඉතින් දන්නා නොදන්නා හැමෝටම වඩාත් ප්‍රයෝජනවත් වෙන මේ පිළියම් උගුරේ වේදනාවක් අපහසුවක් ඇතිවිටෙක ඉතා පහසුවෙන් ඔබටත් භාවිතා කරන්නට පුළුවන්.

  • ලුණු වතුරෙන් උගුර සේදීම උගුර ආශ්‍රිතව වේදනාව ඇතිව වෙද්දිම කළ යුතු මුල්ම ප්‍රතිකාරය තමයි මේ ලුණු වතුරෙන් උගුර සේදීම. මේ සඳහා මද උණුසුම් ජලය භාවිතා කිරීම වඩා සුදුසුයි.මෙය පැය 2 ට වරක් සිදු කිරීම මගින් හෙම්බිරිස්සාව ඇති කරන්නට හේතුවෙන බැක්ටීරියා විශබීජ විනාශ කර දමනවා.ලුණු ඉතාම හොඳ විශබීජ නාශකයක් නිසා උගුර ආශ්‍රිතව ඇති බැක්ටීරියා ක්‍රියාකාරිත්වය වේගයෙන් මර්දනයට ලුණු බෙහෙවින් උපකාරී වෙනවා.
  • උළුහාල් තේ හැදි 2 ක් නටන වතුරට දමා විනාඩි 30 ක් තම්බා ගෙන උගුර සෝදන්න.
  • හුමාලය ආශ්වාස කරන්න
  • උණුසුම් ජලය මගින් නැගෙන හුමාලය ස්වසන පද්ධතියට මුදාහැරීම මගින් නාස් කුහරයේ ඇති සෙම ආදියත් මුල් අවධියේදීම ඉවත්ව යනවා. ඒ නිසා උගුරේ ඇතිවන දැවිල්ල සහ වේදනාවත් ඉබේම පහවෙලා යනවා. මේ ප්‍රතිකර්මයක් දිනකට දෙතුන් වතාවක් අපහසුතාවය ඉවත්ව යනතුරු සිදු කළ යුතුයි.
  • උණුවතුර කෝප්පයකට කරාබු නැටි 7-8 ක් දමා තම්බා මද වේලාවකින් පානය කරන්න.
  • සූකිරි ආහාරයට ගන්න මේ සුකිරිවල ඇති සීනි ගතිය නිසා උගුර මැදීමෙන් උගුරේ වේදනාවට ඉතා හොඳ සහනයක් ලැබෙනවා.
  • දියර වර්ග පානය උගුරේ වේදනාවක් ඇති අවස්ථාවක දියර වර්ග පානය කිරීම අපහසු වුණත් උගුරේ වේදනාව සමනය කර ගන්නට වැඩි වශයෙන් ජලය පානය කිරීම කළ යුතුමයි. හෙම්බිරිස්සා තත්ත්වයක් සැදීගෙන එන විට විශබීජ සමඟ සටන් කරන්නට සුදු රුධිරාණු වැය වෙනවා. ඒ නිසා ශරීරයේ ජල මට්ටම අඩු වුණොත් එය සිරුරේ විෂබීජ ප්‍රමාණය වැඩෙන්නටත් සුදු රුධිරාණු බොහොමයක් විනාශ වෙන්නටත් හේතු වෙනවා. ඒ නිසා උණුසුම් දියර වර්ග වැඩි වශයෙන් පානය කිරීම උගුරේ වේදනාව සමනය කර ගන්නට අත්‍යවශ්‍ය වෙනවා.
  • මී පැණි දෙහි යුෂ සමඟ කලවම් කර මද උණුසුම් ජලය සමඟ පානය කරන්න.මී පැණි ඉතාමත් ඉහළ බැක්ටීරියා නාශක ගුණයෙන් සමන්විත ද්‍රව්‍යයක්. මී පැණිවල ඇති අධික සීනි සාන්ද්‍රණය නිසා ඒ  මතගැටෙන බැක්ටීරියාවල ඇතුළත  ඇති ජලය පවා පිටතට ඇද ගන්නා නිසා ඒ බැක්ටීරියා විජලනයට පත්වෙලා විනාශ වෙනවා. ඒ නිසා මී පැණි ඇතිවිට කිසිම බැක්ටීරියාවකට වර්ධනය වීමේ හැකියාව නැහැ.
  • ඇපල් සයිඩර් විනාකිරි තේ හැන්දක් මද උණුසුම් ජලය සමඟ මිශ්‍ර කර පානය කරන්න. අම්ලික බවින් වැඩි බැක්ටීරියා නාශක ගුණයෙන් යුත් මේ ඇපල් සයිඩර් විනාකිරි ඇපල් මිරිකා ලබාගත් යුෂවලින් සකස් කර ගනු ලබනවා. මේ පානය දිනකට තුන් වතාවක් ගැනීමෙන් බැක්ටීරියා විනාශ වන නිසා උගුරේ ආසාදනය ඉතා ඉක්මනින් සුව කර ගන්නට පුළුවන්.
  • සුදු ළූණු බිකක් විනාඩි 15 ක් පමණ මුඛයේ තබාගෙන හපන්න 
  • සුදු ළූණු බිකක් තලා උණුසුම් ජලයට දමා විනාඩි 10 ක් පමණ තබා පානය කරන්න.
  • සුදු ළූණුවල අඩංගු ඇලිසීන් කියන සංයෝගය ප්‍රතිඔක්සිකාරකයක් විදියට වගේම විෂබීජ නාශකයක් ලෙසටත් ඉතා වැදගත් ආහාරයක්. ඒ නිසා සුදු ළූණු භාවිතයෙන් උගුරේ වේදනාව ඉතා ඉක්මනින් සුවකර ගන්නට හැකියාව පවතිනවා.
  • ඉඟුරු කෑල්ලක් ලිපට දමා පුළුස්සා ආහරයට ගන්න.නැත්නම් ඉඟුරු තේකට එකතු කර හෝ උණු වතුරට දමා තම්බා ගෙන පානය කිරීමත් සුදුසුයි.
  • ඉඟුරුවල ඇති ජින්ජර් රෝල් කියන සංයෝගයට පුළුවන් මේ ආසාදනයන් ඇති කරන බැක්ටීරියා සියල්ලම විනාශ කරන්න. ඒ නිසා සෙම උගුරේ වේදනාව, බඩේ කැක්කුම ආදී රෝග බොහොමයකටම ඉඟුරු ඉතාම හොඳ ඖෂධයක්.
  • ඉඟුරු, සුදු ළූණු, දෙහි යුෂ හාමී පැණි සම ප්‍රමාණවලින් ගෙන ඉඟුරු සුදුළූණු හොඳින් තලා ගන්න. පසුව ඒ තලාගත් ද්‍රව්‍යයන් සහ දෙහි යුෂ මේස හැන්දක් මී පැණි මේස හැන්දක් බැගින් දමා කලවම් කර පානය කරන්න.
  • උණු වතුර කොප්පයකට මිංචි කොළ ස්වල්පයක් දමා එයට මී පැණි දමා පානය කරන්න.

විවේකය විවේකය කියන්නේ ඕනෑම රෝගයක් වැළදී ගෙන එන විට එයින් ඉතා ඉක්මනින් සුවයක් ලබා ගන්නට අත්‍යවශ්‍යම දෙයක්. මොකද ඒ වෙද්දි අපේ ශරීරය විශබීජවලින් ආරක්ෂා කරගන්නට සුදු රුධිරාණු ඉතා දැඩි වෙහෙසක් දරනවා. ඒ  සඳහා අමතර ශක්තියක් ලබා ගන්නට අපේ ශරීරයට විවේකය අඅත්‍යවශ්‍යම වෙනවා.

සෙම්ප්‍රතිෂ්‍යාව සෑදීගෙන එද්දි ඇතිවන උගුරේ වේදනාවට බටහිර වෛද්‍ය  ප්‍රතිකාර ලබා ගන්නට පෙර මේ ප්‍රතිකාර කිහිපයක් සිදුකර බලන්නට ඔබටත් පුළුවන්. මොකද මේ ද්‍රව්‍යන් නිවස තුළින් ඉතා පහසුවෙන් සොයා ගන්නට හැකි නිසා.