ඉබේම මෝචනයවීම වළකන ආයුර්වේද පිළියම් 15 ක්

health tips

‘ස්පර්මැටෝරියා’ (spermatorrhoea) යනු ලිංගික සබඳතා නොපවත්වන අවස්ථා වල පවා ඉබේම ගුක්‍රාණු පිටවීමෙන් (මෝචනය) සංලක්ෂිත ගැටලුකාරී තත්වයකි.දහවල් කාලයේ ප්‍රකෘති සිහියෙන් සිටින විටදී හෝ රාත්‍රී නින්දෙන් පවා මේ තත්වය ඇතිවිය හැකියි. පුද්ගලයෙකු සතියකට තෙවරකට වඩා ඉසකරකැවිල්ල, නින්ද නොමැතිකම (ඉන්සොම්නියාව),තුනටිය හා පාද ආශ්‍රිත අප්‍රාණිකබව හා ශක්තියෙන් පිරිහී සිටීම වැනි ලක්ෂණ ද සමඟින් මෙසේ ශුක්‍ර මෝචනය වීමෙන් පීඩා විඳීම රෝග තත්වයක් ලෙස සැලකේ.අධිකව ලිංගික ක්‍රියාකාරකම් වල යෙදීම,ස්වයංවින්දනය,චිත්තාවේගීය අසමතුලිතතා හා මද්‍යසාර භාවිතය ස්පර්මැටෝරියා තත්වයට බලපාන්නේ යැයි සැලකෙන හේතු සාධක කිහිපයකි. ආයුර්වේදයේ මෙය ධාතු රෝගය (semen loss syndrome) ලෙස හඳුන්වයි.ආයුර්වේද විශේෂඥයින්ට අනුව ධාතු යනු අපේ සිරුරේ පවතින අත්‍යවශ්‍යම මූලාංග වලින් එකකි.අධික තරලතාව ශුක්‍රාණු ක්ෂය වීම පෙන්නුම් කරන ලක්ෂණයක් ලෙස සැලකේ.

ආයුර්වේදයට අනුව, ශුක්‍රාණු, පිරිමි ශරීරයේ පවතින සුදු සහ ඝන ද්‍රව්‍යයකි. ප්‍රජනන ක්‍රියාවලියේදි පමණක් නොව පුරුෂයින්ගේ කායික ශක්තිය,රූප ලක්ෂණ, බුද්ධිය හා මතක ශක්තිය දියුණු කිරීමට සඳහා ද දායක වේ. ශුක්‍ර මෝචනය (ක්ෂය වීම) කාය ශක්තිය අඩුවීම,මතකය අස්ථායිවීම හා මානසික තෘප්තිය අහිමිවීම වැනි ගැටලු ඇතිවීම හා සම්බන්ධතා පෙන්නුම් කරයි.

ධාතු රෝගයට තුඬු දිය හැකි ආකාරයේ බලපෑම් සාධක: විවාහයට පෙර ලිංගික සබඳතා පැවැත්වීම,ශරීරයට ව්‍යායාම නොලැබීම,අධික ලිංගික ආශාවන්,අධික ලිංගික සබඳතා,හොඳින් වතුර පානය නොකිරීම,ධාතු වලට හානිවීම්,මනසෙන් යම් දෙයක් ගැන නිතර වදවීම හෝ ශෝකයෙන් පසුවීම,දහවල් කාලයේ ලිංගික සබඳතා පැවැත්වීම,සෞඛ්‍ය සනීපාරක්ෂාව සහතික නොකළ ආහාර පාන පරිභෝජනය ආදි සාධක ශුක්‍ර ධාතු කිපීමට හේතුවන බවත් ධාතු සින්ඩ්‍රෝම ලක්ෂණ වලට තුඬු දිය හැකි බවත් පෙන්වාදේ.

ධාතු රෝගයෙන් පෙළෙන පුද්ගලයින් තුළ ශරීර ශක්තිය නොමැතිකම,ශිෂ්ණයේ විශාලත්වය අඩුවීම,මූත්‍රා කිරීමේදි දැවිල්ල ඇතිවීම,අභිප්‍රේරණයක් නොමැතිකම,මානසික ගැටලු, විශාදය හා ශරීරයේ ඛනිජ ලවණ හීනවීම වැනි තත්වයන් අත්දැකීමට සිදුවිය හැකිය.ආයුර්වේදයේ මේ සඳහා විවිධ ප්‍රතිකාර සිදුකෙරේ.

  • ‘කටිස්නාන්’- ශ්‍රෝණි,ලිංගික අවයව හා ගුද ප්‍රදේශය පිරිසිදු වීමට උපකාරී වන ස්නාන ක්‍රමයකි.කකුල් පිටතට දමාගෙන මද උණුසුම් වතුර පිරවූ තටාකයක පුද්ගලයා වාඩි වී සිටීමට සලස්වයි.මෙම ස්නානය මඟින් පේශි ලිහිල් කිරීම හා රුධිර ගමනාගමනය වැඩිදියුණු වේ.ඔසප් වේදනා,අර්ශස්,පසු ප්‍රසව වේදනා,පුරස්ථි ග්‍රන්ථු වේදනා වැනි තත්වයන්ට සහනය සලසයි.
  • ‘ස්නේහන’-ඖෂධ හා තෙල් වලින් සිරුර අභ්‍යන්තර හා බාහිරව ලිහිසි කරවන ප්‍රතිකාර ක්‍රමයකි.සම මත බාහිරව ගැල්වීම හෝ මුඛ, නාසය හා ගුද මාර්ගය හරහා අභ්‍යන්තරයට ප්‍රතිකාර ලබාදිම සිදුකෙරේ. වියළි බටර්,එළකිරි, සත්ත්ව මේද, අබ තෙල්,තල තෙල් ස්නේහන ප්‍රතිකාරයට බහුලව භාවිත වන අමුද්‍රව්‍ය වේ.ශුක්‍ර ධාතු ගැටලු වලට ඵලදායි ප්‍රතිකාරයක් වේ.
  • ‘ස්වේදන’-සිරුරට දහඩිය වැටීමට සැලැස්වීමෙන් විෂ ද්‍රව්‍ය හා සිරුරේ කිපී ඇති දෝෂ දුරුකරවීමයි. හුමාල කුටියකට වී සිටීම (භශ්ප ස්වේද), උණුසුම් ඖෂධීය තෙල් සිරුරට වත්කිරීම (පරිශේක ස්වේද) ඖෂධීය උණුසුම් වතුර පිරවූ බැස සිටීම (අවඝ ස්වේද) වැනි ක්‍රම හරහා රක්තවාත හා හර්නියා වැනි රෝග වලට ප්‍රතිකාර කෙරේ.ධාතු අසමතුලිත වීමෙන් ඇතිවන ගැටලු සමනය කරයි.
  • ‘භස්ති’-කසාය, තෙල් හා ඖෂධ මිශ්‍රණ මඟින් වස්ති කිරීමයි.ශුක්‍රාණු ආශ්‍රිත ගැටලු වලට ප්‍රතිකාර කරයි.
  • ස්පර්මැටෝරියා තත්වයට ගුණදායි ආයුර්වේද ඖෂධ

අමුක්කරා (අශ්වගන්ධ)- රසකිඳ යුෂ, අරළු බුළු  හා නෙල්ලි කසාය සමඟ, මී පැණි , ඉඟුරු යුෂ සමඟ ගත හැකිය.මෙම ඖෂධයේ රුධිරය පිරිසිදු කරන ගුණාංග බහුලයි. රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කරමින් සිරුරේ නීරෝගිබව වැඩිදියුණු කරයි.

හීන් හාතාවාරිය- ලිංගාශ්‍රිත රෝග වලට ප්‍රතිකාර කරයි.කාමෝද්දීපක, ආහාර රුචිය වඩවන හා ආතීසාරය දුරුකරවන ඖෂධීය ගුණ බහුලය.ශුක්‍රාණු මට්ටම් වැඩිකරයි.කුඩු, ගිතෙල් සමඟ , කසාය ලෙස හෝ තෙල් වශයෙන් ලබාගත හැකියි.

ගොක‍ටු- මෞත්‍රලිංගික රෝග වලට ප්‍රතිකාර කෙරෙන ආයුර්වේදීය ඖෂධයකි.කාමෝද්දීපක, වේදනානාශක හා සිරුර ප්‍රාණවත් කරන ගුණාංග බහුලය. ශ්වසන, ස්නායු හා මූත්‍රා පද්ධති නීරෝගිකරයි.අර්ශස්ම් වකුගඩු රෝග, සයටිකා, රක්තපාතය හා මූත්‍රාශයේ ගැටලු වලට ප්‍රතිකාර කරයි.නිසරුබව, බෙලහීනතාව,ශුක්‍රාණු මෝචනය ආශ්‍රිත ගැටලු දුරුකරමින් පුරුෂයින් තුළ ශුක්‍රාණු නිෂ්පාදනය වැඩිකරවයි.කුඩු, කසාය වශයෙන් ලබාගත හැකියි.

රසකිඳ- ආහාර ජීර්ණ හා රුධිර සංසරණ පද්ධති නීරෝගිකරයි.තිදොස් කිපීමෙන් ඇතිවන රෝග වලට ප්‍රතිකාර කරයි.ප්‍රතිශක්තිය වඩවයි.මලබද්ධය,මැලේරියා උණ, පිළිකා, ක්ෂය රෝගය,අර්ශස් , රක්තපාතය වැනි රෝග ලක්ෂණ සමනය කරයි.සාරය,කුඩු වශයෙන් ලබාගත හැකියි.

වඳුරු මෑ- නාඩි ශක්තිමත් කරන,කාමෝද්දීපක හා සිරුර ප්‍රාණවත් කරන ගුණ අඩංගුය. ප්‍රජනන පද්ධතියට ගුණදායි ඖෂධීය ගුණ ඇත.ලියුකෝරියාව,අජීර්ණය,නිසරුබව,එඩෙමා,ලිංගික බෙලහීනතාව හා උණ තත්වයන්ට ප්‍රතිකාර කරයි.කුඩු,කසාය වශයෙන් ලබාගත හැකියි.

වල් බැබිල- ශරීර ශක්තිය හා හෘද සෞඛ්‍ය වැඩිදියුණු කරයි.කාමෝද්දීපක හා උත්තේජක ගුණ අඩංගුය.ඖෂධීය ගුණ බහුල නිසා කෝෂ්ඨදාහය,හෘද අකරණිය, දියවැඩියාව, සයටිකා, අපස්මාරය, අර්ශස්,පාචනය,අංශබාගය හා අතීසාරය වැනි රෝග වලට ප්‍රතිකාර කරයි.ගොනෝරියා,ලියුකෝරියා හා ස්පර්මැටොරියා වැනි ප්‍රජනන පද්ධති රෝග වලට ප්‍රතිකාර කරයි.ඖෂධීය තෙල්, කසාය හෝ කුඩු වශයෙන් ලබාගත හැකියි. 

අභ්‍රක් භස්ම,අශ්වගන්ධ ලේයම් ලිංගික රෝග වලට ආයුර්වේදයේදී බහුලව භාවිත කරන ඖෂධ වේ.මෙම ඖෂධ වර්ග ලබාගැනීමට පෙර නිසි ආයුර්වේද වෛද්‍ය උපදෙස් ලබාගන්න.

උපදෙස්

  • යෝගා හා භාවනා ක්‍රම අනුගමනය කරන්න.
  • ඉඟුරු මිශ්‍ර කිරි පානය කරන්න.
  • නින්දට පෙර මූත්‍රාශය හිස්කරන්න.
  • සතියකට වරක් උපවාස කරන්න.
  • සැහැල්ලු ආහාර වේලක් ලබාගන්න.
  • ලූනු,සුදූලුනු,මිරිස්,චටිනි වැනි ආහාර සීමා කරන්න.
  • මලමූත්‍රා පිටකිරීමේ අවශතා සිරකරගෙන සිටීමෙන් වළකින්න.
  • කෝපි,මත්පැන්,තේ,මස්ම්සෝස්,පේස්ට්‍රි,මාලු හා අධිකව පැණිරස-සැර අධික ආහාර ගැනීමෙන් වළකින්න.
  • දිගු වෙලාවක් පාපැදි,බයිසිකල් පැදීමෙන් වළකින්න.
  • ගැටලු ලක්ෂණ අත්දකින්නේ නම් නිසි වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවන්න.