සැරට කන්න බොහෝ දෙනෙක් වැඩි ප්‍රියතාවයක් දක්වනවා. ඒ නිසාම මිරිස් සැර රසවත් කෑම වේලකට අත්‍යවශ්‍යය රසයක් ලෙස හඳුන්වන්න පුලුවන්. මිරිස් යෙදූ සැර අධික ආහාර පරිභෝජනය කිරීම ඔබේ සිරුරට සිදුකරන බලපෑම් පිලිබඳව ඔබ දැනුවත් ද? එහෙනම්, අද ඔබ වඩාත් ප්‍රිය කරන මිරිස් වල ගුණ අගුණ පිලිබඳව දැනගනිමු.
- ඔබේ බර අඩුකර ගැනීමට උපකාරී වේ

අනවශ්‍ය ලෙස අතිරේකව තැන්පත් වි ඇති මේදය පහසුවෙන් දහනය කල හැකි ක්‍රමයක් ලෙස සැර බහුල ආහාර පරිභෝජනය කිරීම දැක්විය හැකියි.නමුත්, ව්‍යායාම සහා නිරෝගී ආහාර පාලනයකින් ලැබෙන ප්‍රතිඵල මේ ඔස්සේ ඔබට නොලැබුණත් ඔබේ බර අඩුකරගැනීමට මිරිස් වල අඩංගු කැප්සිනොයිඩ ප්‍රබල හේතුවක් වෙනවා.ඒවාට හැකියි ඔබේ සිරුරේ ශක්තිය වැඩිපුර වැය කරමින් සිරුරේ මේද අවම කිරීමට.
- වේදනාව දරාගැනිමේ හැකියාව වැඩිකරවයි

සැර ආහාර ගැනීමම ඇතැම් විට වේදනාත්මක අත්දැකීමක්.කොහොම වුණත්, විශේෂඥයින් පවසන්නේ මිරිස් වල අඩංගු කැප්සයිසින් මඟින් මොලයේ වේදනාත්මක හැඟීම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන විශේෂ රසායනික සංයුතියක් ඉලක්ක කරමින් ඒවාට යම් බලපෑමක් සිදුකරන බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස මොලය වේදනාත්මක හැඟීම් නොසලකාහැරීමට පටන් ගනියි. සැර ආහාරවලට කැමති පුද්ගලයින්ට මෙය තවත් හොඳ පුවතක් වේවි.
- ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විධිමත් කරයි.

සැර ආහාර මඟින් සිරුරට ප්‍රති-ඔක්සිකාරක ගුණයන් ලැබේ. සිරුරේ ලෙඩ රෝග ඇතිකරවන විෂබීජ විනාශ කිරීමේ හැකියාවක් ප්‍රති-ඔක්සිකාරක වල පවතියි.සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග වලින් ආරක්ෂා වීමට මිරිස් යෙදු ආහාර පරිභෝජනය වඩාත් උපකාරි වන බව පැවසෙන අතර එම ආහාර වලින් ප්‍රතිශක්තිය වැඩිකිරීම ඊට හේතුවයි.
- දීර්ඝායුෂ ලැබේ

පර්යේෂණයකින් හෙලිව ඇත්තේ සතියකට දින 6-7 ක් පමණ මිරිස් යෙදූ ආහාර ලබාගත් පුද්ගලයින්ගේ 14% ක් වැනි පහළ මරණ අනුපාතයක් ගන්නා බවයි. මේ සඳහා මිරිස් යෙදූ ආහාර වලට කැමති පුද්ගලයින් පමණක් දායක කරගෙන තිබී ඇති අතර වෙනත් අහිතකර සාධක පිලිබඳ විමසීමක් සිදුකර නැත. එබැවින් අහිතකර සෞඛ්‍ය පුරුදු ඇති පුද්ගලයින් සඳහා මිරිස් යෙදූ ආහාර පරිභෝජනයෙන් ප්‍රයෝජනයක් නොමැති විය හැකියි.
- සීනි පරිභෝජනය අවම කරවයි

අධික සීනි පරිභෝජනය සිරුරට ඉතා අහිතකරයි. නමුත්, සීනී ආහාර වලට ඇති කැමැත්ත අඩු කරගැනීම වගේම සීනි වලින් පාලනය වීම ඉතා අසීරු දෙයක්. විශේෂඥයින් පවසන්නේ ඔබේ ආහාර වලට මිරිස් භාවිතා කිරීම මඟින් ඔබේ සීනි වලට ඇති ආශාව දුරු කිරීමට යම් බලපෑමක් ඇති කල හැකි බවයි.
- මිරිස් නිසා ඔබේ රස අංකුර පීඩාවට පත් වෙයි

සැර ආහාර වලින් ඇති සෘණාත්මක බලපෑම් වලින් මුළින්ම පීඩාවට පත්වෙන්නේ ඔබේ දිවයි. මිරිස් ආහාරයට ගැනීමේදි දිවේ දැවෙන සුලු ගතියක් ඔබට හැඟී යයි. එය හැඟීමක් පමණක් නොව සැබෑවටම ඔබේ දිවමත ඇති වන පිලිස්සීමකි. එසේ දිව පිලිස්සීයාමෙන් පෙර පරිදි රස හඳුනාගැනීමට නොහැකිව යන අතර මෙය තාවකාලික වෙනස්වීමක් පමණි. අධික මිරිස් යෙදූ ආහාර දිනපතාම ලබා නොගැනීමෙන් ඔබේ දිවේ ඇති රස අංකුර ඉක්මනින් යථා තත්වයට පත්වේ.
- ආසාත්මිකතා ඇතිවිය හැකියි

ඇතැම් පුද්ගලයින්ට මිරිස් නිසා ආසාත්මිකතා හටගනියි. මුහුණ ඉදිමීම, දැවිල්ල හෝ කැසිල්ල එසේ සිදු වූ විට දැකිය හැකි ලක්ෂණ වේ. ඇතැම් කුළුබඩු වර්ග වලට ශරීරය ප්‍රතික්‍රියා කරනු ලබන අතර එය ඉතා සාමාන්‍ය තත්වයකි. මිරිස් නිසාද එසේ සිදුවිය හැකියි. ආසාත්මිකතා ඇති වීමට හේතුව සහා වළක්වාගැනීමට ක්‍රම දැනගැනීමට නම් වෛද්‍ය උපදෙස් ලබාගත යුතුමය.
- ආමාශයේ අපහසුතා වැඩිකරවයි.

සංවේදී ආමාශයක් සහිත පුද්ගලයින් මිරිස් අනුභව කිරීම නිසා ගැටලු මතුවිය හැකියි. බොහෝ විට මුළින්ම පාචනය වැනි රෝග තත්වයක් හටගැනීමට ඉඩ ඇත.ඊට හේතුව වන්නේ මිරිස් වල අඩංගු කැපසයිසින් වේ. ඒවා සිරුරට ඉතා හිතකර වුවද ස්වභාවයෙන් දැවිල්ල ඇතිකිරිවන සුලුයි. ඒවා නිසා තාවකාලිකව ගෑස්ට්‍රයිටිස් තත්වයක් පවා වර්ධනය වීමට ඉඩතිබේ. මිරිස් යෙදූ ආහාර පරිභෝජනය නිසා ඔබේ උදරාබාධ තවත් දරුණු වීමට ඉඩ ඇත.
- බඩ පපුවේ දැවිල්ල වැඩිකරයි.

මිරිස් වල අම්ල සංයෝග අඩංගු වන අතර ඒවා අධික ලෙස ආහාරයට එක්කරගැනීම නිසා අපගේ ආමාශ ස්ථර නැතිනම් බිත්ති දහනය වී විනාශ වීමට පටන් ගනියි. මෙය දිගු කාලයක් පුරාවට සිදුවීමෙන් නිදන්ගත රෝගයක් දක්වා වර්ධනය වීමේ අවදානමක් ඇත. එම නිසා දිගින් දිගටම උණු සහා සැර ආහාර වැඩිපුර ආහාරයට ගැනීම සුදුසු නොවේ. බඩ පපුවේ දැවිල්ල හටගත් විට කිරි හෝ අයිස් ක්‍රීම් ආහාරයට ගැනීමෙන් දැවිල්ල තත්වය පාලනය කල හැකියි.