දවසට දෙවරක් දිනපතා මේ සත්කාරය කරන්න නහාර ගැට ගැසීම සුව වෙනවා

health tips

කාන්තා පුරුෂ බොහෝදෙනෙකුගේ පාදයේ බත් කෙණ්ඩ ආශ්‍රිත ප්‍රදේශයේ,  දණහිසෙන් පහළ ප්‍රදේශයේ වගේම කලවා ප්‍රදේශයෙත් නහර ගැට ගැසීමේ තත්ත්වයන් දකින්නට ලැබෙනවා. වෙරිකෝස් වේන් කියන නමින් හඳුන්වන මේ නහර ගැට ගැසීම spider Veins හා Varicose Veins විදියට ආකාර දෙකකින් හඳුනා ගන්නට පුළුවන්. Spider veins කියන තත්ත්වයේදී බාහිරට නෙරා ඒමක් දකින්නට නොහැකි වුණත් varicose veins තත්ත්වයේදී බාහිරව නෙරා ආ ස්වභාවයක් දකින්නට පුළුවන්. මේ කුමන ආකාරයකින් හඳුනා ගත්තත් මේ නහර ගැට  ගැසීම කාන්තාවන්ට තමන්ගේ පෙනුම පවත්වා ගන්නට බාධාවක් වෙන නිසා ඔවුන් මහත් කනස්සල්ලට පත්වෙන කාරණයක් බවට මෙය පත්වෙලා. තරමක් පැහැපත්  අයෙක් නම් මේ නහර පිටතට නෙරා නොආවත් රතු හෝ නිල් පැහැයෙන් මේවා බාහිරට පෙනීම නිසා අවලස්සන ස්වභාවයක් පෙන්නුම් කරනවා. මේ නිසා කාන්තාවකට මේ ගැටළුව කායිකව විතරක් නෙවෙයි මානසිකවත් පීඩා ගෙන දෙන කාරණයක්.

නහාර ගැට ගැසීම කියන තත්ත්වය අද බොහෝදෙනා එතරම් සැලකිල්ලට නොගන්නා රෝගී තත්ත්වයක් ලෙසටයි දකින්නට ලැබෙන්නේ. මේ තත්ත්වයේදී වේදනාවක් සහිතවීම හෝ වේදනාවක් රහිතවීම යන තත්ත්වයන් දෙකම දකින්නට ලැබුණත් බොහෝ විට මේ තත්ත්වයේදී වේදනාවන් ඇතිවෙන්නේ හරි අඩුවෙන්. මෙම රෝගය බරපතල වුණොත් එය රේසර් ප්‍රතිකාර හෝ ශල්‍ය  කර්ම සිදු කිරීම දක්වාම ප්‍රබල වන්නට පුළුවන් . ඒ නිසාවෙන් මේ තත්ත්වය මුල් කාලයේදී සුවකර ගන්නට හැකි නිවෙස් ප්‍රතිකාර වෙත ඔබට යොමු වෙන්නට පුළුවන්.අද අප ඔබ සමඟ කතා කරන්නේ මේ වෙරිකෝස් වේන් කියන රෝග තත්ත්වය සඳහා නිවසේදී කළ හැකි නිවෙස් පිළියම් කිහිපයක් පිළිබඳව.

මේ නහර ගැට ගැසීම සිදු වෙන්නේ ශිරා කියන රුධිර වාහිනී ආශ්‍රිතව. යම්විටෙක පාදයේ සිට හෘදය දෙසට රුධිර ගමන් කිරීමක් ගත්තොත් එවිට  රුධිරය ගලන්නේ පොළව දෙසට විරුද්ධව.ඒ වගේම ඒ රුධිර ගමන් කිරීමේ ක්‍රියාවලියට රුධිරවාහිනී තුළ තියෙන කපාටවල ක්‍රියාකාරිත්වය ඉතා වැදගත් වෙනවා. මේ කපාට හෘදය දෙසට පමණක් රුධිරය ගලායන ආකාරයටයි පිහිටා තියෙන්නේ. 

ඒ කපාට මගින් විරුද්ධ දෙසට රුධිරය ගලායාම වළක්වනු ලබනවා. ඒ අනුව රුධිරය හෘදය වෙතට ගෙනයාම මගින් සිදු කරනවා.නමුත් වයස්ගතවීමත් සමඟ හෝ වෙනත් රෝගාබාධ නිසා හෝ යම් යම් පෝෂණ ඌණතාවන්ගෙන් පෙළෙන විට මේ කපාටවලට හානිවීමක් හෝ කපාට දුර්වලවීමක් පුළුවන්. එවැනි අවස්ථාවක නිසිපරිදි පාදය දෙසට රුධිරය සැපයීම සිදු වන්නේ නැහැ. එවැනි අවස්ථාවක ඒ ස්ථානවල මේ රුධිරය එක්රැස් වෙමින් මේ වෙරිකෝස් කියන තත්ත්වය ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා පාද ආශ්‍රිත ප්‍රදේශවල මේ රුධිරවාහිනී එකිනෙකට ඇඹරීයාමෙන් මේ තත්ත්වය හටගනු ලබනවා. මේ  සඳහා පහත සඳහන් පිළියම් ඔබටත් උත්සාහ කර බලන්නට පුලුවන්. 

  • පොල්තෙල් මේ පීඩාකාරී රෝගය සති 2 ක් වගේ කෙටි කාලයක් තුළ සුවකර ගන්නට පොල් තෙල්  භාවිතා කරන්නට පුළුවන්. මේ සම්බාහනය සිදු කරන්නේ මේ ආකාරයටයි. මුලින්ම තුවායක් හෝ තරමක් ඝන රෙදි කැබැල්ලක්  උණු ජලයේ පොගවාගෙන එයින් පාදයේ නහර ගැට ගැසී ඇති ස්ථාන උණුසුම් වනතුරු තවා ගන්න. මේ උණුසුම තියෙද්දිම පොල් තෙල් ඒ ස්ථානවල ආලේප කර හොඳින් සම්බාහනය කරන්න. මේ සම්බාහනයේ දී පහළ සිට ඉහළට සම්බාහනය කිරීම හරිම වැදගත්.  මේ ශිරාවල සිරවුණු රුධිරය නිවැරදිව ඉහළට යැවීය මෙහිදී සිදු වෙන්නේ. ඒ නිසා සෑම දිනක්ම රාත්‍රියේදී මේ ප්‍රතිකාරය සති 2 ක් සිදු කිරීමෙන් වෙරිකෝස් සුවකර ගන්නට පුළුවන්.
  • සුදු ළූණු රුධිර ගමනාගමනයේ ගැටළු මගහරවා රුධිරය ගමන් කිරීම පහසු කර නහර ගැට සුවපත් කරන්නට සුදු ළූණුවලට අපූරු හැකියාවක් තියෙනවා.සුදු ළූණු බික් 10 ක් පමණ ගෙන පොතු ඉවත් කර පේස්ට් එකක් ලෙස සකස් කර ඔලිව් තෙල් මේස හැදි 2 ක් ද එකතු කරන්න. පසුව එයට දෙහි යුෂ එකතු කර හොඳින් මිශ්‍රකර ගන්න.මේ මිශ්‍රණය පැය 12 ක කාලයක් තබා පාදයේ නහර ගැට ඇසී ඇති ස්ථානවල තරමක් ඝනට ආලේප කර විනාඩි 20 ක් තිබෙන්නට හැර පිරිසිදු රෙද්දකින් පිසදමන්න.
  • ඇපල් සයිඩර් විනාකිරි මේ ඇපල් සයිඩර් විනාකිරි රුධිර ගමනාගමනය ක්‍රමවත් කරන හැකියාවෙන්  යුක්ත නිසා  නහර ගැට ගැසීම සුවකර ගන්නට මෙය භාවිතා කරන්නට පුළුවන්. රුධිර කැටි දියකර හරින එන්සයිම වර්ගත් මෙහි අඩංගු වෙන නිසා එය තවත් පහසුයි. මේ සඳහා ඇපල් සයිඩර් විනාකිරි ස්වල්පයක් ගෙන නහර ගැට ගැසුණු ස්ථානවල හොඳින්ම ආලේප කරන්න. මෙය හොඳින්ම සමට අවශෝෂණය කිරීමට ඉඩකඩ ලබාදෙන්න. ඒ නිසාවෙන් එය පිසදැමීම හෝ සේදීම කරන්න එපා. මෙය දිනකට දෙවරක් උදේ සවස දිනපතාම සිදු කරන්න.
  • ගෝවා  කොළ කුඩා කැබලිවලට කපාගත් ගෝවා බ්ලෙන්ඩර කර යුෂ ලබා ගෙන ඒවා නහර ගැට ගැසී ඇති ස්ථානවල ආලේප කරන්න.
  • තක්කාලි  තක්කාලි ගෙඩියකින්  භාගයක්  බ්ලෙන්ඩර් කරගෙන ඒ යුෂ නහර ගැට ගැසී ඇති ස්ථානවල පුළුන් කැබැල්ලක් ආධාරයෙන් ආලේප කරන්න.මෙය දවසට දෙවරක් දිනපතා ආලේප කරන්න.
  • පෙපර්මින්ට් හා රෝස්මරී තෙල් පිරිසිදු රෙදි කෑල්ලක් ජලයේ පොගවා විනාඩි 10 ක් ශීතකරණයේ තබන්න. විනාඩි 10 කින් පසුව ශීතකරණයෙන් මේ රෙදි  කෑල්ල ගෙන එයට පෙපර්මින්ට් තෙල් බින්දු 3 ක් හා රෝස්මරී තෙල් බින්දු දමා  එයින් නහර ගැට ගැසී ඇති ස්ථාන සෙමෙන් පිරිමදින්න. පසුව ටික වේලාවක් පාදය විවේකීව තබා සීතල ජලයෙන් සෝදා හරින්න.

මේ සත්කාරයන් එකදිගට සති 2 ක පමණ  සිදු කිරීමෙන් ලැබෙන  ප්‍රතිඵල ඔබට අදහා ගන්නට නොහැකි වේවි. මේ සත්කාර එකක් හෝ කිහිපයක්  ඔබට සිදු කරන්නටත් පුළුවන්.