හැදීගෙන එන පිළිකා පවා සුව කර හැකි නිවිති සුප් සතු ගුණ 15 ක්

health tips

පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගු නිවිති යනු වයස් භේදයකින් තොරව ආහාරයට එක්කර ගත හැකි පලා වර්ගයකි. එනම් නිවිති ආහාරයට ගැනීමෙන්  රෝග ගණනාවක් සුව කරගත හැකිය. එනම් පහසුවෙන් වගා කරගත හැකි නිවිති ආයුර්වේදය තුළ ඖෂධ සකස් කිරීම සඳහා ද භාවිතා කරයි.

ඈත අතීතයේ සිටම නිවිති ව්‍යංජන පිසින විට එක් කරගෙන ඇති අතර වර්තමානය වන විට නිවිති සුප් පානය ඉතා ජනප්‍රිය පානයක් බවට පත්ව තිබේ. එමෙන් ම බොහෝ දෙනකු නිවිති යොදාගෙන කැඳ සකස් කිරීම සිදුකරයි. මේ කුමන හෝ ආකාරයකට නිවිති ආහාරයට ගැනීමෙන් බොහෝ රෝග සුව කර ගත හැකිය. එනම් නිවිති වල බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගු වේ.

  • එනම් විටමින් A,B1,B2,B3,C,E,k, 
  • කැල්සියම්
  • යකඩ
  • තඹ
  • ඔමේගා ත්‍රී මේද අම්ල
  • සෙලනියම්
  • පොටෑසියම්
  • මැන්ගනීස්
  • පොස්පරස්
  • ආදී  පෝෂ්‍ය පදාර්ථ වැඩි ප්‍රමාණයක් නිවිතිවල අන්තර්ගතවේ.

නිවිති සුප් පානයක් ලෙස සකස් කර ගන්නා ආකාරය.

  • අවශ්‍ය ද්‍රව්‍ය
  • තම්බා හොදින් බිලෙන්ඩර් කර පෙරා ගත් නිවිති යුෂ
  • කුඩාවට කපාගත් අල ගෙඩි එකක්
  • කුඩාවට කපා ගත් කැරටි
  • කුඩාවට කපාගත් ලීක්ස්
  • සුදුලූනු ගෙඩි එකක්
  • කපා ගත් ලූනු
  • බටර් ස්වල්පයක්

බඳුනක් ලිප තබා රත් වූ පසු එයට බටර් ස්වල්පය එක් කර සුදුලූනු,අල ,කැරට්, ලීක්ස්, ලූනු එක් කර ගන්න. පසුව මදක් තෙම්පරාදු කර වතුර කෝප්ප එකක් පමණ එක් කර හොඳින් තම්බා ගන්න. තම්බා නිවුණු පසු එය හොදින් බ්ලෙන්ඩර් කර යුෂ වෙනම පෙරා ගන්න.  ඉන් පසු නැවත බඳුනක් ලිප තබා එයට එලවළු යුෂ සහ නිවිති යුෂ එක් කර පොල් කිරි ස්වල්පයක් ද එක් කරන්න. පසුව රස පදමට ලුණු සහ ගම්මිරිස් එකතු කර උතුරන විට ලිපෙන් බා ගන්න.මෙය ඉතා ප්‍රණීත පානයකි. මෙසේ නිවිති ආහාරයට ගැනීමෙන් මිනිස් සිරුරට සෞඛ්ය ප්‍රතිලාභ රැසක් අත් කර ගත හැකිය. එනම්

පිළිකා මර්දනය කිරීමට උපකාරී වේ.නිවිති වල අඩංගු සියාසැන්තීන්,සහ කැරට් නොයිඩ පිළිකා ඇතිවීමට හේතුවන සෛල මර්දනය කර පිළිකා ඇති වීම වළක්වනු ලබයි. මේ නිසා පිළිකා පවතින රෝගීන්ට නිවිති සුප් පානය කිරීම වඩාත් සුදුසුවේ.

මල බද්ධය සමනයට උපකාරීවේ.බාල මහලු සෑම දෙනාටම පාහේ ඇතිවන බඩ වේලීම හෙවත් මලපහ පිට කිරීමට අපහසු වීමේ රෝග තත්ත්වය සමනය කිරීම සඳහා නිවිතිආහාරයට ගැනීම යෝග්‍ය වේ. එනම් නිවිති සුප් එකක් ලෙස සකස් කර භාවිතා කරන්නේ නම් ඉන් වයස් භේදයකින් තොරව සෑම දෙනාටම පාහේ ඇතිවන බඩ වේලීම හෙවත් මලපහ පිට කිරීමට අපහසු වීම සමනය කර ගත හැකිය.

ඇස් පෙනීම දියුණු කිරීමට දායක වේ.ඇස් පෙනීම වැඩි දියුණු කර ගැනීමට මෙන්ම ඇසෙහි ඇතිවන නොයෙකුත් රෝග තත්ත්වයන් එනම් ඇසෙහි  සුද ඇති වීම වැනි තත්ත්වයන් ඇති වීම වළක්වා ගැනීමට නිවිති සුප් පානය භාවිතා කිරීම වඩාත් යෝග්‍ය වේ. එනම් නිවිති වල ඇස් වලට හිතකර පෝෂ්‍ය පදාර්ථයක් වන විටමින් ඒ අඩංගුවේ. එනම් එම පෝෂ්‍ය පදාර්ථය ඇස් පෙනීම වැඩි දියුණු කරනු ලැබේ.

අධි රුධිර පීඩනය පාලනය කිරීමට උපකාරී වේ.නිහඬ මාරයා ලෙස සලකන අධි රුධිර පීඩනය ඇතිවීම පාලනය කර ගැනීම සඳහා නිවිති සුප් පානය සකස් කර භාවිතා කිරීම ඉතා යෝග්‍යවේ. එනම් නිවිති වල අඩංගු පොටෑසියම්, විටමින් සී,  යකඩ වැනි පෝෂ්‍ය පදාර්ථ අධි රුධිර පීඩන තත්වයන් ඇතිවීම වළක්වා රුධිර සංසරණය  ක්‍රමවත් කරයි.  මේ නිසා අධිරුධිර පීඩනය පවතින රෝගීන්ට නිවිති සුප් පානය භාවිතය වඩාත් සුදුසුවේ.

අස්ථි ශක්තිමත් කිරීමට උපකාරි වේ.නිවිති යනු වැඩි කැල්සියම් ප්‍රමාණයක් අඩංගු පලා වර්ගයකි. එනම් මේ නිසා නිවිති ආහාරයට ගැනීමෙන් අස්ථි රෝග ඇතිවීම වළක්වාගත හැකිය. ඊට අමතරව නිවිතිවල අඩංගු විටමින් K අස්ථි ශක්තිමත් කර ගෙවී ගිය පටක නැවත වර්ධනය කිරීම සිදුකරයි. එනම් මේ නිසා  වයස්ගත වීමත් සමඟ හෝ විටමින් දුර්වලතා මත ඇතිවන ආතරයිටීස්, ඔස්ටියෝපොරෝසිස් වැනි අස්ථි රෝග සමනය කිරීමට  නිවිති සුප් පානය කිරීම වඩාත් සුදුසුවේ.

හෘද රෝගීන්ට යෝග්‍ය වේ.නිවිති සුප් පානය සකස් කර භාවිතා කිරීම හෘද රෝගීන්ට වඩාත් සුදුසු වේ. එනම් නිවිතිවල අඩංගු පොටෑසියම් රුධිර නාළ හැකිළීම වළක්වා රුධිර නාල විස්තාරණය කර ක්‍රමවත්ව රුධිරය හෘදයට සැපයීම සිදුකරයි.  එනම් මේ නිසා හෘද රෝග ඇතිවීම වලක්වා ගත හැකිය.

රක්තහීනතාවය සමනයට උපකාරීවේ.නිවිති යනු වැඩි යකඩ  ප්‍රමාණයක් අඩංගු පලා වර්ගයකි. මේ නිසා නිවිති රක්තහීනතාවය හෙවත් යකඩ ඌන වීමෙන් ඇතිවන රෝග තත්වයට ඖෂධයක් වේ. එනම් නිවිති සුප් පානයක් ලෙස සකස් කර භාවිතා කිරීමෙන් නිවිති වල අඩංගු යකඩ රුධිරගත හිමොග්ලොබින් නිෂ්පාදනය වැඩි කර රක්තහීනතාවය සමනය කිරීමට දායක වේ.මීට අමතරව

  • ශරීරයේ බර පාලනය කිරීමට
  • මොළයේ සෛල වර්ධනය කිරීමට
  • ගැබිනි මව්වරුන්ට
  • සම පැහැපත් කිරීමට
  • කුරුලෑ ඇති වැලැක්වීමට
  • ඇදුම රෝගීන්ට
  • මිග්‍රේන් වැනි රෝගයන්ට
  • ශුක්‍ර වර්ධනයට

මෙවැනි රෝග ගණනාවක් සුව කර ගැනීම සඳහා නිවිති සුප් පානය සකස් කර භාවිතා කිරීම වඩාත් සුදුසුවේ.