පිරිමි පාර්ශවයට වඩා කාන්තාවන් විලාසිතා කරන්නට හැඩට අදින්න පළදින්නට බොහොම කැමතියි නේ. ඉතින් කාන්තාවන් තමන්ගේ ඇදුම් වලට වගේම වැඩි අවධානයක් පාවහන් තෝරා ගැනීමේදීත් දක්වනවා. ඒ අතරින් සාමාන්‍ය පාවහන් යුගලකට වඩා අඩි උස පාවහන් යුගලකට ඔවුන් වැඩි ආකර්ෂණයක් දක්වනවා. ඉතින් මේ අඩි උස පාවහන් පැළදගෙන ඉන්න එකනම් බොහොම අසීරු වැඩක් . ඒත් අපේ කාන්තාවන් එහෙමයි කියලා අඩි උස පාවහන්වලින් මිදෙන්නට නම් සිතන්නේ නැහැ. මොකද ඒ වගේ පාවහන් පැළදීමෙන් තමන්ට අමුතුම ආකර්ෂණයක් වගේම ලාලිත්‍යකුත් ලැබෙන බව ඔවුන් සිතන නිසා .ඉතින් ලස්සන ගැන සිතන නිසාම නිතර නිතර ටිකක් අපහසුවෙන් වේදනාවෙන් වුණත් මේ අඩි උස පාවහන් පළදින්නට කාන්තාවන් පුරුදු වෙලා ඉන්නවා. මේ පාවහන් පළදින විට එයින් හානියක් ඇතිවෙන්නේ පාදයට විතරක් කියලා බොහෝ දෙනා සිතුවට එය මුළු ශරීරයේ අවයව බොහොමයකටම ලෙඩ ගෙනදෙන්නට සමත් වෙන බව කාන්තා ඔබ දැනගත යුතුයි.
ඉතින් ඔබත් පුරුද්දක් විදියට නිතර නිතර අඩි උස පාවහන් පලදින අයෙක් නම් ඔබ එයින් ඇතිවෙන්නට හැකි අහිතකර තත්ත්වයන් පිළිබඳව දැනගත යුතුමයි. මොකද දිගුකාලීනව එය දරුණු ආකාරයේ සෞඛ්‍ය ගැටළු මතු කරන්නට හේතු වෙන නිසා.
අඩි උස පාවහන් පැළදීමෙන් ඇතිවන අයහපත් බලපෑම්

- පාදයට සහ පාදයේ ඇඟිලිවලට සිදුවන වේදනාව හා ප්‍රදාහයන් උසින් වැඩි අඩි සහිත පාවහන් පැළදීම පාදයේ හැඩයට වගේම ඇඟිලිවලටත් දිගුකාලීනව යම් යම් ආබාධ ඇති කරන්නට පුළුවන්. විශේෂයෙන්ම කකුලේ මහපට ඇඟිල්ල අසල ඉදිමීම් සහ වේදනාවන් ඇතිවීමත් කාලයක් ගත වෙත්ම ඒ ස්ථානය තුවාලයක් බවට පත්වීමටත් ඉඩකඩ .පවතිනවා.ඒ විතරක් ද වළලුකර චලනය කිරීමේ හැකියාව අඩුවන අතර ඒ අසල අස්ථිවලටත් හානි සිදුවීමෙන් වේදනාවක් පවා ඇති වෙනවා.කාලයක් වෙත්ම මේ පාවහන් පැළදීමේදී ඇඟිලි සියල්ල එකට තද වී පැවතීමේ ප්‍රතිඵලයක් ලෙස සුළැගිල්ල දිගහැරීමට නොහැකි වෙනවා. විලුඹ සහ ඇඟිලි සම්බන්ධ කරන අස්ථියට හානි සිදුවීමට ඉඩඇති නිසා එයින් යටි පතුලේ ඇති වක්‍රාකාර හැඩය මගින් ලබාදෙන ශක්තිය අඩු කරනවා. එහි ප්‍රතිඵලයක් විදියට පාදයේ ඉදීමීම, වේදනාව සහ අධිකව දහදිය දැමීම සිදු වෙනවා.
- කොඳු ඇට පෙළ ආශ්‍රිත ආබාධ උසින් වැඩි පාවහන් පළදින විට විලුඹ තරමක් උසින් පිහිටන නිසා සිරුරේ බර පාදයේ ඉදිරිපස සහ ඇඟිලි දෙසටයි ගමන් කරන්නේ. එවිට ශරිරයේ සමතුලිතාවය බිඳී ශරීරය ඉදිරිපසට මදක් ඇලවෙනවා. ඒ වගේ අවස්ථාවක ඇයට සිදු වෙනවා ශරීරයේ සමතුලිතභාවය තබා ගන්නට උඩුකය ටිකක් පිටුපසට ඇල කරන්න.මේ නිසා කොඳු ඇට පෙළේ පහළ කොටසේ ඇති කටී වක්‍රය ස්වභාවිකව පවතින ප්‍රමාණයට වඩා විශාල වෙනවා.එයින් ශරීරයට කැපී පෙනෙන හැඩයක් ලැබෙනවා.නමුත් මෙයින් කොඳු ඇට පෙළේ සහ උකුළේ සාමාන්‍ය පිහිටීම වෙනස් කරනවා.ශරීරයේ ඇතිවන මේ වෙනස්කම් නිසා මාංශපේශී ඇදීමකට ලක් වෙනවා. ඒ විතරක් නෙවෙයි උකුළ කොඳු ඇට පෙළ ආශ්‍රිතව වේදනාවක් පවා අත්විදින්නට සිදු වෙනවා.
- දණහිස් මතට අනවශ්‍ය පීඩනයක් ඇතිවීම උසින් වැඩි පාවහන් පැළද සිටින විට සිරුරේ සමබරතාවය පවත්වා ගන්නට දණහිස් මදක් ඉදිරියට නැමෙනවා වගේම දණහිස් මතට අනවශ්‍ය පීඩනයක් එල්ල වෙනවා. එය ඒ ආශ්‍රිතව වේදනාවක් ඇති කරන්නට වගේම ශරීරයේ වෙනත් සංකූලතා පසුකාලීනව ඇති කරන්නත් හේතු වෙනවා.
- ශ්‍රෝණි කුහරයේ සහ උදර කුහරයේ ඇතැම් අවයවවල පිහිටීම වෙනස්වීම
- ස්නායු තෙරපීම නිසා පාදයේ හිරි ගතියක් ඇතිවීම
- දිගුකාලීන කොන්දේ වේදනාව
- නියපොතුවලට හානි සිදුවීම
- අඩි උස පාවහන් පැළදීම නියපොතු වර්ධනය බාල කරනවා

එවිට නියපොතු තදින් තෙරපීමට ලක්ව විශාල නියපොතු සම තුලට වර්ධනය වීම සිදුවෙනවා. ඒ විතරක් නෙවෙයි මෙයින් නියපොතු ආශ්‍රිතව බැක්ටීරියා අසාදන ඇති කරන්නටත් හේතු වෙනවා.
- ඔස්ටියෝ ආතරයිටීස් තත්ත්වය ඇතිවීම
- මහපට ඇගිල්ල පාවහන් තුළ සිරවීම නිසා මහපට ඇඟිල්ල ඇදවීම
මේ තත්ත්වය පසුකාලීනව ඇවිදීම පවා අපහසු කරන්නට හේතු වෙනවා.ඒ නිසා වෛද්‍යවරුන් සඳහන් කරන ආකාරයට දිනකට උසින් වැඩි පාවහන් පැය 4-5 ට වඩා පැළදීම සුදුසු නැහැ. ඒ වගේම අගල් 2 ට වඩා වැඩි උසක් ඇති පාවහන් දිනපතා පැළදීම මෙවැනි ආබාධ ඇතිවෙන්නට මූලික වන නිසා අඩි උස පාවහන් සතියකට දෙතුන් පාරක් පමණක් පැළදිය යුතු බවටයි වෛද්‍යවරුන් උපදෙස් ලබා දෙන්නේ.
ඉතින් මේ සෞඛ්‍ය ගැටලු වගේම ඇවිදීමේදී බසයකට නැගීමේ ආදියේ දී පවා සිරුරේ සමබරතාවය නැතිව යාමෙන් මස්පිඩු පෙරලීම හෝ වැටීම පවා සිදු වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා උස පෙනෙන්නට නම් ඔබ අඩි උස පාවහන් පළදින්නේ ඒ වෙනුවට කොණ්ඩය උස්කර බැදීම, තනි වර්ණයෙන් ගවුම් ඇදීම, සිරස් ඉරි සහිත ඇදුම් ඇදීම සහ කොට ඇදුම් ඇදීම වගේ විකල්ප භාවිතා කරන්නට පුළුවන්.