හොයාගෙන ආහාරයට ගතයුතු අක්මාවේ විෂ ඉවත් කරන තුඹ කරවිල සතු ගුණ 15 ක්

health tips

කරවිල අතර තුඹ කරවිල යනු ඖෂධීය ගුණයෙන් අනූන කරවිල වර්ගයක් වේ. එනම් කැලෑබද ප්‍රදේශවල බහුලව දැක ගත හැකි තුඹ කරවිල ආධාරක මත වැඩෙන වැල් විශේෂයකි. එනම් තුඹ කරවිල වැලෙහි හටගන්නා ඵලය මෘදු කටු සහිත පොත්තකින් සමන්විත වන කොළ පැහැති ඵලයක් වන අතර ඉදුණු පසු කහ පැහැයට හැරේ. ඵලය තුළ බීජ කීපයක් අඩංගු වන අතර එම බීජ මගින් ව්‍යාප්තිය සිදුකර ගත හැකිය. 

එනම් Mormodica dioica යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන තුඹ කරවිල තිත්ත රසයෙන් යුතු වුවද ගුණයෙන් අනූන වේ. එනම් ලොකු කුඩා සෑම දෙනාටම පාහේ තුඹ කරවිල ව්‍යංජනයක්, බැදුමක්, සම්බෝලයක් ලෙස සකස් කර භාවිතා කළ හැකිය. එමෙන්ම තුඹ කරවිල ඇට බැද ආහාරයට ගැනීමද ගුණදායකය. 

ඊට අමතරව ආයුර්වේදය තුළ  රෝග වලට ප්‍රතිකාර කිරීමට  තුඹ කරවිල මල්, කොළ,ළපටි රිකිලි බහුලව භාවිතා කරයි. තුඹ කරවිල ආහාරයට එක් කර ගැනීමෙන් රෝග ගණනාවක් සුව කර ගත හැකිය. 

ශ්වසන පද්ධතිය නීරෝගී කිරීමට හේතුවේ. ස්වසන ආබාධ එනම් ඇදුම , සෙම්ප්‍රතිශ්‍යාව, බ්‍රොන්කයිටිස් සහ සයිනස් අවහිරතා සමනය කිරීමට තුඹ කරවිල ආහාරයට ගැනීම යෝග්‍ය වේ. ඊට අමතරව තුඹ කරවිල ගෙඩි වල කුඩු හෝ තැම්බුම් සාරය ශ්ලේෂ්මල බුරුල් කිරීම සිදුකර සෙම පිට කිරීමට උපකාරී වේ. එනම් මේ නිසා ස්වසන පද්ධතිය නීරෝගී කර ගැනීමට තුඹ කරවිල ආහාරයට ගැනීම යෝග්‍ය වේ.

අධිරුධිර පීඩනය පාලනය කිරීම සඳහා යෝග්‍ය වේ.අධිරුධිර පීඩනය ඇතිවීම පාලනය කර ගැනීම සඳහා තුඹ කරවිල ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එනම් මේ සඳහා තුඹ කරවිල යුෂ පානය කිරීම වඩාත් සුදුසුවේ.  එහි අඩංගු ප්‍රතිඔක්සිකාරක ගුණය හා ඇන්ටිලිපිඩ් පෙරොක්සයිඩ් ගුණය රුධිරය කැටි ගැසීම,  ධමනි බිත්ති හැකිලීම වැලැක්වීම සිදුකර රුධිර ගමනාගමනය ක්‍රමවත් කරයි. එනම් ඒ නිසා අධිරුධිර පීඩනය ඇතිවීම පාලනය වේ. 

මලබද්ධය අර්ශස් සමනය කිරීමට හේතුවේ.බඩවේලීම,මලපහ පිටකිරීමට අපහසු වීම ආදී රෝග තත්ත්වයන් සුව කර ගැනීම සඳහා තුඹ කරවිල ව්‍යාංජනය ආහාරයට ගැනීම වඩාත් සුදුසුවේ. එනම් ඒවායෙහි අඩංගු තන්තු මගින් ආහාර ජීර්ණය ක්‍රමවත් කර මලබද්ධය හා එය උග්‍ර වීමෙන් ඇතිවන අර්ශස් සමනය කරනු ලැබේ. 

සමෙහි සජලනය පවත්වා ගැනීමට උපකාරී වේ.සම වියළීමට ලක්වීමෙන් සම මත නොයෙක් රෝග තත්ත්වයන් ඇති වේ. එමෙන්ම සමෙහි ඇතිවන දද, කුෂ්ට, කුරුලෑ, සුව කර ගැනීමට ද තුඹ කරවිල ආහාරයට ගැනීම යෝග්‍ය වේ. ඊට අමතරව ලප කැලැල්,කුරුලෑ මත කරවිල පොත්තක් ගෙන තබාගෙන සිටීමෙන් එම කුරුලෑ,දද සුව කර ගත හැකිය. 

ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නංවා ගැනීමට උපකාරී වේ.ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නංවා ගැනීමට තුඹ කරවිල ආහාරයට එක්කර ගැනීම වඩාත් සුදුසුවේ. එනම් තුඹ කරවිල වල අඩංගු  ප්‍රතිඔක්සිකාරක, ප්‍රතිබැක්ටීරීය, නිර්වේදනික සහ ප්‍රති- ප්‍රදාහක ගුණ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරනු ලැබේ. එනම් එයින් සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, වෛරස් රෝග ඇති වීම වළක්වා ගත හැකිය. 

අක්මාව නීරෝගී කිරීමට හේතුවේ.අක්මාවේ රෝග බොහොමයක්  සුව කර ගැනීම සඳහා තුඹ කරවිල ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එනම් අක්මාවේ විෂ සහ තැන්පත් වූ මේදය ඉවත් කිරීමට තුඹ කරවිල වල අඩංගු තන්තු ,ප්‍රතිඔක්සිකාරක , ෆ්ලේවනොයිඩ්, පෙරොක්සයිඩි උපකාරීවේ.  මේ නිසා අක්මා රෝගීන්ට ද තුඹ කරවිල ආහාරයට ගැනීම යෝග්‍ය වේ. 

දීයවැඩියා රෝගීන්ට යෝග්‍ය වේ.දියවැඩියාව පාලනය කිරීම සඳහා තුඹ කරවිල ආහාරයට ගැනීම ගුණදායකය. එනම්  තුඹ කරවිල වල අඩංගු හයිපොග්ලිසිමික් ගුණයන් ඉන්සියුලින් ස්‍රාවය සහ ඉන්සියුලින් සංවේදීතාවය වැඩි කර රුධිරගත සීනි මට්ටම පාලනය කරනු ලබයි. මේ නිසා දියවැඩියා රෝගීන්ට තුඹ කරවිල ආහාරයට එක් කර ගැනීම යෝග්‍ය වේ. 

චර්ම රෝග සමනය කරන ඖෂධයක් වේ.සම මත ඇතිවන නොයෙක් ආසාදන තත්ත්වයන් එනම් තුවාල, දද ,කුෂ්ඨ වැනි රෝග තත්ත්වයන් සුව කර ගැනීම සඳහා තුඹ කරවිල වල යුෂ එම ස්ථානවල ආලේප කිරීම යෝග්‍යය වේ. 

පිළිකා මර්දනය කිරීමට හේතුවේ.පිළිකා ඇතිවීම වළක්වා ගැනීම සඳහා තුඹ කරවිල ආහාරයට එක්කර ගැනීම යෝග්‍ය වේ.  එනම් තුඹ කරවිල වල අඩංගු ප්‍රතිඔක්සිකාරක පිළිකා සෛල විනාශකර පිළිකා ඇති වීම වළක්වනු ලබයි. එමෙන්ම ඇතිවූ පිළිකා මර්දනය කරයි. ඒ හැරුණු කොට 

  • මොළයේ ක්‍රියාකාරිත්වයට 
  • වකුගඩු ගල් දියකර හැරීමට 
  • ශරීර බර පාලනය කිරීමට 
  • හුස්ම ගැනීමේ අපහසුතා සමනයට 
  • කැස්ස සමනයට 
  • ගර්භනි මවුවරුන්ට 

තුඹ කරවිල ආහාරයට ගැනීම යෝග්‍ය වේ.නමුත් දියවැඩියාව ඇති රෝගීන් වැඩි වශයෙන් තුඹ කරවිල ආහාරයට ගැනීමෙන් වැළකී සිටීම වඩාත් සුදුසුවේ.