කිසිම ලෙඩක් නැතිව අවුරුදු 100ට වඩා ජීවත් වෙන්න උදේට මේකෙන් වීදුරුවක් පානය කරන්න

health tips

සිරුරේ නීරෝගී ක්‍රියාකාරීත්වයට සහ පැවැත්මට දිනපතා හොඳින් වතුර පානය කිරීම ඉතා වැදගත් දෙයක්.අපේ සිරුරේ 60%කට වඩා ඇත්තේ වතුරයි.ජීර්ණය හා බඩවැල් ක්‍රියාකාරීත්වය ක්‍රමවත් වීම,මලබද්ධය වැනි ගැටලු දුරුවීම,මිග්‍රේන් වැනි තත්වයන් සමනය වීම,වකුගඩු නීරෝගී කිරීම මෙන්ම වෙනත් රෝගාබාධ වර්ධනය වීමේ අවදානම වැළැක්වීම හොඳින් වතුර පානය කිරීමෙන් අපේ සිරුරට ලැබෙන වැදගත් සෞඛ්‍ය ප්‍රතිලාභ කිහිපයක්.අධ්‍යයන මඟින් පෙන්වාදෙන ආකාරයට අනුව දිනපතා උණු වතුර පානය කිරීමට පුරුදුවීමෙන් සිරුරට බොහෝ ප්‍රයෝජන ලැබෙයි.

  • වතුරේ ඇති උණුසුම කය හා මනස පාලනය කරන ඒකකය ලෙස හඳුන්වන මොළය හා සුෂුම්නාවෙන් සමන්විත මධ්‍යම ස්නායු පද්ධතිය ලිහිල් හා සන්සුන් කරවයි.සිරුරේ චලන පාලනය කරන මොළයේ මධ්‍යස්ථාන ප්‍රාණවත් කරවයි.සිරුර සජල කරවයි.අධික ආතතිය හා පීඩනය නිසා ඇතිවන කායික අපහසුතාවන් සමනය කරවයි.කාංසාව හා තෙහෙට්‍ටුව සමනය කරගැනීමට ඇති හොඳම ස්වභාවික ක්‍රමයක් ලෙසත් උණු වතුර පානය හඳුන්වයි.මනෝභාවය (mood) යහපත් කරවයි. 
  • ෆැරන්හයිට් අංශක 120-140 අතර උෂ්ණත්වයේ පවතින වතුර පානයට ගන්න.අධික උණු වතුර පානය නොකළ යුතුයි. ඉන් දිව පිලිස්සීමට වගේම ඔබේ රස සංවේදනා නැතිවීමට පවා ඉඩ තිබෙයි.හානි වූ රස අංකුර සුවපත් වීමට තරමක් දිගු කාලයක් ගත වන නිසා ඔබට අපහසුතා දැනිය හැකියි.
  • වතුර ලීටරයක් ලීටර් තුන් කාලක් වන තුරු හොඳින් උතුරවා පානයට ගැනීම වඩාත් සෞඛ්‍යයට හිතකර බව ආයුර්වේදයේ සඳහන් වේ.පානය කිරීමට හැකි ලෙස එම වතුර මදක් නිවාගැනීම ඉතා වැදගත්. උණු වතුර පානය සිරුර සන්සුන් කිරීමට, තෘප්තිමත් බවක් දැනීමට හා ධනාත්මක චිත්තාවේග වර්ධනය වීමට ඉහළ මට්ටමේ දායකත්වයක් ලබාදෙන බව අධ්‍යයන වල සඳහන් වෙනවා.උණුසුම් වතුරෙන් ස්නානය කළ පසු සුවපහසුවට නින්ද යනවා නේද? උණුවතුර පානය කිරීමෙන් සිරුරට ලැබෙන්නේ ද ඊට සමාන ප්‍රතිඵලයක්. සෙරටොනින් හෙවත් ප්‍රීතිය දනවන හෝර්මෝන ස්‍රාවය වැඩිවීමට මින් හොඳ සහයක් ලැබෙනවා.
  • ආහාර ගන්නා විට සීතල වතුර වෙනුවට උණු වතුර පානය කරන්න පුරුදුවන්න.සීතල වතුර පානය කිරීමේදී සිරුරේ උෂ්ණත්වය හා ජීර්ණ පද්ධතියේ අවට රුධිර නාළ හැකිළීමට පටන්ගන්නවා.ආහාර ආමාශය වෙත ගමන් කිරීමට සිරුරේ උෂ්ණත්වය යථා තත්වයට පත්වීම වැදගත්.සීතල වතුර පානය කරමින ආහාර ගන්නා විට ඒවා මාර්ගය තුළ ‍රැ‍ඳෙන සිරවෙන ගතිය තරමක් වැඩි බව පෙන්වාදෙයි. ආහාර පහසුවෙන් පහළට ගමන් කිරීම සඳහා උණු වතුර පානය කරන්න.
  • නාසයේ බර ගතිය සමනය වීමට ද උණු වතුර පානය ගුණදායකයි.පානය කිරීමට කළින් වීදුරුවෙන් පිටවන උණුසුම් හුමාලය නාසයෙන් ආග්‍රහණය කරන්න.මින් ශ්වසන මාර්ගයේ හා උගුරේ බැඳි ඇති සෙම් සො‍ටු (ශ්ලේෂ්මල) බුරුල් වීමට , අපහසුතා සමනය වීමට යම් සහයක් ලබාදෙයි. හෙම්බිරිස්සා ලක්ෂණ අත්දකින්නේ නම් දවස පුරා නිතර උණු වතුර පානය කිරීම හොඳ අත්බෙහෙතක් වේවි.කැස්ස,උගුරේ අපහසුතා,හෙම්බිරිස්සාව,තෙහෙට්‍ටුව ආදි පීඩාකාරි තත්වයන්ට හොඳ සහනයක් ලබාදීමට තේ,සුප් වැනි උණුසුම් පාන වර්ග වලට හැකියි.උණු වතුර පානය පෙනහළු වල සෙම ගතිය හ අවහිරතා සමනය කරයි.
  • සීතල නිසා සිරුරේ උෂ්ණත්වය අඩුවී වෙවුළීමට පටන්ගැනීම සිරුරේ ස්වභාවික ප්‍රතිචාරයයි. සිරුරේ උෂ්ණත්වය යථා තත්වයට පත්කරගැනීම සඳහා උණු වතුර පානය කිරීමෙන් හොඳ ගුණයක් ලැබෙයි.අධික අව්ව දින වල හා ව්‍යායාම නිසා අධික ලෙස සිරුරට දහඩිය හා උණුසුමක් දැනෙන විට උණු වතුර පානය කිරීම එතරම් ප්‍රියජනක දෙයක් නොවෙයි. අධික උණුසුමක් ඇති විට උණු වතුර පානය නොකරන්න.
  • උදෑසන අවදි වූ පස් බොහෝ අය තේ හෝ කෝපි කෝප්පයක් පානය කරන්න පුරුදු වී සිටිනවා. ඒ වෙනුවට උණු වතුර වීදුරුවක් පානය කරමින් දවස පටන්ගන්න ඔබට පුළුවන්.මෙය සිරුරේ විෂහරණ ක්‍රියාවලියට හොඳ සහයක් ලබාදෙනවා. සිරුරේ එකතු වී ඇති වස විස අපද්‍රව්‍ය වකුගඩු වලින් ඉවත් වීමේ ක්‍රියාවලිය වේගවත් කරවයි. ඒවගේම සන්ධි ආශ්‍රිත වේදනා අඩුකිරීමට ද රක්තවාත අවදානම අඩු කිරීමට ද සහය වෙයි.
  • උදරය නෙරා ඒමට හේතුවන ලෙහෙසියෙන් අඩු නොවන උදරයේ තැන්පත් වූ මේද දහනය වීමට උණු වතුර පානය ඉතා හිතකරයි.දිනපතා හිස්බඩ උණුවතුර වීදුරුවක් පානය කරන්න. මෙය සති කිහිපයක් කිරීමෙන් ඔබට හොඳ ප්‍රතිඵලයක් දැකිය හැකිවේවි.උදෑසන හා සවස් කාලයේ තේ හා කෝපි පානය කිරීම අඩුකරන්න.ඒ වෙනුවට උණු වතුර වීදුරුවක් පානය කරන්න.ආහාර ගැනීමට මිනිත්තු 20කට කළින් උණු වතුර වීදුරුවක් පානය කිරීමෙන් පරිවෘත්තිය ක්‍රියාවලිය වැඩිදියුණු වෙයි.කැලරි දහනය වීම වැඩිකරයි.බඩ පිරෙන ගතිය වැඩිකර පෝෂක අවශෝෂණ ක්‍රියාවලියට ද සහය වේ.
  • උණු වතුර පානය කිරීම මඟින් සිරුරේ රුධිර සංසරණය වැඩිදියුණු වේ. රුධිර නාළ හොඳින් ප්‍රසාරණය වී රුධිරය ප්‍රවාහය වීම වැඩිවේ.මොළය,හෘදය වැනි සිරුරේ වැදගත් අවයවයන්ගේ ක්‍රියාකාරීත්වයට නීරෝගි රුධිර සංසරණ ක්‍රියාවලියක් පැවතිය යුතුමයි. 
  • ආහාර ජීර්ණය පහසු කිරීම, අජීර්ණය,අම්ල ප්‍රතිවාහ (උගුරට ඒම),බඩපිපුම,ගෑස් වැනි අපහසුතා සමනය කිරීම වැනි ප්‍රතිලාභ ද ඔබට හිමිවේ.මලබද්ධය ඇතිවන්නේ අධික විජලනය වැනි හේතු නිසයි. උණු වතුර පානය කිරීමෙන් මල තොග මෘදු වී පහසුවෙන් බැහැර වීම් සිදුවේ. හිසරදය හා මිග්‍රේන් වැනි පීඩාකාරී තත්වයන්ට සහනයක් සලසයි. නිකම්ම උණු වතුර පානය කරන්න අකමැති අයට ඊට ලෙමන්, දෙහි,ඉඟුරු යුෂ,මින්ට් කොළ වැනි යමක් එක්කර එහි රසය මෙන්ම ගුණය වැඩිකරවාගත හැකියි.