රතු අල හෙවත් බීට් රූට් කියන්නේ ඉතා ගුණදායි එළවළුවකි.මේවායේ සෞඛ්‍යයට හිතකර විටමින්, ඛනිල ලවණ පෝෂණය බහුල බව සඳහන් වෙයි.බීට් රූට් නිතිපතා පරිභෝජනයට එක්කරගැනීමෙන් අපේ සිරුරට ලබාගත හැකි සෞඛ්‍ය ප්‍රතිලාභ ගැනයි අද අප කතාකරන්නේ.

සිරුරේ දරාගැනීමේ හැකියාව වඩවයි බීට් වල අඩංගු නයිට්‍රේට පෝෂක රුධිර නාළ පුළුල් කරවයි. එහි ප්‍රතිඵලයක් ලෙස සිරුරේ දරාගැනීමේ ශක්තිය වැඩිවෙයි.නයිට්‍රේට මඟින් සෛල වල ශක්තිජනක වඩාත් කාර්යක්ෂම කරවන නිසා පෙරට වඩා හොඳ ශරීර ශක්තියක් ඇතිකරවයි.අධි තීව්‍ර ව්‍යායාම වලදී මාංශ පේශී විඩාවට ලක්වීම අවම කිරීමේ හැකියාව ද බීට් රූට් වල අඩංගු බව පර්යේෂණ මඟින් පෙන්වාදෙයි.ව්‍යායාම වල යෙදීමට පැය 2-3කට කලින් බීට් රූට් ආහාරයට ගන්න.
රුධිර පීඩනය ක්‍රමවත් කරයි නයිට්‍රේට් බහුල බිට් රූට් ශරීරයේදී නයිට්‍රික් ඔක්සයිඩ් බවට පරිවර්තනය කරයි.රුධිර නාළ ලිහිල් කරමින් පුළුල් කරවන්නේ මෙම සංඝටක මඟිනි.එමඟින් පෝෂක සහ ඔක්සිජන් බහුල රුධිර සිරුර පුරා සංසරණය වීම වැඩිදියුණු වෙයි.එහිදී රුධිර පීඩනය අඩුවෙයි.බීට් රූට් යුෂ පානය කිරීම රුධිර පීඩනය අඩුවීමට ප්‍රතිලාභ දෙන බව ඇතැම් අධ්‍යයන වල සඳහන් වේ.
සිරුරේ ප්‍රදාහය අවම කරයි බීට් රූට් වල බීටලේන්ස් (betalains) බහුලයි. මේවා පිළිකානාශක ප්‍රතිඔක්සිකාරක කාණ්ඩයකි.බීට් වල තද රතු හෝ දම් පැහැය ලැබෙන්නේ මේවායෙනි.සිරුර තුළ හැකි හෘද රෝග සහ පිළිකා වැනි නිදන්ගත රෝග වර්ධනය වීමේ අවදානම ඉහළ දැමිය හැකි සිරුර තුළ ඇතිවන ප්‍රදාහය තත්වයන් අවම කිරීමට ප්‍රතිලාභ දෙයි. අක්මාව සහ වකුගඩු වල ප්‍රදාහය ඇතිවීම අවම කරන ෆයිටොපෝෂක (ශාක රසායන) ද බහුලයි.මෙම අවයව වල විෂහරණ ක්‍රියාවලීන්ට ද ඒවා සහය දෙයි.
මොළය නීරෝගී කරයි වයසට යාමත් සමඟ ප්‍රජානන (cognitive) සහ මානසික සෞඛ්‍ය පිරිහීමට පටන්ගනියි.ඩිමෙන්ෂියා වැනි මතකය දුර්වල වීම ආශ්‍රිත රෝගාබාධ වර්ධනය වන්නේ එම බලපෑමත් සමඟයි.මොළය වෙත ලැබෙන රුධිර ප්‍රවාහය සහ ඔක්සිජන් ප්‍රමාණය අඩුවීම මීට බලපාන ප්‍රධාන හේතුවකි.බීට් වල නයිට්‍රේට් බහුල නිසා මොළය වෙත ඇති රුධිර සැපයුම වැඩිකරවයි. බීට් ආහාරයට ගැනීමෙන් මොළයේ ලලාට ඛණ්ඩිකාව (frontal lobe) හි රුධිර සංසරණය ඉහළ යන බවත්, ඉන් ඩිමෙන්ෂියා අවදානම මෙන්ම වෙනත් ප්‍රජානන ගැටලු ඇතිවීම බොහෝදුරට වැළකී යාමට සහය දෙන බවත් අධ්‍යයන මඟින් පෙන්වාදෙයි.

සම නිරෝගී කරයි බීට් වල විටමින් C බහුලයි.මෙම විටමිනය සමේ නීරෝගීබවට අත්‍යවශ්‍ය පෝෂකයකි.දිනපතා යම් යම් ප්‍රමාණයක් පරිභෝජනයට එක්කරගැනීමෙන් සම වියපත් වීම පාලනය කරගැනීමට සහ සමට නීරෝගි දීප්තියක් ලබාගැනීමට හැකි බව පෙන්වාදෙයි.සම මෘදු කරමින් සම රැළි වැටීම ද වළකයි.
අක්මාව නීරෝගී කරයි අක්මාව සිරුරේ ක්‍රියාකාරීත්වයන් 500කට අධික ප්‍රමාණයකට වගකියන අවයවයකි.ප්‍රධාන වශයෙන්ම සිරුරේ විෂහරණය කරමින් සිරුර නීරෝගීව පවත්වාගන්නේ අක්මාවයි.බීට් වල අඩංගු බීටලේන් මඟින් අක්මාවේ විෂ අපද්‍රව්‍ය බැහැර කර එහි ක්‍රියාකාරීත්වය කාර්යක්ෂම කිරීමට සහය දෙයි.පිත ශ්‍රාවය ක්‍රමවත් කරයි.බීට් වල අඩංගු ෆෝලේට් සහ යකඩ පෝෂක අක්මාවේ නීරෝගීබවට හොඳ සහයක් ලබාදෙයි.
බර අඩුකරගැනීමට සහය දෙයි බීට් වල හොඳ ජල අන්තර්ගතයක් මෙන්ම තන්තු අඩංගුයි.ආහාරයට ගැනීමෙන් පසු බඩ පිරෙන නිසා දිගු වෙලාවක් යලි බඩගිනි ඇති නොවෙයි. සිරුර සජලනය කරයි.මේවායේ අඩංගු කැලරි ප්‍රමාණය ඉතා අඩුය.එමෙන්ම හොඳ ප්‍රෝටීන් පෝෂණයක් ද අඩංගුය.බර අඩුකරගැනීමට උනන්දු වෙන කෙනෙකුට බීට් රූට් හොඳ තෝරාගැනීමක් වේවි.බීට් කෝප්පයක තන්තු ග්‍රෑම් 4ක්, ප්‍රෝටීන් ග්‍රෑම් 2ක් සහ කැලරි 59ක් අඩංගුවේ.
හෘදයේ නීරෝගීබව වැඩිකරයි බීටලේන් ප්‍රබල සංඝටක මඟින් හෝමෝසිස්ටීන් (homocysteine) මට්ටම් පහත දමයි.සිරුරේ මෙම මට්ටම් ඉහළ යාමෙන් හෘදයාබාධ සහ ආඝාත (අංශබාගය) වැනි තත්වයන් වර්ධනය වීමට ඉඩ තිබෙයි.හෘද රෝග වලට තුඬු දිය හැකි නිදන්ගත ප්‍රදාහය තත්වයන් වැළැක්වීමේ හැකියාව ද බීටලේන් වල අඩංගුයි.තන්තු මඟින් අහිතකර කොලෙස්ටරෝල් සහ ට්‍රයිග්ලිසරයිඩ වැනි ලිපිඩ මට්ටම් අඩුකිරීම සහ හිතකර කොලෙස්ටරෝල් මට්ටම් ඉහළ දැමීම සිදුකරයි.රුධිර නාළ සිහින් වීමේ රෝගය (atherosclerosis) අවදානම අවම කරගැනීම සඳහා ද නොයෙකුත් ආකාර වලින් මෙම එළවළුව උපකාරී වන බව සඳහන්.
ඇස් වල නීරෝගී බවට ගුණදායකයි බීට් වල අඩංගු බීටා කැරොටීන් (beta-carotene) අක්ෂී සෛල පරිහාණියට ලක්වීම අඩු හෝ මන්දගාමී කරවයි.සිරුරේ අහිතකර මුක්තකණ්ඩ (free radicals) ඉහළ යාමත් සමඟ මෙම අවදානම වැඩිවෙයි.මේවා අකලට වියපත්වීම වේගවත් කරයි.බීටා කැරොටින් යනු ප්‍රබල විටමින් A ප්‍රභේදයකි. මේවා ප්‍රතිඔක්සිකාරක ලෙස ද ක්‍රියාකරයි.අහිතකර මුක්තකණ්ඩ නිසා ඇස් වලට සිදුවිය හැකි හානි වලින් ආරක්ෂා කරයි.
නිරක්තිය වළක්වයි ඇනිමියා හෙවත් නිරක්තිය යනු සිරුරේ ලේ අඩුකම නිසා ඇතිවන රෝගයකි.යකඩ සහ ෆෝලික් අම්ල සිරුරේ රතු රුධිර සෛල නිර්මාණය වීමට දායක වෙයි.සිරුර පුරාවට අවශ්‍ය ඔක්සිජන් සහ පෝෂක සපයන්නේ මෙම සෛල මඟිනි. කාන්තාවන් තුළ ඔසප් වීම ආශ්‍රිත ගැටලු, නිරක්තිය සහ ආර්තවහරණ පූර්ව ලක්ෂණ මතුවීම් වැළැක්වීමට සිරුර තුළ හොඳින් රතු රුධිර සෛල ප්‍රතිජනනය වීම වැදගත්ය.

බඩවැල් නීරෝගි කරයි බීට් වල තන්තු බහුල නිසා ජීර්ණ ක්‍රියාවලිය හා බඩවැල් ක්‍රියාකාරීත්වයන් ක්‍රමවත් කරයි.මලබද්ධය සමනය කරයි.බීටලේන් මඟින් ද ජීර්ණ සෞඛ්‍ය නීරෝගි කරවයි.බීට් රූට් පරිභෝජනය නිසා මල සහ මූත්‍රා වල ස්වභාවය සහ පැහැය යම් වෙනස්කම් වලට ලක්විය හැකි වුවත් එය ගැටලුවක් කරනොගන්න.බීට් වල වර්ණක නිසා මිස රතු පැහැයක් ගන්නේ රුධිරය නිසා නොවෙයි.
උපත් සංකූලතා අවම කරයි විටමින් B ෆෝලේට් බහුල නිසා ගැබිනි කාන්තාවන්ට බීට් රූට් ඉතා ගුණදායක බව පෙන්වාදෙයි.බිලිඳාගේ සුෂුම්නාව වර්ධනය වීම සඳහා මෙම විටමින් වැදගත්ය.ෆෝලේට් ඌනතාව ස්නායු නාළ සංකූලතා වලට තුඬු දිය හැකියි.විටමින් B ෆෝලේට් මඟින් බිලිඳුන් තුළ උපත් සංකූලතා ඇතිවීම අවම කරයි.
බීට් රූට් චිප්ස්,සලාද, වෑංජනය,බීට් රූට් මිල්ක්ෂේක්, බීට් යුෂ පානය,බීට් සුප්, ජෑම් ආදි නොයෙකුත් ක්‍රම වලට බීට් සකසා ආහාරයට එක්කරගත හැකියි.