ලොකු පොඩි කවුරුත් ඉතා ප්‍රියකරන පලතුරක් වන දොඩම් පැඟිරි කුලයට අයත් ශාකයක්.දොඩම් වල 86%ක් පමණ ඇත්තේ ජලයයි.දොඩම් වල විටමින් C පෝෂක ඉතා බහුලයි. විටමින් C ඌනතාව ඇතිවීම වැළැක්වීමට උපකාරී වන සුපිරි පලතුරු අතරින් එකක් ලෙස දොඩම් හැඳින්විය හැකියි. ඊට අමතරව ෆෝලේට් නම් B විටමින් ද මේවායේ අඩංගුයි. ඉහළ තන්තු අන්තර්ගතයක් ද ඇති දොඩම් වල සුළු වශයෙන් කැල්සියම්,පොටෑසියම්, මැග්නීසියම්,තයමින් (විටමින් B1) වැනි පෝෂක අන්තර්ගත වෙයි.
රසයෙන් මෙන්ම ගුණයෙන් අනූන දොඩම් දිනකට එක් ගෙඩියක් බැගින් ආහාරයට ගැනීමෙන් ඔබේ සිරුරට ලබාගත හැකි සෞඛ්‍ය ප්‍රතිලාභ පිළිබඳව අධ්‍යයනයක සඳහන් වූ කරුණු කිහිපයක් ගැනයි මේ.
1 .බඩවැල් වල ක්‍රියාකාරීත්වය නීරෝගි කිරීමට සහය වෙයි

දිනපතා දොඩම් ආහාරයට ගැනීමෙන් බඩවැල් වල හිතකර ක්ෂුද්‍රජීවීන්ගේ ක්‍රියාකාරීත්වයන්ට හිතකර බලපෑමක් ඇතිකළ හැකි බව අධ්‍යයන වල සඳහන් වෙයි.ග්ලූකෝස් මට්ටම් ,ඉන්සියුලින් සංවේදීතාව (ප්‍රතිරෝධය) හා අහිතකර කොලෙස්ටරෝල් (LDL) මට්ටම් පහත යාමට හේතුසාධක වෙයි.දොඩම් යුෂ සිරුර තුළ ප්‍රිබයෝටික් ලෙස ක්‍රියාකරයි.ඒ හරහා හිතකර බැක්ටීරියාවන්ගේ ගහණය වැඩිකරවයි.ජීර්ණ ක්‍රියාවලියට මෙන්ම සිරුරේ නීරෝගී පැවැත්මට හිතකර බැක්ටීරියාවන්ගේ ක්‍රියාකාරීබව ඉතා වැදගත්.
2.ඔබේ බර අඩුකරගැනීමේ අරමුණට ලඟා වීම පහසු කරයි

බර අඩුකරගැනීමේදි ආහාර පාලනය කිරීම සහ ව්‍යායාම කිරීම පමණක් ප්‍රමාණවත් නැහැ. ඒ අතරේදී සිරුරට නිසි පෝෂණයක් ලබාගැනීම ගැනත් ඔබ සැළකිලිමත් විය යුතුමයි.සිරුරේ නිසි ක්‍රියාකාරීත්වයට අවශ්‍ය පෝෂක රැගත් ආහාර පාන පරිභෝජනය කිරීම ඉතා වැදගත්.දොඩම් වල බොහෝ විටමින් හා ඛනිජ ලවණ බහුලයි.දිනකට එක් ගෙඩියක් බැගින් ආහාරයට ගැනීමෙන් සැළකිය යුතු මට්ටමේ පෝෂක ප්‍රමාණයක් සිරුරට එකතුවෙයි.
මධ්‍යම ප්‍රමාණයේ දොඩම් ගෙඩියක කැලරි අගය 60ක් පමණ වෙයි.දොඩම් වල තන්තු ද ඇති නිසා බඩවැල් වල නීරෝගී බවට,හිතකර කොලෙස්ටරෝල් මට්ටම් නියාමනයට,හෘද රෝග අවදානම් අවම කිරීමට මෙන්ම සිරුරට සීනී අවශෝෂණය වීම මන්දගාමී කරවීමට ද ඉහළ මට්ටමේ සහයක් ඒවායින් ලැබෙයි.
තන්තු වලට බඩ පිරෙන නිසා දිගු වෙලාවක් යනතුරු යළි බඩගිනි ඇතිනොවෙයි.තන්තු බහුල ආහාර ගැනීමෙන් ආහාර රුචිය පාලනය වීම සිදුවෙයි. ආහාර ගන්නා ප්‍රමාණය සීමා වීමෙන් අනවශ්‍ය ලෙස කැලරි ශරීරගත වීම ද වැළකෙයි.මෙය සිරුරේ බර අඩුකරගැනීමට ඉහළ මට්ටමේ සහයක් ලබාදෙයි.හොඳ තන්තු පෝෂණයක් ලබාගැනීමට නම් දොඩම් කැබලි වශයෙන් ආහාරයට ගන්න.
- කොලැජන් නිෂ්පාදනයට සහය වීමෙන් සම නීරෝගි කරයි

දොඩම් ගෙඩියකින් මිලිග්‍රෑම් 70ක් පමණ තරම් විටමින් C ප්‍රමාණයක් සිරුරට එක්වෙයි.මෙම විටමිනය සිරුරට ඉතා වැදගත් ප්‍රතිලාභ රැසක් ලබාදෙයි.සිරුරේ යකඩ උරාගැනීමේ හැකියාව වැඩිදියුණු කරයි.ප්‍රතිඔක්සිකාරක ලෙස ක්‍රියාකරමින් සිරුරේ ප්‍රදාහයට එරෙහිව සටන් කරයි.රුධිර පීඩනය අඩුකරවයි.එමෙන්ම සමේ හා අස්ථි වල කොලැජන් නිර්මාණය වීමට සහය වෙයි.
කොලැජන් යනු අපේ සිරුර විසින් නිපදවන එක්තරා ප්‍රෝටීනයක්.පටක වලට අවශ්‍ය ව්‍යුහාත්මක සහය ලබාදීම මේවායින් සිදුකරයි.ඊට අමතරව පටක අළුත්වැඩියාවීම හා ප්‍රතිශක්තිකරණ ක්‍රියාකාරීත්වයන් වැනි වැදගත් ක්‍රියාවලීන්ට සහය දක්වයි.අපේ සිරුර වයසට යන විට,මෙම කොලැජන් නිෂ්පාදනය මන්දගාමී වීමට පටන්ගනියි.සමට සවිමත් බවක් ලබාදෙන ඉලාස්ටින් ක්ෂය වී යයි.එහි ප්‍රතිඵලයක් ලෙස සම රැළි වැටීම, එල්ලා වැටීම හා වියළීම වැනි සම වියපත් වීමේ ලක්ෂණ පැහැදිලි ලෙස මතුවීමට පටන්ගනියි.
මෙය වයසට යන විට සිරුරේ ස්වභාවික ක්‍රියාවලියක් ලෙස සිදුවන දෙයක් නිසා කොලැජන් වලට හානිවීම සම්පූර්ණයෙන්ම නතර කළ නොහැකියි.එසේ වුවත් එම ක්‍රියාවලිය පාලනය කරගැනීමට බැරි නැහැ.දිනපතා දොඩම් පරිභෝජනය කිරීමෙන් සමට හොඳ පැහැදිලි වෙනසක් අත්දැකීමට හැකි වේවි.
- ඇස් පෙනීම නීරෝගී කරයි

දිනපතා දොඩම් ගෙඩියක් බැගින් ආහාරයට ගැනීමට පුරුදු වීම පුද්ගලයෙකු තුළ අක්ෂි පරිහාණි ගැටලු (macular degeneration) වර්ධනය වීමේ අවදානම 60%ක් පමණ පහත බැසීමට සහය වෙන බව පර්යේෂකයින් පෙන්වාදෙනවා.මෙම ඇස් රෝගය නිසා ඔබේ පෙනීම බොඳ වී යයි.ඇස් කණ්ණාඩි භාවිතයෙන් පවා ගුණයක් අත්දැකිය නොහැකි තරමටම ඔබේ පෙනීම දුර්වල වීමට ඉඩ තිබෙයි.මේ තත්වය වයසට යන විට ස්වභාවිකවම ඇතිවිය හැකි තත්වයක්.
ඇස් පෙනීම ආරක්ෂා වීමට සිරුරට හොඳ විටමින් C පෝෂණයක් අවශ්‍යයයි.මේවා ඇස් වල රුධිර නාළ නීරෝගි කරවයි. එමෙන්ම ඇසේ සුද මතුවීම (cataracts) වැළැක්වීමට සහය ලබාදෙයි.
- හෘදය හා මොළය වැනි සිරුරේ වැදගත් අවයව ආරක්ෂා කරයි

අධ්‍යයන වලට අනුව, රුධිරය තුළ විටමින් C සාමාන්‍ය මට්ටම් වලින් පැවතීම පුද්ගලයාගේ අවධානය, ඒකාග්‍රතාව, මතක ශක්තිය හා සාවධාන බව වැඩිදියුණු වීම කෙරෙහි බෙහෙවින් උපකාරී වන බව පෙන්වාදෙයි.මනසේ තියුණු බව වැඩිකිරීමට සහය වෙයි.සිරුරේ නීරෝගී බව ආරක්ෂා කරගැනීමට නම් දිනකට නිර්දේශිත විටමින් C පෝෂණය ලබාගැනීමට අමතක නොකළ යුතුයි.දොඩම් ඊට සහය වෙන හොඳ තෝරාගැනීමක්. විටමින් C යනු ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක්. ඒවා මොළය වැනි සිරුරේ වැදගත් අවයව වල සෛල වලට හානි ඇතිකළ හැකි හානිකර මුක්තකණ්ඩ වලට එරෙහිව සටන් කරයි.
කන්තුකවාහිනි රෝගය (cardiovascular disease) වර්ධනය වීමට බලපෑ හැකි අවදානම් සාධක මර්දනය කිරීමට දොඩක් යුෂ පානය කිරීම ප්‍රතිලාභ දෙනු ඇති බව ඇතැම් අධ්‍යයන වල සඳහන් වෙයි.ඉන් අදහස් වෙන්නේ දොඩම් යුෂ පානය කිරීම ඔබේ හෘද සෞඛ්‍ය නීරෝගි කරවීමට සහය වෙන බවයි.
- විටමින් C ඌනතාවේ පූර්ව රෝග ලක්ෂණ කිහිපයක්

අතීතයේ විටමින් C ඌනතාව හඳුන්වා ඇත්තේ ශීතාද රෝගය (scurvy disease) ලෙසයි.දිනපතා ආහාර පාන පරිභෝජනය කරන නිසා අපේ සිරුරු වලට යම් තාක් ප්‍රමාණයකින් හෝ විටමින් C එකතුවෙයි. එම නිසා විටමින් C ඌනතාව කියන්නේ ඉතාම දුර්ලභ තත්වයක්.විටමින් C අපේ සිරුරු වල කොලැජන් නිෂ්පාදනයට සහය වෙයි. සිරුරේ ප්‍රමාණවත් තරම් කොලැජන් නිපදනොවෙන විට සිරුරේ පටක බිඳියාමට පටන්ගනියි.
විටමින් C ඌනතාවේ වඩාත් පොදු රෝග ලක්ෂණ කිහිපයක් :

- තෙහෙට්‍ටුව
- අප්‍රාණිකබව
- නිරක්තිය (ලේ අඩුකම)
- විදුරුමස් රෝග
- දත් ගැලවීයාම
- තුවාල සුවවීම මන්දගාමී වීම
- විශාදය (මානසික අවපීඩනය)
- ශරීරයේ ඉදිමුම් ඇතිවීම