උදරගත රෝග සමනය කරන පාන වර්ග 10 ක්

health tips

වයස් භේදයකින් තොරව ලොකු කුඩා සෑම දෙනාටම පාහේ නිතර උදරගත රෝග ඇති වනු ලැබේ. එනම්  මේ සඳහා විවිධ හේතු බලපානු ලබයි. ඒ අතර විවිධ ආහාර,පාන වර්ග භාවිතා කිරීම, එනම් පිටි සහ තෙල් සහිත ආහාර වැඩි වශයෙන් භාවිතා කිරීම.

  • ආහාර ප්‍රමාණය ඉක්මවා ගැනීම
  • කල් ගත වූ ආහාර භාවිතා කිරීම
  • බර ආහාර එකදිගට ආහාරයට ගැනීම. 
  • අජීර්ණ තත්වයන්ට නුසුදුසු ආහාර භාවිතා කිරීම.
  • ඖෂධ වර්ග භාවිතා කිරීම
  • නොයෙක් රෝග තත්ත්වයන් මේ ආදී හේතූන් නිසා උදරගත රෝග ඇතිවිය හැකිය. උදරගත රෝග තත්වයක් ඇති වූ විටක 

විවිධ රෝග සංකූලතා ඇති වනු ලැබේ. එනම්

  • උදරගත වේදනාව
  • බඩ පිපුම
  • පාචනය
  • වමනය
  • ඔක්කාරය 

මේ ආදී රෝග තත්ත්වයන් ඇතිවේ නම් එය උදරගත රෝගයක රෝග ලක්ෂණයි. එනම්එවැනි අවස්ථාවක ඊට ඉක්මන් ප්‍රතිකාර කිරීම මගින් එම රෝග තත්ත්වයන් උත්සන්න වීම වලක්වා ගෙන ඉක්මන් සුවය ලබාගත හැකිය.  එනම් මේ සඳහා නිවසේදී ම යම් යම් ඖෂධ වර්ග භාවිතා කළ හැකිය. ඒ අතර එවැනි ඖෂධ වර්ග මිශ්‍ර කර තේ පානයක් සකස් කර භාවිතා කිරීම මගින් උදරගත රෝග ඉක්මනින් සමනය කර ගත හැකිය. 

ඉඟුරු තේ පානය ඈත අතීතයේ සිට ම ඖෂධයක් ලෙස බොහෝ රෝගවලට ඉඟුරු භාවිතා කර තිබේ විශේෂයෙන්ම උදරගත රෝග ඇතිවීම වළක්වා ගැනීමට ඉඟුරු ප්‍රත්‍යක්ෂ ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් උදරගත බඩ පිපුම, අජීර්ණ තත්ත්වයන් සමනය කිරීමට ඉඟුරු තේ පානයට එක් කොට භාවිතා කිරීම ගුණදායකය. එනම් ඉගුරු වල පවතින බැක්ටීරියා නාශනය කිරීමේ ගුණය උදරගත රෝග වලට හේතු වූ බැක්ටීරියා විනාශ කර උදරගත රෝග සමනය කිරීම සිදුකරයි. එනම් මේ සඳහා උනුවතුරට ඉගුරු ඉස්ම මිශ්‍රකර හෝ තේ පානයට ඉඟුරු යුෂ මිශ්‍ර කර පානය කිරීම ගුණදායකවේ. එනම් ඉන් ඔක්කාරය ,වමනය ,උදර ගත්ත වේදනාව සමනය කරගත හැකිය. මෙමගින් හොඳින් ආහාර ජීර්ණය කිරීමට ද වැඩි දායකත්වයක් සපයනු ලැබේ. 

බැසිල් තේ උදරගත රෝග වන අජීර්ණ තත්ත්වයන්, බඩ පිපුම ,ඔක්කාරය, වමනය, ආහාර අරුචිය වැනි රෝග තත්ත්වයන් සුව කර ගැනීමට භාවිතා කළ හැකි තවත් එක් ඖෂධීය පානයක් ලෙස බැසිල් තේ පානය හැඳින්විය හැකිය. එනම් ඈත අතීතයේ සිට ම එවැනි රෝග වලට භාවිතා කළ බැසිල් වර්තමානය වන විට වෙළෙඳපොළ තුලින් පහසුවෙන් මිලදී ගත හැකිය. එනම් මෙමගින් උදරගත රෝග තත්ත්වයන් සමනය කර ආහාර හොඳින් ජීරණය කිරීම සිදු කර ආහාර රුචිය ද වැඩිදියුණු කර ගත හැකිය. 

කරපිංචා තේ පානය කුළුබඩුවක් මෙන්ම බොහෝ රෝග සමනය කිරීමට ඖෂධයක් ලෙස භාවිතා කළ හැකි කරපිංචා උදරගත රෝග සමනය කිරීමටද උපකාරීවේ. එනම් ඒ සඳහා කරපිංචා ඉත්තක් පමණ ගෙන හොඳින් වියළා කුඩුකරගෙන උණුවතුරට දමා පානය කිරීම මගින් උදරගත බඩ පිපුම ,ඔක්කාරය, වමනය, කෑම අරුචිය, ආහාර නොදිරවීම සමනය කර ගත හැකිය. 

සේර තේ පානය උදරගත රෝග සමනය කිරීමට සේර තේ පානය සකසා භාවිතා කිරීම ගුණදායකය. එනම් මේ සඳහා සාමාන්‍ය පරිදි තේ පානයක් සකස් කොට ඊට කුඩු කර ගත් සේර කොළ , කුරුඳු කුඩු එක්කොට පානය කිරීම ගුණදායකය. එනම් ඉන් උදරගත බඩ පිපුම,  වේදනාව, ආහාර අරුචිය, ඔක්කාරය, වමනය වැනි රෝග තත්ත්වයන් සුව කරගත හැකිය. 

හරිත තේ වර්තමානය වන විට වඩාත් ප්‍රචලිත තේ පානයක් ලෙස හරිත තේ පානය හඳුනාගත හැකිය. උදරගත රෝග පවතින අවස්ථාවක හරිත තේ පානය කිරීම මගින් බඩ පිපුම, අජීර්ණ තත්ත්වයන් සුව කරගත හැකිය. එමෙන්ම මෙහි අඩංගු ප්‍රතිඔක්සිකාරක ගුණයන් ශරීර පරිවෘත්තිය ක්‍රියාවලිය ක්‍රමවත්ව සිදු කර ආහාර හොඳින් ජීර්ණය කර කුසගිනි වැඩි කිරීම ද සිදුකරයි. එනම් උදරගත රෝග පවතින විට හරිත තේ පානය කිරීම  ගුණදායකවේ. 

Chamomile තේ වර්තමානය වන විට වඩාත් ප්‍රචලිත තේ වර්ග අතර තවත් එක් තේ වර්ගයක් ලෙස Chamomile තේ හඳුනාගත හැකිය. එනම් මෙය ඖෂධිය ගුණයෙන් අනූන වන අතර උදරගත රෝග සුව කිරීමට බොහෝ දෙනෙකු භාවිතා කරනු ලැබේ.  එනම් Chamomile තේ පානය භාවිතා කිරීම මගින් උදරගත අජීර්ණ තත්ත්වයන්, ආහාර නොදිරවීමේ ගැටළු ,ඔක්කාරය, වමනය ආදී රෝග තත්ත්වයන් සුව කරගත හැකිවේ. එනම් එවැනි රෝග පවතින විටක Chamomile තේ  පානය භාවිතා කිරීම ගුණදායකය. මීට අමතරව 

  • පෙපර්මින්ට් තේ පානය
  • කොත්තමල්ලි තේ පානය 
  • කුරුඳු තේ පානය 
  • වැල් මී තේ පානය 

ආදී පාන වර්ගයන්ද වඩාත් සුදුසුවේ. නමුදු භාවිතා කිරීමේදී තේ පාන වර්ග එකක් පමණක් භාවිතා කළ යුතුය. එමෙන්ම නිදන්ගත රෝග පවතින්නේ නම් ඒ පිළිබඳව ද සැලකිලිමත් විය යුතුය. මෙම තේ පානය භාවිතා කිරීමෙන් සහනය සලසා ගත නොහැකි නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කළ යුතුය.