ආහාර ජීර්ණ මාර්ගයේ ඇති වැදගත්ම අවයවයක් ලෙස ආමාශය හඳුන්වන්න පුළුවන්.ශරීරයේ පැවැත්මට,වර්ධනයට හා අළුත්වැඩියාවට අවශ්‍ය ශක්තිය නිපදවීම සඳහා ආහාර පෝෂක කොටස් ලෙස ඛණ්ඩනය කිරීම ආමාශය විසින් සිදුකරයි.ආමාශ ආන්ත්‍රික මාර්ගයේ බහුලව ඇතිවන ගැටලුකාරී තත්වයක් වන්නේ ‘බඩේ ගෑස්’ ඇතිවීමයි.ගෑස් ඇතිවීම නිසා ගුද වාතය පිටවීම,ගුඩුස් යාම,බඩ පිපුම , බඩ පුරවා දැමූ ගතියක් දැනීම,බඩේ තදගතිය හා බඩේ වේදනාව වැනි ලක්ෂණ මතුවිය හැකියි.
සාමාන්‍යයෙන් ඔබේ උදරයේ සහ බඩවැල් වල බාගයක්ම පිරී තිබෙන්නේ ගෑස් වලින්ය. ජීර්ණ මාර්ගයේ ගෑස් ඒකරාශී විය හැකි ක්‍රම දෙකකි. එකක් ආහාර පාන ගැනීමේදී ගිලෙන වාතය සමඟ ඔක්සිජන් හා නයිට්‍රජන් ශරීරගත වීම. දෙවැන්න, ආහාර ජීර්ණය වීමේදී හයිඩ්‍රජන්, මීතේන් හෝ කාබන් ඩයොක්සයිඩ් වැනි වායු නිකුත් වීම හා ඒවා ආමාශයේ ඒකරාශී වීම.නිදහස් නොවීමෙන් හෝ අධිකව ඒකරාශීවීමෙන් මෙම ගෑස් තත්වය දැඩි පීඩාවක් ඇතිකරයි. තවද ආමාශයේ ඇති ආහාර දිරවීමට අපහසු වනවිට වැඩි වශයෙන් ගෑස් නිපදවීමක් ඇතිවීමයි. ආහාර ජීර්ණය කිරීමට සහය දෙන බැක්ටීරියා ගහණය අධික බඩවැල් හරහා මෙම ආහාර ගමන් කිරීමේදි අධිකව ගෑස් නිකුත් කෙරෙන අතර ඔබට දැඩි අපහසුතාවක් ඇතිවිය හැකියි. බඩවැල් ප්‍රදාහය හෝ අවහිරවීම,වකුගඩු වල ගල් ඇතිවීම හෝ පෙරිටොනයිටිස් තත්වය වැනි යටින් පවතින ඇතැම් සෞඛ්‍ය ගැටලු හේතුවෙන් ද මේ අපහසුතා ඇතිවිය හැකියි.
ආයුර්වේදයේ බඩේ ගෑස් තත්වය ‘ආදමන හෝ අපර ‘ ලෙස හඳුන්වයි.වාත දෝෂ ගණයට අයත් මෙම පීඩාකාරි තත්වයට ප්‍රතිකාර කිරීමේදි අජීර්ණය, අධිකව ආහාර ගැනීම හෝ නිරාහාරව සිටීම වැනි ඊට බලපාන ප්‍රධාන හේතු වෙත අවධානය යොමුකරයි.බලබද්ධය,පුරිතන්දාහය (කොලයිටිස්) හෙවත් මහබඩවැල ඉදිමීම,බඩවැල් තුළ අවහිරතා හා ඇමීබයසියාව වැනි තත්වයන් හේතුවෙන් ද ගෑස් තත්වය ඇතිවිය හැකිය.මිනිත්තු කිහිපයක් හෝ දවසක් ගත වන තුරුම පීඩාකාරී බඩ පිපුම හෝ බඩේ ඉදිමුණු ගතිය පැවතිය හැකියි.විටින් විට වේදනාව අඩු වැඩි විය හැකියි.ආයුර්වේද ප්‍රතිකාර මඟින් බඩවැල් තුළ සිටින හිතකර බැක්ටීරියා ගහනය සමතුලිත කිරීම, ආහාර ජීර්ණ මාර්ගය පවිත්‍ර කිරිම හා සමනය කිරීම සිදුකරයි.ජීර්ණ ක්‍රියාවලිය වැඩිදියුණු කරන හා වාතාපහරණ ඖෂධ වර්ග මේ සඳහා මූලිකව භාවිත කරයි.
බඩේ ගැස් තත්වයට ආයුර්වේදයේ සිදුකරන ප්‍රතිකාර

‘පාචන’- සෛලීය හා ආමාශයිය ආන්ත්‍රික මට්ටමින් ජීර්ණය වැඩිදියුණු කරවයි.ජීර්ණකාරක හා ජීර්ණක යුෂ උත්තේජක ගිතෙල් සමඟ මිශ්‍ර කර රෝගියාට ලබාදෙයි. ‘හිංවාෂ්ටක චූර්ණය’ මෙම ප්‍රතිකර්මය සඳහා බහුලව භාවිත කරයි.එමඟින් ජීර්ණය නොවූ ආහාර ජීර්ණක එන්සයිම උත්තේජනය නොකරම ජීර්ණය කරවිමට ආධාර කරයි.
‘සේක’- ස්වේදන ප්‍රතිකර්මයක් වන මෙහිදී සිරුරේ විෂ ද්‍රව්‍ය බැහැර වීම හා දරදඬු බව සමනය වීම සඳහා රෝගියාට දහඩිය පිටවීමට සලස්වයි.වාත මූලික රෝගාබාධ වලට ප්‍රතිකාර කිරීමේදි නියම කෙරෙන පවිත්‍රකාරක ප්‍රතිකාරයකි.උණුසුම් රෙදි කැබැල්ලක්, ලෝහ වස්තුවක් හෝ උණුසුම් දෑත් සිරුර (උදරය) මත තබාගෙන සිටිමින් වත දෝෂ වලට ප්‍රතිකාර කරයි.
‘ලේප’- ඖෂධ වලින් සැකසූ මිශ්‍රණයක් (ආලේපයක්) බලපෑමට ලක්ව ඇති ශරීර ප්‍රදේශය මත ගැල්වීමයි.වාත දෝෂ අඩුකිරීම හා වාත දොස් කිපීමෙන් ඇතිවන කායික වේදනා පීඩා සමනය කිරීම සිදුකරයි. උදරය මත ‘දරුශතක ලේපය’ ගැල්විම ජීර්ණය වැඩිදියුණු කිරීම හරහා බඩේ ගෑස් තත්වයට ප්‍රතිකාර කිරීමට ආධාර කරයි.
බඩේ ගෑස් දුරුකරන ආයුර්වේද ඖෂධ

පෙරුම්කායම්– වාතාපහරණ,පරපෝෂි පණු ආසාදන වළකන හා බඩපෙරළීම (ගැස්ම) වළකන ගුණ බහුලය.බඩපිඋම, පේශී පෙරළීම් , ගෑස් හා වේදනාව සමනය කරයි. වාත දෝෂ වලට ප්‍රතිකාර කිරීමට ඵලදායීය. පේශී ලිහිල්කාරකයක් බැවින් ආමාශයේ පේශී සුවසමනය කරයි.ගෑස් හේතුවෙන් ඇතිවූ බඩේ තදගතිය අඩුකරයි.
ඉඟුරු– ජීර්ණ මාර්ගයේ පේශී ක්‍රියාකාරීත්වය වැඩිකිරීම හරහා ආහාර ජීර්ණය වඩවයි.වාතාපහරණ,බැක්ටීරියානාශක හා දිලීරනාශක ගුණ වලින් අනූන නිසා බඩේ ගෑස් ගතියට හා ඊට හේතුවිය හැක. යටින් පවතින රෝග තත්වයන්ට ප්‍රතිකාර කරයි.සක්‍රීය සංඝටක බහුල නිසා ආමාශයේ ක්‍රියාකාරීත්වය උත්තේජනය කරමින් අවශෝෂණ ක්‍රියාවලියට සහය දෙයි.මලබද්ධය හා බඩපිපුම සමනය කරයි.
සුදුලූනු- සුදුලූනු බිකි හා තෙල් ආයුර්වේදයේ විවිධ ප්‍රතිකාර වලට යොදාගැනේ. සිරුර යලි ප්‍රාණවත් කිරීම, වාතාපහරණ, ජීර්ණක , පරපෝෂීනාශක, පරපෝෂි පණු ආසාදන වලට ප්‍රතිකාර කළ හැකි ඖෂධීය ගුණ මෙන්ම ප්‍රතිභ්‍රාස (ආමාශයේ ගැස්ම වළකන) ගුණ බහුලය.සුදුලූනු යුෂ, තැම්බුම්සාරය, කුඩු හෝ ඖෂධීය තෙල් ලෙස භාවිතයට ගත හැකියි.ජීර්ණය මාර්ගයේ ඇසිටේට් හා මීතේන් නිෂ්පාදනය අඩුකිරීමේ හැකියාව ඇතිනිසා බඩේ ගෑස් තත්වයට ඵලදායිව ප්‍රතිකාර කරයි.

සාදික්කා- නිර්වින්ධක ගුණ (නින්ද ඇතිකරවන) අඩංගු අතර උත්තේජක, වාතාපහරණ හා ශරීර පටක හකුළුවන කසට ගුණයෙන් ද යුක්තයි.සාදික්කා ඇට සාරය බැක්ටීරියානාශක ගුණයෙන් ද අනූන නිසා බඩේ ගෑස් ඇතිවීමට බලපාන වෙනත් රෝගාබාධ වලට ද හොඳ ප්‍රතිකාරයකි.උදර වේදනාව හා බඩ ඉදිමීම වැනි පීඩාකාරි ලක්ෂණ සමනය කරයි.
සූදුරු- ආහාර රුචිය වඩවන ගුණ අඩංගුයි. පාචන ප්‍රතිකර්මය සඳහා උපකාරී වන ගුණාංග ද සූදුරු වල ඇත.වාතාපහරණ, ප්‍රතිභ්‍රාස හා උත්තේජක ගුණ ඇති නිසා ඵලදායීව බඩේ ගෑස් තත්වයට ප්‍රතිකාර කරයි.බඩවැල් ඉදිමීම, ගෑස්, බඩ පුරවාදැමීම හා වේදනාව වැනි පීඩාවන් සඳහා සහනය සලසයි.
මීට අමතරව බඩේ ගෑස් තත්වයට ‘දියෝදාර්ව්‍යාධී වාති’ (දේවදාර ශාකයේ පොතු හා කඳ කොටස් වලින් ලබාගන්නා තෙල් සාරයෙන් සකසයි), ‘හිංවෂ්ටක චූර්ණය’ (වියලි ඉඟුරු,ගම්මිරිස්,තිප්පිලි,මහදුරු,ලුණු කැට,සූදුරු හා පෙරුම්කායම් මිශ්‍ර කර සකසයි), ‘ත්‍රිඵලා‘ (අරළු,බුළු හා නෙල්ලි සංයෝගය) වැනි ඖෂධ ලබාදී ප්‍රතිකාර කරයි.
මෙම ඖෂධ භාවිතයට පෙර නිසි ආයුර්වේද වෛද්‍ය උපදෙස් ලබාගන්න.
උපදෙස්
- මුං ඇට,සුදුලූනු,කරවිල,මුරුංගා,පතෝල වැනි ආහාර පරිභෝජනය කරන්න.
- නිවැරදි ශරීර ඉරියව් පවත්වාගන්න.
- තල,රනිල බෝග,කටුක, තිත්ත, ඇඹුල් කහට රස, වියලි රස හා බර ආහාර වේල් ලබාගැනීම සීමා කරන්න.මෙවැනි ආහාර බඩේ ගෑස් තත්වය නරක අතට හැරීමට පවා හේතුවිය හැකියි.
- බඩගින්න,පිපාසය වැනි ශරීර අවශ්‍යතාවන් හා දුක,කෝපය ආදි චිත්තාවේග ආයාසයෙන් මැඩගෙන සිටිමෙන් වළකින්න.