බඩපපුව දැවිල්ල යනු ඉතා පීඩාකාරි අත්දැකීමක්. බඩපපුවේ දැවිල්ල සමනය කරන ඖෂධ සහ සිරප් වර්ග වගේම ඇතැම් විට සරල අත්බෙහෙත් ක්‍රම පවා ඔබ භාවිත කරනවා ඇති. ඇතැම් අවස්ථා වල ඔබට බඩපපුවේ දැවිල්ල හටගැනීමට පහත ආකාරයේ හේතු බලපාන්න පුළුවන්. එම නිසා හැකිතාක් දුරට මේ හේතු වළක්වාගන්න උත්සහ කිරීමෙන් එවැනි පීඩාකාරි වේදනා මතුවීම පාලනය කරගන්න පුළුවන්.

අධික ලෙස මින්ට් ආහාරයට ගැනීම බඩපපුවේ දැවිල්ලට බලපෑ හැකියි.මිංචි,පෙපර්මින්ට් වගේ මින්ට් වලින් සැකසූ මුවසේදුම්දියර,හර්බල් ටී,රසකැවිළි,චුයිංගම් සහ දත්බෙහෙත් වර්ග ඔබත් භාවිත කරනවා ඇති.මින්ට් වල ඖෂධීය ගුණ බහුල අතර ආමාශයේ අපහසුතා සමනය කිරීමේ ගුණය ඉන් විශේෂයි.නමුත් සැමදෙනාටම එය එකසමාන නොවිය හැකියි.පෙපර්මින්ට් තෙල් ආහාර මාර්ගයේ පීඩනය ඇතිකරමින් බඩපපුව දැවිල්ල මතුකළ හැකියි (විශේෂයෙන්ම ආහාර මාර්ගය ආරම්භයේ ඇති මාංශ පේශි වළල්ල ආශ්‍රිතව).පෙපර්මින්ට් ආහාර මාර්ගය අභ්‍යන්තර බිත්ති තුළ අපහසුතා මතුකළ හැකියි.මින්ට් ආහාරයට ගැනීමේදී කටට සිසිලක් දැනෙන්නේ එහි ඇති මෙන්තෝල් නිසයි.ඔබ GERD හෙවත් ආමාශයික යුෂ උගුරට ඒමේ තත්වයෙන් පෙළෙන්නේ නම් මෙන්තොල් එම රෝග ලක්ෂණ නරක අතට හැරීමට බලපෑ හැකියි.දින කිහිපයක් ගත වන තුරු මින්ට් ආහාරයට ගැනීම නතර කර වෙනසක් ඇත්දැයි බලන්න. ලක්ෂණ අඩුබවක් දැනේ නම් බොහෝ විට ඊට බලපා තිබූ හේතුව මින්ට් විය හැකියි.
ඔබ භාවිත කරන ඇතැම් ඖෂධ වල බලපෑමින් බඩපපුවේ දැවිල්ල මතුවිය හැකියි විශාදනාශක,හෝර්මෝනමය සප්ලිමන්ට් වර්ග,වේදනානාශක ඖෂධ සහ අස්ථි ඝනත්වය වැඩිකරවන ඖෂධ වර්ග භාවිතය උත්කෝපක (irritants) ලෙස සිරුර තුළ ක්‍රියාකළ හැකියි.ආමාශය වෙත ආහාර ගමන් කරන විට ආහාර මාර්ගයයේ විවරය සම්පූර්ණයෙන්ම වැසී නොයාම මෙම ගැටලුවට මුලපුරයි.එහිදී ආමාශයේ අම්ල ආපසු උගුර දෙසට ගලා ඒමට පටන්ගනියි.උගුර තුවාල වූ ගතියක් හෝ අපහසුතාවක් මතුවිය හැකියි.මෙය අම්ල ප්‍රතිවාහ (acid reflux) තත්වයයි.ප්‍රබල ඖෂධ වල බලපෑමින් මෙම ලක්ෂණ තවත් නරක අතට හැරෙයි. දිනපතා ඖෂධ ලබාගන්නා විට මෙම ලක්ෂණ නිතර මතුවේ නම් ඔබේ වෛද්‍යවරයා සමඟ කතා කර ඔබට ගැළපෙන වෙනත් ඖෂධ සඳහා නිර්දේශ ලබාගැනීම වඩාත් හිතකර වේවි.
සීතල කිරි පානය කිරීම සුදුසු ද?අම්ල ප්‍රතිවාහ තත්වය නිසා දිගින් දිගටම දැවිල්ල ගතියක් දැනෙයි.සීතල කිරි වීදුරුවක් පානය කිරීමේදී ජීර්ණ මාර්ගයේ එම දැවිල්ල ගතිය සමනය වී යන බවක් මෙන් දැනෙයි. නමුත් එය තාවකාලිකයි.සීතල වතුර පානය කිරීමේදී සිදුවන්නේ ද මේ ප්‍රතික්‍රියාවමයි.සීතල කිරි පානය කිරීම බඩපපුවේ දැවිල්ල පාලනය කරන හොඳ අත්බෙහෙතක් ලෙස පුරාණ කාලයේ පටන් භාවිත වී තිබෙනවා. කිරි වල ඇති කැල්සියම් ආමාශයේ කැල්සියම් එකතුවීම වළක්වා, අතිරික්ත අම්ල උරාගැනීමට සහය ලබාදිය හැකියි.නමුත් කිරි ඔබේ ආමාශය තුළ තවදුරටත් අම්ල ස්‍රාවය වීමට උත්තේජනයක් ලබාදිය හැකි ආහාරයකි.කිරි නිෂ්පාදන GERD රෝග ලක්ෂණ නරක අතට හැරීමට බලපෑ හැකි බව අධ්‍යයන මඟින් පවා පෙන්වාදී තිබෙයි. සීතල එළකිරි වෙනුවට ඕට්ස්,සෝයා කිරි,පොල් කිරි හෝ ආමන්ඩ් කිරි වැනි විකල්ප භාවිත කළ හැකියි.සීනි එක්නොකර පානය කිරීමෙන් හොඳ ගුණයක් ලැබේවි.
අමු කෙසෙල් ආහාරයට ගැනීම සුදුසු ද?කෙසෙල් යනු පෝෂණ ගුණයෙන් අනූන පලතුරක්.අස්ථි හා මාංශ පේශී ශක්තිමත් වීමට හා ඒවායේ නීරෝගි පැවැත්මට ගුණදෙන ආහාරයක්.මදක් ඉදුණු අමු කෙසෙල් ආහාරයට ගැනීම හෝ තලප ලෙස සකසා ගන්නා ආහාර වලට එක්කර ආහාරයට ගැනීම ගෑස්ට්‍රික් අම්ල අධිකව ස්‍රාවය වීමට බලපෑ හැකි බව අධ්‍යයන මඟින් පෙන්වාදේ.ඔබ දැනටමත් ආමාශයේ වණ වැනි ගැටලුවලින් පෙළෙනවා නම් මේ තත්වය ඉතා භයානකයි.අමු කෙසෙල් ආහාරයට නොගැනීම වඩාත් සුදුසුයි.
වැඩිපුර අමුවෙන් ලූනු ආහාරයට ගන්න්වද? ලූනු ආහාරයට ගත් පසු වැඩිපුර ගුඩුස් පිටවෙනවද? ඒවා ජීර්ණය කිරීමේදී ඔබේ ආමාශය තුළ වැඩිවශයෙන් ගෑස් නිපදවෙන බවට මෙය පැහැදිලි සංඥාවක් විය හැකියි.ලූනු වල ඇති මුහුන්කාරක තන්තු ඒවා ජීර්ණය කිරීම තරමක් අපහසු කරවයි.ඇතැමුන් තුළ අන්නස්‍රෝතයේ අභ්‍යන්තර බිත්ති වල අපහසුතා මතුකළ හැකියි.මද වශයෙන් පිස හෝ ටෝස්ට් කර ආහාරයට ගැනීමෙන් බඩපපුවේ දැවිල්ල වැනි අපහසුතා මතුවීම බොහෝදුරට පාලනය වේවි.
ඉණ තද ඇඳුම් ඇඳීමෙන් වළකින්න ඇඟට තද ඇඳුම් ඔබේ ඔබේ ප්‍රියතම විලාසිතාවක් විය හැකි වුණත් එය ඔබේ සෞඛ්‍යයට එතරම් හිතකර නොවිය හැකියි.ආහාර ගැනීමේදී ඇඟට හිරවුණු ඇඳුම් ඇඳගෙන සිටීමෙන් ඔබට යම් යම් අපහසුතා ගැටලු මතුවිය හැකියි. විශේෂයෙන් ඉණට තද බඳපටි හා ඉලාස්ටික් පටි සහිත ඇඳුම් නො අඳින්න.මින් උදර ප්‍රදේශයට එල්ලවී තිබෙන පීඩනය ආහාර ගැනීමෙන් පසු බඩ පිපුම හා උගුරට ඒම වැනි අපහසුතා මතුවීමේ ඉඩකඩ වැඩිකළ හැකියි. එම නිසා සිරුරට සැහැල්ලු ඇඳුම් අඳින්න.
ආහාර වේලකට පසු පැඟිරි පලතුරු ආහාරයට ගන්නවද?අතුරුපස වලට පැණි රස දේවල් ආහාරයට ගන්නවාට වඩා පලතුරක් ආහාරයට ගැනීම සෞඛ්‍යාරක්ෂිතයි.නමුත් ඔබ ඒ සඳහා තෝරාගන්නේ පැඟිරි බහුල පලතුරක් නම් ඔබේ උගුරට ඒමේ තත්වය තවත් වැඩිවීමට එය හේතුවක් විය හැකියි.දොඩම්,දෙහි,කිවි,බෙරි වර්ග,අන්නාසි,පැපොල්,අඹ වගේ පැඟිරි කුලයේ පලතුරු ඔබට හිතකර නොවිය හැකියි.ආහාර ගැනීමට පසු නොව ඊට පෙර මෙම පලතුරු ආහාරයට ගැනීමයි නිවැරදි ක්‍රමය.
චුයිංගම් සැපීමේ පුරුද්ද මුඛ දුර්ගන්ධය පාලනයට වගේ සීනි රහිත වර්ගයේ ඒවා දන්ත කුහර වර්ධනය වීමේ අවදානම පාලනය කරගැනීමට ද සහය දෙන බව අධ්‍යයන පෙන්වාදෙනවා.බයිකාබනේට් අඩංගු චුයිංගම් සපන විට උගුරට ඒමට හේතුවන ආමාශයේ අධික ආම්ලිකතාව උදාසීන කෙරෙනවා.කෙළ ග්‍රන්ථි උත්තේජනය වී හොඳින් කෙළ ස්‍රාවය වීමට පටන්ගැනීම ඊට හේතුවයි.බඩපපුවේ දැවිල්ල තත්වයකදී මින්ට් රස ඒවා නම් එතරම් සුදුසු නැහැ. ඒ නිසා වෙනත් පලතුරු රසක් හෝ සීනි නොමැති වර්ගයේ ඒවා තෝරාගන්න.
සිගරට් පානයෙන් වළකින්න දුම්බීම ආමාශයේ ආම්ලිකතාව උත්සන්න වීමට බලපෑ හැකියි.මෙම පුරුද්ද මුඛයේ කෙළ ස්‍රාවය වීම අඩුවීමට ද හේතුවක් වේ.කෙළ ස්‍රාවය අඩුවීම නිසා ආමාශයේ ආම්ලිකතාව උදාසීන වීමට තරම් කෙළ ප්‍රමාණයක් ආමාශය වෙත ගලා නො එයි.මේ නිසා බඩපපුවේ දැවිල්ල වැඩිවෙයි.සිගරට් වල ඇති නිකොටින් ආමාශයික අම්ල උගුරට ඒමේ තත්වයට ද හේතුවිය හැකියි.
පාන වර්ග තෝරාගැනීමේදි සැලකිලිමත්වන්න මත්පැන් පානය නිසා ආමාශයික අම්ල උගුරට ඒම හා බඩපපුවේ දැවිල්ල වැඩිවීම සිදුවිය හැකියි.කෝපි පානය කිරීම ද මෙම තත්වයන් මතුවීමට අහිතකරව බලපෑ හැකියි.හිස්බඩ මත්පැන් හෝ කෝපි පානය කිරීමෙන් වළකින්න.කෝපි පානය කරන්නේ නම් උදෑසන ආහාර වේල ලබාගත් පසු කෝප්පයක් පානය කරන්න.උගුරට ඒමේ තත්වයෙන් පෙළෙන අය සෝඩා බීම පානයෙන් ද වැළකීම ඉතා වැදගත්.මෙවැනි බීම වල ඇති බුබුළු සහිත ජලය ‘ගුඩුස්’ පිටවීම තවත් උත්සන්න කළ හැකියි.මින් බඩේ ගෑස් ඇතිවී අම්ල ප්‍රතිවාහ තත්වයට පවා තුඬු දිය හැකියි.ආහාර ගැනීමට පෙර හා පසු, පානයට වඩාත්ම සුදුසු වන්නේ ජලයයි.

වම් පැත්තට හැරී නිදාගන්න බඩපපුවේ දැවිල්ල නිසා ඔබට නිදාගැනීමට පවා මහත් අපහසුවක් දැනිය හැකියි.ආහාරයට ගත යුතු හා නොගත යුතු දේවල් ගැන වගේම ඔබේ නිදන ඉරියව්වත් මේ තත්වයේදී අවධානය යොමුකළ යුතු දෙයක් වෙනවා.ආමාශයේ ස්වභාවික හැඩය අනුව එහි ක්‍රියාකාරීත්වය පහසුවෙන් සිදුවීමට නම් ඔබේ වම් අත පැත්තට හැරී නිදාගැනීම වඩාත් සුදුසු වෙනවා.ආමාශය පිහිටා ඇත්තේද ඔබේ සිරුරේ වම් පැත්තෙනි.දකුණු පැත්තට හැරී නිදාගැනීමදී ආමාශයේ ඇති අම්ල වඩාත් පහසුවෙන්ම නැවත අන්නස්‍රෝතය දෙසට (උගුරට) ගලා ඒම සිදුවිය හැකියි.වම් පැත්තට හැරී නිදන විට ඔබේ හිස සිරුරට වඩා මදක් උස්ව තබාගන්න. ඒ සඳහා කොට්ට 2ක් පමණ භාවිත කරන්න.
රාත්‍රී කාලයේදි මේ වගේ ආහාර පාන ගැනීමෙන් හැකිතාක් වළකින්න පීසා, ස්පැගටී වගේ ක්ෂණික ආහාර,කුළුබඩු අධිකව යෙදූ සැර ආහාර පාන,මේද බහුල ගැඹුරු තෙලේ බදින ලද ආහාර වගේ දේවල් බඩපපුවේ දැවිල්ල වැඩිවීමට හේතුවේ.රාත්‍රී කාලයේදී මෙවැනි ආහාර පාන ගැනීමෙන් හැකිතාක් වළකින්න. සැහැල්ලු ආහාර පාන ලබාගන්න.කුඩා ප්‍රමාණ වලින් ආහාර ගන්න. අධික ලෙස ආහාර ගැනීමත් බඩපපුවේ දැවිල්ල මතුවීමට බලපායි.රෑ නින්දට පැය 3කට වත් ආහාර ගෙන අවසන් කරන්න. එමඟින් ජීර්ණය ඇරඹී ආමාශයික අම්ල නැවත උගුරට ඒම බොහෝදුරට පාලනය වීමට තරම් කාලය ලැබෙයි.*කෙසේවෙතත් දිගින් දිගටම මේ අපහසුතාව පවතියි නම් වෛද්‍යවරයෙකු වෙත යොමුවීම වඩාත් සුදුසුයි.