බඩේ වේදනාව කියන්නේ බාල මහලු කොයිකාටත් ඇතිවෙන පීඩාකාරී පොදු ගැටලුවක්.බඩේ වේදනාව රෝග ලක්ෂණයක් ලෙස මතුවන්නක්.
බඩේ වේදනාව ඇතිවීමට බලපාන පොදු හේතු:අපේ උදර ප්‍රදේශය ආශ්‍රිතව සිරුරට ප්‍රයෝජනවත් බැක්ටීරියා බහුලව ජීවන් වෙනවා. ඇතැම් වෙලාවට මේ හිතකර බැක්ටීරියා ප්‍රමාණය අඩුවීමේදී හෝ සිරුරට හානිකර බැක්ටීරියා බඩවැල් තුළට ඇතුළු වීමේදී උදර ප්‍රදේශයේ කැක්කුම් ඇතිවිය හැකියි.බඩේ ගෑස් එකතුවිම, බඩවැල් රෝග,ආමාශයික ආන්ත්‍රික අම්ල ප්‍රතිවාහ සින්ඩ්‍රෝමය, ආහාර විෂවීම් හෝ ආහාර ආසාත්මිකවීම වගේ හේතු නිසා උදරයේ කැක්කුම් ඇතිවිය හැකියි.
නමුත්, උදර වේදනාවට එකම හේතුව බඩවැල් බැක්ටීරියා පමණක් නොවේ. පිත්තාශයේ හෝ වකුගඩු වල ගල් හටගැනීම, අක්මා ගැටලු,අග්න්‍යාශදාහය,ඇපෙන්ඩිසයිටීස් හා මූත්‍රා මාර්ග ආසාදන හේතුවෙන් ද උදර වේදනා හටගත හැකියි.උදර වේදනාව හදිසියේම ඇතිවන හෝ දිගු කාලයක් තිස්සේ පවතින ගැටලුවක් විය හැකියි.උදර වේදනාව දුරුකරවන වේදනානාශක ඖෂධයක් ලබාගැනීම හෝ වෛද්‍යවරයෙකු වෙත යොමු වී නිසි ඖෂධ ලබාගැනීම වඩාත් සුදුසුයි.උදර වේදනාවට සහනය සලසන පිළියම් කිහිපයක්
වතුර දිනපතා හොඳින් වතුර පානය කිරීම හොඳ පුරුද්දක්.ආහාර ජීර්ණය පහසු වීමට හා මල අපද්‍රව්‍ය පහසුවෙන් බැහැර වීමට උපකාර කරයි.දිනකට වතුර ලීටර් 2-3ක් පමණ පානය කරන්න.අජීර්ණය වැනි ගැටලු ඇති අය තම දෛනික දියර පරිභෝජනය වැඩිකරගත යුතුයි.සාමාන්‍ය වතුර හෝ ඊට ලෙමන් යුෂ හෝ පලතුරු හෝ එළවළු කැබලි මුසු කර පානය කරන්න. පාචනය,වමනය වැනි තත්වයන් හිදි සිරුරේ වැඩි දියර ප්‍රමාණයක් ඉවත්වේ. සිරුර විජලනය වීම වළක්වාගැනීමට දියර පරිභෝජනය වැඩිකරගන්න. ඊට අමතරව උණුවතුරෙන් ස්නානය කිරීම හෝ උණුසුම් වතුරෙන් උදරය තැවීම ද වේදනා අපහසුතා සමනය කරයි.

ඉඟුරු මුසු පිළියමක් ඉඟුරු වල ජෛව සංඝටක බහුල නිසා බඩවැල් වල නීරෝගි බව වැඩිකර ඔක්කාරය හා වමනය වැනි ගැටලු අඩුකරයි.ප්‍රතිඔක්සිකාරක ඇති නිසා පිත ස්‍රාවය වැඩිකරයි.ගාගත් ඉඟුරු මේස හැඳි 1ක්,ආර්ටිචෝක් ගැට 10ක්,කැරට් කෝප්ප 1ක්, පෙති කපාගත් පිපිඤ්ඤා කෝප්ප 1ක්, ලුණු තේ හැඳි 1/2ක් හා පෙපර්මින්ට් කුඩු ස්වල්පයක් බඳුනකට දමා කළවම් කරන්න.නැවුම් පිට ආහාරයට ගන්න.මෙම සලාදය බඩේ අපහසුතා සමනය කරන සැහැල්ලු ආහාරයක් ලෙස ද ගත හැකියි.ඊට අමතරව ඉඟුරු තේ කෝප්පයක් සකසා පානය කිරීම ද ගුණදායකයි.
කෙසෙල් කෙසෙල් වල ෆෝලේට් හා පොටෑසියම් යන ක්ෂුද්‍ර පෝෂක බහුල නිසා බඩේ මාංශ පේශි තුළ අපහසුතා ඇතිවීම වළක්වයි.බඩවැල් ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කරයි.කෙසෙල් හොඳ අතුරු ආහාරයක් ලෙසත් දිඹුල්, හා මී පැණි ස්වල්පයක් ද එක්කර පලතුරු සලාදයක් ලෙසත් ආහාරයට ගත හැකියි.තන්තු බහුලය.ආමාශය සමනය කරයි.
පෙපර්මින්ට් පෙපර්මින්ට් බඩේ කැක්කුම අඩුකරවයි.එහි ඇති ප්‍රතිභ්‍රාස ගුණ බඩ දඟලන ගතිය අඩුකර ගෑස් හේතුවෙන් ඇතිවන වේදනා අපහසුතා සමනය කරයි. ආහාර ජීර්ණ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීමට ද දායක වේ.වියලි පෙපර්මින්ට් කොළ තේ හැඳි 1 ක් උණුවතුර කෝප්පයකට දමා මිනිත්තු 10 ක් තැම්බෙන්නට හැර මී පැණි ස්වල්පයක් සමඟ සෙමින් පානය කරන්න.
අසමෝදගම් ඇට අසමෝදගම් ඇට බඩවැල් තුළ ගෑස් පිරීම,අජිර්ණය,පාචනය,ආමාශ වණ, උදර වේදනා හා අර්ශස් වලට හොඳ පිළියමකි.අසමෝදගම් ඇට හෝ කුඩු උණුසුම් හෝ සීතල වතුර වීදුරුවක මිශ්‍ර කර පානය කරන්න.

කෝමාරිකා යුෂ කෝමාරිකා ඖෂධිය ගුණ බහුල ශාකයක්.පොලිසැකරයිඩ,ඇන්ත්‍රක්වීනෝන් ආදි සංඝටක ද අඩංගු අතර ගෑස්ට්‍රික් අම්ල ස්‍රාවය කිරීම අඩු කර බඩේ වේදනාවට ප්‍රධාන හේතුවක් වන ආමාශයේ වණ හටගැනීම පාලනය කරයි.කෝමාරිකා පත්‍රයකින් බාගයක් ගෙන මදය සූරාගන්න. එය එක්කළ බඳුනට වතුර හෝ පැඟිරි පලතුරු යුෂ කෝප්පයක් එක්කර බ්ලෙන්ඩර් කරගන්න.මෙය පානය කරන්න.
බේකිං සෝඩා සෝඩියම් බයිකාබනේට් හෙවත් බේකිං සෝඩා ක්ෂණික ක්‍රියාකරමින් බඩේ වාතය පිරීම,ආම්ලිකතාව හා බඩපපුවේ දැවිල්ලට සහනය සලසයි.අධිකව ස්‍රාවය වී ඇති ආමාශයික අම්ල උදාසීන කරවයි.බේකිං සෝඩා මේස හැඳි 1/4ක් වතුර වීදුරුවක දිය කර පානය කරන්න.
කරාබු නැටි කරාබු නැටි වල ෆෙනොලික් සංඝටක බහුල නිසා හෙලිකොබැක්ටර් පයිලෝරි බැක්ටීරියාවට එරෙහිව ඉතා ගුණදායි වේ.පෙප්ටික් වණ වලට ප්‍රධාන හේතුවක් වන්නේ මේ බැක්ටීරියායි.කරාබු නැටි 5ක් හෝ කුඩු තේ හැඳි 1ක් වතුර කෝප්පයක මිශ්‍ර කරන්න.තම්බාගත් මිශ්‍රණය රස කරගැනීමට සීනි ස්වල්පයක් ද එක්කරගත හැකියි.උණුසුම් පිට පානය කරන්න.

දිඹුල් දිඹුල් යනු තන්තු බහුල ආහාරයකි. බඩවැල් ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කරමින් අජීර්ණය හා මලබද්ධය වැනි ගැටලු සමනය කරයි.
බැසිල් බැසිල් හෙවත් හීන් මදුරුතලාවල ලිනොලෙයික් අම්ල වැනි ප්‍රතිප්‍රදාහක සංඝටක ඇත.බඩේ ගෑස් එකතුවීම වළකන අතර බඩ දැඟලීම වැනි අපහසුතා සමනය කරයි.කොළ කිහිපයක් අමුවෙන් ආහාරයට ගැනීම හෝ තේ ලෙස සකසා පානය කරන්න. තේ සැකසීමට වතුර කෝප්පයක ප්‍රමාණයකට කොළ හෝ වියළි කුඩු මේස හැඳි 2ක් දමා මිනිත්තු 5ක් පමණ තම්බාගන්න. මී පැණි ස්වල්පයක් දමා පානය කරන්න.
පොල් වතුර පොල් වතුර ඉතා ගුණදායි පානයකි.ප්‍රතිඔක්සිකාරක, පොටෑසියම් හා මැග්නිසියම් බහුල නිසා බඩේ අපහසුතා සමනය වීමට ගුණ දෙයි.සිරුරේ එලෙක්ට්‍රොලයිට සමතුලිතතාව ප්‍රකෘතිමත් කරයි.කැලරි හා සීනි අඩු අන්තර්ගතයක් ඇත.සෑම පැය 5කට වරක් පොල් වතුර වීදුරු 2-3ක් පානය කිරීමෙන් ආම්ලිකතාව හා අජීර්ණය දුරුකරමින් ඔබේ ආමාශය සමනය කරයි.
ප්‍රෝබයෝටික් ආහාර ජීර්ණ මාර්ගයේ ඇති අහිතකර බැක්ටීරියා විනාශ කිරීමට හිතකර බැක්ටීරියා පෝෂණයක් සිරුරට ලබාගන්න. මේ සඳහා ප්‍රෝබයෝටික් පෝෂක අඩංගු ආහාරයක් පරිභෝජනය කළ හැකියි. ඔක්කාරය, වමනය, බඩ පිපුම හා පාචනය වැනි ලක්ෂණ වලින් සහනයක් සැලසීමට ද මෙම හිතකර බැක්ටීරියා පෝෂණයට හැකියි.ප්‍රෝබයෝටික් අඩංගු යෝගට්, මුදවපු කිරි වැනි ආහාර පරිභෝජනය කරන්න. සීනි අඩංගු ඒවා භාවිතයෙන් වළකින්න.