ඕනෑම පිළිකාවක් පාලනය කර හැකි නෙලුම් ඇට පානය

health tips

 ලාංකීය බෞද්ධ ජනයා විතරක් නෙවෙයි ලෝකවාසී බෞද්ධ ජනතාව වඩාත් පූජනීය විදිහට ගෞරව කරන වන්දනාමාන කරන පුෂ්පයක් තමයි නෙලුම් පුෂ්ඵය. ඉතින් ඒ නිසා වෙසක් සැරසිලිවලට වගේම  බුදුන් දෙවියන් පුදන්නටත් නෙලුම් මල් වට්ටිය නම් අපිට අමතක වෙන්නේ නැහැ. අපි අද ඔයාට කියන්නට යන්නේ  ඔයා හිතන්නෙවත් නැති නෙළුම් පැළෑටිය සතු ඖෂධීය වටිනාකම ගැන.

 ඖෂධීය වශයෙන් වගේම ආහාරමය වශයෙනුත් වටිනාකමක් උසුලන නෙළුම් ලංකාවේ හැම ප්‍රදේශයකම වගේ දකින්නට ලැබෙනවා. විශේෂයෙන්ම වියළි ප්‍රදේශවල වැව් පොකුණුවල  විශාල වශයෙන් මේ ජලජ ශාකය දකින්න ලැබෙනවා. ඒත් අපේ රටේ විතරක් නෙවෙයි සුදු සහ රතු නෙළුම් ආසියාතික රටවල් බොහොමයකින්ම හමු වෙනවා. .

මේ නෙළුම් ශාකයේ මල් පෙති, නෙළුම් දඬු, නෙළුම් අල, නෙළුම් ඇට, නෙලුම් කොල,  සහ රේණු කියන අංගයන් සියල්ලම ඖෂධීය වශයෙන් ආයුර්වේදය  තුළ වැදගත්කමක් උසුලනවා. විශේෂයෙන්ම පොදුවේ මේ සෑම කොටසකම පවතින කහට රසය නිසා මේ ශාකයේ පවතින ඖෂධීය ගුණය ඉතාම ඉහළයි. නෙළුම් අල සහ නෙළුම් ඇට භාවිතයෙන් ව්‍යංජන පිස ගැනීම අද එතරම් ප්‍රචලිත නැතත් එදා වඩාත් පෝෂ්‍යදායි ආහාරයක් විදිහට මේවා  සැලකුණා. මේ නෙළුම් අල, ඇට සහ මදවල ග්ලූකෝස්, මෙටාබින්, ටැනින්, මේද සහ ක්ෂාර පදාර්ථ අඩංගු වෙනවා. 

නෙළුම් ශාකයෙන් සුවකරගත හැකි රෝග 

  • නෙළුම් මල සෙම සහ පිත සමනය කරන නිසා සෙම සහ පිත කෝප වීමෙන් හටගන්නා රෝගයන් සමනය කිරීම සඳහා භාවිතයට ගැනෙනවා.
  • ශරීරයේ ඇතිවන දැවිල්ල නැති කරන්නට උපකාරී වෙනවා.
  • මස්තිෂ්ක දුබලතා, මානසික ගැටලු සහ ඒ නිසාවෙන් ඇතිවෙන නින්ද නොයාමේ ගැටලු සඳහා භාවිතයට ගැනෙනවා.
  • වමනය, පිපාසාව, අතීසාරය ආදී ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත ගැටළු සුවපත් කරන්නට දායක වෙනවා.
  • හදවත ආරක්ෂා කරනවා.නෙළුම්වලට ශරීරයේ රුධිරය හොඳින් සම්පාදනය කරවීමේ විශේෂ හැකියාවක් තියෙනවා. ඒ නිසා හදවතට ඉතාම හිතකරයි.  ශරීර අභ්‍යන්තරයෙන් හටගන්නා වේදනා සහ දැවිල්ල සහ හදවත් රෝග  ආදියත්  නෙළුම් ඖෂධයක් විදිහට භාවිතයට ගන්නට පුළුවන්. නෙලුම් මල් කිහිපයක පෙති ඉවත් කර පවනේ වියළා ගන්න. මේ වියළාගත් නෙළුම් පෙති හොඳින් කුඩුකර ඇසුරුම් කර තබා දිනපතා උදේ සවස තේ වෙනුවට නටන උණු වතුරෙන් නෙළුම් කුඩු තම්බා වත් කරගෙන සීනි හෝ හකුරු  පානයට ගන්න. මෙය හදවත් රෝගවලට ඉතාම ගුණදායකයි. 
  • රක්ත අතීසාරය, රක්ත ප්‍රදර,  රක්ත පිත්ත සහ රක්ත අර්ශස් ආදී රුධිරය පිටවන රෝගවලදී රුධිරය නතර කිරීම සඳහා භාවිතයට ගැනෙනවා.මේ සඳහා නෙළුම් පෙති භාවිතයෙන් නෙළුම් පැණිය සකසා ගෙන භාවිතා කළ හැකියි.  මුලින්ම නෙළුම් මල් පෙති ග්‍රෑම් 50ක් පමණ අරගෙන ඒවා හොඳින් වියළා ගන්න. එසේ වියළාගත් නෙළුම් පෙති මුට්ටියකට දමා වතුර පත හතරක් මිශ්‍ර කර එක පතට සිඳ ගන්න. පත එකට සිඳුවා ගත් පසුව මෙය හොඳින් පෙරා ගන එයට සීනි ග්‍රෑම් 150 ක් මිශ්‍ර කර නැවතත් ලිපේ තබා පැණි පදමට පැමිණි පසුව  ලිපෙන් ඉවත් කරගන්න.ශරීරයෙන් රුධිරය පිටවන රෝගීන් සඳහා( ප්‍රජනක  පද්ධතිය ආශ්‍රිත හෝ අර්ශස් රෝගීන්)  තේ හැඳි 2 බැගින් දිනකට උදේ දවල් රාත්‍රී වශයෙන් තුන්වතාවක් පානයට ගන්න. මේ පැණිය කාන්තාවන්ගේ ඔසප් වේදනාව   අඩුකර ගන්නටත් උපකාරී වෙනවා.
  • ලේ අර්ශස් රෝගීන්ට ගුණදායකයි.නෙළුම් රක්ත අර්ශස් රෝගීන්ට ඉතාම ගුණදායක  ඔසුවක්. ඉහත සඳහන් කළ නෙළුම් පැණිය වගේම නෙළුම් රේණු භාවිතයෙන්  ලේ අර්ශස් රෝගීන්ට සහනය සලසා ගන්නත් පුළුවන්. ලේ පිටවන අර්ශස් රෝගියෙකුට නෙලුම් මල් රේණු ටිකක් ගෙන ඒ හා සමානවම බටර් සීනි මිශ්‍ර කර මී පැණි  ස්වල්පයකින් හොඳින් අඹරා ගන්න. මෙසේ  අඹරා ගත් නෙලුම් මල් රේණු කල්කය මලබද්ධයත්  සුවපත් කරනවා.
  • මලබද්ධයට ගුණදායකයි .නෙළුම් අල වඩාත් තන්තු බහුල ආහාරයක් නිසා නෙළුම් අල ව්‍යංජනයක් සතියකට දින තුනක්වත් ආහාරයට ගන්නවා නම් මල බද්ධය රෝගීන් සඳහා ඉතාම  ගුණදායක වෙනවා.
  • මුඛයෙන් රුධිරය ගලන අවස්ථාවකදී නෙළුම් රේණු චූර්ණය සීනි සමග ලබාදීම යහපත්.
  • මුත්‍රා රෝග දුරු කරනවා.නෙළුම් මල්වල පෙති ඉතාම හොඳ මුත්‍රා කාරකයක් ලෙස ක්‍රියා කරනවා. ඒ නිසාම මුත්‍රා අඩිස්සියෙන් පසුවන අයට මුත්‍රා දැවිල්ල ඇති අයට සහ මුත්‍රා පිට නොවීම නිසා විවිධ ආසාදනවලින් පීඩා විඳින රෝගීන්ටත් සුවය සලසන ඔසුවක් විදියහට මෙය සඳහන්.නෙලුම් මල් පෙති ග්‍රෑම් 6 පමණ ගෙන මුට්ටියකට දමා වතුර පත අටක් මිශ්‍ර කර එකට සිඳුවා උදේට පත භාගයයි සවසට පත භාගයයි වශයෙන් දින හතක් මේ කසාය දිනපතා පානයට ගන්න.
  • රුධිරය දූෂණය වීමෙන් ඇතිවන රෝග සඳහා ගුණදායකයි .
  • නෙළුම් අල දරුපල ළඟාකර ගැනීමට ශරීරයේ දාහය නැති කිරීමට හදවත ශක්තිමත් කරන්නටත් ගුණදායක වෙනවා. 
  • දාහය සහ පිපාසය සඳහා නෙලුම් ඇට තම්බා පෙරාගත් ජලය පෙවීම වඩාත් ගුණදායක බව සඳහන්.
  • ශරීරය ශක්තිමත් කරනවා . 
  • අක්ෂි රෝග බොහොමයකටම ගුණදායක වෙනවා. ඇස්වල ඇතිවන වේදනාව දුරු කිරීම සඳහා නෙළුම් මල බැගින් ගෙන අඹරා එලකිරෙන් පානය කිරීම සුදුසුයි.
  • දන්ත සෞඛ්‍ය  ආරක්ෂා කරනවා.  බොහෝ වෙලාවට දත් පෙළ පණුවන් කෑම  සඳහා නෙළුම් අල සැපීම ගුණදායක බව සඳහන්. 
  • උෂ්ණ අධික කාලවලදීවලදී ඇතිවන තදබල හිසේ කැක්කුම්, ආහාර අප්‍රිය බව සහ ශරීර අප්‍රාණිකත්වය ආදී ගැටළු සමනය කරනවා.විශේෂයෙන්ම මේ වගේ අවස්ථාවක දී ඇතිවන තදබල හිසේ කැක්කුම සහමුලින්ම සුවකරගන්නට නෙළුම් අලවලින් ප්‍රතිකාරයක් කරන්නට පුළුවන්. නෙළුම් අල  කිහිපයක් ගෙන හොඳින් තම්බා ළිපෙන් ඉවත් කරගෙන තල තෙල් වලින් හොඳින් මෘදු ද්රාවණයක්  ලෙස අඹරා ගන්න. ඉන්පසුව හිසේ රුදාව ඇති පුද්ගලයාගේ නළලේ මෙය ආලේප කරන්න. නෙළුම් අල තුළ සිසිල් ගුණය ඇති නිසා හිසේ කැක්කුම් ක්ෂණිකවම සුවපත් කරගන්නට පුළුවන්.
  • ශරීරයේ අප්‍රාණික බව දුරු කරනවා.කොතරම් ශක්ති ජනක ආහාර ගත්තත් නිතරම ශරීරයට දුබල බවක් අප්‍රාණික බවක් දැනෙනවා නම් නෙළුම් අල කිහිපයක් ගෙන හොඳින් කොටා එහි යුෂ වීදුරුවක් දිනපතා පානයට ගන්න .ඒ වගේම මේ පානය කොලෙස්ටරෝල් දියවැඩියාව ආදී වූ රෝගවලින් පෙළෙන පුද්ගලයන්ටත් ඉතාම ගුණදායකයි. ඒ  විතරක් නෙවෙයි මේ පානය දිනපතා ම උදෑසනට ගැනීමෙන් පෙණහලු ආශ්‍රිත රෝග, ඇදුම කැස්ස ආදිය සුවපත් කරගන්නටත් හැකියාව ලැබෙනවා.
  • ශරීරගත විෂ ඉවත් කරනවා.ශරීරයට එකතුවන විෂ නසන්නට නෙළුම් ශාකය භාවිතා කරන්න පුළුවන්. විශේෂයෙන්ම මී විෂ ශරීර ගත වුණ පුද්ගලයකුට නෙළුම් අල කිහිපයක් හොඳින් පිරිසිදු කර එළකිරෙන් අඹරා මී  විෂ ශරීරගත වූ  පුද්ගලයාට දීමෙන් ඒ හානියට මිදෙන්නට පුළුවන්.
  • ආමාශගත තුවාල සහ පිළිකා සුවපත් කරනවා.මේ සඳහා නෙළුම් ශාකයේ වඩාත් වැදගත් අංගය වෙන්නේ  නෙළුම් ඇට. නෙලුම් ඇට භාවිතයෙන් සකසා ගත හැකි ඖෂධය දිනපතා උදෑසනට භාවිතා කරන්නට හැකි නම් ආමාශයේ තුවාල විතරක් නෙවෙයි පිළිකාවලින් පීඩා විඳින අයටත් ඉතාම ගුණදායකයි.නෙලුම් මල් ඇට ගෙන මද අව්වේ වියලා සිහින්ව කුඩු කර බෝතලයකට දමා අසුරා තබා ගන්න. දිනපතා මෙයින් තේ හැන්දෙන් එකක් වන පරිදි උණුවතුරට දමා සීනි එකතු කර පානයට ගන්න. මේ පානය වකුගඩු ආශ්‍රිත රෝග දුරු කර ගන්නටත් ඉතාම ගුණදායක බවත් සඳහන් වෙනවා. ඒ වගේම වයසට වඩා තරුණ පෙනුමක් සඳහාත්මානසික සහනය සලසා ගන්නටත් මෙය ඉතාම ගුණදායකයි. 
  • දරු සම්පත් නැති කාන්තාවන්ට ගුණදායකයි.සාමාන්‍යයෙන් බත් පිසින විට නෙලුම් ඇට ස්වල්පයක් මිශ්‍ර කර බත පිස ආහාරයට ගැනීම වගේම නෙළුම් ඇට කුඩු කර හාල් සේදු වතුරට ඒ කුඩු දමා පානය කිරීමෙන් පවා  දරු සම්පත් ලැබීමේ වාසනාව හිමි වන බව පැරැණි ආයුර්වේදයේ  සඳහන් වෙනවා. 
  • උණුසුම් දේශගුණය නිසා ශරීරයේ ඇතිවන උෂ්ණ බිබිලි, දහදිය බිඳු, ශරීරය පුරා ඇතිවන දැවිලි ගතිය සුවපත් කරනවා.නෙළුම් කොළ සුදු හඳුන් සහ නෙල්ලි ගෙඩි අඹරාගත් කල්කය ශරීරයේ ආලේප කර පැය තුනකින් පසු  ස්නානය කිරීම වඩාත් ගුණදායක බව ආයුර්වේදයේ  සඳහන් වෙනවා.සාමාන්‍යයෙන් නෙලුම් කොළයක බත් කන්නට අපි හැමෝම කැමතියි නේ.ඉතිං ඒ හැරුනහම නෙළුම් ශාකයේ සම්පූර්ණ ශාකයම භාවිතා කරලා අපිට මෙතරම් නීරෝගීව ජීවත් වෙන්නට හැකියාව ලැබෙන එක නම් සැබැවින්ම විස්මිතයි.  

(නෙළුම් ශාකය ඖෂධයක් වශයෙන් භාවිතයට ගන්නවා නම් වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන්නට මතක  තබාගන්න. )