බර අඩු කරන්න කියලා මේද ආහාර ගැනීම නතර කලොත් සිදුවෙන දේවල් 7 ක්

health tips

බර අඩුකරගැනිම සඳහා හෝ වෙනත් රෝග තත්වයක් හේතුවෙන් හෝ  ආහාර පාලනය කිරීමට පටන්ගැනීමත් සමඟම අප සිදුකරන පළමු පියවර තමයි මේද නැතිනම් තෙල් අඩංගු ආහාර නැවැත්වීම. අහිතකර මේද නිසා සිරුරේ බර වැඩිවීමේ අවදානම වැඩි බව සත්‍යයකි. නමුත්, ඔබේ සිරුරේ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය හිතකර මේද වර්ග ද ඇත. එබැවින්, සම්පූර්ණයෙන්ම මේද පරිභෝජනය නතර කිරීම මිනිසාගේ කායික සහ මානසික සෞඛ්‍යයට අහිතකර ලෙස බලපෑම් ඇතිකරවිය හැකි බව ද මතකතබාගත යුතුයි.

ඔබ ලබාගන්නා ආහාර වර්ග විවිධත්වයකින් යුතු වීම ඉතා වැදගත්. එබැවින් මේද අඩංගු ආහාර සම්පූර්ණයෙන්ම ඔබේ ආහාර වේල් වලින් කපාහැරීමෙන් ඔබට අයහපත ගැනයි මේ කියන්න සූදානම් වෙන්නේ.

  1. ඔබට වැඩියෙන් බඩගිනි ඇතිවිය හැකියි

මේද ආහාර නැවැත්වීමෙන් පසු ඔබ ආහාර ලබාගන්නා සෑම අවස්ථාවකින්ම පසු ඔබට බඩ පිරුණු ස්වභාවයක් නොදැනිය හැකියි. මේදය යනු ආහාර වල තිබිය යුතු අත්‍යවශ්‍ය පෝෂකයකි. එබැවින් , ඔබේ සිරුරට ප්‍රමාණවත් තරමින් මේද පෝෂක නොලැබෙන විට සිදුවන්නේ සිරුරේ කැලරි අවශ්‍යතාව වැඩිවීමයි.

  1. මතක ශක්තියට බලපෑම් ඇතිවිය හැකියි.

සම්පූර්ණයෙන්ම මේද ආහාරයට ගැනීම නතරකිරීම හේතුවෙන් සාමාන්‍ය පරිදි මානසික ඒකාග්‍රතාවය පවත්වාගැනීම අපහසු වීම වැනි ගැටලු මතුවිය හැකිය. හිතකර මේද මඟින් මොලයේ ක්‍රියාකාරීත්වයට සහ මොලයේ නිරෝගි බව වැඩි දුයුණු කිරීම සිදුකරයි. ඔලිව් තෙල්, ඇට වර්ග (නට්) සහ මාලු වැනි හිතකර මේද අඩංගු ආහාර පරිභෝජනය කිරීම මඟින් ඔබේ මතක ශක්තිය වැඩිකරවා ගත හැකි බව තහවුරු වි ඇති කරුණකි. ප්‍රමාණවත් තරමින් හිතකර මේද ආහාරයට එක්කරගැනීම හරහා ඩිමෙන්ෂියාව වැනි මතකය ගිලිහියාම වැනි මානසික ආබාධ තත්වයන් ඇතිවීමේ අවදානම අඩුවන බව සොයාගෙන ඇත.

  1. හෘද සෞඛ්‍යය අවදානමට ලක්විය හැකියි

හිතකර මේද ආහාරයට එක්කරගැනීම ඔබේ හෘදයට හිතකර ප්‍රතිලාභ කිහිපයක්ම ලැබේ. හිතකර මේද අඩංගු ආහාර පරිභෝජනය කිරීම මඟින් හෘදයාබාධ වැනි තත්වයන් ඇතිවීමේ අවදානම අඩු කරගත හැකිය.  එක් අධ්‍යයනයක් මඟින් පෙන්වා දි තිබුණේ දිනකට ඔලිව් තෙල් මේස හැඳි බාගකයකට ස්වල්පයක් වැඩියෙන් ආහාරයට ගන්නා පුද්ගලයින් හට ඕනෑම ආකාරයක හෘද රෝගයක් වර්ධනය වීමේ සම්භාවිතාව 15% තරම් පහළ අගයක් ගන්නා බවයි.

  1. බර වැඩිවිය හැකියි.

අඩු මේද අඩංගු ආහාර පාලනයක් අනුගමනය කිරීම මඟින් සිරුරේ  මේදය දහනය නොවිය හැකියි. ආමන්ඩ් වල මේදය වැනි හිතකර මේද අඩංගු ආහාර මඟින් සිරුරේ පරිවෘත්තිය වැඩිදියුණු කරවන බව අධ්‍යයනයක් මඟින් පෙන්වාදෙයි.

  1. මාංශ පේශීන් වර්ධනය කරගැනීම අපහසු විය හැකියි.

හිතකර මේද අඩංගු ආහාර පරිභෝජනය සහ දිනපතා ව්‍යායාම් වල නිරත වීම හරහා සිරුරේ මාංශ පේශීන් ශක්තිමත්ව වර්ධනය කරගත හැකියි. මේද මඟින් සිරුරේ ප්‍රෝටීන් සාන්ද්‍රණය ඉහළ නැංවීම සිදුකරනු ලබන අතර , එහි බලපෑම් මඟින් ව්‍යායාම් ක්‍රම අනුගමනය කරන අතරේ සිරුර වඩාත් වේගයෙන් ප්‍රකෘතිමත් වීමට උපකාර කරයි.

  1. ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල විය හැකියි.

මේද අම්ල (fatty acids) යනු ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය පෝෂකයකි. ඊට අමතරව බොහෝ විටමින් වර්ග සිරුරට වඩාත් හොඳින් අවශෝෂණය වන්නේ ඒවා මේද සමඟ ආහාරයට එක්කරගැනීමෙනි. එබැවින්, ඔබේ දෛනික ආහාර වේල් වලින් මේද ආහාර ඉවත් කිරීමෙන් සිදුවන්නේ ඔබේ සිරුරට අත්‍යවශ්‍ය විටමින් පෝෂ්‍ය පදාර්ථ ‍රැසක් නොලැබී යාමයි. ඒ අනුව කල යුත්තේ මේද අඩංගු ආහාර සම්පූර්ණයෙන්ම නැවැත්වීම නොව යම් පාලනයකින් යුතුව හිතකර මේද අඩංගු ආහාර ඔබේ එදිනෙදා ආහාර වේල් වලට එක්කරගැනීමයි.