මුණින් අතට හැරී නිදා ගැනීම නිසා නොබෝ දිනකින් ඔබේ සිරුරට සිදුවෙන අහිතකර දේවල් 8 ක්

health tips

මුණින් අතට හැරී, එහෙමත් නැත්නම් බඩ උඩ නිදාගැනීම ඇතැම් අය සලකන්නේ සුවපහසු නිදන ඉරියව්වක් විදියටයි.කෙසේවෙතත් අධ්‍යයන මඟින් පෙන්වාදෙන ආකාරයට අනුව මෙම නිදන ඉරියව්ව අපේ ශරීරයට හානිකර ලෙස බලපෑ හැකියි.ඒ කොහොමද? අපි බලමු ඒ හේතු මොනවාද කියලා!

කොඳු ඇට පෙළ ආශ්‍රිත ධමනි හැකිළෙයි -වෛද්‍යවරුන් පෙන්වාදෙන ආකාරයට අනුව මෙසේ මුණින් අතට හැරී නිදන විට පුද්ගලයාගේ කොඳු ඇට පෙළ ආසන්නව පිහිටන ධමනි හෙවත් රුධිර නාළ සංකෝචනය වෙයි. මේ ඉරියව්වේදි ඔබේ හිස පැත්තකට හැරී තිබීමත් ඊට හේතුවෙයි.මේ නිසා මොළය වෙත ගමන් කරන රුධිර ප්‍රවාහය සීමා වෙයි (අඩුවෙයි).නරක කොලෙස්ටරෝල් මට්ටම් වැඩි, ධමනි තුළ මේදමය ද්‍රව්‍ය බැඳීමෙන් නිතර හෘදය ආශ්‍රිත ගැටලු අත්දකින පුද්ගලයින්ට මෙම ඉරියව්ව ඉතා අවදානම් බව පෙන්වාදෙනවා.

Young man holding his neck in pain. Medical concept.

පපුව තදවෙයි-මුණින් අතට නිදන විට පුද්ගලයාගේ පපු ප්‍රදේශය ඇඳ මෙට්ටයට තෙරපීම (තදවීම) සිදුවෙයි.පපුව තදවෙන නිසා හුස්ම ගැනීම තරමක් දුර්වල විය හැකියි.ශ්වසනයට බාධාවීමෙන් ශරීරයට ප්‍රමාණවත් තරම් ඔක්සිජන් නොලැබී යාම බොහෝ ගැටලු වලට මුලක්.විශේෂයෙන්ම උදෑසන අවදි වූ පසු ඔබට ‍තෝන්තු ගතියක් හා තෙහෙට්‍ටු ගතියක් සිරුරට දැනෙන්නට පුළුවන්.

ශරීර බර වැඩි කෙනෙකුට මෙම ඉරියව්ව ඉතා අවදානම් විය හැකියි. නිදන කාලය පුරාවටම පපු ප්‍රදේශයේ මෘදු පටක වෙත අධික පීඩනයක් එල්ලවී පවතින නිසා, කාලයක් ගත වන විට මේ ඉරියව්වේ බලපෑමින් පපු ප්‍රදේශයේ අවහිරතා,මැස්ටයිටිස් හෝ සිස්ට් වැනි තත්වයන් වුව වර්ධනය වීමේ හැකියාව තිබිය හැකි බව පෙන්වාදෙයි.

උදරයට පීඩාකාරි ඉරියව්වකි-උදරය විශේෂයෙන්ම ආමාශය අවට අවයව වල ක්‍රියාකාරීත්වය කාලයක් ගත වන විට අඩාල විමට පවා පටන්ගත හැකි බව අධ්‍යයන පෙන්වාදෙයි.එම නිසා කොතරම් සුවපහසු වුණත් සෞඛ්‍ය තත්වය සලකා මේ ඉරියව්ව වෙනස්කරගැනීමට උත්සහ කිරීම වැදගත්.බඩ පිරී ඇති වෙලාවක මෙසේ නින්දට යාම අම්ල ප්‍රතිවාහ (acid reflux)තත්වය ඇතිකරවයි.එනම් ආමාශයේ අර්ධ වශයෙන් ජීර්ණය වෙමින් ඇති ආහාර පාන නැවත අන්නස්‍රෝතය දෙසට ගලා ඒමට පටන්ගැනීමයි. උගුරට පිළිකුල් අම්ල ගතියක් දැනෙයි.මෙය සරලව උගුරට ඒම ලෙස දැක්විය හැකියි.මෙය ඉතා පීඩාකාරී ලෙස උගුරේ අපහසුතා ඇතිකරන තත්වයකි..ඊට අමතරව මෙම ඉරියව්වෙන් නිදාගැනීම ගැස්ට්‍රයිටිස් හෝ වණ වැනි තත්වයන්ට ද තුඬු දිය හැකියි බව ද සඳහන්.

මුහුණ කොට්ටයට තදවී තිබීම -යටි අතට නිදන විට මුහුණ ද කොට්ටයට හා පොරෝනාවට තද වෙයි.එහි ඇති මල් මෝස්තර, වාටි හෝ රටා වලට ඔබේ නළල හා කම්මුල් තද වී ඒවායේ පාර සමේ හිටින්නට පුළුවන්.මෙය එතරම්ම ලොකු ගැටලුවක් ලෙස නොපෙණුනත් ඇඳ ඇතිරිලි කොට්ට කිළිටි වී ඇත්නම් මුහුණ ඒවායේ ඇතිල්ලෙන එක නම් ගණන් නොගෙන සිටිය නොහැකියි. සම මෙසේ ඇතිල්ලෙන විට සම අධිකව වියලෙනවා වගේම ඒවායේ ඇති කුණු දුහුවිලි, ඉස් හොරි, තෙල්, එකතු වී ඇති බැක්ටීරියා වගේ ක්ෂුද්‍රජීවීන් ඔබේ සමේ ඇතිල්ලෙයි.මේවායින් ඔබේ සම ආසාදනය වී කුඩා බිබිලි, කුරුලෑ වගේ තත්වයන් වුවත් ඇතිවිය හැකියි.

මුහුණ කොට්ටයට තද වී තිබෙන විට මුහුණේ එම ප්‍රදේශයේ රුධිර සංසරණය අඩාල විය හැකියි. එය මුහුණ ඉදිමුමට හේතුවක්.ඔබ උදෑසන අවදි වූ විට මුහුණ ඉදිමී තිබෙන්නේ මේ හේතුව නිසා වෙන්න පුළුවන්. සම ඇදෙන විට හා තදවන විට සමේ නම්‍යතාව දුර්වල වෙයි.සමේ ඇතිවන ඉදිමුම ,වියළි බව තාවකාලික වුවත් කලක් ගත වෙද්දී ඔබේ මුහුණේ,විශේෂයෙන්ම කම්මුල් හා නාසය අවට ‍රැළි ඇතිවීමට පටන්ගත හැකියි. බෙල්ලේ හා පපු ප්‍රදේශයේ සම ද අකලට ‍රැළි වැටීමට පටන්ගත හැකියි. මෙම සම යථා තත්වයට පත්කරගැනීම අසීරුය.

අසාමාන්‍ය ඉරියව්වකට බෙල්ල නැවී තිබෙන විට බෙල්ල ආශ්‍රිත උලුක්කු වැනි ආබාධ ඇතිවිය හැකියි-මුණින් අතට හැරී නිදන විට බෙල්ල එක් පැත්තකට ඇදීගොස් නැවී පවතියි. මෙය බෙල්ලේ සාමාන්‍ය ඉරියව්ව නොවේ. ඒ නිසාම එම ප්‍රදේශයට එල්ල වන පීඩනය ඉතා වැඩියි.බෙල්ල හා උරහිස් වල චලන සීමා වී පවතියි.රුධිර නාළ හා ස්නායු අන්ත හැකිළී-ප‍ටු වී පවතියි.මෙය දිගින් දිගටම සිදුවිම ප්‍රකෘතිමත් කළ නොහැකි තරම් හානියක් එම ප්‍රදේශයට ඇතිකළ හැකියි.අවදි වූ පසු බෙල්ලේ උලුක්කුවක් ඇති වී තිබෙන බවක් හෝ උරහිස් වල තද ගතියක් දැනෙයි.මෙය ඔබේ දවසේ ඉදිරි කටයුතු අඩාල කරමින් පීඩා ඇතිකරයි.එම නිසා බෙල්ල එහි සාමාන්‍ය ඉරියව්වෙන් ‍රැ‍ඳෙන ආකාරයේ සුවපහසු නිදන ඉරියව්වක් ‍තෝරාගන්න.

සන්ධි ඇඹරී යයි-දණහිස් , වැළමිට හා වළලුකර ආශ්‍රිත සන්ධි මේ ඉරියව්වේදී විවිධ පැතිවලට හැරී, ඇඹරී පවතියි.නින්ද පුරාවටම එම සන්ධි ඇදී ගොස් තිබීම නිසා සන්ධි ආශ්‍රිත සියුම් කැක්කුම් අපහසුතා පවා ඇතැම් විට ඇතිවිය හැකියි. ඇතැම් අයට හිරි වැටීම් පවා ඇතිවිය හැකියි.

කොඳු ඇට පෙළට බලපෑම් ඇතිකරයි-බඩ උඩ නිදාගැනීම කොඳු ඇට පෙළ අසාමාන්‍ය ඉරියව්වකට පත්කරයි.විශේෂයෙන්ම මේ ඉරියව්ව ඔබේ කොඳු ප්‍රදේශයේ මැද බාගයට වැඩි පීඩනයක් එල්ල කරයි.බොහෝ වෙලාවක් එම ඉරියව්වෙන්ම සිටි නිසා උදෑසන අවදි වූ පසු තුනටිය ඉහළ ප්‍රදේශයේ නැවීමට වත් නොහැකිතරම් තද ගතියක් හා කැක්කුමක් අත්දකිනු ඇත.කාලයක් ගත වන විට කොඳු ඇට පෙළ අවට මාංශ පේශී දුර්වල වීමට පවා මෙය හේතුවක් විය හැකි බව පෙන්වාදෙයි.

හදවත් රෝගීන්ට නුසුදුසු ඉරියව්වකි-හදවත් රෝගයකින් පෙළෙන අයෙක් මෙම ඉරියව්වට නිදාගත් විට ඔහුගේ/ඇයගේ හෘදය දෙසට වැඩි පීඩනයක් එල්ල වී පවතියි. ඒ හේතුවෙන් හෘද ස්පන්දන වේගය අධික වීම හා ධමනි තුළ පීඩනය ඉහළ යාම් ඇතිවීමට පුළුවන්.