දත් මුල් ඉදිමීම දත් මුල් දියවීම පැය 24ක් යන්න කලින් සුව කරන ස්වභාවික පිළියම් 12 ක්

health tips

විදුරුමස් වලින් ලේ ගැලීම පීඩාකාරී මෙන්ම ඔබව අපහසුතාවට පත්කරවන තත්වයක්.මෙය දත් මුල් ඉදිමීම (ජින්ජිවිටීස්) සහ ප්‍රදාහයට ලක්වූ විදුරුමස් දියවීම (පීරියොඩොන්ටයිටිස්) වැනි මුඛ රෝග වල පූර්ව රෝග ලක්ෂණයක් ලෙස ද හඳුන්වයි. එම රෝග වල ආරම්භක අවධි වල මෙම ලක්ෂණය පෙන්නුම් කළ හැකියි.මෑතක සිට ඔබේ විදුරුමස් වලින් ලේ ගැලීමට පටන්ගෙන ඇත්නම්, මේ ලක්ෂණය නොසළකා හරින්න එපා. එම තත්වය සමනය නොවෙයි නම් දන්ත වෛද්‍යවරයෙකු වෙත යොමුවන්න. නිසි මුඛ සෞඛ්‍ය සනිපාරක්ෂක පුරුදු අනුගමනය කිරීමෙන් මෙවැනි විදුරුමස් ගැටලු ඇතිවීම බොහෝ හොඳින් පාලනය කරගත හැකියි.ප්‍රතිකාර වෙත යොමුවන තුරු විදුරුමස් වලින් ලේ ගැලීම නවත්වාගැනීමට උපකාරී වන පිළියම් ක්‍රම කිහිපයක් ගැන දැනුවත් වෙමු.

උණුසුම් එළකිරි කිරි වල මුඛ සෞඛ්‍යයට හිතකර කැල්සියම් හා විටමින් K අඩංගුයි.උණුසුම් කිරි උගුරක් කටට ගෙන හොඳින් කළතවන්න.ඕනෑවට වඩා කිරි රත් කිරීමෙන් වළකින්න.

දිනපතා දත් මදින්න විදුරුමස් තීරයේ මැලියම් බැඳීමෙන් ඒවා පහසුවෙන් ප්‍රදාහයට (දැවිල්ල සහිත ඉදිමුමට) ලක්විය හැකියි.මෙම මැලියම් වල දත් සහ විදුරුමස් වලට හානිකර බැක්ටීරියා අධික ගහණයක් සිටියි.දිනපතාම දෙවරක් උදේ සහ රාත්‍රි නින්දට පෙර දත් මදින්න. මෙහිදි දිව,තල්ල හා විදුරුමස් වලට ද අවධානය දෙන්න. වැරෙන් දත් මැදීමෙන් විදුරුමස් තවත් තුවාල විය හැකියි. මෘදු කෙඳි ඇති බුරුසුවක් භාවිත කරන්න. දත් අතට කොටස් පිරිසිදු වීමට ඩෙන්ටල් ෆ්ලොස් භාවිත කරන්න. මාස 3කට වතාවක් බුරුසු මාරුකරන්න.

පොල් තෙල් විදුරුමස් ඉදිමීම හා ලේ ගැලීම වැනි මැලියම් බැඳීමෙන් ඇතිවන ගැටලු පාලනය වීමට පොල් තෙල් ගුණදායක බව පෙන්වාදෙයි.ඊට හේතුව ඒවායේ ඇති ප්‍රතිප්‍රදාහක ගුණයි.මුඛයේ කොටස් ඉදිමීම වළක්වන අතර හානිකර බැක්ටීරියා විනාශ කර දැමීමේ හැකියාව පොල් තෙල් සතුයි.විදුරුමස් වල බැක්ටීරියා වර්ධනය වීම විදුරුමස් රෝග වලට මූලික වෙයි.තෙල් ඉරීම (oil pulling ) ක්‍රමය මෙම තත්වයට හොඳ පිළියමකි.පොල් තෙල් මේස හැඳි 1ක් පමණ කටට ගෙන දත් ,දිව,තල්ල.විදුරුමස් දක්වා ගමන් කරන සේ හොඳින් මිනිත්තු 15-20ක් පමණ කළතවන්න.මුවසේදුම් දියර භාවිත කරන ආකාරයෙන් මෙය කළ යුතුයි.මෙම තෙල් ගිලීමෙන් වළකින්න.

අමු මී පැණි ප්‍රතිප්‍රදාහක හා බැක්ටීරියානාශක ගුණ බහුල නිසා විදුරුමස් ආශ්‍රිත ගැටලු අවම කිරීමට මී පැණි ගුණදෙයි.විශේෂයෙන්ම විදුරුමස් ඉදිමීම හා ලේ ගැලීම පාලනය කරයි.හානිකර බැක්ටීරියා මඟින් මුඛයේ මැලියම් බැඳීම වළකයි.විදුරුමස් සුවවීම වේගවත් කරයි.මී පැණි මේස හැඳි 1ක් පමණ ගෙන බලපෑමට ලක්ව ඇති විදුරුමස් ප්‍රදේශයේ ආලේප කරන්න.මෘදුව සම්බාහනය කරන්න.දිනකට දෙවරක් පමණ කිරීමෙන් හොඳ ගුණයක් ලැබෙයි.

අයිස් අයිස් පැක් එකක් හෝ අයිස් කැටයක් ලේ ගලන විදුරුමස උඩින් මිනිත්තු 10ක් පමණ තබාගෙන ඉන්න.මෙමඟින් වේදනාව හා ඉදිමුම සමනය වෙයි.මුඛයට සිදුවු අනතුරකදී මෙම පිළියම භාවිත කළ හැකියි. කෙසේවෙතත් ලේ ගැලීම නතර නොවෙයි නම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමුවීමට සැලකිලිමත්වන්න.

කරාබු නැටි කරාබු නැටි දත් හා විදුරුමස් ගැටලු වලින් ඇතිවන පීඩාකාරී ලක්ෂණ සමනය කරයි. වේදනානාශක ගුණ බහුලයි.කරාබු නැටි කිහිපයක් උණු වතුරේ තම්බා කට සෝදන්න.නැතිනම්  කරාබු නැටි කුඩු ස්වල්පයකට වතුර දමා ඝන මිශ්‍රණයක් සාදාගන්න.විදුරුමස් වල මෙම මිශ්‍රණය සෘජුව ගල්වන්න.ලේ ගැලීම නතර වූ පසු වතුරෙන් කට සෝදන්න. වදකහ ද මෙම ක්‍රමයට භාවිත කළ හැකි තවත් ඖෂධයකි.

ලුණු වතුර ලුණු මුඛයේ සිටින හානිකර බැක්ටීරියා විනාශ කර දමයි.විදුරුමස් සුවවීම ප්‍රවර්ධනය කරයි.ලුණු මිශ්‍ර කළ වතුරෙන් කට සේදීම දන්ත හා විදුරුමස් රෝග ගණනාවකින්ම ආරක්ෂාව සලසන අත්බෙහෙතක් ලෙස ප්‍රචලිතයි.විදුරුමසෙන් ලේ ගලන්නේ නම් ලුණු වතුර ස්වල්පයකින් කට සෝදන්න.ලුණු වතුර සමඟ හයිඩ්‍රජන් පොරොක්සයිඩ් හා බේකිං සෝඩා මිශ්‍ර කර සකසන මේ සරල පිළියම ද මෙම ගැටලුව සමනය කරයි. ලුණු හා බේකිං සෝඩා සමව ගෙන මිශ්‍ර කරගන්න. දත් බුරුසුව හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලින් තෙත් කර මෙම ලුණු හා බේකිං සෝඩා මිශ්‍රණයෙන් ස්වල්පයක් දවටා දත් මදින්න.මින් විදුරුමසට සියුම් සම්බාහනයක් ලැබෙයි. අනතුරුව ලුණු වතුරෙන් කට සෝදන්න. අධි රුධිර පීඩනය ඇති අය මෙය උත්සහ නොකරන්න.

කෝමාරිකා කෝමාරිකා වල ඖෂධීය ගුණ බහුලයි. ප්‍රදාහය පාලනය කර විදුරුමස් වලට සහනය සලසයි.බැක්ටීරියානාශක ගුණයෙන් ද යුක්තයි.ප්‍රතිඔක්සිකාරක අඩංගු නිසා විදුරුමස සුවවීම වේගවත් කරයි.කෝමාරිකා මදයකින් ස්වල්පයක් ගෙන විදුරුමසේ තවරා සියුම්ව සම්බාහනය කරන්න.මද වෙලාවක් තිබෙන්නට හැර වතුරෙන් කට සෝදන්න.

ටී ට්‍රී ඔයිල් මෙම සුවඳ තෙල් වර්ගයේ පැසවීම වළකන හා ක්ෂුද්‍රජීවීනාශක ගුණ  බහුලයි.එම නිසා විදුරුමස් වලින් ලේ ගැලීමට හේතුවන ආසාදන වලට එරෙහිව ගුණදායකයි.ප්‍රතිප්‍රදාහය ගුණ ඇති නිසා විදුරුමස් ඉදිමුම් අඩුකරයි.පොල් තෙල් තේ හැඳි 1ක් සමඟ ටී ට්‍රී ඔයිල් බිංදු 1-2ක් පමණ මිශ්‍ර කරගන්න.විදුරුමසේ තවරා සියුම්ව සම්බාහනය කරන්න.මිනිත්තු 10ක් පමණ තබා වතුරෙන් කට සෝදන්න. දිනකට දෙවරක් පමණ මෙය කරන්න.

ලෙමන් යුෂ ලෙමන් වල ඇති බැක්ටිරියානාශක හා ප්‍රතිප්‍රදාහක ගුණාංග නිසාම එය විදුරුමසින් ලේ ගැලීම නතර කරගැනීමට හොඳ ප්‍රතිකාරයක් වෙයි.බැක්ටීරියා ආසාදන වළකා විදුරුමස් ඉදිමීම හා ලේ ගැලීම සුවපත් කරයි.ලෙමන් ගෙඩියක යුෂ ගෙන වතුර කෝප්පයක් සමඟ මිශ්‍ර කරන්න.ආහාර ගැනීමෙන් පසු සෑම අවස්ථාවකම මෙම ලෙමන් වතුරෙන් කට සෝදා පිරිසිදු කරගන්න.විදුරුමසේ ඉදිමුම හා ලේ ගැලීම නතර වන තුරුම මෙම පිළියම අනුගමනය කරන්න.

ඇපල් සයිඩර් විනාකිරි ස්වභාවික විෂබීජනාශක ගුණයෙන් අනූන විනාකිරි වර්ගයක් ලෙස මේවා ප්‍රචලිතයි.විදුරුමස් ප්‍රදාහයට හා ලේ ගැලීම පාලනයට හොඳ පිළියමකි.ඇපල් විනාකිරි වල ඇති ඇසිටික් අම්ල වල ප්‍රතිප්‍රදාහක ගුණ නිසා විදුරුමස් ඉදිමුම් සමනය කරයි.උණුසුම් වතුර වීදුරුවකට ඇපල් විනාකිරි තේ හැඳි 1ක් මිශ්‍ර කරන්න.දිනපතා එක් වරක් හෝ මෙම මිශ්‍රණයෙන් කට කළතවා සෝදන්න.

බේකිං සෝඩා බැක්ටීරියානාශක ගුණ ඇති නිසා විදුරුමසින් ලේ ගැලීමට හේතුකාරක වන හානිකර මුඛ බැක්ටීරියා විනාශ කරදැමිමට බේකිං සෝඩා වලට හැකියි.එමෙන්ම මුඛයේ pH අගය සමතුලිත කරවයි.මැලියම් හා කහට පැල්ලම් දුරුකරමින් දත් හා විදුරුමස් පිරිසිදු කරයි.බේකිං සෝඩා තේ හැඳි 1ක් උණුසුම් වතුර කෝප්පයකට මිශ්‍ර කරන්න.දිනපතා මෙම වතුරෙන් කට සෝදන්න.නැත්නම් බේකිං සෝඩා ස්වල්පයක් ඇඟිලි තුඬින් ගෙන විදුරුමසේ ගල්වා මෘදුව සම්බාහනය කරන්න.දිනකට වාර 2-3ක් පමණ ආහාර ගැනිමෙන් පසු මෙය පිළියම අනුගමනය කරන්න.