නිර්මලී එහෙම නැත්නම් ඉගිනි ඇට කියන්නේ අද අපේ භාවිතයෙන් ඈත්ව ඇති අපේ පැරණි මුතුන් මිත්තන් නිතර භාවිතයට ගත් දේශීය ඖෂධයක්. මේ ඉගිනි ගස් එදා අපේ මුතුන් මිත්තන් වැව් සමීපයේ සිටවනු ලැබුවා. ඒ මේ ඉගිනි ඇට සතු අපූරු ගුණයන් නිසාමයි. විශේෂයෙන්ම බොර වුණු අපිරිසිදු ජලය පිරිසිදු කර ගන්නට මේ ඉගිනි ඇට ජලයට එකතු කිරීම ඔවුන් අතර දකින්නට තිබුණා. ඒ නිසාම වන්නට ඇති එදා අපේ මුතුන් මිත්තන් වකුගඩු ආදී භයානක රෝගවලින් ආරක්ෂා වෙලා සිටියේ. කොහොමවුණත් අද බොහෝදෙනෙක් මේ ශාකය ගැන දැනුවත් නැහැ. නමුත් අපි හැමදාම උදේට බොන්නට පුරුදු වෙලා සිටින්නට කිරිපිටි වෙනුවටත් පානය කරන්නට හැකි ඉගිනි ඇට අතිශය ගුණදායක බව ඔබ දැනගත යුතුමයි. ඉතාම හොඳ පවිත්‍රකාරකයක් ලෙසටත්, බොහෝ ලෙඩ රෝගවලින් මිදී නීරෝගී ජීවිතයක් ගත කරන්නටත් අපේ භාවිතයට ගත යුතුම අපූරු ඔසුවක් තමයි මේ ඉගිනි ඇට. ඉතින් අපි අද කතා කරමු මේ ඉගිනි ඇට භාවිතයෙන් කොහොමද අපි මේ සෞඛ්‍යසම්පන්න බව ආරක්ෂා කර ගන්නේ කියලා.
ඉගිනි ගස ඉතා උසට වැඩෙන ශාකයක්. මුලින් සඳහන් කළ ආකාරයට ඉගිනි ඇට සතු ජලය පවිත්‍ර කිරීමේ හැකියාව හැරුණාම ඉගිනි ඇට සතු ඖෂධීය ගුණ නිසාම පැරැන්නන් මේ ඉගිනි ඇට පානයක් ලෙස සකසා ගෙන භාවිතා කළා. නමුත් අද වෙද්දි මේ ශාකය බොහෝ ප්‍රදේශවලින් වද වී ගොස් තියෙනවා. කොහොමනමුත් මේ ශාකයේ මුල්, පොතු, ගෙඩි, ආදී සෑම කොටසකම සුවිශේෂී ගුණයන් අන්තර්ගත වෙනවා. ඒ නිසාම විවිධ රෝග සඳහා ප්‍රතිකාරවලදී ඒ ගසේ කොළ,පොතු, මුල්, මල් ඇට ආදී පංචාංගයම භාවිතා කෙරෙනවා.
ඉගිනි ඇට පානයක් නිවසේදීම සකසා ගන්නට ඉතාම පහසුයි. ඉගිනි ඇට හොඳින් සෝදා කබලේ බැද කුඩු කරගෙන බෝතලයක අසුරා කාලයක් තබා ගෙන තේ, කෝපි වෙනුවට කිරිපිටි වෙනුවට භාවිතා කරන්නට පුළුවන් .ඉතාම ගුණදායක රසවත් පානයක්. අද වෙද්දි ඉගිනි ඇට පිටි වෙළදපොලෙන් ලබා ගන්නටත් හැකියාව තියෙනවා. ඒ හැරුණාම ඉගිනි ඇටවලින් සකස් කරන ලද කැප්සුල් පවා වෙළදපොලෙන් අපිට මිලට ගෙන භාවිතා කරන්නට පුළුවන්.
ඉගිනි ඇට සතු ඖෂධීය ගුණ

- අක්ෂි රෝග සුවකර ඇස් පෙනීම වර්ධනය කරනවා.
- දියවැඩියා රෝගයට ඉතාම ගුණදායකයි.
- වකුගඩු ආශ්‍රිත රෝග ඇතිවීමේ අවදානම අඩු කරන අතර වකුගඩු රෝග සුවපත් කරන්නට උදව් වෙනවා.
- ශරීරයේ දාහය දුරලනවා.
- මදසරුභාවය දුරු කරනවා.
- ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කරනවා.
- දහදිය දුගද සමනය කරනවා.
- සමේ රෝග සඳහා ගුණදෙනවා.
- රුධිරය පිරිසිදු කරනවා.
- උපදංශය ආදී ලිංගික රෝග සමනය කරනවා.
- සර්ප විෂ නසනවා.
- මුත්‍ර ආසාදන නසනවා.
- ශරීරයේ ඇති තුවාල සුවපත් කරනවා.
- ශරීරයේ එක්රැස්වෙන විෂ හායනය කරනවා.
- සම පැහැපත් කරනවා.
- දේහයේ අනවශ්‍ය මේදය ඉවත් කරන නිසා තරබාරුව අඩු කරනවා.
- මතක ශක්තිය වැඩි කරනවා.
- ආහාර රුචිය වැඩි කිරීම
- උදරය අඩු කිරීම
- වකුගඩු පිරිසිදු කරනවා.

- මානසික ආතතිය දුරලනවා.
- වේදනානාශක සහ ප්‍රදාහ අඩු කිරීමේ ගුණයෙන් සමන්විත වෙනවා.
- ආමාශයේ රෝග සඳහා ගුණදෙනවා.
- වමනය. ඔක්කාරය සුව කරනවා.
- කුඩා දරුවන්ගේ හතිය පාලනය කරනවා.
- අමිල පිත්ත රෝගය සඳහා ගුණදෙනවා.
- ආතරයිටීස් රෝගය සඳහා ගුණදායකයි.
- අධි රුධිර පීඩනය සුවකරනවා.
- පණු රෝග සඳහා ගුණදායක වෙනවා.
- කරකැවිල්ල සුව කරනවා.
- ශරීර ශක්තිය වර්ධනය කරනවා.
- හිසරදය සුව කරනවා.
- මලබද්ධය දුරු කරනවා.
- අජීර්ණයට ගුණදායකයි.
- රුධිර සංසරණය ක්‍රමවත් කරනවා.
- අර්ශස් රෝගය වළක්වනවා.
ඉගිනි ශාකයේ ඖෂධීය භාවිතයන්
- සෙම්ප්‍රතිෂ්‍යාව සඳහා මේ සඳහා ඉගිනි ශාකයේ මුල් තම්බන ලද ජලයෙන් වාශ්ප ඇල්ලීම ගුණදායකයි.
- මුත්‍රා මාර්ගයෙන් සැරව ගලායාමට ඉගිනි ඇට සෙංකොට්ටන්, බිම් දුම්මල, කළුදුරු බැදි හාල් යන සියල්ල අඹරා රණවරා දළු, සුදු නෙළුම්, දළු කඩපිම්මෙන් තම්බා අඹරාගත් බෙහෙත් සමඟ අඹරා ගිතෙල් සමඟ ලබාදීම ගුණදායකයි.
- මුත්‍රාවල සීනි සඳහා ඉගිනි ඇට, සුදු හදුන්, සැවැන්න මුල්, කැහිපිත්තන් කොළ, කළද බැගින් ගෙන හොඳින් කොටා තැඹිලි ගෙඩියේ වතුරට කිතුල් හකුරු සමඟ දියකර පැය 12 ක් පින්නේ තබා පිරිසිදු රෙදි කඩකින් දෙතුන් වරක් පෙරා උදෑසන පානය කරන්න.
- බර අඩුකර ගැනීම සඳහා ඉගිනි ඇට කුඩු තේ හැන්දක් දමා එයට උණු වතුර දමා විනාඩි 5 ක් තබා මී පැණි හෝ හකුරු සමඟ පානය කරන්න.
ඉතින් උදෑසන ලෙඩ ගොඩකට ආරාධනා කරමින් භාවිතා කරන වස විස සහිත කිරිපිටි වෙනුවට මේ ගුණදායක පානය ඔබට නීරෝගීව ජීවත් වෙන්නට පාර කියාවි.