සෙම්ප්‍රතිශ්‍යාව සෑදුණු විට නාසය සිරවීම සාමාන්‍යයෙන් සිදුවන දෙයක්. එවැනි දින වලදී ඔබට ඇතිවන පීඩාකාරී අපහසුතාව මගහැරගන්න උපකාරී වන උපක්‍රම කිහිපයක් ගැනයි අද අපි ඔබට කියන්නේ.
- ඔබේ ඇහිබැමි මැද පිහිටි මේ ලක්ෂ්‍යය සම්බාහනය කරන්න

සියුම් ලෙස ඇඟිලි තුඩු වලින් මෙම ලක්ෂ්‍යය තද කර මිනිත්තුවක් පමණ සම්බාහනය කරගන්න. එමඟින් නාසා රන්ධ්‍ර (සයිනස) වියළියාම සහ ප්‍රදාහයට ලක්වීම වළක්වයි. එමෙන්ම නාස් කුහරයේ ඉදිරිපස ප්‍රදේශයට එල්ලවන පීඩනය අඩු කරයි.
- නාස් කුහර දෙපස සම්බාහනය කරන්න.

මෙම ප්‍රදේශය මත දබරෑඟිල්ල සහ මැදැඟිල්ල සියුම්ව තද කර, ඇඟිලි කවාකාරව හසුරුවමින් මිනිත්තු 2ක් පමණ සම්බාහනය කරගන්න. මින් නාසයේ ඇතුලත අවහිර වී ඇති මාර්ගයන් විවෘත වීම පහසු කරවයි. නාසය බුරුල් වූ විට පහසුවෙන් සොටු සූරා ඉවත්කරගැනීමට හැකියාව ලැබේ.
- නාසය සහ තොල් අතර මැද පිහිටි මෙම ලක්ෂ්‍යය සම්බාහනය කරන්න.

මෙම ලක්ෂ්‍යය මිනිත්තු 2-3 ක් පමණ මෘදු ලෙස සම්බාහනය කරගන්න. මෙමඟින් නාසයේ ඉදිමුම් ගතිය දුරුකරගත හැකියි.
- වාතාශ්‍රයේ තෙතමනය වැඩිකරන ආර්ද්‍ර උපකරණයක් නිවසේ භාවිතා කරන්න (humidifier).

වාතාශ්‍රයේ පවතින තෙතමනය 40% කටත් වඩා අඩු වූ විට නාසය තුල ඇති ශ්ලේෂ්මල (සොටු) වියළියාමට ලක් වෙනවා. එවිට පහසුවෙන් හුස්ම ගැනීම අසීරු කාර්යක් වී යයි. නාසය සොටු වලින් බර වී ඇති විට වාතාශ්‍රයේ තෙතමනය අඩු මට්ටමක පවතියි නම් අසාධ්‍ය මට්ටමේ බැක්ටීරීයා සංකූලතා පවා වර්ධනය වීමට ඉඩකඩ තිබෙනවා. එබැවින්, නිවසේ ආර්ද්‍රතාව 40%-60% අතර ප්‍රශස්ත මට්ටමක පවත්වාගැනීමට ඔබ සැලකිලිමත් විය යුතු වෙනවා.
- නාසය මතුපිට උණුසුම් කරගන්න.

උණුසුම් ජලයේ පොඟවා හෝ මයික්‍රෝවේව් උඳුනට දමා උණුසුම් කරගත් රෙදි කැබැල්ලක් නාසය මත තබාගෙන සිටින්න. මෙසේ නාසය උණුසුම් වන විට ඝන වූ ශ්ලේෂ්මල බුරුල් වේ. නාසය පිඹිමින් සොටු සූරා ඉවත් කර ,සේලයින් ජලයෙන් නාසය පිරිසිදු කරගන්න.
- ව්‍යායාමයක නිරතවන්න.

හෘද ස්පන්දන වේගය වැඩිවන විට සහ සිරුර උණුසුම් වන විට නාසයේ ඇති ශ්ලේෂ්මල තරල බවට පත්වීම සිදුවෙනවා . ව්‍යායාම කරන විට එසේ නාසය ලිහිල් වීම නිසා සෙම් සොටු සූරා ඉවත්කරගැනීම වඩාත් පහසුවෙයි. සෙම්ප්‍රතිශ්‍යාව බොහෝ විට වැලඳෙන්නේ වෛරස් ආසාදනයක් ලෙසයි. ඒ අතරේ ප්‍රධානතම වෛරසය වන්නේ rhino වෛරසයයි.එම වෛරසය හේතුවෙන් වැලඳෙන ඝ්‍රාණදාහය තත්වය (allergic rhinitis) වළක්වාගැනීමට නම් මෙසේ මිනිත්තු 15 ක් පමණ ව්‍යායාම කිරීම බොහෝ දුරට ඔබට පහසුවක් අත්කර දේවි.