ගර්භාෂය ආශ්‍රිත ඇතිවෙන රෝග වළකන ආහාර 10 ක්

health tips

මව් පදවිය ලබා ගැනීමට සිහින දකින කාන්තාවන් වැඩි වශයෙන් එම කාලය තුළ ගත යුතු ආහාර පිළිබඳව සැලකිලිමත් විය යුතුය එනම්. බොහෝ කාන්තාවන්ට ඇතිවන ගර්භාෂගත රෝග නිසා මවක් වීමට ඇති හැකියාව අහිමි වී තිබේ. එනම් ගර්භාෂය ආශ්‍රිතව බොහෝ රෝග ඇති වනු ලැබේ.  ඒ අතර

  • සුදයෑම
  • ෆයිබ්‍රොයිඩ් (fibroid)
  • පිළිකා
  • ගර්භාෂ ගෙඩි 
  • මේ ආදී රෝග තත්ත්වයන් ඇති වූ විට 
  • දරු ඵල ප්‍රමාදවීම
  • දරු ඵල අහිමි වීම
  • ඔසප් චක්‍රය අක්‍රමවත් වීම සිදුවේ. 

ගර්භාෂය ආශ්‍රිතව මෙවැනි රෝග තත්ත්වයන් ඇතිවීමට බලපාන හේතු රාශියක් පවතී.

උෂ්ණාධික ශරීරයක් පැවතීම. බොහෝ පුද්ගලයින්ට උපතින්ම උෂ්ණාධික ශරීරයක් හිමිව තිබේ. ඊට අමතරව දේශගුණ තත්වය හා ආහාර රටාව ශරීරයේ උෂ්ණාධික භාවය ඇති වීමට හේතු වනු ලැබේ. මෙවැනි පුද්ගලයන් උෂ්ණ ආහාර පාන ආදිය ගැනීමෙන් වැළකී සිටිය යුතුය. එනම් කොල්ලු, තක්කාලි, අන්නාසි,ඉස්සො, දැල්ලො,හරක් මස් පොකිරිස්සො, කකුළුවන්, මධ්‍යසාර, විනාකිරි,චට්නි, අච්චාරු , මෝජු, බිලිං වැනි ආහාර භාවිතා කිරීම උෂ්ණාධික ශරීර පවතින පුද්ගලයින්ට සුදුසු නොවේ. මෙය විශේෂකොට ගර්භාෂයට ඉහත රෝග ඇති කිරීමට හේතු විය හැකිය. මේ නිසා ආහාර ගැනීමේදී කාන්තාවන් මේ පිළිබඳව අවධානය යොමු කළ යුතුය. නොමැති නම් දරුවෙකු බිහි කරන විට එය ගැටලුවක් විය හැකිය. 

හෝමෝනවල ඇතිවන වෙනස්කම් කාන්තාවන්ගේ හෝමෝනවල ඇතිවන වෙනස්කම් නිසාද ගර්භාෂය ආශ්‍රිතව මෙම රෝග ඇතිවිය හැකිය.බොහෝ විට වෛද්‍ය වරු පවසන්නේ මෙම රෝග ඇති වීම වළක්වා ගැනීමට ගර්භාෂය සිසිල් කරන ආහාර පාන  නිතර භාවිතා කිරීම වඩාත් සුදුසු බවයි. එනම් සිසිල් ගුණයෙන් අනූන එළවළු, පලතුරු,පලා වර්ග මේ සඳහා භාවිතා කළ හැකිය. 

ගර්භාෂය සහ ශරීරය සිසිල් කරන ආහාර. 

තැඹිලි වතුර පානය කිරීම තැඹිලි ගෙඩියක් ගෙන ඇස්ස කපා සුදුහඳුන් ස්වල්පයක් මිශ්‍ර කර රැයක් එලිමහනේ තබා උදෑසන හිස්බඩට පානය කිරීම. මගින් ශරීරය සිසිල් කර ගත හැකිය. එමෙන්ම ඉන් ගර්භාෂය ද සිසිල් වේ. 

කොමාරිකා ඈත අතීතයේ සිටම භාවිතයට ගත් සිසිල් කාරක ගුණයෙන් අනූන ඖෂධීය ශාකයක් ලෙස කෝමාරිකා හඳුනාගත හැකිය. එනම් කෝමාරිකා ආහාරයට ගැනීම මගින් ශරීරය සිසිල් කර ගත හැකිය. කෝමාරිකා මදය සූරා බ්ලෙන්ඩර් කර සීනි ස්වල්පයක් හා වතුර මිශ්‍ර කර ශීතකරණය තුළ තබා සිසිල් කර පානය කිරීම මගින් ශරීරයේ උෂ්ණාධික භාවය අවම කර ගත හැකිය. එමෙන්ම මෙය ගර්භාෂයටද වඩාත් ගුණදායක පානයකි. 

නෙල්ලි පානය.ආයුර්වේදයේ සඳහන් ත්‍රිපලා නමැති ඖෂධයෙහි අඩංගු එක් ඖෂධයක් ලෙස නෙල්ලි හැඳින්විය හැකිය. එනම් නෙල්ලි යනු සිසිල් කාරක ගුණයෙන් අනූන ඖෂධීය පලතුරකි. එනම් වියලා ගත් නෙල්ලි තම්බා  තේ මෙන් පානය කිරීම හෝ නෙල්ලි අමු නෙල්ලි කොටා යුෂ ගෙන පානයක් ලෙස සකස් කර භාවිතා කිරීම මගින් ශරීරයේ උෂ්ණාධික භාවය අවම කරගත හැකිය. එනම් ඉන් ශරීරය සිසිල් කර ගත හැකිය. මෙය ගර්භාෂය සිසිල් කර ගැනීමටද යොදාගත හැකි ඖෂධීය පානයකි. 

කොමඩු සිසිල් ගුණයෙන් අනූන කොමඩු ආහාරයට ගැනීමෙන් ද ශරීරය සිසිල් කර ගත හැකිය. එමෙන්ම ගර්භාෂයට ද කොමඩු ආහාරයට ගැනීම වඩාත් යෝග්‍ය වේ. එනම් කොමඩු පලතුරක් ලෙස හෝ පානයක් ලෙස සකස් කර නිතර භාවිතා කිරීම මගින් ශරීරය උෂ්ණාධික භාවය අවම කරගත හැකිය. එනම් කොමඩු ආහාරයට ගැනීමෙන් ශරීරය සිසිල් කර ගත හැකිය. 

කැකිරි ආහාරයට ගැනීමට සුදුසු තවත් එක් එළවළුවක් ලෙස කැකිරි හැඳින්විය හැකිය. එනම් කැකිරි ආහාරයට ගැනීමෙන් එහි අඩංගු ජලය හා සිසිල් කාරක ගුණය ශරීරයේ උෂ්ණාධික බව පාලනය කර ගර්භාෂය සිසිල් කරයි. එමෙන්ම ගර්භාෂය උෂ්ණ වූ විට ඇති විය හැකි රෝග වලින් ද ආරක්ෂාව සලසනු ලබයි. එනම් කැකිරි යුෂ පානය කිරීම හෝ කැකිරි ව්‍යංජනයක් ලෙස සකස් කර භාවිතා කිරීම මේ සඳහා වඩාත් යෝග්‍යවේ. 

පිපිඤ්ඤා ශරීර ගත දාහය සමනය කරන පිපිඤ්ඤා යනු සිසිල් ගුණයෙන් අනූන එළවළුවකි. එනම් පිපිඤ්ඤා නිතර ආහාරයට ගන්නේ නම් ඉන් ගර්භාෂය සිසිල් කර ගත හැකිය. එනම් පිපිඤ්ඤා වල අඩංගු ජලය ශරීරයේ උෂ්ණාධික භාවය අවම කර උෂ්ණාධික භාවය නිසා ඇතිවිය හැකි රෝග රෝග වලින්ද ආරක්ෂාව සපයනු ලබයි. එනම් සලාදයක් ලෙස, ව්‍යංජනයක් ලෙස හෝ අමුවෙන් පිපිඤ්ඤා ආහාරයට ගත හැකිය. 

අළු පුහුල් සිසිල් ගුණයෙන් අනූන තවත් එක් එළවළුවක් ලෙස අලුපුහුල් හැඳින්විය හැකිය. එනම් අලු පුහුල් නිතර ආහාරයට ගන්නේ නම් ඉන් උෂ්ණාධික ශරීරය සිසිල් කර ගත හැකිය. එමෙන්ම ගර්භාෂය සිසිල් කර ගැනීමටද අලු පුහුල් ආහාරයට ගැනීම වඩාත් යෝග්‍ය වේ. එනම් අලු පුහුල් ව්‍යාංජනය මේ සඳහා වඩාත් සුදුසුවේ. 

වම්බටු එළවළු අතර සිසිල් ගුණයෙන් අනුන එළවළුවක් ලෙස වම්බටු හඳුනාගත හැකිය. එනම් වම්බටු නිතර ආහාරයට එක්කර ගැනීමෙන් ශරීරගත උෂ්ණාධික බව අවම කරගත හැකිය. එමෙන් කාන්තාවන්ගේ ගර්භාෂය සිසිල් කර ගැනීමට ද ඉන් හැකියාව ලැබේ. මීට අමතරව

  • කොළ කැඳ පානය කිරීම එනම් මුකුණුවැන්න, ගොටුකොළ, හාතාවාරිය,  එලබටු,පෙනෙල වැනි පලා වර්ග වලින් සකස් කළ කැඳ පානය කිරීම. 
  • ඉරමුසු,බෙලි මල් රණවරා පොල් පලා පානය කිරීම. 
  • සව් කැඳ, කිතුල් පිටි කැඳ සකස් කර පානය කිරීම. 

මේ ආදී වූ සිසිල් ගුණයෙන් අනූන ඖෂධ වර්ග භාවිතා කිරීමෙන් ශරීරය මෙන්ම ගර්භාෂය සිසිල් කර ගත හැකිය. එමෙන්ම ගර්භාෂය ආශ්‍රිතව ඇතිවිය හැකි රෝග වලින්ද ආරක්ෂා විය හැකිය.