මුළුතැන්ගෙට නැතුවම බැරි සුදු ළූණු කුළුබඩුවක් විදිහට වගේම ඖෂධයක් විදිහටත් කොතරම් වැදගත් ද කියන කාරණාව මේ වෙනකොටත් ඔබ දන්නවා ඇති. නමුත් සුදුළූණුවල අඩංගු වෙන ගුණ ගැන කනින් කොනින් අහල තිබුණට ඒවා භාවිතා කිරීමේ නිවැරදි ආකාරය පිළිබඳව ඔබ දැනුවත් නැතුව ඇති. මොකද බොහෝ ගුණදායක ආහාර වර්ගවල පෝෂණ ගුණය සම්පූර්ණයෙන්ම අපේ ශරීරයට ලබා ගන්නට ඇති අවස්ථාව නැති වෙන්නේ ඒවා පිළියෙල කිරීමේදී අපි අතින් සිදුවන විවිධ දෝෂයන් හේතු කරගෙන.
ඒ වගේම තමයි සුදුළූණු . මොකද ඒවා අහාර රස ගන්වා ගැනීමේ අරමුණින් පමණක් අපි භාවිතා කලොත් සුදුලූණුවලින් අපේ ශරීරයට ලබාගන්නට හැකියාව තියෙන පෝෂණ සංඝටක සියල්ලම එලෙසින් ලබා ගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ .ඒ නිසා සුදුළූණු භාවිතයෙන් රෝග සුවපත් කර ගන්නා ආකාරය සහ නිසි පරිදි පෝෂණ ගුණය රැකෙන පරිදි ඒවා භාවිතයට ගන්නේ කොහොමද කියන කාරණාවන් පිළිබඳව අද අපි කතා කරමු.

මුලින් සඳහන් කලා වගේ සුදුළූණුවල පවතින්නේ අවතක්සේරු කරන්නට හැකි තරම් ගුණයක් නෙවෙයි. මොකද සුදු ළූණු බිකක කාබෝහයිඩ්‍රේට ග්‍රෑම් එකක්, සෝඩියම් 1 mg ක් , පොටෑසියම් මිලි ග්‍රෑම් 12ක් ,කැල්සියම් 5 mg ක් අඩංගු වෙනවා. ඉතින් ආයුර්වේදයේ වගේම නූතන වෛද්‍ය විද්‍යාව තුළත් මේ සුදු ළූණුවල අඩංගු වෙන ප්‍රබල ගුණයන් ගැන අනාවරණය කරගෙන තියෙනවා .
වැඩිදෙනෙක් සුදුළූණුවල ඇති ගන්ධයට ප්‍රියමනාප බවක් දක්වන්නේ නැති නිසා ආහාරයට ගැනීමට උනන්දුවක් නොදැක්වූවත් දිනපතාම සුදුළූණු අනුභව කළොත් රෝග බොහොමයකින්ම අපිට ආරක්ෂා වෙලා ඉන්නට හැකියාව ලැබෙනවා.
සුදුළූණු ආහාරයට ගැනීමෙන් ලැබෙන ප්‍රතිලාභ
- පිළිකා ඇතිවීම වළක්වනවා.
මහ බඩවැලේ, පෙනහලුවල සහ ගුද මාර්ගය ආශ්‍රිතව ඇති වන පිළිකා තත්ත්වයන් සඳහා සුදුලුනු ඉතා ගුණදායකයි .
- ශුක්‍රාණුවල තත්ත්වය වැඩි දියුණු කර වැඩිපුර ශුක්‍රාණු නිපදවා වඳ බව දුරු කරනවා.
- ලිංගික ශක්තිය වැඩි කරනවා.
- සමේ ඇතිවෙන ආසාදන වළක්වනවා.
- දත් කැක්කුම් නැති කරනවා.
- සෙම්ප්‍රතිශ්‍යාව කැස්ස ආදී රෝගයන්වලින් ආරක්ෂාව සලසනවා.
- අධි රුධිර පීඩනය අඩු කරනවා.
- අක්මාව ආරක්ෂා කරනවා.
- මලබද්ධය ඇතිවීම වළක්වනවා.
- ආහාර ජීර්ණය පහසු කරනවා.
- ආහාර රුචිය වර්ධනය කරනවා.
- කිරීටක හෘද රෝග , හෘදයාබාධ ආදිය ඇතිවීම වළක්වනවා.
- රුධිර නාල සිහින් වීමේ රෝගයට ගුණදෙනවා.
- ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරනවා.
- අස්ථි ශක්තිමත් කර මාංශපේෂි වර්ධනය කරනවා.
- පාචනය, උණ සහ ගර්භාෂ ආසාදනවලට ගුණ දෙනවා.
- ඔස්ටියෝ ආතරයිටිස් රෝගයට ගුණදායකයි.
- දියවැඩියාව පාලනය කරනවා.
- ඇස්වල පෙනීම වර්ධනය කරනවා.
- අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරනවා.
- දේහ බර අඩු කරනවා.
- තරුණ බව රැක දෙනවා.
සුදු ළූණු භාවිතයෙන් සකසා ගත හැකි අත් බෙහෙත්
- අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කර ගැනීමට සහ දේහ බර අඩු කර ගැනීම සඳහා
ගාගත් ඉඟුරු තේ හැඳි භාගයක්, දෙහි යුෂ තේ හැඳි බාගයක් සමග සුදුළූණු බිකක් ආහාරයට ගන්න.
- ඉදිමුම සහ වේදනාවට
සුදුළූනු ගෙඩියක් තලා පල්පයක් ලෙස සකස් කර ඉදිමුම සහ වේදනාවන් ඇති ස්ථානයේ ආලේප කරන්න.
- උණ සඳහා
සුදු ළූණු බිකක් තලා ගිතෙල් ස්වල්පයක් එකතු කර උණ පවතින තුරු දිනපතා ආහාරයට ගන්න.

- හිසකෙස් ගැලවී යාම වැළැක්වීම සඳහා
සුදු ළූණු ගෙඩි කිහිපයක් ගෙන තලා එහි යුෂ ගෙන හිස් කබලේ ගල්වා හොඳින් සම්බාහනය කරන්න. ඉන් පසු මඳ වේලාවකින් සෝදා හරින්න. ඒ හැරුණාම හිසකෙස්වලට ගල්වන තෙල් සඳහා සුදු ලූනු යුෂ එකතු කර ගැනීමත් හිසකෙස් ගැලවී යාම වලක්වා ගන්නට උදවු වෙනවා. මේ සත්කාරයන් ඉස්හොරිවලටත් සාර්ථක පිලියමක් .
- ස්වසන ආබාධ සඳහා
මී පැණි මේස හැඳි එකක්, සුදු ළූණු බික් හතරක් ජලය කෝප්ප එකක් එකතු කර සාදාගත් මිශ්‍රණය මද වෙලාවක් රත්කර සිසිල් වන්නට තිබෙන්නට හැර පානය කිරීමෙන් ස්වසන ආබාධ ඇතුළු සියලුම රෝගවලට ගුණ ලබා ගන්නට පුළුවන්.
- ශරීර ශක්තිය ලබා ගැනීම සඳහා
සුදු ළූණු බික් දෙක තුනක් හොඳින් තලා එයට මී පැණි තේ හැඳි දෙකක් එකතු කර දිනපතා ආහාරයට ගන්න. මෙහිදී ඉතා හොඳ තත්වයේ නැවුම් මී පැණි එකතු කිරීමට කටයුතු කරන්න. වීදුරු බෝතලයකට සුදු ළුනු බික් 20 ක් මී පැණි දමා දිනපතා උදෑසන හිස්බඩ එයින් තේ හැන්දක ප්‍රමාණයක් ආහාරයට ගැනීමත් මේ සඳහා සුදුසුයි.
- ආහාර අරුචිය සඳහා
මෙ සඳහා සුදු ළූණු බික් දෙක තුනක් තම්බා බීමට ගන්න. එසේත් නැතිනම් සුදුළූනු බික් කිහිපයක් අළු යට දමා පුළුස්සා ආහාරයට ගන්න. මෙය බඩ පිපුම, බඩ පුරවා දැමීම ආදී තත්ත්වයන් සුවකරගන්නත් ඉතාම ගුණදායකයි.
- වයස්ගතවීම පමාකර තරුණ බව රැක ගැනීම සඳහා
වතුර කෝප්ප එකකට මේ පැණි තේ හැඳි දෙකක්, දෙහි ගෙඩි 3 ක යුෂ එකතු කර උදෑසන හිස්බඩ මද රස්නෙන් පානයට ගන්න. ඒ වගේම රාත්‍රී කාලයේදී උණු වතුර කෝප්ප එකකට මී පැණි තේ හැඳි දෙකක් සහ කුරුඳු කුඩු තේ හැඳි දෙකක් එකතු කර පානය කිරීමත් මේ සඳහා ඉතා ගුණදායකයි.
- අජීර්ණය සඳහා
සුදුළූනු ගෙඩියක් තලා, එයට කුඩු කරගත් සූදුරු, සහිඳ ලුණු ස්වල්පයක්, ත්‍රිපලාල ස්වල්පයක් සහ දෙහි යුෂ තේ හැන්දකට මිශ්‍රකර ආහාරයට වේලකට පෙර පානයට ගන්න.
කොතරම් ගුණදායක වුණත් පමණට වඩා සුදු ළූණු භාවිතා කිරීම මගින් ශරීරයේ උෂ්ණත්වය ඉහළ යා හැකි නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වෙමින් මෙය භාවිතා කළ යුතු වෙනවා. ඒ වගේම සුදු ළූනු අමුවෙන් ආහාරයට ගැනීම එතරම් හිතකර නැහැ.
ඒ වගේම තද අව්වේ සිටිද්දි සුදු ලුණු ආහාරයට ගැනීම නුසුදුසුයි.
වෙනත් රෝග ඇත්නම් වෛද්‍ය උපදෙස් මත පමණක් භාවිතයට ගන්න.
සුදුළූනු ගත් විගස ජලය භාවිතා කිරීමත් එතරම් හිතකර වන්නේ නැහැ.
වැඩිපුර සුදුලූනු ආහාරයට ගැනීමෙන් ආමාශයේ තුවාල උගුර වණ වීම ආදිය ඇතිවිය හැකියි.
දිනකට සුදුළූණු බික් තුනක් පමණ එකතු කරගැනීම සෑහෙයි .
ඇස්ප්‍රීන් ආදී ඇතැම් ඖෂධ ලබා ගන්නා විට සුදු ලූණු පරිභෝජනයෙන් මිදිය යුතුයි.