හෘද රෝග ඇතිවීම 75 %කින් වළකන සූදුරු පානයේ ගුණ 10 ක්

health tips

ඈත අතීතයේ සිටම රෝග නිවාරණය කිරීම සඳහා භාවිතා කළ ඖෂධයක් ලෙස සූදුරු පානය හැඳින්විය හැකිය. එනම් කොත්තමල්ලි, සූදුරු, මාදුරු යනු නිවසේ එක පෙලට සිටින ඖෂධීය කුළුබඩු වර්ග තුනකි. මෙම කුළු බඩු වර්ග තුනම වෙන වෙනම ඖෂධ වශයෙන් යොදාගත හැකිය. එනම් එසේ සූදුරු පානයක් ලෙස භාවිතා කිරීමෙන් ශරීරයට බොහෝ වාසී අත් කර ගත හැකිය.  එනම් සූදුරු වල ශරීරයට හිතකර බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගු වේ. 

  • විටමින් A,B,C
  • පොටෑසියම්
  • මැග්නීසියම් 
  • යකඩ
  • සින්ක් 
  • වැනි පෝෂ්‍ය පදාර්ථ  ඒ අතර ප්‍රධාන වේ. 

එනම් සූදුරු පානය නොයෙක් රෝගී අවස්ථාවන් වලදී ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් සූදුරු අවශ්‍ය ප්‍රමාණයට ගෙන සෝදා වියලා කබලේ බැද කුඩු කොටා ගබඩා කර තබා ඉන් තේ හැන්ද බැගින් අවශ්‍ය විටක උණුවතුරට දමා තම්බා පානය කළ හැකිය. 

සූදුරු පානය භාවිතා කිරීමෙන් අත් කර ගත හැකි සෞඛ්‍ය ප්‍රතිලාභ 

දියවැඩියාව පාලනය කරයි.රුධිරගත සීනි මට්ටම ඉහළ යාම හෙවත් දියවැඩියාව පාලනය කිරීම සඳහා සූදුරු පානය දිනපතා භාවිතා කිරීම යෝග්‍ය වේ. එනම් සූදුරුවල අඩංගු තන්තු රුධිරගත සීනි මට්ටම ඉහළ යාම පාලනය කර දියවැඩියාව ඇති වීම වළක්වනු ලැබේ. නමුත් ඖෂධ සමඟ සූදුරු පානය භාවිතා කිරීම එතරම් සුදුසු නොවේ. එනම් ඖෂධ සමඟ සූදුරු පානය භාවිතා කිරීමෙන් රුධිරගත සීනි මට්ටම අසාමාන්‍ය ලෙස පහත බැසිය හැකිය. ඒ නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වී සුදුරු පානය භාවිතා කළ යුතුය.

පිළිකා සෛල මර්දනය කරයි.මාරාන්තික පිළිකා රෝගය ඇතිවීම වළක්වා ගැනීමට මෙන්ම පිළිකා සෛල මර්දනය කිරීම සඳහා සූදුරු පානය භාවිතා කිරීම යෝග්‍යවේ. එනම් සූදුරු වල අඩංගු තන්තු, විටමින්, ප්‍රෝටීන්, ප්‍රතිඔක්සිකාරක පිළිකා සෛල ඇති කිරීමට හේතු වන මුක්ත ඛණ්ඩ විනාශ කිරීම සිදුකරයි. එනම් බඩවැල් ආශ්‍රිතව ඇති වන පිළිකා ඇතිවීම වළක්වා ගැනීමට සූදුරු පානය භාවිතය වඩාත් සුදුසුවේ.

ආහාර ජීර්ණය ක්‍රියාවලිය ක්‍රමවත් කරයි.වයස් භේදයකින් තොරව ඇතිවන ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත ගැටලු සමනය කරගැනීමට සුදුරු පානය භාවිතා කිරීම වඩාත් යෝග්‍යවේ.  එනම් සුදුරු පානය භාවිතා කිරීමෙන් ඒවායෙහි අඩංගු තන්තු බඩවැල් හොඳින් චලනය කර ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත් කිරීම සිදු කරයි. එනම් ඉන් ආහාර රුචිය ද වර්ධනයවේ.

ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නංවයි.නිරෝගී දිවියක් ගත කිරීම සඳහා ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත්ව පැවතීම වඩාත් වැදගත් වේ. එනම් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර ගැනීමට සූදුරු පානය භාවිතා කිරීම ගුණදායකය.  එනම් සූදුරු වල අඩංගු විටමින් සී ප්‍රතිඔක්සිකාරක ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නංවා නොයෙක් රෝග  ඇතිවීමෙන් ආරක්ෂාව සලසනු ලැබේ. 

ශරීරය සිසිල් කරයි.බොහෝ දෙනෙකු ශරීරය උෂ්ණාධික භාවය හේතු කොටගෙන විවිධ ලෙඩ රෝගවලට ගොදුරු වී තිබේ. එනම් ශරීර ගත දාහය චර්ම රෝග මේ අතර ප්‍රධාන වේ. මෙවැනි අවස්ථාවක ශරීරය සිසිල් කර ගැනීම සඳහා සුදුරු පානය භාවිතා කළ හැකිය. එනම් සූදුරු වල අඩංගු සිසිල් කාරක ගුණය ශරීරය සිසිල් කර දාහය සමනය කරයි.

මලබද්ධය අර්ශස් සුව කරයි.මලබද්ධය ඇතිවීමට බලපාන ප්‍රධාන හේතුව ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත ගැටලු පැවැතීමයි. එනම් තන්තු සහිත ආහාර නොගැනීම, සිරුරට අත්‍යවශ්‍ය ජලය අවම වීම හේතුකොටගෙන මෙම රෝග තත්ත්වය ඇති වනු ලැබේ. එනම් මෙවැනි අවස්ථාවක සුදුරු පානය භාවිතා කරන්නේ නම් ඉන් හොඳින් ආහාර ජීර්ණය වී මල බද්ධය සමනය වීම සිදුවේ. එමෙන්ම අර්ශස් රෝගීන්ට ද මෙම පානය භාවිතා කිරීම වඩාත් සුදුසුවේ.

හෘද රෝග ඇතිවීම වලක්වයි.වර්තමානය වන විට හෘදයාබාධ නිසා බොහෝ දෙනෙකු පීඩාවට පත්ව සිටී. එනම් බොහෝ විට හෘදයාබාධ ඇති වීමට හේතු වන්නේ ගනු ලබන ආහාර රටාව හෝ ගත කරන ජීවන රටාවයි. එනම් හෘද රෝග ඇතිවීම වලක්වා ගැනීමට සූදුරු පානය භාවිතා කළ හැකිය.  සූදුරු දිනපතා භාවිතා කිරීමෙන් සූදුරු වල අඩංගු පොටෑසියම් රුධිර නාල හැකිලීම වළක්වා රුධිර නාල විස්තාරණය කර ක්‍රමවත්ව රුධිරය හෘදයට සැපයීම සිදුකරයි. එනම් මේ නිසා හෘද රෝග ඇතිවීම පාලනයවේ. 

චර්ම රෝග සමනය කරයි.සමෙහි රෝග සමනය කිරීම සඳහා  සූදුරු පානය භාවිතා කිරීම යෝග්‍ය වේ. එනම් විශේෂ කොට සම මත ඇතිවන දද ,කුෂ්ඨ, දිලීර ආසාධනයන් සුව කිරීමට සූදුරු පානය භාවිතා කිරීම වඩාත් ගුණදායක වේ.  එනම් සූදුරු වල සමට හිතකර විටමින් A,B,C  අඩංගු වන අතර එම විටමින් සමෙහි කොලජන් නිෂ්පාදනය වැඩිකර සම පැහැපත් කිරීමට උපකාරී වේ. 

රක්තහීනතාවය සමනය කරයි.ශරීරයට අත්‍යවශ්‍ය යකඩ ඌණ වීම හේතුවෙන් රක්තහීනතාවය හෙවත් රුධිරගත හිමොග්ලොබින් නිෂ්පාදනය අවම වීමේ රෝග තත්ත්වය ඇති වනු ලැබේ. එනම් මෙම රෝගය සමනය කරගැනීමට යකඩ අඩංගු සූදුරු පානය භාවිතා කිරීම වඩාත් යෝග්‍ය වේ. එනම් දිනපතා සුදුරු පානය භාවිතා කරන්නේනම් සූදුරු වල අඩංගු යකඩ රුධිරගත හිමොග්ලොබින් නිෂ්පාදනය වැඩිකර රක්තහීනතාවය සමනය කිරීම සිදු කරයි. 

හිසකෙස් නීරෝගී කරයි.හිසකෙස් ගැටලු සමනය කර ගැනීම සඳහා එනම් හිසකෙස් ගැලවී යාම, හිසකෙස් කැඩීයාම, හිසකෙස් අග පැලීම, ආදී  හිසකෙස් සම්බන්ධ ගැටලු සමනය කිරීම සඳහා සූදුරු පානය දිනපතා භාවිතා කිරීම යෝග්‍ය වේ.

එනම් සූදුරු වල අඩංගු යකඩ, විටමින් පෝෂ්‍ය පදාර්ථ හිසකෙස් නීරෝගී කර හිසකෙස් සම්බන්ධ ගැටලු සමනය  කිරීම සිදුකරයි.මීට අමතරව 

  • කොලෙස්ටරෝල් පාලනය කිරීම සඳහා 
  • ආහාර රුචිය වැඩි කිරීම සඳහා 
  • මව් කිරි වර්ධනය කිරීම සඳහා 
  • අස්ථි නීරෝගී කිරීම සඳහා 

ආදී වූ බොහෝ රෝග සමනය කිරීමට සූදුරු පානය දිනපතා භාවිතා කිරීම වඩාත් යෝග්‍ය වේ.

නමුත් නිදන්ගත රෝග සඳහා ඖෂධ භාවිතා කරන විට සුදුරු පානය භාවිතා කිරීම සුදුසු නොවේ.