සීනි ඇටයක්වත් කන්නේ නැතුව සතියක් සිටීමෙන් සිරුරට සිදුවෙන දේවල් 12 ක්

health tips

පැණි රසට අපි හැමෝම කැමතියි. නමුත්, අධික සීනි පරිභෝජනය  කියන්නේ අපේ සිරුරට එතරම් හිතකර දෙයක් නොවේ. ප්‍රමාණය ඉක්මවමින් ආහාරයට ගැනීම බරපතල සෞඛ්‍යය ගැටලු පවා ඇති කිරීමට හේතුවක් විය හැකියි.  දිව පිනවීමට වඩා ඔබේ සෞඛ්‍යය ගැන ඔබ වැඩිවශයෙන් සැලකිලිමත් විය යුතුයි. අද අපි ඔබව දැනුවත් කරන්නේ සීනි පරිභෝජනය සීමා කිරීම හෝ කෙටි කලකට හෝ සම්පූර්ණයෙන් නතර කිරීමෙන් ඔබේ සිරුරට ලබාගත හැකි විශ්මිත ප්‍රතිලාභ කිහිපයක් ගැනයි.

ගැබ්ගැනීම පහසු වේ හාවඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් සොයාගෙන ඇති කරුණු අනුව හෙලි වී ඇත්තේ පැණි රස ආහාර පරිභෝජනය හේතුවෙන් කාන්තාවන්ගේ ඩිම්බ වල ගුණාත්මක බව අඩු වීම සහා ගැබ්ගැනීමට ඇති හැකියාව අවම වීම සිදුවන බවයි.රුධිරයට එක්වන සරල සීනි (ග්ලූකෝස්) බවට පත් වූ සීනි අග්න්‍යාශය මඟින් ශ්‍රාවය කෙරෙන ඉන්සියුලින් හෝර්මෝන මඟින් සෛල තුලට උරාගනිමින් ශක්තිය බවට පත්කරයි.ගර්භනිභාවය හා සම්බන්ධ හෝර්මෝන වලට ඉන්සියුලින් හෝර්මෝනය ද සමානකම් දක්වයි. අධික ලෙස ප්‍රසාදිත සීනි පරිභෝජනය කල විට සිරුරේ ඉන්සියුලින් හෝර්මෝන මට්ටම ද ඉහළ යයි. එසේ වූ ඉන්සියුලින් සහ ඩිම්බ සෛල මේරීමට උපකාරී වන හෝර්මෝන වෙන්කර හඳුනාගත නොහැකි ආකූල තත්වයකට සිරුර පත්වේ. එහිදී සිරුරේ ක්‍රියාත්මක වී එම හෝර්මෝන මට්ටම පහළ දැමීමට කටයුතු කරයි. එහි ප්‍රතිඵලයක් ලෙස කාන්තා සිරුරේ මේරූ ඩිම්බ ප්‍රමාණය අඩු වන අතර එවැනි කාන්තාවන් හට ගැබ්ගැනීම අපහසු විය හැකියි.

හිසකෙස් වඩාත් ඝනකමින් යුතුව වර්ධනය වේ චර්ම රෝග විශේෂඥයින්ට අනුව සීනි මගින් හිසකෙස් සිහින් වීම හා හිසකෙස් ගැලවී යාමට ප්‍රධාන වශයෙන් හේතු සාධක විය හැකි බවයි. මෙය සිදු වන්නේ ඉහළ ගොස් ඇති ග්ලූකෝස් මට්ටම නිසා ඉන්සියුලින් සහ ස්ටෙරොයිඩ් වැනි  හෝර්මෝන මට්ටම් අසමාන ලෙස ශ්‍රාවය වීමට පටන්ගැනීමයි.ඒ හේතුවෙන් හෝමෝන සමතුලිතතාවය නිරන්තරයෙන් වෙනස්වීමට පටන්ගනියි. එවිට හිස්කබලට හොඳ පෝෂණයක් නොලැබි ගොස් හිසකෙස් දුර්වල වී හිසකෙස්  වැටීමට පටන් ගනී.  දැනටමත් සිදු වී ඇති හානිය යථා තත්වයට පත් කරගැනීමට නිරෝගි සමබල ආහාර වේලක් ලබාගත්තද බොහෝ දුරට නොහැකි වනු ඇති නමුත් අනාගතයැදි  හිසකෙස් වැටීයාම ඉන් වළක්වා ගත හැකි බව වෛද්‍යවරුන් උපදෙස් ලබාදෙති

මොලයේ ධාරිතාව වැඩි වි ඔබේ මතක ශක්තිය වැඩිදියුණු වේ යම් පැණි රස දෙයක් කැමට ප්‍රියතාවක් දැනුනත් මොලය ‘එපා’ යනුවෙන් ඔබට සංඥා කරාවි. මෙසේ වන්නේ ඇයි?  අධ්‍යයනවලින් හෙළි වූයේ අප සීනි ආහාරයට ගන්නා විට සිරුරේ බර වැඩි නොවුනත්, අපගේ සංජානන කාර්යයන්  වඩාත් මන්දගාමී වීමත් සමඟ අපේ මොලයට දැඩි අපහසුකාරි බවක් දැනෙන බවයි.මතකය දුර්වල වී තීරණ ගැනීමේදී ද පසුගාමීව දුර්වල වීමට ඉඩ ඇත. ඊට අමතරව, අපගේ මොලය සතු ධාරිතාව නැතිවී යාම සහ මොලයේ ඇතැම් කොටස් ප්‍රමාණයෙන් කුඩා වී යාම වැනි තත්වයන් ඒ හේතුවෙන් ඇතිවිය හැකි බව අධ්‍යයනයන් මඟින් හෙලිකරයි.

නිතර බඩගින්න ඇතිවීම සහ ආහාර වලට ඇති ගිජුකම අඩුවී යයි ආහාර පාන ඔස්සේ ශරීර ගත වන සීනි අපගේ මානසික හැකියාවන්ට සහ ස්වයං-පාලනයට බලපෑම් ඇතිකරයි. අධ්‍යයනයන් ආශ්‍රයෙන් ඉදිරිපත් වී ඇති මේ කරුණ සම්බන්ධයෙන් වැඩිදුරටත් සඳහන් වන්නේ මොලයේ ඇතැම් කොටස් වලට සීනි පරිභෝජනය නිසා ආසක්ත බලපෑම් (addictive effects) ඇතිවිය හැකි බවයි. අප සීනි ආහාරයට ගන්නා විට සිරුරේ ඇති බඩගින්න අවුලුවාලන හෝර්මෝනය ඉහළ යාමට පටන්ගන්නා අතර බඩගින්න පාලනය කරන හෝර්මෝන පහළ යාම සිදුවේ. එහිදී සිදුවන්නේ ඉහළ කැලරි අගයක් ඇති සීනි, පිෂ්ඨය අඩංගු ආහාර වර්ග රසවිඳීමට බලවත් ආශාවක් ඇතිවීමයි. ඒ නිසා ඒවා අධික ලෙස ආහාර ගැනීමට පෙලඹීමක් ඔබ තුල ඇතිවේ.

මනෝභාවයන් නිරන්තරයෙන් වෙනස්වීම නතර වි ඔබට තෘප්තිමත් බවක් දැනේවි.සීනි අධික ලෙස ආහාරයට ගැනීමෙන් මනෝභාවය ආශ්‍රිත පීඩාකාරි ස්වභාවයන් හා මානසික අවපීඩනය ඇති විය හැකි බව විද්‍යාඥයින්ගේ මතයයි. පිරිපහදු කළ සීනි අධික ලෙස අඩංගුව ඇති ආහාර ගැනීමෙන් කාංසා ස්වභාවය වඩාත් ප්‍රබල විය හැකි අතර එහි බලපෑමෙන් එම පුද්ගලයා ජීවිතය සතුටින් ගත කිරීම වළක්වයි. මෙය සිදු වන්නේ පිරිපහදු කළ සීනි අපගේ ශරීරයෙන් විටමින් B බැහැර කරන නිසා වන අතර විටමින් B යනු අපගේ මනෝභාවයට වගකිව යුතු ප්‍රධාන නියෝජිතයන්ගෙන් එකකි. පුදුමයට කරුණක් නම්, වෛද්‍යවරුන් දියවැඩියාවට පමණක් නොව මානසික අවපීඩනයටද ප්‍රතිකාර කිරීම සඳහා ඉන්සියුලින් භාවිතා කරන අතර මෙම ප්‍රතිකාර මඟින් යහපත් ප්‍රතිඵල පෙන්නුම් කර ඇත.

ඔටෝ-බෘවරි සින්ඩ්‍රෝම (auto-brewery syndrome) තත්වය ඇතිනොවේ අන්ත්‍ර තුල සිටින යීස්ට් අධික ලෙස එතනෝල් නිපදවීමට පටන්ගන්නා අතර අසාමාන්‍ය ලෙස රුධිරයේ මද්‍යසාර මට්ටම ඉහළ යාම නිසා ඇතිවන මත් ස්වභාවය මෙම සින්ඩ්‍රෝම තත්වයේ ලක්ෂණයයි. ඒ අනුව පුද්ගලයෙකු බීමත් අයෙකු නොවූවද මත්පැන් පානය කල අයෙකුගේ ලක්ෂණ පෙන්නුම් කරයි. අන්ත්‍ර තුල ආහාර පැසවන තත්වයක් වන අතර මෙම ක්‍රියාවලිය බියර් පෙරීමේ ක්‍රියාවලිය වැනිය. එම එතනෝල් රුධිරයට මුදාහැරීම සිදුවන හේතුව නිසයි මෙම මත් ගතිය ඇතිවන්නේ.සෑම පුද්ගලයාගේම අන්ත්‍ර තුල පැසවීම සිදුවේ, නමුත් සීනි එය වඩාත් නරක අතට හරවන අතර මෙම ස්වභාවික ක්‍රියාවලිය යීස්ට් සහ බැක්ටීරියාවන්ගේ ආහාරය බවට පත්කරවයි.

සම හානි වී ඇති ස්වභාවය (sugar face) අවම කරගත හැකියි චර්ම රෝග විශේෂඥයින් කියා සිටින්නේ සීනි  මඟින් හෝමෝන ආතතියක් ඇතිකරවන බවත් එහි ප්‍රතිඵල ලෙස සමේ “සීනි මුහුණේ” යනුවෙන් හඳුන්වන දුර්වල ස්වභාවයක් හටගන්නා බවයි.  සමේ අළු/සුදුමැලි පැහැයක්, ඇතිවීම,ඇහි බැමි සිහින් වීම, මුහුණ පුරා ලප මතුවීම  සහ සම වඩාත් තුනී වි යාම මේ ස්වභාවයේ ප්‍රධාන ලක්ෂණයි. සමේ සුන්දරත්වය ආරක්ෂා කරගැනීමට නම් ඔබේ දෛනික සීනි පරිභෝජනය උපරිමයෙන්ම සීමා කිරීමට උත්සාහ කරන්න.

මුහුණේ සහ සිරුරේ වෙනත් ප්‍රදේශ වල අධික ලෙස අනවශ්‍ය රෝම වර්ධනය වීම වළක්වාගත හැකියි.පිරිපහදු කළ, සැකසූ සීනි අනුභව කරන විට, අපගේ ශරීරයේ අනවශ්‍ය රෝම වර්ධනය වීමේ ගැටලුවට මුහුණ දීමට සිදුවන බව විද්‍යාඥයින්ගේ මතයයි. සීනි මගින් අපගේ රුධිරයේ ඉන්සියුලින් මට්ටම ඉහළ නංවන අතර එමඟින් ටෙස්ටොස්ටෙරෝන් මට්ටම ඉහළ යයි. මෙම හෝමෝනය රෝම වර්ධනය තීව්‍ර කරන අතර රෝම වල වර්ණක වැඩිකරයි. එහි අතිරික්ත ප්‍රමාණයේ බලපෑමෙන් අපගේ තොල් වලට ඉහළින් සහ බඩ මත අඳුරු රෝම වර්ධනය වීම සිදුවිය හැකියි.ඉහළ ඉන්සියුලින් මට්ටම සහ ඉන්සියුලින් ප්‍රතිරෝධකතාව (නොඉවසීම) කාන්තාවන් තුල හටගන්නා පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රෝම් නම් තත්වය ඇති වීම කෙරෙහි අන්තර්සම්බන්ධතාවක් ඇති බව සඳහන් වේ.

සම වේගයෙන් වියපත් වීම වළක්වාගත හැකියි සීනි මගින් කුරුලෑ ඇතිවීම පමණක් නොව, අපගේ සම වයසට යාම ද වේගවත් කළ හැකි බව විද්‍යාඥයින් පවසති. සීනි ශරීරගත වීමේදි සමේ කොලජන් වලට හානි සිදුවිම කෙරෙහි ද ඉන් බලපෑම් ඇතිකරවන  අතර පාරජම්බුල කිරණ මගින් මෙම ක්‍රියාවලිය ඊටත් වඩා වේගවත් කරයි. එහිදී අපේ සමේ නම්‍යශීලි බව අඩුවී ගොස් සම හානිවූ ස්වභවයකට පත්වී සම ‍රැළි වැටීමට සහ එල්ලා වැටීමට පටන්ගනියි. අපගේ පරිවෘත්තීය හා ශරීර සංයුතියට වගකිව යුතු මානව වර්ධන හෝමෝනය ද සීනි මඟින් මර්දනය වීම සිදුවිය හැකි අතර මෙම හෝමෝනයේ අඩුකම නිසා අපේ පෙනුම මෙන්ම අපට දැනෙන හැ‍ඟෙන ආකාරයත් වයස්ගත වූ අයෙකුගේ මෙන් ස්වභාවයකට පත්විය හැකියි.

සිරුරේ අස්ථි වල ශක්තිමත් බව ආරක්ෂා වේ ලුණු මගින් අපගේ අස්ථි වඩාත් බිඳෙනසුලු බවට පුළුල් මතයක් පවතී. මන්දයත් එය අප ශරීරයෙන් මූත්‍රා බැහැර කරන විට අපගේ ශරීරයෙන් කැල්සියම් ද ඉවත් කරන නිසාය. නමුත්  වෛද්‍යවරු පවසන ආකාරයට අනුව අපගේ අස්ථිවල ස්වභාවය ඊටත් වඩා නරක අතර හැරවිය හැකි ද්‍රව්‍යයක් ලෙස සීනි හඳුන්වන්වාදිය හැකිය. සීනි නිසා අපගේ ශරීරයට විටමින් ඩී පරිවෘත්තීය කිරීම අපහසු වන අතර එය ඇත්ත වශයෙන්ම අපගේ අස්ථි වල ඇති කැල්සියම්, මැග්නීසියම් සහ අනෙකුත්  පෝෂ්‍යය  පදාර්ථ ඉවත් කරවන බව මෑතකදී සිදුකල පර්යේෂණයකින් හෙලි වී තිබුණි. ඒ හේතුවෙන් ඔස්ටියෝපොරෝසිස් වැනි තත්වයන් වර්ධනයට තුඩු දිය හැකි අතර අපගේ අස්ථි පටක බිඳෙනසුලු  බවට පත්විය හැකියි.

ඔසප් සමයේදි ඇතිවන මස්පිඬු පෙරළීම් වේදනා අවම වේ නාරිවේද  වෛද්‍යවරුන්  කියා සිටින්නේ ඔසප් සමයේදි පැණි රස දේවල් කෑමට සිත් වුවද සීනි නිසා  ඇත්ත වශයෙන්ම එම තත්වය නරක අතට හැරිය හැකි බවයි. ඔවුන් පවසන ආකාරයට අනුව, සීනි මගින් ප්‍රදාහය ඇතිකරවන නිසා මස් පිඬු වේදනා තවත් උග්‍ර වීම සිදුවිය හැකි බවයි.ඊට අමතරව, අධික ලෙස බඩ පිපුම, උදරයේ කැක්කුම් සහ ගෑස් හටගැනීම සිදුවිය හැකි අතර ඔසප් කාල සිමාවේදී මෙම තත්වයන් තවත් දරුණු ලෙස වැඩිවිය හැකි බවයි.

සිරුරේ ප්‍රතිශක්තිකරණය ඉහළ යයි නිතිපතා සීනි පරිභෝජනය කිරීම නිසා  අපගේ රුධිරයේ සීනි ඉහළ මට්ටමකට වැඩිවීම අප අපගේම ප්‍රතිශක්තිය අක්‍රීයකරගැනීමට එක් හේතුවක් බව විද්‍යාඥයින් පෙන්වාදෙති. බැක්ටීරියා සහ වෛරස් වලට එරෙහිව සටන් කරමින් සිරුර ආරක්ෂා කරවන සුදු රුධිරාණු වලට සීනි පරිභෝජනය අහිතකර ලෙස බලපෑම් කරයි. සෝඩා බෝතලයක්