මොළය ඔබේ ශරීරයේ ඇති වැදගත්ම අවයවයන් අතරින් එකකි. අප සැවොම දන්නා පරිදි, අපගේ ජීවන රටාවේ පුරුදු අපේ සෞඛ්‍යයට බලපායි. නිදසුනක් වශයෙන්, පුද්ගලයෙකුට ප්‍රමාණවත් ව්‍යායාම නොලැබෙන්නේ නම් හෝ අධික ලෙස ආහාර ගන්නේ නම්, ඔහුගේ / ඇයගේ සිරුරේ බර වැඩිවිම සිදුවේ. මේ හා සමානව අපේ එදිනෙදා ජිවිතයේ මොළයට බලපෑම් කළ හැකි හානිකර පුරුදු ද බොහෝ ය. අවාසනාවකට මෙන් මොළයට හානි කළ හැකි මෙම නරක පුරුදු නිසා ඇති වන බලපෑම් අපට ක්ෂණිකව දැනෙන්නේ කලාතුරකිනි. එනම් හානිය පිළිබඳව බොහෝ විට අප දැනුවත් වන්නේ බොහෝ විට ප්‍රකෘති තත්වයට පත්කළ නොහැකි මට්ටමක් දක්වා එය උත්සන්න විමෙන් අනතුරුව විය හැකියි.
අප වයසට යත්ම මොළයේ ක්‍රියාකාරිත්වය අඩුවීම සාමාන්‍ය දෙයකි. කෙසේ වෙතත්, සමහර හානිකර පුරුදු ඇත්ත වශයෙන්ම මොළයේ පරිහානියේ ක්‍රියාවලිය වේගවත් කළ හැකිය. එම නිසාමොළයේ තියුණු බව හා මානසික සෞඛ්‍යයේ යහපැවැත්ම රැකගැනීමට නම් මෙවැනි වැරදි පුරුදු වලින් හැකිතාක් බැහැර විය යුතු බව විශේෂඥ මතයයි.
මොළයට හානි කරන පුරුදු

අසනීපයෙන් සිටින විට පවා වැඩකිරීම-සිරුරට දරාගත හැකි ප්‍රමාණය ඉක්මවා වැඩකිරීම (overworking) ඔබව ආතතියට පත්කළ හැකියි. එපමණක් නොව අධික තෙහෙට්‍ටුව නිසා ඔබව ලෙඩවීමට පවා ඉඩ තිබෙයි.සිරුර ලෙඩවී තිබියදී ආයාසයෙන් යුතුව දිගින් දිගටම වැඩකිරීම මොළයේ ශක්තිය පිරිහීමට බලපාන ප්‍රබල හේතුවකි.සිරුර රෝගී වී තිබෙන විට ආසාදනයට එරෙහිව සටන් කරමින් සිරුර ප්‍රකෘතිමත් වීමට සිරුර තුළම දැඩි සටනක් සිදුවෙමින් පවතියි.එවැනි දුර්වල තත්වයක දී තව තවත් සිරුරට වදදීම කායිකව මෙන්ම මානසිකව ද ඔබේ සෞඛ්‍ය තව තවත් පිරිහීයාමට බලපායි.එම නිසා එවැනි දින වල හොඳ විවේකයක් සිරුරට ලබාගැනීම ඉතා වැදගත්. එය සිරුර යථා තත්වයට පත්වීම සඳහා ඉතා වැදගත් සහයක් ලබාදෙයි.
අධික ලෙස සීනි පරිභෝජනය කිරීම-ප්‍රසාදිත හෙවත් පිරිපහදු කළ සීනි අධික ලෙස පරිභෝජනයට එක්කරගැනීම මොළයේ හා ශරීරයේ ප්‍රෝටීන් ඇතුළු අනෙකුත් පෝෂක උරාගැනීමේ හැකියාව දුර්වල කරවන බව සොයාගෙන තිබේ.මතක ශක්තිය දුර්වල වීම, නිතර නිතර අමතක වීම, ඉගෙනීමේ ආබාධ,අධික්‍රියාකාරීත්වය (hyperactivity),ව්‍යාකූලබව හා විෂාදය වැනි තත්වයන්ට පවා මෙය තුඬු දිය හැකිය.සීනි බහුල ආහාර පාන මෙන්ම පිෂ්ටය බහුල ආහාර පාන වලින් හැකිතාක් වළකින්න. දෛනික සීනි පරිභෝජනය හැකිතාක් අඩුකරන්න.මෙය ඔබේ ප්‍රජානන සෞඛ්‍යයේ (cognitive health) නීරෝගී බවට ඉතා වැදගත්.
ආහාර වේල් මගහැරීම-මොළයේ නීරෝගී බව රඳාපවතින්නේ ඊට හොඳ පෝෂණයක් ලැබුණහොත් පමණි.ඒ නිසා දිනපතා නිසි වෙලාවට ආහාර වේල් ගැනීම ඉතා වැදගත්.බොහෝ අය උදෑසන ආහාර වේල ඇතැම් විට කාර්යබහුලකම නිසා දිවා ආහාර වේල මගහැරගනිති.මෙය ඉතා අහිතකර පුරුද්දකි. මොළයට හොඳින් ග්ලූකෝස් හා අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ නොලැබීම දිගුකාලීනව මොළයේ සෛල හානිවීම හා පිරිහීමට හේතුවිය හැකි බව පෙන්වාදේ.
විනෝදාස්වාදයට අනවශ්‍ය ලෙස ලොල්වීම-විනෝදය අහිතකර දෙයක් නොවුණත් අධික ලෙස කාලය වැය කරමින් ඕනෑවට වඩා ඒවාට යොමුවීම ඔබේ මොළයට හානිකර විය හැකියි.දිගු වෙලාවක් ඉයර්ෆෝන් වැනි මෙවලම් භාවිතයෙන් ගීත ඇසීම, බොහෝ වෙලාවක් රූපවාහිනි නැරඹීම, පැය ගණන් දුරකථනය භාවිත කිරීම එවැනි අහිතකර පුරුදු කිහිපයක්.දවස පුරා වැඩි පැය ගණනක් රූපවාහිනි නරඹන පුද්ගලයින්ගේ මොළයේ බාහික කොටස්වල ධාරිතාව අඩුවීමට බලපෑ ඇති බව පර්යේෂණ මඟින් සොයාගෙන තිබේ.සමාජ මාධ්‍ය වල අනවශ්‍ය ලෙස එල්බගෙන සිටීම පුද්ගලයින් තුළ විශාදය, ආතතිය, කාංසාව,තනිකම,ආත්මවිශ්වාසය අඩුවීම, තමාට ම හානිකරගැනීම වැනි මානසික ගැටලු ඇතිවීමට බලපාන බව ද පර්යේෂණ මඟින් පෙන්වාදී තිබේ. විනෝදාස්වාද මාධ්‍ය පරිහරණය කිරීමේදි ඒවායේ ගුණාත්මක බව වගේම ඔබ ඒ වෙනුවෙන් වැය කරන කාලය පිළිබඳව ද සැලකිලිමත් විය යුතුයි.
නිදානොගැනීම-හොඳ නින්දක් ලැබුණු විට අපි සැමෝටම වඩාත් ප්‍රබෝධයක් දැනේ. කෙසේ වෙතත්, ප්‍රමාණවත් නින්දක් නොලැබීම පුරුද්දකට යාම මොළයට අහිතකර ලෙස බලපායි. පහත සඳහන් ආකාර වලින් නින්ද නොමැතිකම මොළයට අහිතකර ලෙස බලපායි:ඔබේ සිතුවිලි ක්‍රියාවලිය මන්දගාමී වන අතර කාර්යයන් ඉටු කිරීම වඩාත් අපහසු වේ;අමතක වීම වැඩි කරන අතර කෙටිකාලීන මතකය කෙරෙහි බලපායි;ඉගෙනීම වඩාත් දුෂ්කර වේ;නුරුස්නා බව සහ මනෝභාවය වෙනස් වීමට හේතු වේ.නින්ද නොමැතිකම ඇත්ත වශයෙන්ම ඔබේ මොළයට ශාරීරිකව හානි කළ හැකිය. ජාතික ස්නායු ආබාධ හා ආඝාතය පිළිබඳ ජාතික ආයතනය වාර්තා කළේ අප නිදා ගන්නා විට දිවා කාලයේ සෑදී ඇති විෂ ද්‍රව්‍ය බැහැර කිරීමේ කාර්ය උදෙසා මොළයේ සෛලීය ව්‍යුහයන් වෙනස් වන බවයි.දිනකට පැය 7-8ක් පමණ හොඳ රාත්‍රී නින්දක් ලබාගැනීමට පුරුදුවන්න.

නිතර අවලාද නැගීම-නිතර දොස් කීම, චෝදනා කිරීම, පැමිණිලි කිරීම හොඳ පුරුද්දක් නොවේ. ඒ සඳහා ඔබේ වටිනා කාලය වැය කිරීමද ඵල රහිතයි.පුද්ගලයෙකු දිනකට මිනිත්තු 30ක් පමණ මෙවැනි දෙයක් වෙනුවෙන් කාලය වැය කළහොත්, ඒ බලපෑම් ඔහුගේ/ඇයගේ මොළයට භෞතික වශයෙන් ඇතැම් හානිවීම් ඇතිකළ හැකිබව අධ්‍යයන මඟින් පවා සොයාගෙන තිබෙයි. පැමිණිලි නගන්නා වගේම පැමිණිලි අසන්නාට ද මෙය සෘණාත්මකව බලපායි. දිනපතා මෙවැනි දේවල් ඇසෙන විට මොළයේ හිපොකැම්පසය නම් කොටසේ ස්නායු වලට එය බලපාන බව ද පෙන්වාදේ.මෙම කොටස ගැටලු විසඳීම, නිරවුල්ව සිතීම ඇතුළු ප්‍රජානන කුසලතා වලට ඉතා වැදගත්ය. ඔබේ චිත්තාවේග පාලනය කරගැනීමට භාවනා, ශ්වසන අභ්‍යාස වැනි වෙනත් හිතකර විකල්ප තෝරගන්න.
ක්‍රියාශීලිබව අඩුකම-ව්‍යායාම නොකිරීම සහ සිරුරේ ක්‍රියාශීලි බව අඩුකම පුද්ගලයාගේ මොළයේ ශක්තිය අඩුවීමට,අස්ථායි වීමට හා චාලක කුසලතා දුර්වල වීමට හේතුවේ.කායික නීරෝගිබව මොළයේ යහපැවැත්ම උදෙසා ප්‍රතිලාභ දෙයි.නිතිපතා ව්‍යායාම වල යෙදීම මොළයේ නීරෝගිබවට හිතකර බව පෙන්වාදෙන්නේ මේ හේතුව නිසයි.මතක් ශක්තිය හා ප්‍රජානන කුසලතා (cognitive skills) වර්ධනය වීමට සහය වෙයි.ධමනි නිරෝගී කරමින් මොළය වෙත ඇති රුධිර සංසරණය ක්‍රමවත් කරයි.කඳු නැගීම, පිහිනීම, දිවීම සහ වෙනත් ක්‍රීඩා වලට අමතරව ඒරොබික්, යෝගා, සුම්බා වැනි අභ්‍යාස ක්‍රම වල නිරතවීමෙන් සිරුරට හොඳින් ව්‍යායාම ලැබෙයි.