ගෑස්ට්‍රයිටිස් රෝගය සමනය කරන උක් යුෂවල ඖෂධීය ගුණ

health tips

උක් යනු රසවත් මෙන්ම ගුණවත් බහු වාර්ශික ශාක විශේෂයකි. පුරුක් සහිත දිගු දණ්ඩක් ආකාරයට වැඩෙන උක් ශාකය වැඩිවශයෙන් දැකගත හැක්කේ වියළි දේශගුණයක් සහිත තෙතමනය සහිත ප්‍රදේශ වලය. එනම් උක් ශාකයේ පත්‍ර කොපු වලින් වටවී ඇති අතර පොලව යට ඇති රයිසෝමය තුළ විශාල මුල් සංඛ්‍යාවක් අඩංගුවේ. පිහාටුවක් ලෙස මල් හට ගන්නා අතර කලාතුරකින් ගෙඩිද දැකගත හැකිය.වර්තමානය වන විට බොහෝ රටවල උක් වගාව සිදු කරන අතර උක් ප්‍රභේද කිහිපයක් හඳුනාගත හැකිය.

  • කලු උක්
  • රතු උක්
  • සීක උක්
  • පුංඩ උක්
  • කරංග උක්

යනුවෙන් එම ප්‍රභේද හඳුනා ගත හැකිය.එනම් වයස් භේදයකින් තොරව බොහෝ දෙනෙකු උක් ආහාරයට ගැනීමට වැඩි කැමැත්තක් දක්වන අතර ආහාරයට ගැනීමට පෙර එහි ඝනකම් පොත්ත ඉවත් කර කැබලිවලට කපා හොඳින් සපා එම යුෂ පානය කිරීම මගින් උක් රස විඳිය හැකිය.

මෙසේ උක් ආහාරයට ගැනීමට අමතරව ආයුර්වේදය තුළ උක් භාවිතා කර රෝග සඳහා ප්‍රතිකාර කළ හැකිය. එනම් ඒ සඳහා උක් ශාකයේ මුල්, පත්‍ර ,යුෂ වැඩි වශයෙන් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ හා යුනානි වෛද්‍ය විද්‍යාව තුළ භාවිතා කරනු ලැබේ.

එනම් උක් යුෂ පානය කිරීම මගින් ශරීරයේ ඇතිවන බොහෝ රෝග සමනය කර ගත හැකිය. එනම් ඊට හේතුව ශරීරයට බොහෝ හිතකර පෝෂ්‍ය පදාර්ථ උක්වල අඩංගු වීමයි.එනම් ඒ අතර ඇමයිනෝ අම්ල,කාබනික අම්ලය, ඇස්කෝබික් අම්ලය, මේද අම්ලය,යකඩ කැල්සියම් ,සින්ක්, සුක්‍රෝස්,පොටෑසියම්,විටමින් බී, තන්තු ,ප්‍රොටීන් පොලිපිනෝල්, මැංගනීස් පොස්පරස්, කොපර් , කැරොටීනොයිඩ්, ග්ලුකෝස්, පෘක්ටෝස් …. මේ ආදී වූ බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් උක්වල අඩංගුවේ.ඊට අමතරව

  • ප්‍රධාන වශයෙන් උක්වල ගුණයන් ත්‍රිත්වයක් පවතී.
  • ප්‍රතිදාහ ගුණය
  • ප්‍රතිඔක්සිකාරක ගුණය
  • ප්‍රතිශක්තිකරණ ගුණය යන ත්‍රිත්වය ප්‍රධානවේ.මේ ආදී වූ ගුණයන්ගෙන් අනූන උක් භාවිත කිරීමෙන් බොහෝ රෝග ඇතිවීම පාලනය කර ගත හැකිය.

හෘද රෝග ඇතිවීම පාලනය කරයි.වර්තමානය වන විට බොහෝ දෙනෙකුට පවතින මාරාන්තික රෝගයක් ලෙස හෘද රෝගය හැඳින්විය හැකිය. හෘද රෝග ඇති පුද්ගලයින් මෙන්ම හෘද රෝග ඇතිවීම වලක්වා ගැනීමට ද අප සෑම සියලු දෙනාම කටයුතු කළ යුතුය. එනම් හදවතට හිතකර ඖෂධයක් ලෙස උක් දඩු හැඳින්විය හැකිය. එනම් උක් යුෂ පානය කිරීමෙන් උක්දඬු වල පවතින රයිබොප්ලෙවින් සහ පොටෑසියම් හෘද රෝග ඇතිවීමට හේතුවන අධිරුධිර පීඩනය ඇතිවීම වළක්වා හෘදයේ මනා ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යාමට උපකාරීවේ. ඒ නිසා හෘද රෝග ඇතිවීම
පාලනයවේ.

මුත්‍ර රෝග සමනය කරයි.මුත්‍ර පද්ධතිය ආශ්‍රිතව ඇතිවන මුත්‍රා දැවිල්ල, නිතර නිතර මුත්‍රා පිටවීම ,මුත්‍රා ගල් ඉවත් කිරීම, මුත්‍රා අඩස්සිය වැනි රෝග තත්ත්වයන් සමනය කිරීම සඳහා ඖෂධයක් ලෙස උක්දඩු භාවිතා කළ හැකිය. එනම් මේ සඳහා උක්වලින් සාදන ලද හකුරු හා උක් යුෂ පානය කිරීම ගුණදායක බව සඳහන්වේ.

අම්ල පිත්ත රෝගය සුව කරයි.අම්ල පිත්ත හෙවත් ගැස්ට්‍රයිටීස් යනු අද වන විට වයස් භේදයකින් තොරව බාල මහළු සෑම සියළු දෙනාටම පවතින පීඩාකාරී රෝග තත්ත්වයකි. එනම් එම රෝගය ඇතිවූ මුල් අවස්ථාවේ ඒ සඳහා සුදුසු ප්‍රතිකාර මෙන්ම රෝගය පාලනය කරන ආහාර භාවිතා කළ යුතුය. නොඑසේ නම් මෙම රෝගය උත්සන්න වී වෙනත් රෝග ඇති වීමටද එය හේතු විය හැකිය. ගැස්ට්‍රයිටිස් රෝගය පාලනය කිරීම සඳහා භාවිතා කළ හැකි තවත් ගුණදායක ඖෂධයක් ලෙස උක් හැඳින්විය හැකිය. එනම් මේ සදහා උක් යුෂ පානය කිරීම ගුණදායකවේ. උක්වල පවතින සිසිල් කාරක ගුණය මෙම රෝග තත්ත්වය නිසා ඇතිවන බඩ දැවිල්ල,වේදනාව සමනය කර අම්ලපිත්ත රෝගය ඇතිවීම පාලනය කරනු ලැබේ.

ආහාර ජීර්ණය පහසු කරයි.බොහෝ දෙනෙකුට පවතින ආහාර ජීරණය නොවීමේ ගැටලු සමනය කිරීම සඳහා උක් ආහාරයට ගැනීම ගුණදායකවේ. එනම් උක් ආහාරයට ගැනීමෙන් එහි අඩංගු තන්තු ආහාර හොඳින් ජීරණය කර ආහාර රුචිය වර්ධනය කිරීමද සිදු කරනු ලැබේ. මේ නිසා ආහාර ජීර්ණය පහසු කර ගැනීමට මෙන්ම ආහාර රුචිය වැඩි කර ගැනීමට උක් ගුණදායක ඖෂධයකි.

මල බද්ධය සමනය කරයි.බොහෝ දෙනෙකු ගනු ලබන ආහාර රටාව හා පවත්වාගෙන යන ජීවන රටාව නිසා මල බද්ධය හෙවත් මලපහ පිට කිරීමට අපහසුවීමේ රෝගය ඇති වනු ලැබේ. මෙම තත්ත්වය ඉතා පීඩාකාරී වන අතර එය සමනය කිරීම සඳහා ඖෂධයක් ලෙස උක් භාවිතා කළ හැකිය. එනම් උක් ආහාරයට ගැනීමෙන් එහි අඩංගු තන්තු බඩ වේලීම වළක්වා මලබද්ධය ඇතිවීම සමනය කිරීම සිදු කරනු ලැබේ. ඊට අමතරව ආහාර ජීර්ණය නොවී ඇතිවන මලපහ පිටවීමේ රෝග තත්ත්වය සමනය කිරීම සඳහා ද උක් දඬු යුෂ ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් ඒ සඳහා උක් දඬු යුෂ, රට ඉදි සහ මිදි යුෂ සමව ගෙන මිශ්‍ර කර සතියක් පමණ තිබෙන්නට හැර පානය කිරීමෙන් එම රෝගය සමනය කර ගත හැකිය.මීට අමතරව

  • මව් කිරි වර්ධනයට
  • උණ සමනය කිරීමට
  • ශරීර ශක්තිය වර්ධනය කිරීමට
  • දියවැඩියාව පාලනය කිරීමට
  • උගුර ආශ්‍රිතව ඇතිවන වේදනාව සමනය කිරීමට
  • රක්තහීනතාවය පාලනය කිරීමට
  • රුධිරය පිරිසිදු කිරීමට
  • මුඛය ආශ්‍රිත රෝග සමනය කිරීමට.
  • පිළිකා මර්දනය කිරීමට
  • දද හා කුෂ්ට රෝග සුව කරයි
  • ගැබිනි මව්වරුන්ට හිතකරයි
  • මාංශ පේශීන් හා අස්ථි ශක්තිමත් කරයි මේ ආදී වූ බොහෝ රෝග සමනය කිරීමට උක් යුෂ ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය.