අතීතයේ අපේ ගැමියන් නිතරම ආහාරයට ගත්තේ පෝෂ්‍යදායි ආහාර. ඒවා වස විසවිසෙන් තොරයි. ඒවා වගේම කෘතිම ආහාරපාන ඔවුන්ගේ ආහාර වේලේ තිබුණෙත් නැහැ. ඉතින් ඒ නිසාම ඔවුන් බොහෝ කාලයක් නිරෝගීව ජීවත් වුණා. ඒත් අද වෙද්දි ලෝකය පුරාම ජනතාව වයස් භේදයකින් තොරව දවසින් දවස ලෙඩ රෝගවලින් මරණයට පත් වෙනවා. මේ තත්ත්වය දවසෙන් දවස වැඩිවීමක් මිස අඩු වීමක් නැහැ. ඉතින් අකාලයේ මියැදෙන්නට අපි කවුරුත් කැමති නැහැ නේ. ඒ නිසා ඔබ මේ අනිවාර්යෙන්ම මේ ලිපිය කියවිය යුතුයි.
දිව පිනවන සිත පිනවන රසවත් ආහාර වේලක් ලබා ගන්නට අපි කොයි කවුරුත් කැමතියි නේ. එදා අපේ කාන්තා පාර්ශවයට ඉතා රසවත්ව ආහාර පිළියෙල කරන්නට හොඳ අත් ගුණයක් තිබුණා. සහජ හැකියාවක් තිබුණා. ඒත් ඉතින් නූතන පරපුරට එවැනි හැකියාවක් සහජයෙන්ම උරුම වෙන්නේ හරිම කලාතුරකින්. මේ නිසාම ආහාර වේලට ක්ෂණික රසයක් ලබා දෙන්න විවිධ රසකාරක ඉවක් බවක් නැතුව ආහාරවලට එකතු කරනවා.
නොදන්නාකම නිසා හෝ වෙළද ප්‍රචාරණ දැන්වීම් වලට මුළාවීම නිසා හෝ එහෙමත් නැත්නම් දිව පිනවීම පමණක් ඔවුන්ගේ අරමුණ වීම නිසා විවිධ වූ ආහාර රස ගන්වන දේවල්වලට යොමුවෙලා ඉන්නවා. ඒ අතරේ අජිනමොටෝ මූලික ස්ථානයක් ගන්නවා. ඒත් අපි අද කතා කරන්නේ අජිනමොටෝ ගැන නෙමෙයි. අපේ ගෘහණියන්ට නැතුවම බැරි සුප් කැට හෙවත් සීසනින් කියුබ් ගැන තමයි අද අපි කතා කරන්නේ.
කුඩා දරුවන්ට පිළියෙළ කරන ආහාරවලට පවා කිසිම අවබෝධයක් නැතිව රසය ගැන විතරක් හිතලා ඔවුන් මේ සුප් කැට භාවිතා කරනවා.ඒත් ඔබ මේ වෙනකොටත් දන්නේ නැතුව ඇති ලෝකයේ බොහෝ රටවල්වල මේ සුප් කැට භාවිතය තහනමට ලක්කර ඇති බව.ඒ වගේම ඒ සම්බන්ධව විවිධ ප්‍රචාරණ පවා තහනම් කර තියෙනවා.
නමුත් අදටත් ලාංකීය අපිට මේ සම්බන්ධව විවිධ වෙළෙඳ දැන්වීම් නිතරම අසන්නට දකින්නට අසන්නට ලැබෙනවා. ඔබ බුද්ධියෙන් විමසා බැලුවොත් ඒවා අපේ ශරීරයට කොතරම් අහිතකර කියලා ඔබට දැනගන්නට ලැබේවි. නිවසේ පිසින කෑම ආහාරයකටම පිටතින් ගන්නා බොහෝ ආහාරවලටත් , රෝගියෙකුට සාදන සුප් වර්ගවලටත් එකතු කරන සුප් කැටය ගැන ඔබට නැවත නැවතත් සිතන්නට සිද්ධ වෙනවා.
අද විවිධ මිල ගණන් යටතේ, විවිධ ප්‍රමාණයන්වලින්, විවිධ රසයන්ගෙන් මේ සුප් කැට අපිට මිලට ගන්නට හැකියාව තියෙනවා. මේවා එළවළු රසයෙන්, මස් රසයෙන්, ළූණු රසයෙන්, කුළුබඩු රසයෙන් විතරක් නෙමෙයි බිරියානිවලට නූඩ්ල්ස්වලට විශේෂ වූ රසවලිනුත් සුප් කැට නිෂ්පාදනය වෙනවා.

ඉතින් උයන පිහන හැමදේකටම සුප් කැටයක් එකතු කරන්නට බොහෝ දෙනෙක් උනන්දුවක් දක්වලා තියෙන්නේ එහි දිව පිනවන අපිව ඇබ්බැහි කරවන සුළු රසය නිසා. නමුත් ඉතින් ක්ෂණික රසයක් බලාපොරොත්තුවෙන් භාවිතා කරන මේ සුප් කැට අපේ මුළු ශරීරයම අඩපණ කරන්නට තරම් ප්‍රබලයි.
මොනවද මේ සුප් කැට කියන්නේ
1908 වසරේදී තමයි ලෝකයට මුලින්ම සුප් කැට හඳුන්වලා දීලා තියෙන්නේ. ඊට පස්සේ බොහෝ දෙනෙක් මෙහි අඩංගු වෙන සුවිශේෂ රසය හේතු කරගෙන සහ පහසුව හේතුකරගෙන දිගින් දිගටම පරිභෝජනයට පෙළඹිලා තියෙනවා.
සුප් කැටවල අඩංගු දේවල් මොනවාද
මොනොසෝඩියම් ග්ලූටමේට්
අධි සාන්ද්‍ර ලුණු
ෆාම් තෙල්
කැරමල්
වර්ණකාරක
මාංශමය රසකාරක
සෝයා සහ හයිඩ්‍රජනීකෘත තෙල්
කුළුබඩු
සංතෘප්ත මේදය
මේ අඩංගු දේවල් එක්ක සුප් කැටයක් එකතු කර සකස් කරපු ආහාරයක් නැවත නැවත කන්නට තරම් ප්‍රියතාවයක් ඇතිවෙනවා. එයට මූලිකම හේතුව තමයි අජිනමොටෝ එහෙම නැත්නම් MSG අඩංගු වීම. එයින් අපේ දිවට උමාමි හෙවත් සේවරි රසය ලැබෙනවා. මේ රසය ස්වභාවිකව තක්කාලි, හතු, කිරි , මාළු ආදියෙන් ලබාගන්නට පුළුවන්.
ඉතින් මොනසෝඩියම් ග්ලූටමේට් සෘජුවම අපේ ආහාරවලට එකතු කර ගත්තේ නැතත් අපේ ස්ටොක් පවුඩර් සුප් කැට ආදී ආහාර රස ගන්වන නොයෙකුත් රසකාරකවල MSG අන්තර්ගත වෙනවා. ඉතින් මේවා ආහාරයට ගැනීමෙන් අපේ තරුණ පරපුරත් ලෙඩුන් බවට පත්වෙලා අකාලයේ මියැදෙනවා.
සුප් කැට ආහාරයට එකතු කර ගැනීමෙන් ශරීර සෞඛ්‍යයට ඇතිවන අහිතකර බලපෑම්
භයානක පිළිකා ඇතිකිරීම
ශරීරයේ ලුණු ප්‍රමාණය ඉතා ඉහළ මට්ටමක් දක්වා වැඩි කිරීම
සාමාන්‍යයෙන් ආහාර පිසීමේදී එකතු කරන ලුණු ප්‍රමාණය සුප් කැට එකතු කිරීම මගින් තවදුරටත් ඉහළ යනවා. මෙයින් දෛනිකව අවශ්‍ය වන ලුණු ප්‍රමාණයට වඩා වැඩි ලුණු ප්‍රමාණයක් අපේ ශරීරයට මේ නිසා එකතු වෙනවා. පුද්ගලයෙක්ට දවසකට ලුණු ග්රෑම් 5ක් පමණයි අවශ්‍ය වෙන්නේ. නමුත් මේ සුප්කැටවල අඩංගු වෙන මොනොසෝඩියම් ග්ලූටමේට් මගිනුත් අපේ ශරීරයට සැලකිය යුතු මට්ටමකින් ලුණු එකතු වෙනවා .
මේ තත්ත්වය හේතු කරගෙන අධි රුධිර පීඩනය ඇතුළු රෝග බොහොමයක්ම ඇති වෙනවා. ශ්‍රී ලංකාවේ කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් සිදුකරන ලද විද්‍යාත්මක පර්යේෂණවලට අනුව සොයාගෙන තියෙන්නේ මේ සුප් කැටවල අඩංගු වෙන අධික ලුණු හේතුකරගෙන අධික රුධිර පීඩනය ඇතිවීමේ අවදානම ඉහල නංවන බවයි. දිනපතා සුප් කැට ආහාරයට එකතු කර ගැනීමෙන් ඇතිවන රුධිර පීඩන තත්ත්වය කාලයක් ගතවෙද්දී අංශභාග තත්ත්වයට වුණත් පත්වෙන්නට හැකියාව ඇති බව දේශීය වෛද්‍ය පර්යේෂණායතනය මගින් සනාථ කරලා තියෙනවා.
අධි රුධිර පීඩනය සහ අංශභාගය
දියවැඩියාව
වකුගඩු ආබාධ
හිසරදය
හෘදයට රුධිරය සපයන කිරීටක ධමනි ආශ්‍රිත රෝගාබාධ
අත් පාද හිරි වැටීම
කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම
මාංශපේශීවල වේදනාව
ගෙල හා උරහිස් හිරිවැටීම
සිරුරට අප්‍රාණික බවක් දැනීම
නිදිමත ගතිය
අධික ලෙස දහඩිය පිටවීම
පපුවේ වේදනාව
අධික පිපාසය
ස්ථුලතාවය ඇතිවීම
අඩු බර දරුවන් බිහිවීම
කුඩා දරුවන්ට අහිතකර ලෙස බලපෑම
(කුඩා දරුවන්ගේ අධික්‍රියාකාරී තත්ත්වය, ඔටිසම් රෝග තත්ත්වය, කුඩා දරුවන්ගේ ස්ථුලතාවය)
සාංකාව
ඇදුම
ආහාර රසවත් කර ගන්නට මේ කෘතිම රසකාරක එකතු කරන්නේ නැතිව වෙනත් ක්‍රම ඕනෑ තරම් තියෙනවා .විශේෂයෙන්ම මේ උමාමි රසය ඇතුළු රසයන් ලබා ගන්නට හැකි ආහාර වර්ග සහ කුළුබඩු පිළිබඳව ඔබ දැනුවත් වුනොත් ඔබට මේවායින් බැහැර වෙලා හොඳ රසවත් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සකසා ගන්නට පුළුවන්.