පැහැදිලි හේතු ඇති විට අධිකව සිරුරට දහඩිය දැමීම කිසිසේත්ම හානිකර දෙයක් නොවේ.උදාහරණයක් ලෙස උණුසුම් කාලගුණයක් ඇතිවිට හෝ ව්‍යායාම කිරීම නිසා හෝ කය වෙහෙසවා යම් වැඩක යෙදීමේදී සිරුරට අධිකව දහඩිය දැමීම සාමාන්‍යයයි. ලුණු මිශ්‍ර තරලයක් ස්වේද ග්‍රන්ථි වලින් නිකුත් වීම හරහා සිදුවන්නේ සිරුරේ ස්වභාවික තාප නියාමන ක්‍රියාවලියයි. එනම් සිරුරේ ඉහළ ගිය උෂ්ණත්වය පිටකරමින් සිසිල් කිරීමයි.චිත්තාවේගී ස්වභාවයක්,බරපතල සෞඛ්‍ය ගැටලුවක් හෝ ආර්තවහරණය, හා ගැබිනි සමයේදි ඇතිවන හෝර්මෝන වෙනස්කම් නිසා දහඩිය පිටවීමේ තත්වයේ වෙනස්කම් ඇතිවිය හැකියි.
මිනිස් සමේ දහඩිය ග්‍රන්ථි මිලියන 2-4ක් අතර ප්‍රමාණයක් පිහිටා තිබෙන බව අධ්‍යයන මඟින් පෙන්වාදෙයි.වැඩිවිය පැමිණීමත් සමඟ දහඩිය ග්‍රන්ථි වලින් නිතර දහඩිය පිටවීම ආරම්භ වෙයි.මෙය නොනවතින ක්‍රියාවලියකි.දහඩිය වල වැඩි වශයෙන් ඇත්තේ ජලයයි. ඊට අමතරව යූරියා, ලවණ හා සීනි ද අඩංගුයි.දහඩිය ස්වභාවයෙන් කිසිඳු ගන්ධයකින් තොරයි. නමුත් සමේ සිටින බැක්ටීරියා ඒවා මත ක්‍රියාකාරී වීමෙන් පසු ප්‍රබල ගන්ධයක් වහනය වීමට පටන්ගනියි.සබන් ගල්වා ඇඟ සේදීම, ඇන්ටිපර්ස්පිරන්ට් හෝ ඩියොන්ඩ්රන්ට් එකක් භාවිත කිරීමෙන් දහඩිය දුගඳ ඇතිවීම ඔබට පාලනය කරගත හැකියි.
අසාමාන්‍ය ලෙස පැහැදිලි හේතුවක් නැතිව ඔබේ සිරුරට නිතරම අධිකව දහඩිය දමයි නම් ,එය බලා සිටිය යුතු තත්වයක් නොවෙයි.ඊට හේතුව බොහෝවිට රුධිර සීනි මට්ටම පහළ බැසීම හා තයිරොයිඩ් ගැටලු වැනි බරපතල සෞඛ්‍ය ගැටලුවක් හටගෙන තිබීම විය හැකියි.නමුත් ඔබ කොතරම් මහන්සි වුවත් සිරුරට දහඩිය නොදමයි නම් එම තත්වය ද යම් සෞඛ්‍ය ගැටලුවක් පවතින බවට ඉඟි සපයයි (බොහෝ විට විජලනය,චර්ම රෝග හෝ පිලිස්සුම් තත්වයන් නිසා විය හැකියි).දහඩිය දැමීම හා සම්බන්ධව අසාමාන්‍ය ලක්ෂණ අත්දකින්නේ නම් වෛද්‍යවරයෙකු වෙත යොමු වී ඔබේ සෞඛ්‍ය තත්වය පරික්ෂා කරගැනීම වඩාත් සුදුසුයි.
පෙර සඳහන් කළා වගේ දහඩිය පිටවීම කියන්නේ සිරුරේ වැදගත් ක්‍රියාවලියක්. එය සිරුරට විවිධාකාරයෙන් ප්රතිලාභ ලබාදෙයි.

දහඩිය පිටවීමෙන් සිරුරේ බැක්ටීරියා ස්වභාවිකව දුරුවෙයි මිනිස් දහඩිය තුළ ස්වභාවික ප්‍රතිජීවක පවතින බව විද්‍යාත්මක වාර්තා පෙන්වාදෙයි.එහි පුළුල් පරාසයක බැක්ටීරියා වර්ග රාශියක් විනාශ කර දැමිමේ හැකියාව ඇති ප්‍රෝටීන හා ප්‍රතිදේහ ද අඩංගුය.නීරෝගි පුද්ගලයින්ගේ සිරුරු තුළ ද ඊ කෝලි (E.coli) හා යීස්ට් වැනි ක්ෂුද්රජීවින් සිටියි.බාහිර බැක්ටීරියාවන්ගේ බලපෑමින් එවැනි ක්ෂුද්‍රජීවින්ගේ ක්‍රියාකාරීත්වය වැඩිවිය හැකියි. නමුත් දහඩිය මඟින් එවැනි බැක්ටීරියාවන්ට එරෙහිව ක්‍රියාකර යම් පාලනයකට හසුකරගනියි.සුලු ආසාදන වල සිට නියුමෝනියා,මෙනින්ජයිටිස්,අස්ථි ආසාදන හා හෘද ගැටලු වැනි මාරාන්තික රෝග අවදානම් පවා පාලනය කරයි.
දහඩිය පිටවීමට සැලැස්වීමෙන් සිරුරේ බර අඩුකරගැනීමට සහය ලැබේ.දහඩිය මඟින් සිරුරේ අතිරික්ත ජල බර දුරුකරගැනීමට සහය දෙයි.මින් මේද දහනය වීමම අදහස් නොවන බව මතක තබාගත යුතුයි.දහඩිය නිපදවෙන විට එම ග්‍රන්ථින් සඳහා වැය වන කැලරි ප්‍රමාණය ඉතා අඩු අගයක් ගනියි.සෝනා කුටි වලදී සිරුර උණුසුම් වීමෙන් සිරුරේ තැන්පත් වූ අතිරික්ත (අනවශ්‍ය) ජලය දහඩිය ලෙස පිටවෙයි.ව්‍යායාම කිරීමේදි හොඳින් දහඩිය පිටවෙනවා වගේම සිරුරේ මේද ද හොඳින් දහනය වේ.
බැර ලෝහ සිරුරෙන් බැහැර වීමට සලස්වයි රුධිරයේ සංසරණය වන විෂ අපද්‍රව්‍ය සිරුරෙන් බැහැර කරවාගත හැකි පහසුම ක්‍රමයක් ලෙස දහඩිය දැමීම හඳුන්වයි.විවිධාකාරයෙන් (ආහාර පාන, බෙහෙත් වර්ග,වාතය හරහා) විෂකාරක හා කෘතිම රසායනික ද්‍රව්‍ය අපේ ශරීරයට ඇතුල්වෙයි .ආසනික්,කැඩ්මියම්,ඊයම් හා රසදිය වැනි බැර ලෝහ වර්ග මාලු,සහල් වැනි ඇතැම් ආහාර, ජලයෙන්, කර්මාන්තශාලා අපද්‍රව්‍ය වාතයට මුසුවීමෙන් ,සිගරට් පානයෙන් ආදි ක්‍රම වලින් අපේ ශරීරගත වෙයි.මේවා මොළයට, හෘදයට හා වකුගඩු වලට බෙහෙවින් හානි ඇතිකළ හැකියි.බොහෝ විට මේවා පිළිකාකාරක වේ. සිරුරේ පවතින මෙවැනි බැර ලෝහ ද්‍රව්‍ය ඉවත්වීමට සිරුරට හොඳින් දහඩිය වැටීමට සැලැස්වීම හොඳ ක්‍රමයක්.
දහඩිය මඟින් සිරුරේ ඇති තැලේට්ස් අංශු ද බැහැර කරයි තැලේට්ස් (phthalates) යනු ප්ලාස්ටික් වල නම්‍යශීලිබව,විනිවිද පෙනෙන ස්වභාවය,කල්පැවැත්ම හා සවිමත් බව වැඩිවීමට එක්කරන රසායනයකි.ප්ලාස්ටික් බඳුන්, සෙල්ල්ම බඩු,විලවුන්,රූපලාවන්‍ය නිෂ්පාදන,තීන්ත ,නිය ආලේපන වැනි නිෂ්පාදන වල බොහෝ විට මේවා අඩංගු වේ.මෙම හානිකර රසායනයන් ඇදුම,පියයුරු පිළිකා,ස්නායු දුර්වලතා ,ඔටිසම් හා නිසරුබව වැනි බරපතල ගැටලු වලට හේතුකාරක විය හැකියි.
බිස්ෆෙනෝල් ඒ හෙවත් BPA යනු එවැනි තවත් මාරාන්තික රසායනයක්. පයිප්ප,වතුර බෝතල් හා ආහාර බඳුන් වල මේවා අඩංගු විය හැකියි.ලිංගික අකර්මන්‍යතා,අකලට වැඩිවිය පැමිණීම,ගබ්සාවීම්,ස්ථූලතාව,අධි රුධිර පීඩනය හා හෘද රෝග වලට හේතුවිය හැකි ආකාරයේ ඊස්ට්‍රජන් බලපෑම් ලක්ෂණයක් මේවායේ ඇත. මෙවැනි හානිකර ද්‍රව්‍ය සිරුරේ එකතුවී ඇත්නම් ඒවා සිරුරෙන් බැහැර වීමට දහඩිය පිටවීම උපකාරී වේ.
සමට දීප්තියක් ලබාදෙයි දහඩිය පිටවීමෙන් සමේ තෙතමනය වැඩිවී දීප්තියක් ඇතිවෙයි.මෙය ඔබේ පෙනුමේ ආකර්ෂණීය බව වැඩිකරයි.දිදුලන සමක් ලබාගැනීමට සිරුරට දහඩිය දැමීමට සැලැස්වීම ඉපැරණි රූ රහසක් ලෙස භාවිත වී තිබෙනවා.තුර්කි උණුසුම් ජල තටාක ,ස්කැන්ඩිනේවියානු සෝනා කුටි (වාෂ්ප ස්නානය) ඊට උදාහරණයි.සමේ අවහිර වී ඇති කුණු දුහුවිලි, මේක්-අප් කොටස් ඉවතට පැමිණ සම ගැඹුරින් පිරිසිදු වීමට දහඩිය දැමීම උපකාර කරයි.සම මෘදු සුමුදු වීමට හා පැහැපත් වීමට ද මෙය උපකාරී වේ.
මනෝභාවය යහපත් වෙයි ව්‍යායාම වල යෙදුණු පසු සිරුරට හොඳ සැහැල්ලුවක් දැනෙනවා නේද? ඊට හේතුව එන්ඩෝර්ෆින් නම් හෝර්මෝනයි.ව්‍යායාම වල යෙදෙන විට මෙම ප්‍රීතිය දනවන හෝර්මෝන සිරුරේ ස්රාවය වීමට පටන්ගනියි. එම නිසා ඔබට තෘප්තිමත් බවක් දැනෙන්නට පටන්ගනියි.ඔබේ මනෝභාවය එහෙමත් නැත්නම් මූඩ් එක යහපත් වෙයි.යෝගා,සුම්බා හෝ සාමූහිකව සිදුකරන සරල ව්‍යායාම ඉරියව් ක්‍රම මෙහිදි වඩාත් ඵලදායිය. ව්‍යායාම වල නිරතවීමේදි සිරුරෙන් පිටකෙරෙන දහඩිය ප්‍රමාණය වැඩිවෙයි.
පේශි ප්‍රකෘතිමත් කරයි.පේශි වර්ධනය සඳහා දහඩිය දැමීමේ ක්‍රියාවලිය ඉතා වැදගත්.සිරුර ප්‍රකෘතිමත් (සුවපත් කිරීමේ) හැකියාව ඊට තිබෙයි.කොතරම් කාර්යක්ෂමව ව්‍යායාම වල යෙදුණත් කායික සුවතාව පවත්වාගැනීමට නම් පේශි ප්‍රකෘතිමත් වීම ඉතා අවශ්‍ය වේ.ක්‍රියාකාරීව පවතින විට පේශී වල ස්වභාවිකව ලැක්ටික් අම්ල එකතුවීමට පටන්ගනියි.පේශි වලින් ලැක්ටික් අම්ල ඉවත්කර වසා සංසරණය වැඩිදියුණු වීමට දහඩිය දැමීම උපකාර කරයි.සිරුර තුළ ඒ ආකාරයෙන් සංසරණය වන ලැක්ටික් අම්ල ප්‍රමාණය අඩු වන තරමට පේශි වල තැලුගතියක් වේදනාකාරී බවක් දැනීම අඩුවී යයි.පේශී ඉක්මනින් ප්‍රකෘතිමත් අතට හැරෙයි.
හෘද රෝග වලට එරෙහිව සටන් කිරීමට හදවත සූදානම් කරවයි ව්‍යායාම මඟින් හෘද ගැටලු වලට තුඬු දිය හැකි මේද දහනය කරවයි.හෘද ධමනි අවහිරතා දුරුවීමට සහය දෙයි. මේ සඳහා අධිකව ව්‍යායාම කිරීමටම අවශ්‍ය නැහැ. සිරුරට දහඩිය වැටෙන තුරු සෝනා කුටියක යම් කාලයක් විවේකීව සිටීම පවා හොඳ ගුණයක් සිරුරට ලැබෙන බව අධ්‍යයන පෙන්වාදෙයි.දහඩිය හොඳින් පිටවීම රුධිර පීඩනය ඉහළ යාම අවම කරයි.සිරුරේ රුධිර හා තරල සංසරණය වැඩිදියුණු කරයි.

දිගු කාලයක් තිස්සේ පවතින කුරුලෑ වදය දුරුකරයි සමේ ඇති සිදුරු මඟින් ඊට අවශ්‍ය වාතාශ්‍රය ලැබීමට සහය දෙයි.ඒවායෙන් බැක්ටීරියා හා කුණු දුහුවිලි මෙන්ම තෙල් ස්රාවය කෙරේ.නමුත් මේවායේ තෙල් හා මැරුණු සෛල සිර වී සමේ සිදුරු ආසාදනය වීමෙන් කුරුලෑ වර්ධනය වෙයි.සිරුරට හොඳින් දහඩිය වැටෙන සේ ව්‍යායාම වල යෙදීමෙන් සමේ අවහිර වූ ද්‍රව්‍ය පිටතට පැමිණෙයි.බැක්ටීරියා ඉවත් වී සමේ රතු ගතිය ද දුරු වී යයි.දහඩිය දැමූ පසු සම හොඳින් පිරිසිදු කරගැනීම ඉතා වැදගත්.නැත්නම් දහඩිය නැවත සමේ සිදුරු තුළ එකතුවී බිබිලි වැනි ගැටලු මතුකළ හැකියි.දහඩියෙන් තෙත් වූ ඇඳුම් පවා දිගු වෙලාවක් ඇඳගෙන සිටීමෙන් වළකින්න.
වකුගඩු ගල් ඇතිවීමේ අවදානම් වළකයි මූත්‍රා වල රසායනික ද්‍රව්‍ය,ඛනිජ ලවණ හා අම්ල වර්ග වකුගඩු තුළ එකතු වීමෙන් ඝනකම් ගල් ලෙස වර්ධනය වීම පීඩාකාරී ගැටලු මතුකරයි.තුනටිය වේදනාව,වමනය,ඔක්කාරය,රුධිරය හා පෙණ සහිත මූත්‍රා පිටවීම හා මූත්‍රා දුර්ගන්ධය සහිත වීම එම තත්වයේ රෝග ලක්ෂණ කිහිපයකි.හොට් යෝගා වල නිරතවීම හා සෝනා කුටි වල රැඳී සිටීම සිරුරේ දහඩිය පිටවීම වැඩි කරවන බව අධ්‍යයන පෙන්වාදෙයි. දහඩිය දැමීමෙන් පසු සිරුර විජලනය විය හැකියි. පිපාසය දැනෙයි නම් එය නොසලකා හරින්න එපා! නිතිපතා හොඳින් වතුර බොන්න. එවිට වකුගඩු හා මූත්‍රා මාර්ගයේ රැඳි ඇති ඔක්සලේට්,යූරික් අම්ල හා ස්ය්ස්ටින් වැනි ද්‍රව්‍ය මූත්‍රා ලෙස සිරුරෙන් බැහැර වි යයි.