පිළිකා ඇතිවීම වලකන බතල

health tips

sweet potatoes යන නමින් ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන බතල යනු ලොකු කුඩා සෑම දෙනාම පාහේ වැඩි කැමැත්තකින් ආහාරයට ගනු ලබන අල වර්ගයකි. එනම් Ipomoea batatas යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන බතල ප්‍රධාන වර්ග දෙකකි. එනම්

  • කහ බතල 
  • රතු බතල 

ඒ අතර ප්‍රධානවේ. ඊට අමතරව බතල වර්ග 15 ක් පමණ වර්තමානය වන විට හඳුනාගෙන තිබේ. එනම් ඈත අතීතයේ සිටම බතල ප්‍රධාන ආහාර වේලක් ලෙස භාවිතා කර තිබේ.  ලුණු මිරිස් හෝ පොල් සමඟ බතල ආහාරයට එකතු කර ගනී. එමෙන්ම බතල ව්‍යාංජනයද රසවත් මෙන්ම ගුණදායක ආහාරයකි. බතල මේ කුමන හෝ ආකාරයකට ආහාරයට ගැනීමෙන්  ශරීරයට බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් ලබා ගත හැකිය. එනම් බතල වල 80% ක් ජලය ඊට අමතරව ප්‍රෝටීන්, විටමින්, බීටා කැරෝටීන් , පොටෑසියම්, කැල්සියම්, කාබෝහයිඩ්‍රේට්, මැග්නීසියම්… ආදී පෝෂ්‍ය පදාර්ථ  ප්‍රමාණයක් අඩංගුවේ. මේ නිසා බතල ආහාරයට ගැනීම මඟින් බොහෝ රෝග සමනය කර ගත හැකිය. 

බතල වල ඖෂධීය භාවිතය. 

මලබද්ධය සමනය කර ගත හැකිය.බාල මහළු සෑම දෙනාටම පාහේ ඇතිවන මලබද්ධය සමනය කිරීම සඳහා බතල ආහාරයට ගැනීම ගුණදායකය. එනම් බතල වල අඩංගු තන්තු මගින් මලබද්ධය ඇතිවීම වලක්වා මලබද්ධය සමනය කිරීම සිදුකරනු ලැබේ. මලබද්දය ඇති විටක බතල තම්බා හෝ බතල ව්‍යාංජනයක් ලෙස සකස් කර ආහාරයට ගැනීම ගුණදායකය.

රුධිරගත සීනි මට්ටම ඉහළ යාම වලක්වා ගත හැකිය. දියවැඩියාව පවතින රෝගීන්ට අර්තාපල් ආහාරයට ගැනීමට වඩා බතල ආහාරයට එක් කර ගැනීම යෝග්‍යවේ. නමුත් නිතර නිතර බතල ආහාරයට ගැනීමද සුදුසු නොවේ. එනම් බතල වලද සීනී සහ පිෂ්ඨය අඩංගුවේ.

  • ශරීරය වියළීමෙන් වලක්වා ගත හැකිය.
  • බතල යනු 80%ක් ජලය අඩංගු ආහාරයකි. එනම් මේ නිසා ශරීරයේ වියළීම දුරු කර ගැනීමට බතල තම්බා හෝ ව්‍යංජනයක් ලෙස හෝ ආහාරයට ගැනීම යෝග්‍යවේ. 

ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර ගත හැකිය.බතල ආහාරයට ගැනීම මගින් බතල වල අඩංගු විටමින් සී වැනි ප්‍රතිඔක්සිකාරක ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීමෙන් ඇතිවන රෝග වලින්ද ආරක්ෂාව සලසනු ලබයි. 

අධි රුධිර පීඩනය ඇතිවීම වළක්වා ගත හැකිය.අධිරුධිර පීඩනය හෙවත් නිහඬ මාරයා ලෙස සලකන  මෙම රෝග තත්ත්වය ඉතා භයානක රෝග තත්වයකි. මෙය බොහෝ දුරට පාලනය කළ හැක්කේ ඊට සුදුසු ආහාර භාවිතා කිරීම මගිනි. එනම් බතල ආහාරයට ගැනීමද අධිරුධිර පීඩනය පවතින රෝගීන්ට වඩාත් සුදුසුවේ. එනම් බතල ආහාරයට ගැනීම මඟින් එහි අඩංගු පොටෑසියම් අධිරුධිර පීඩනය ඇතිවීම පාලනය කර රුධිර සංසරණය ක්‍රමවත් කිරීම සිදුකරයි. 

සම මත ඇතිවන රෝග සමනය කර ගත හැකිය.බතල ආහාරයට ගැනීම සම මත ඇතිවන නොයෙක් රෝග තත්ත්වයන් සමනය කිරීමට වැඩි දායකත්වයක් සපයනු ලැබේ. එනම් දද, කුෂ්ඨ,හොරි … ආදී රෝග තත්ත්වයන් බතල ආහාරයට ගැනීමෙන් සමනය කර ගත හැකිය. බතල ආහාරයට ගැනීමට අමතරව බතල කොළ ඇල්දියෙන් අඹරා එම රෝගී වූ ස්ථානවල ආලේප කිරීම වඩාත් සුදුසුවේ. 

පිළිකා ඇති වීමේ අවධානමෙන් මිදිය හැකිය. බතල ආහාරයට ගන්නා විට එහි අඩංගු ප්‍රතිඔක්සිකාරක පිළිකා ඇතිවීම වලක්වනු ලබයි. එනම් දම් පැහැති බතල මේ සඳහා ගුණදායකය. එනම් බතල ආහාරයට එක් කර ගැනීමෙන් පෙනහලු ආශ්‍රිත පිළිකා ඇති වීම වළක්වා ගත හැකිය. 

වමනය, ඔක්කාරය සමනය කර ගැනීම සඳහා බතල කොළ භාවිතා කරනු ලැබේ. එනම් බතල කොළ හොඳින් තම්බා එම  ජලය පානය කිරීම මේ සඳහා වඩාත් සුදුසුවේ. 

ඇස් පෙනීමේ දුර්වලතා සමනය කර ගත හැකිය.බතල ආහාරයට එකතු කර ගන්නේ නම් ඉන් ඇස් පෙනීමේ දුර්වලතා සමනය කර ගත හැකිය. එනම් බතල වල ඇස් වලට හිතකර විටමින් ඒ සහ කැරට්නොයිඩ අඩංගුවේ. මෙමගින් ඇස් පෙනීම වැඩි දියුණු කර ඇස් පෙනීමේ දුර්වලතා සමනය කර ගත හැකිය. එනම් බතල තම්බා හෝ ව්‍යංජනයක් ලෙස ආහාරයට එකතු කර ගැනීම මේ සඳහා වඩාත් යෝග්‍යවේ. 

ශරීර බර පාලනය කර ගත හැකිය.ශරීර බර පාලනය කර ගැනීම සඳහා කටයුතු කරන ඔබට බතල ආහාරයට එක් කර ගැනීම වඩාත් සුදුසුවේ. එනම් බතල තම්බා හෝ ව්‍යංජනයක් ලෙස ආහාරයට ගැනීම මගින් එහි අඩංගු තන්තු සහ ජලය හොඳින් කුස පුරවා නැවත නැවත කුසගිනි ඇතිවීම වලක්වනු ලබයි. මේ නිසා නිතර නිතර බතල ආහාර ගැනීම පාලනය වේ. 

සම පෝෂණය කර පැහැපත් කර ගත හැකිය.සම පැහැපත් කර ගෙන සම පෝෂණය කර ගැනීමට ආහාරයට ගැනීමට සුදුසු අල වර්ගයක් ලෙස බතල හැඳින්විය හැකිය. එනම් බතල ආහාරයට ගැනීමෙන් එහි අඩංගු   විටමින් A ,විටමින් C, විටමින් E, බීටා කැරෝටීන්  ,වැනි පෝෂ්‍ය පදාර්ථ සමේ ලප කැලැල් ,රැලි වැටීම් ඉවත් කර සම පැහැපත් කර සමෙහි තෙතමනය රැකදී සම පෝෂණය කර පැහැපත් කිරීම සිදුකරයි. මීට අමතරව

  • පීනස වැනි රෝග සමනය කර ගැනීමට
  • ශරීර ශක්තිය වර්ධනය කර ගැනීමට 
  • දන්ත රෝග සමනය කිරීමට 
  • රුධිර නාල දැඩිවීම සමනය කිරීමට. 
  • අතීසාරයට. 
  • මව්කිරි එරීම වර්ධනය කිරීමට මේ ආදී රෝග සුව කර ගැනීම සඳහා ආහාරමය ඖෂධයක් ලෙස බතල ආහාරයට ගැනීම ගුණදායකය.