තරබාරුව මට්ටු කරන බතල සතු ගුණ 18 ක්

health tips

ටිකක් තරබාරු අයෙක්ට බතලයා කියලා කිව්වට සැබෑවටම බතලවලින් අපිට අපේ බර අඩු කරගන්නට පුළුවන්. ඉතින් බතල කියන්නේ ඉතා රසවත් එළවලුවක්. බොහෝදෙනා ආහාරයට ගන්නට කැමති වුණත් ඇතැම් අය නම් වැඩි රුචිකත්වයක් දක්වන්නේ නැහැ. නමුත් බතලවල ඇති පෝෂක ගැන දැනගත්තොත් නම් බතල කන්නට අකමැති අයත් බතල ආහාරයට එකතු කර ගනීවි. 

බතල කියන්නේ ලාංකීය අපිට අලුත් ආහාරයක් නෙවෙයි. ඈත අතීතයේ සිටම ගම්මුන්ගේ ප්‍රධාන ආහාරයක් තමයි බතල කියන්නේ. එකල බත් වෙනුවට බතල තම්බා පොල් සහ සම්බෝල සමඟ අනුභව කරපු අපේ පැරැන්නන් බොහෝ ලෙඩ දුක් නැතුව ශක්තිසම්පන්නව වාසය කළා. ඉතින් ලංකාවේ විතරක් නෙවෙයි ඇමරිකාව, ඩෙන්මාර්කය, කැනඩාව වැනි රටවල sweet potetos යන නමින් නිතර මේ බතල ආහාරයට ගනු ලබනවා.

Imopoea botatas යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන බතල වැල් වශයෙන් දකින්නට පුළුවන්. convolvulaceaehk කුලයට අයත් බතල ලංකාවේ වර්ග 15 පමණ පවතිනවා. නමුත් බොහෝදෙනා දන්නේ කහ, රතු, සුදු බතල ආදී කිහිපයක් පමණයි. වෙළදපොලේ සුලබව දකින්නට ලැබෙන පිට පොත්ත රතු පැහැ වන ඇතුලත සුදු පැහැයක් ගන්නා වර්ගය වාරියපොළ නම් වන රතු බතල වර්ගයයි. ඒ හැරුණාම පිට පොත්ත සුදු සහ ඇතුළත කහ පැහැයක් ගන්නා අමා රණබිම ආදී බතල වර්ගත් සුදු පැහැ හා දම් පැහැ බතල වර්ගත් ලංකාවේ දකින්නට තියෙනවා.

බතල හොඳින් සෝදා අමුවෙන් වුණත් ආහාරයට ගන්නට හැකි ආහාරයක්. මොකද එහි සියුම් මිහිරි පැණි රසයක් ඇති නිසා. බතල අල අනෙකුත් අල වර්ගවලින් වෙනස් වෙන්නත් එය එක් හේතුවක්. ඒ වගේම බතල සතු පෝෂණ ගුණයන් මෙතෙකැයි කියන්නට බැහැ.නමුත් ඒ පිළිබඳව දැනුවත්ව සිටින්නේ ඉතා සුළු පිරිසයි.බතලවල 80% ක්ම අඩංගු වෙන්නේ ජලය. ඒ හැරුණාම එහි අඩංගු පෝෂක අතර ප්‍රධාන වශයෙන් කාබෝහයිඩ්රේට්. ඒ විතරක් නොවෙයි මේදය, ප්‍රෝටීන් වගේම වියලි බරෙන් 10 % කට වැඩි ප්‍රමාණයක් තන්තු ද අන්තර්ගත වෙනවා.කහ බතලවල විටමින් A බහුල අතර දම් පැහැ බතල සතුව ප්‍රතිඔක්සිකාරක සංයෝග රැසක්ම අන්තර්ගත වෙනවා. සෑම බතල වර්ගයකම විටමින්, ඛනිජ ලවණ වගේම ප්‍රතිඔක්සිකාරක සංයෝගත් අඩංගු වෙනවා. 

බතල ආහාරයට ගත හැකි ආකාර 

බතල අල විතරක් නෙවෙයි බතල කොළයත් ඉහළ පෝෂණ ගුණයෙන් යුතු ආහාරයක්. අද කතා කරන්නේ බතල පිළිබඳව පමණක් නිසා බතල අල ආහාරයට ගන්නට හැකි ආකාර කිහිපයක් මතක් කර ගනිමු.

බතල ව්‍යංජනය, තම්බන ලද බතල, සිහින් පෙති කපා ගැඹුරු තෙලේ බැද සකස් කරගන්නා බතල චිප්ස්, බතල කැඳ, බේක් කළ බතල, බතල බැදුම්, බතල තෙම්පරාදුව බතලවලින් සකස් කර ගන්නට හැකි වෙනස් ආහාර වර්ග කිහිපයක්. ගුණදායක බතල එපා වෙන්නේ නැති විදියට විවිධ ආකාරයට සකසා ආහාරයට ගැනීමෙන් බොහෝ ලෙඩරෝගවලින් ඔබට ආරක්ෂා වෙන්නට පුළුවන්.

බතල මගින් සිරුරට ලැබෙන ප්‍රතිලාභ 

බහුලව කෙඳි අඩංගු නිසා ශරීරයේ බර පාලනය කරගන්නට උදව් කරයි. විශේෂයෙන් නිතර නිතර බඩගිනි ඇතිවීම එයින් නතර කරනවා. බතලවල අඩංගු කැලරි ප්‍රමාණය (90- 100 අතර ) ඉතා අඩු නිසා බර අඩු කරගන්නට බතල කදිමයි.

  • කෙස් වැටීම වළකා කෙස්වල දීප්තිය ඇති කරයි.
  • මන්දපෝෂණය දුරලයි.
  • ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය ඉහළ නංවයි. බතල සතු මැග්නීසියම් සහ අනෙකුත් ඛනිජ ඒ සඳහා ඉවහල් වෙනවා.
  • පෙනහළු පිළිකා හා සමේ පිළිකා ආදී බෝ නොවන රෝගවලින් ආරක්ෂාව සලසයි.
  • සිරුර අභ්‍යන්තරයේ ඇති උෂ්ණය සහ දැවිල්ල අවම කරයි.
  • දත් ශක්තිමත් කරයි. විදුරුමස්වලින් ලේ ගැලීම් සුව කරයි.
  • සුදු කබර රෝගයට ගුණදෙයි.
  • බඩ පුරවා දැමීමට ගුණදෙයි. වමනය පාලනය කරයි.
  • සම පැහැපත් කරයි.
  • පිරිමින්ගේ සරු බව වැඩි කරයි.
  • බතලවල අඩංගු බීටා කැරොටින්, විටමින් සී, මැග්නීසියම් නිසා සිරුරේ අභ්‍යන්තර හා බාහිර ප්‍රදාහය අවම කරයි .
  • ආතරයිටීස් පාලනය කරමින් සුව කරයි.
  • රත්පිත් රෝගය නසයි.
  • හෘද රෝග සුවපත් කරයි.
  • හොඳින් මල පිට කරයි.
  • ස්නායු ශක්තිමත් කරයි.
  • බතලවල කාබෝහයිඩ්‍රේට් අන්තර්ගත වුණත් කැරටනොයිඩ් අන්තර්ගත නිසා රුධිරගත සීනී මට්ටම ඉහළ යාම පාලනය කරයි.
  • නිතර බඩගිනි ඇති නොකරයි. 
  • ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය ඉහළ නංවයි.
  • විජලනයෙන් ආරක්ෂා කරයි. 
  • සමේ රළු සහ වියළි බව දුරු කරයි.
  • සිගරැට් අරක්කුවලට ඇබ්බැහිවූවන් එයින් මුදවයි. බතල ආහාරයට දීමෙන් ස්වාභාවිකම මේ නරක ඇබ්බැහියෙන් මුදවා ගන්නට පුළුවන්. ඒ වගේම මත්පැන් හා දුම් පානය කරන අයගේ ධමනි සහ ශිරාවල සෞඛ්‍ය තත්ත්වයටත් ඉතාම ගුණදායකයි මේ බතල.
  • ඇස් රෝග සුව කර ඇස් පෙනීම දියුණු කරයි.
Conjunctivitis: What Is Pink Eye? - American Academy of Ophthalmology
  • සෛල කරා ඔක්සිජන් ගෙනයාම වේගවත් කරයි.
  • වැඩෙන වයසේ දරුවන්ට දුර්වල ශරීර ශක්තියක් ඇති අයට ක්‍රීඩකයන්ට අවශ්‍ය පෝෂණය සමඟ ශක්තිය ලබාදෙයි.  
  • කිරිදෙන මව්වරුන්ට කිරි වැඩීමට උපකාරී වෙයි.
  • අක්මාවට හිතකරයි.

ගැබිණි මවකට බතල ආහාරයට ගැනීමෙන් ලැබෙන ප්‍රතිලාභ 

  • ගර්භනී මවකට කළලය නිසි පරිදි වර්ධනයට බතල ආහාරයට ගැනීම සුදුසුයි. 
  • මළ බද්ධය වළක්වයි. 
  • දරුවාගේ මොළය හා අස්ථි වර්ධනයට උපකාරී වෙයි.
  • ගර්භනී මවට ඇතිවන ඔක්කාරය වළක්වයි. 

නමුත් ගැබිනි මවක් බතල අමුවෙන් ආහාරයට ගැනීම සුදුසු නැහැ. අජීර්ණ සහ ජීර්ණය වීමේ ගැටළු ඇතිවිය හැකියි. වමනය වගේ තත්ත්වයන් වුණත් ඇතිවිය හැකි නිසා අමුවෙන් බතල ආහාරයට ගැනීමෙන් වළකින්න. ඒ වගේම අධික ලෙස බතල ආහාරයට එකතු කර නොගන්න.

සැලකිය යුතුයි.

  • වකුගඩු රෝගීන් බතල ආහාරයට ගැනීම අවම කළ යුතුයි.
  • දිව තොල් මුහුණේ ඇතැම් තැන් ඉදිමී ඇති විට බතල ආහාරයට ගැනීමෙන් වළකින්න.
  • බොහෝ අය බතල ආහාරයට ගැනීමේදී එහි පිට පොත්ත සූරා ඉවත් කිරීම නිසා මේ වටිනා පෝෂක අපිට අහිමි වී යනවා. ඒ නිසා පිට පොත්ත ඉවත් නොකර හොඳින් සෝදා ආහාරයට ගැනීමයි වැදගත් වන්නේ. 
  • බතල ආහාරයට ගැනීමේ දී පරණ නොවූ දිරා නොගිය බතල අල තෝරා ගත යුතුයි. ඇතැම් විට ඌරු මීයන් ආදීන් බතල ආහාරයට ගැනීමෙන් එහි විෂ කොටස් තැන්පත්ව තිබීමට පුළුවන්.