හිටි ගමන් සිරුරේ අවයව ඉදිමට බලපාන හේතු 8 ක්

health tips

සිරුරේ  තරල එක් ‍රැස් වීම හේතුවෙන් සිරුර ඉදිමීමට පටන්ගනියි. එසේ සිරුරේ ඉදිමුම් තත්වයන් හටගැනීමට බලපාන පොදු හේතු කිහිපයක් සහ ඒවායින් මිදිය හැකි ආකාර පිළිබඳවයි  අද අප ඔබව දැනුවත් කරන්නට සූදානම් වෙන්නේ.

ලුණු-දිනකට පරිභෝජනය කල යුතු යැයි නිර්දේෂිත ලුණු මාත්‍රාව ග්‍රෑම් 5 කි. එනම් තේ හැන්දක ප්‍රමාණයකි. විවිධ ආහාර පාන හරහා සිරුරට වැඩිවශයෙන් ලුණු ඇතුල් වීමේදී සිරුර  තුල තරල සංචිත වීමට පටන්ගනියි.දිනකට පරිභෝජනය කරන ලුණු ප්‍රමාණය හැකි උපරිම සීමා කරන්න. ඖෂධ හා කුළුබඩු භාවිතයෙන් රස වැඩිකරගන්න.

වකුගඩු රෝග ප්‍රධාන වශයෙන් උදෑසන කාලයේ මුහුණ ඉදිමී තිබීම බොහෝ දුරට ඔබේ වකුගඩු ආශ්‍රිතව ගැටලු පවතින බව සංඥා කරනවා විය හැකියි. මීට අමතරව තුනටිය ප්‍රදේශයේ වේදනාව සහ මූත්‍රා වල පැහැය වෙනස්වීම් වැනි ලක්ෂණ ද මතුකරවිය හැක.ක්‍රමවත් හා සමබල ආහාර පාලනයක් සිදුකරන්න.උදරය මත වැතිරී නින්දට යාම නිසා මුහුණ ඉදිමීම ඇතිවිය හැකිය. එබැවින් උඩු අතට හැරි නිදන්න. වෛද්‍යවරයෙකු හමුවී ඔබේ තත්වය පරික්ෂා කරගන්න.

හෘද රෝග පාද ඉදිමීම සහ උදරයේ ඉදිමීම් තත්වයන් සමඟ පපුවේ වේදනාව, තෙහෙට්‍ටුව හෝ හුස්ම සිරවීම වැනි ලක්ෂණ ද මතුකෙරෙයි නම් එය බොහෝ දුරට හෘද රෝග තත්වයන් පිළිබඳව පෙන්නුම් කරයි. හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවි නිසි ප්‍රතිකාර ලබාගැනීම සිදුකරන්න.

ආසාත්මිකතා (ඇලර්ජි)ඉදිමුම් ස්වභාවය සමඟ කැසිල්ල සහ රතු වීම වැනි ලක්ෂණ නිරීක්ෂණය කලහැකි නම් එය බොහෝ දුරට ආසාත්මිකතාවයක් නිසා හටගත් තත්වයක් විය හැකියි.ඉදිමුම් තත්වය සීඝ්‍රයෙන් වැඩි වේ නම් සහ බෙල්ල හා මුහුණ ප්‍රදේශය තෙක් ව්‍යාප්ත වෙමින් ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීමට කටයුතු කරන්න. ඉදිමුම කුඩා නම් ඇන්ටිහිස්ටමීන් ඖෂධ භාවිතයෙන් සමනය වනු ඇත.

හෝර්මෝන හෝර්මෝන අකර්මන්‍යතා ඇතිවිම සිරුරේ තරල සංචිත ඇතිවීමට බලපාන තවත් හේතුවකි.ඔබට උදර ප්‍රදේශයේ ව්‍යාතතියන් ඇතිනම්, දෙපා ඉදිමී ඇතිනම් හෝ සිරුරේ බර වැඩි වි ඇතිනම්, එය බොහෝ දුරට හෝර්මෝන එඩිමා තත්වයක් විය හැකියි.ඔබේ ආහාර වේලට ප්‍රෝටීන් බහුල ආහාර පාන එක්කරගන්න. එමෙන්ම පැණි රස, සැර අධික සහ ලුණු අධික ආහාර පරිභෝජනය සීමා කරන්න. අන්තරාසර්ග හෝ නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවි නිසි ප්‍රතිකාර නිර්දේශ ලබාගන්න.

ඖෂධ වර්ග ප්‍රතිජ්වරක ඖෂධ (උණ අඩු කිරීම සඳහා ලබාදෙන), නිර්වින්දක ඖෂධ හෝ උපත් පාලන පෙති වර්ග වැනි ඖෂධ වර්ග ලබාගැනීමේ ප්‍රතිඵලයක් ලෙස ඉදිමීම හටගත හැකිය. ඖෂධ ලබාගැනීමකින් පසුව සිරුර ඉදිමීමට පටන්ගනියි නම් වහාම වෛද්‍යවරයෙකු හමුවීමට කටයුතු කරන්න.

ජීවන රටාව රැකියාවේ ස්වභාවය නිසා හෝ එදිනෙදා ජීවිතයේ කටයුතු නිසා වැඩි කාලයක් එකදිගට වාඩි වී සිටීමට හෝ සිටගෙන සිටීමට සිදුවන පුද්ගලයින් හට පාද ඉදිමීම් ඇතිවිය හැකිය.රැකියා ස්ථානයේදී හෝ වෙනත් මොනයම් හෝ ක්‍රියාකාරකමක යෙදී සිටින විට හෝ  වඩාත් උචිත වන්නේ වරින් වර කෙටි විරාමයන් ලබාගැනීමයි. එමෙන්ම කකුලක් පිට කකුලක් දමාගෙන සිටීමෙන් වළකින්න. දවස පුරා වැඩි වෙලාවක් සිටගෙන සිටීමට සිදුවේ නම් කෙටි වෙලාවක් හෝ අසුන් ගැනීමට උත්සාහ කරන්න. සුලු මොහොතක් පාද සම්බාහනය කරගන්න. කකුල් වලට පහසු පාවහන් සහ සම්පීඩන මේස් පලඳින්න.

විජලනය සිරුර විජලනයට පත්වන මුල් අවධියේදී සිරුරේ පසු භාවිතය සඳහා තරල සංචිත එක් ‍රැස් කිරීමට පටන්ගනියි. එහි ප්‍රතිඵලයක් ලෙස වළලුකර ප්‍රදේශ වල, මැණික්ක‍ටුව ප්‍රදේශ වල සහ යටි බඩ ප්‍රදේශය ඉදිමීමට පටන්ගනියි.දිනකට ජලය ලීටර් 1.2 ක් වත් පානය කරන්න. කෝපි, මධ්‍යසාර සහ කාබනේට් අඩංගු කල පාන වර්ග පානය කිරීමෙන් වළකින්න.

උණුසුම් කාලගුණයක් ඇති විට, පාද වලට අපහසු පාවහන් පැලඳීම නිසා සහ අධික ප්‍රමාණයක් දියර පානය කිරීම හා ලුණු අධික ආහාර ගැනීම නිසා ආදි හේතු නිසා නීරෝගි පුද්ගලයින්ගේ සිරුර පවා එසේ ඉදිමීම් තත්වයන් ඇතිවිය හැකිය. එබැවින් ඉදිමුම් තත්වයන් හටගැනීම අනිවාර්යෙන්ම රෝගයක ලක්ෂණයක් යැයි සිතා අනවශ්‍ය ලෙස කලබල නොවන්න.