කුද්දැටි ඉදිමීම කියන තත්ත්වය බොහෝදෙනෙක්ට ඇතිවුණත් ඒ පිළිබඳව එතරම් සැලකිලිමත් වීමක් දකින්නට ලැබෙන්නේ නැහැ. නමුත් කුද්දැටි ඇති වෙන්නේ ශරීරයේ අභ්‍යන්තරයේ හෝ බාහිරව ඇතිවන යම් යම් රෝග තත්ත්වයන් දැනුම් දීම සඳහා. මෙය තරමක් වේදනාකාරී වගේම අපහසුවක් ගෙනදෙන දෙයක්. නමුත් අපි වැඩි දෙනෙක් දන්නා ආකාරයට කුද්දැටි ඉදිමීමක් ඇති වන්නේ තුවාලයක් සිදුවුණාම, නමුත් තුවාල හැරුණාම වෙනත් සෞඛ්‍ය ගැටළු හේතුවෙන් කුද්දැටි ඇති වෙන්නට පුළුවන් බව බොහෝදෙනා දැනුවත් නැහැ. ඒ වගේම කුද්දැටි හඳුනා ගැනීම සහ ඒ සඳහා සිදුකළ යුතු ප්‍රතිකාර පිළිබඳවත් බොහෝදෙනා දැනුවත් නැහැ. ඉතින් අද අපි ඔබ සමඟ සාකච්ඡා කරන්නට ගන්නේ බොහෝදෙනෙක්ට නිතර ඇතිවන කුද්දැටි පිළිබඳවයි.
කුද්දැටි කියන්නේ ශරීරයේ ඇති වසා පද්ධතිය ආශ්‍රිත ගැටිති. දේහයේ ඇති වසා පද්ධතියෙන් සාමාන්‍යයෙන් සිදු කරන්නේ අපේ ශරීරයට විෂබීජයක් ඇතුල් වෙද්දිම ඒ විෂබීජයට අපේ ශරීරයට හානියක් කිරීමට ඉඩ නොතබා නතර කිරීමයි. ප්‍රතිශක්තිකරණ පද්ධතියේම කොටසක් වන වසා ගැටිති ඒවාට ආසන්නව ඇති අවයවවල ආසාදනයක් ඇති විට ඊට අදාළ රෝග බීජය වසා ගැටිති වෙත යොමුකර ගනිමින් එය විනාශ කරන්නට කටයුතු කරනවා. මේ වසා ගැටිති බෙල්ල ආශ්‍රිතව ඉකිලි හා කිහිලි ආශ්‍රිතව දකින්නට ලැබෙනවා. කලාතුරකින් තට්ටම් ප්‍රදේශයේත් මේ කුද්දැටි ඇතිවෙන්නට පුළුවන්. නමුත් මේ වසා ගැටිති අපේ උදර කුහරය ඇතුළ හා උරස් කුහරය තුළත් පවතිනවා. ඒ හැරුණාම පොඩි පොඩි වසා ගැටිති ශරීරයේ සෑම ස්ථානයකම පවතිනවා. විශේෂයෙන්ම දණහිස පිටුපස හා දණහිස ඇතුළත ඇති වසා ගැටිති ඒවාට නිදසුන් ලෙස දක්වන්නට පුළුවන්.
ස්කෑන් පරීක්ෂාවක් මගින් මේ වසා ගැටිති අපිට දැක ගන්නට හැකියාව පවතිනවා. සාමාන්‍යයෙන් බෙල්ල සහ ඉකිලිය ආශ්‍රිතව ඇති කුද්දැටි සෙන්ටිමීටරයක් තරම් විශාල නොවුණොත් ඒ පිළිබඳව එතරම් බිය විය යුතු නැහැ. නමුත් ඉකිළිය ආශ්‍රිත කුද්දැටි සෙන්ටිමීටර් එක හමාරක් තරම් විශාල වුණොත් එය සුළුවට ගත යුතු නැහැ. මේ හේතු හැරුණාම දරුවෙකු නිතරම එළියට ගොස් සෙල්ලම් කරන විට පාවහන පළදින්නේ නැතිනම් හෝ පාදයේ තුවාල ඇත්නම් ඉකිළිය ආශ්‍රිත කුද්දැටි නිතරම ඉදිමී පවතිනවා. එය සාමාන්‍ය තත්ත්වයක් ලෙසයි සලකනු ලබන්නේ. ඒ තුවාල සුව වන විට කුද්දැටිත් අඩුවෙලා යනවා.
ඒ හැරුණාම කුද්දැටි ප්‍රදේශ කිහිපයක එකවර ඉදිමී ඇති නම් හෝ සති දෙකක් තුළ කුද්දැටි සුව වීමක් සිදු වන්නේ නැත්නම් එය යම් රෝගි තත්ත්වයක් නිසා ඇතිවූවක් ද යන්න සොයා බැලිය යුතු වෙනවා.
කුද්දැටි ඇති වෙන්නට බලපාන හේතු

- සිරුර අභ්‍යන්තරයේ සහ බාහිරව ඇතිවන තුවාල
- ශරීරයේ සිදුවන ලේ විෂවීමක්
- ලේ විෂ වීමට හේතු කිහිපයක්ම පවතිනවා.
- ආහාර විෂවීම
- කකුලේ ඇතිවන ගල් තැලුම්
- සුව නොවන තුවාල
- ලේ ගෙඩි ගෙඩියක් හෝ තුවාලයක් ඇතිවිට එහි විෂ රුධිරයට මිශ්‍රවෙලා රුධිරය ගමන් කරන මාර්ගය අවහිරවී රුධිරයේ ඇති ප්‍රෝටීන් ඝනවීමක් සිදු වෙනවා.එහි ප්‍රතිඵලයක් ලෙස කුද්දැටි හට ගන්නවා.
- හිසකෙස්වල උකුණන් සිටීම
- සෙම් ගෙඩි රුබෙල්ලා ආදී ඇතැම් වෛරස් රෝග
- ලියුකේමියාව ආදී රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත පිළිකා
- දතක් නරක් වීම
- පියයුරු පිළිකා
- පියයුරුවල ඇතිවන ගෙඩි
- තදබල ලෙස හට ගන්නා උණ
- සරම්ප, කම්මුල්ගාය, පැපොල ආදී බෝ වන රෝග
වඩාත් සැලකිලිමත් විය යුතු ලක්ෂණ
කුද්දැටි ඇතිවීමත් සමඟ පහත ලක්ෂණ ඇති වන්නේ නම් ඒ පිළිබඳව වඩාත් සැලකිලිමත් වීම වඩා වැදගත්.
- සුව නොවන උණ තත්ත්වය
- රාත්‍රියට දහදිය දැමීමත් සමඟ උණ ඇතිවීම
- බර අඩුවීම
- සමේ ලේ පැල්ලම් ඇතිවීම
- කුද්දැටි ක්‍රමයෙන් විශාල වීම
මෙවැනි අවස්ථාවක දී වෛද්‍යවරයෙකු හමුවට යා යුතුයි. එහිදී කුද්දැටි සමඟ අක්මාව ප්ලීහාව යන ඉන්ද්‍රියන් පවා ඉදිමී ඇත්නම් වෛද්‍යවරයා විසින් රුධිර පරීක්ෂාවන් සිදු කරන්නට නියම කරනු ලබනවා. ඒ වගේම අවශය වූ විට ස්කෑන් පරීක්ෂණයන් පවා සිදු කරන්නට කටයුතු කරනවා.
මේ සම්බන්ධ විශේෂම කාරණය වන්නේ සාමාන්‍ය තුවාලයකදී ඇතිවන වසා ගැටිති රිදුම් දෙන නමුත් බරපතල රෝගවලදී ඇතිවන වසා ගැටිති වේදනාවෙන් තොරවීමයි.ඒ නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වීම අතිශයින්ම වැදගත්.
කුද්දැටි සඳහා කළ හැකි ප්‍රතිකාර

- නෙල්ලි රසකිද තම්බා පානය කරන්න.
- සියඹලා කොළ, කොහොඹ කොළ, හීන් නිදිකුම්බා, අමුකහ සමඟ තම්බා කුද්දැටි තවන්න.ඒ කොළ වර්ග කොටා කුද්දැටිවල ආලේප කරන්න.
වැඩිහිටියන්ට වගේම කුඩා දරුවන්ටත් වයස් භේදයකින් තොරව ඇතිවන කුද්දැටි මාස ගණන් පවතී නම් හෝ නිතර නිතර ශරීරයේ ස්ථාන කිහිපයකම වසා ගැටිති ඉදිමෙන්නේ නම් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා. සාමාන්‍යයෙන් කුද්දැටිවලින්ම ඇතිවන පිළිකා පවා පවතින බැවින් වෛද්‍ය උපදෙස් පැතීම අනිවාර්ය වෙනවා.ඒ හැරුණම වෙනත් සාමාන්‍ය වසා ගැටිති සති 2 කින් පමණ යථා තත්ත්වයට පත්වෙනවා.