හිසරදය සෑම දෙනාටම පාහේ නිතර ඇතිවන රෝග තත්වයකි. එය වයස් භේදයකින් තොරව ඇතිවන රෝගයක් වන අතර ඉක්මනින් සුව කරගත හැකිය. එනම් විවිධ බාමි වර්ග හෝ වේදනා නාශක ඖෂධ භාවිතා කිරීම මගින් සාමාන්‍ය හිසරදය ඉක්මනින් සුව කරගත හැකිය. නමුත් සාමාන්‍ය හිසරදය ඉක්මවා ගොස් දින හතරක් පමණ වේදනාව පවතින හිසරදය ඉරුවාරදය ලෙස හඳුනාගත හැකිය. මොළයේ ස්නායු සෛල අධි ක්‍රියාකාරීත්වයට පත්වී සංඥා නිකුත් කිරීමත් සමග මෙම රෝගී තත්ත්වය ඇති වනු ලැබේ. මෙහිදී ත්‍රිශාක ස්නායුවෙන් සම්ප්‍රේෂක රසායන නිකුත් වීමත් ඒ හරහා මොළයේ රුධිර වාහිනී විස්තාරණය වීමත් ඉන් රසායන නිකුත් වීමත් යන කාරණා මත ඇතිවන දැවිල්ල සහ වේදනාව හේතුවෙන් ඉරුවාරදය ඇති වනු ලැබේ.

- ඉරුවාරදය වර්ග දෙකකි.
- පෙරනිමිති සහිත ඉරුවාරදය.
- පෙරනිමිති රහිත ඉරුවාරදය ලෙසය.
ඉරුවාරදය ඇති වීමට බලපාන හේතූන්
- ඉරුවාරදය නැමති රෝග තත්ත්වය ඇතිවීමට නිශ්චිත වූ එක හේතුවක් නොමැති අතර හේතු කිහිපයක් හඳුනාගත හැකිය.
- කැෆේන් සහිත ආහාර වැඩි වශයෙන් භාවිතා කිරීම.
- පීඩාකාරී ආර්තවයේදී ඇතිවන වේදනාවන්
- අක්‍රමවත් ආහාර රටාව
- ජානමය හේතුන්
- ජානමය හේතූන් මත බොහෝ රෝග ඇති වනු ලැබේ. ඉරුවාරදය ද එවැනි රෝග අතර තවත් එක් රෝගයකි. එනම් තම පවුලේ පියාට හෝ මවට මෙම රෝගය පවතින්නේ නම් එමගින් අනෙක් පුද්ගලයාට ද ජානමය බලපෑම මත එම රෝග තත්ත්වය ඇති වනු ලැබේ.
- වැඩි ආලෝකයට නිරාවරණය වීම.
- කාලගුණික හා දේශගුණික වෙනස්කම්
- මොළයේ රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිතව ඇතිවන ගැටලු කරන ලද පරීක්ෂණ වලින් තහවුරු වී ඇත්තේ ඉරුවාරදය ඇතිවීමට මොළයේ රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිතව ඇතිවන ගැටලු, වෙනස්කම් හේතුවන බවයි.
- අධික මහන්සිය
- අධික ඇල්කොහොල් සහ නයිට්‍රේට් අඩංගු ආහාරපාන වැඩි වශයෙන් භාවිතා කිරීම මගින් ද ඉරුවාරදය ඇති වනු ලැබේ.
- නිසිපරිදි නින්දක් නොමැතිවීම.
- මානසික ආතතිය වැනි මානසික රෝග මේ ආදී වූ හේතුන් මත ඉරුවාරදය නැමති රෝගය ඇති වනු ලැබේ.
ඉරුවාරදයේ රෝග ලක්ෂණ

- ඉරුවාරදය නැමති රෝග තත්ත්වය ඇති වූ විටක හඳුනා ගත හැකි රෝග ලක්ෂණ කිහිපයක් පවතී.
- හිසෙහි අධිකව වේදනාවක් ඇතිවීම.
- පළමුව සාමාන්‍ය ලෙස හිසරදය ඇති වී මද වේලාවක් ගත වූ පසුව සමස්ත හිස පුරාම පැතිර යන අතර එහි වේදනාවද ක්‍රමක්‍රමයෙන් වැඩි වනු ලැබේ.
- පෙනීමේ දුර්වලතා ඇතිවීම.
- අධික මහන්සිය
- දැඩි ලෙස උණුසුම හා සීතල මෙන්ම ඇතැම් විට උණ ඇතිවීම.
- ශබ්දයට,ගඳට,දැඩි ආලෝකයට සංවේදී වීම.
- සම සුදු මැලිවීම
- වමනය ,ඔක්කාරය , ආහාර අරුචිය ඇති වීම.
- ඉරුවාරදය ඇති පුද්ගලයෙකු තුළ මේ ආදී වූ රෝග ලක්ෂණ දැකගත හැකිය.
ප්‍රතිකාර – ඉරුවාරදය සමනය කර ගැනීමට ප්‍රතිකාර ක්‍රම දෙකක් පවතී.
- ඖෂධීය ප්‍රතිකාර
- ඖෂධීය නොවන ප්‍රතිකාර
ඉහත සඳහන් කළ රෝග ලක්ෂණ සමඟ දින කිහිපයක් හිසරදය පවතින්නේ නම් පළමුව වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු විය යුතුය.
භෞත චිකිත්සක ප්‍රතිකාරය මේ අතරින් මූලික තැනක් ගනු ලැබේ. මෙම ප්‍රතිකාරය තුළින් මස්තිෂ්කය ආවරණය කරන පටක වල රුධිර සංසරණය වර්ධනය කර කපාල පේශීන්වල ආතතිය අඩු කර ඒවාට රුධිර සැපයුම වැඩි කර වේදනාව අවම කිරීම සිදුකරනු ලැබේ.
මේ යටතේ සිදුකරන තවත් ප්‍රතිකාර කිහිපයක් පවතී. තාපය භාවිතයෙන් සිදුකරන ප්‍රතිකාරයඅනෙකුත් ප්‍රතිකර්ම වලට සාපේක්ෂව මෙම ප්‍රතිකාරය මෙම රෝගය සමනය කිරීම සඳහා යොදා ගත හැකි සුදුසුම ප්‍රතිකර්මයවේ.
එනම් තෙතමනය සහිත තාපය මගින් උණුසුම් කිරීම මෙමගින් සිදුවේ. හුමාලය ඇල්ලීම මේ සඳහා වඩාත් සුදුසුවේ. එනම් ඉන් හිසේ තද වී ඇති මාංශපේශීන් ලිහිල් වී රුධිර සංසරණය ද ක්‍රමවත් කර ගත හැකිවේ.
විද්‍යුත් චිකිත්සාව මෙම ප්‍රතිකාරය තුළ මාංශ පේශි උද්දීපකයක් භාවිතා කරන අතර ඉන් මාංශ පේශීන් උද්දීපනය වීම සිදු කර මාංශ පේශීන් ලිහිල් වීමට සලස්වනු ලැබේ. එනම් ඉන් එම වේදනාව සමනය වීම සිදුවේ.
ව්‍යායාම සිදුකිරීම.ඉරුවාරදය රෝගය ඇති වීම වලක්වා ගැනීම සඳහා ඊට සුදුසු ව්‍යායාම සිදු කළ හැකිය. එනම් ව්‍යායාම මගින් මස්තිෂ්කයට රුධිරය ක්‍රමවත්ව සංසරණය වී ග්‍රීවයේ තද ගතිය ලිහිල් වී ඉරුවාරදය සුව වීම සිදුවේ. ඉරුවාරදය පවතින රෝගීන්ට වෛද්‍ය ප්‍රතිකාර වලට අමතරව මේ ආදී වූ ප්‍රතිකාර සිදු කිරීම මගින් ද යම් සහනයක් ළගා කර ගත හැකිය.