රට යන්න ඉන්නවනම් දවසින් ටැටූ එක මකන්නේ මෙහෙමයි

health tips

ටැටූ (Tattoo) එහෙමත් නැත්නම් පච්ච කියන්නේ අද තරුණ තරුණියන් අතර විලාසිතාවක් බවට පත්වෙලා තියෙන දෙයක්. බාහිරට පෙනෙන්නට වගේම බාහිරට නොපෙන්නනටත් බොහෝදෙනා Tattoo  කරනවා.  මේ පච්ච කියන්නේ ඈත අතීතයේ සිටම පැවතෙන එක්තරා විලාසිතාවක්. වර්තමානයේ කාන්තා පුරුෂ භේදයකින් තොරව බොහෝදෙනෙක් ප්‍රිය කරන මේ Tattoo අපේ රටේ වගේම වෙනත් බොහෝ රටවලත් දකින්නට තියෙනවා. නමුත් මේ විලාසිතාව ඔබට බරපතල සෞඛ්‍ය ගැටළු ඇති කරන්නටත්  හේතු වෙන බව ඔබ  නොදන්නවා ඇති. ඒ නිසා Tattoo කිරීමට  අපේක්ෂාවෙන් සිටින ඔබ  අනිවාර්යෙන්ම සැලකිලිමත් විය යුතු කරුණු කාරණා බොහොමයක්ම තියෙනවා. අපි අද කතා කරන්නේ ඒ කරුණු කාරණා පිළිබඳවයි.

Tattoo  කිරීමේදී සමේ ඇති ඉහළම ස්ථරයට  කුඩා කටුවක් ආධාරයෙන්  විවිධ වර්ණක එකතු කරනවා. අවස්ථා කිහිපයකදීම සමේ මතුපිට කොටස සිදුරු කරන්නට සිදු වෙනවා. ඒ නිසා කුඩා ප්‍රමාණයකින් රුධිරය පිටවීමක් වුණත් සිදු වන්නට පුළුවන්. ඒ වගේම යම් තරමක වේදනාවක් ඇති වන්නටත් පුළුවන්. 

Tattoo කිරීමට යාමේදී සැලකිලිමත් විය යුතු කරුණු 

  • Tattoo කිරීමට භාවිතා කරන තීන්ත වර්ගය මේ සඳහා තත්ත්වයෙන් උසස් තීන්ත වර්ග වගේම තත්ත්වයෙන් බාල තීන්ත වර්ගත් භාවිතා කෙරෙන නිසා  ඒ සඳහා හොඳ අවබෝධයක් ඔබ සතු වෙනවා. මොකද ඔබ Tattoo කිරීම සඳහා භාවිතා කරන තීන්ත වර්ගය එය යම්දිනෙක මැකීම සඳහාත් උදව්වක් වෙන නිසා.Tattoo කිරීමෙන් පසුව Tattoo එකේ වර්ණය දිගු කාලයක් වෙනස් නොවී පවතින්නේ නම් එය  තත්ත්වයෙන් බාල නොවන තීන්ත වර්ගයකින් කරන ලද්දක් බවට නිර්ණය කර ගන්නට හැකියාව තියෙනවා. 
  • Tattoo සඳහා භාවිතා කරන උපකරණවල තත්ත්වය  මේ සඳහා භාවිතා කරන උපකරණ නිසි පරිදි විෂබීජහරණය කරන ලද ඒවාද යන්න ඔබ සැලකිලිමත් විය යුතුයි. මොකද අනාරක්ෂිත ලෙස ඒ උපකරණ කිහිපදෙනෙක් සඳහා භාවිතා කිරීමෙන් නොයෙකුත් සෞඛ්‍ය  ගැටළුවලට ඔබට මුහුණ දෙන්නට සිදුවෙන නිසා.
  • Tattoo එක  සුවවීමට ගතවන සති 2 ක පමණ කාලය තුළ හිරු එළියට ඒ ස්ථානය නිරවරණය නොකිරීමටත් වග බලා ගන්න.

Tattoo කිරීම නිසා ඇතිවන සෞඛ්‍යමය ගැටළු 

  • Tattoo සඳහා භාවිතා කරන වර්ණක නිසා ඇතිවන ආසාත්මිකතා 
  • සම සිදුරුවෙන නිසා මේ අවස්ථාවේදී විවිධ විෂබීජ ඇතුළු වීමෙන්  සම ආසාදනයට ලක් වී සම පැසවීම
  • වර්ණක වටා කුඩා ගැටිති ඇතිවීම 
  • රුධිරය හරහා සම්ප්‍රේෂණය වන රෝග  ව්‍යාප්තවීමේ අවදානම 

Tattoo කිරීමේදී  නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද  භාවිතා නොකිරීමකදී මෙවන් තත්ත්වයක් ඇති වන්නට පුළුවන්. විශේෂයෙන් ඒ සඳහා භාවිතා කරන උපකරණ නිසි පරිදි විෂබීජහරණය නොකිරීම හරහා හෙපටයිටීස් B ,හෙපටයිටීස් C, HIV ආදී රෝග ව්‍යාප්ත වීමේ අවදානමක් පවතිනවා.

Tattoo ඉවත් කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු 

සාමාන්‍යයෙන් Tattoo එකක් සදාකාලිකයි. නමුත් රැකියාව නිසා හෝ විදෙස් ගත වීමක්  හෝ වෙනත් කරුණු නිසා ඔබට ඒ Tattoo එක ඉවත් කර ගන්නට අවශ්‍ය වුණොත් එය සිදු කරගත හැකිද යන්න බොහෝදෙනෙක්ට  ගැටළු පවතිනවා. ඈත අතීතයේදී මේ Tattoo ඉවත් කර ගන්නට පිළිස්සීම හෝ පැරණි පච්චය මත වෙනත් Tattoo එකක් කිරීම තමයි සිදුකළේ. නමුත් Tattoo ඉවත් කර ගන්නට ඒවා සාර්ථක පිළියම් වන්නේ නැහැ. ඒ වගේමයි මේ Tattoo 100% ක්ම ඉවත් කර ගැනීම එමගින් කළ නොහැකියි. වර්තමානය වෙද්දි ලේසර් ප්‍රතිකර්ම මගින් Tattoo ඉවත් කිරීම සිදු කෙරෙනු ලැබෙනවා. නමුත් ඇතැම් Tattoo ඉවත් කිරීම සඳහා ශල්‍ය කර්මයක් මගින් ඒ ස්ථානයේ සම  ඉවත් කරන්නටත් සිදුවෙන අවස්ථා පවතිනවා.

Tattoo  ඉවත් කිරීමේදී ඒ Tattoo කිරීම සඳහා භාවිතා කළ තීන්ත වර්ගයේ ස්වභාවය දැන ගැනීම වැදගත්. හොඳ තත්ත්වයේ තීන්ත භාවිතයෙන් සිදුකළ  Tattoo එකක් එක් ලේසර් ප්‍රතිකර්මයකින්ම ඉවත් කර ගන්නත් හැකියාව තියෙනවා.නමුත් බාල වර්ගයේ තීන්ත වර්ගයකින් කළ Tattoo එකක්  මැකීම සඳහා ඇතැම් විට 6-7 වතාවක් පමණ ලේසර් ප්‍රතිකාරවලට යොමු වෙන්නට සිදු වෙනවා.

Tattoo ඉවත් කර ගැනීම සඳහා බොහෝදෙනෙක් මේ Tattoo පිළිස්සීම සඳහා යොමු වුණත් එය ඉතාම අහිතකර බලපෑම් ඇති කරන්නටත් හේතු වෙනවා. ඒ වගේමයි ඒ ස්ථානයේ කැලලක් ලෙස ඉතිරිවීමක් ද දකින්නට පුළුවන්. නමුත්  Tattoo එක ඉවත් කරගන්නට භාවිතා  කළ හැකි හොඳම ක්‍රමය වෙන්නේ ලේසර් ප්‍රතිකර්මයයි.

Tattoo එකක්  කරන්නට අවශ්‍යමදැයි එය කරන්නට පෙර ඔබ සිතා බලන්න. ඒ වගේම එවැනි දෙයක් සිදු කිරීම සඳහා පිළිගත් සෞඛ්‍යාරක්ෂිත  ස්ථානයක් තෝරා ගන්නත් අමතක කරන්නට එපා.