සිරුරේ ඉන්සියුලින් නිෂ්පාදනය කිරීමේ හෝ ප්‍රතිචාර දැක්වීමේ හැකියාවට බලපෑම් ඇතිවීම නිසා රුධිරයේ සීනි ප්‍රමාණය අසාමාන්‍ය ලෙස වැඩිවීම දියවැඩියාව තත්වයයි. මෙය අද වන විට ලෝකයේ බහුලව දකින්නට ලැබෙන නිදන්ගත රෝග තත්වයක් . පූර්ව රෝග ලක්ෂණ එතරම් ප්‍රබල ආකාරයේ ඒවා නොවන බැවින් බොහෝ දෙනා ඒවා වෙනත් අසනීප තත්වයක් නිසා යැයි සිතමින් නොසලකා හරිති. නිසි ලෙස ප්‍රතිකාර නොකිරීමෙන් දියවැඩියාව ආයු අපේක්ෂාව අඩු කරවමින් , පාදවල කොටස් කපා ඉවත්කිරිමට සිදුවන තරමේ සෞඛ්‍යය පරිහාණියට පත්කරවන රෝගයක් ලෙස උත්සන්න විය හැකියි.
දියවැඩියාවේ ප්‍රභේද 2 කි:එනම් පළමු වර්ගය (Type I) හා දෙවන වර්ගය (Type II). මේ අවස්ථා 2 දීම හඳුනාගත හැකි ලක්ෂණය වන්නේ සිරුරේ ඉන්සියුලින් නිෂ්පාදනය සිදුනොවීම සහා ක්‍රමවත්ව භාවිතා නොවීමයි. ඉන්සියුලින් හෝර්මෝන ප්‍රතිකාර මඟින් රුධිරයේ ඇති ග්ලූකෝස් සිරුරේ සෛල තුලට අවශෝෂණය කිරීමට උපකාරී වේ. එමඟින් රුධිරයේ ඇති සීනි මට්ටම පාලනය කෙරේ. දියවැඩියා රෝගය කල්තියා හඳුනාගැනීමෙන් ඉන් මතුවිය හැකි සංකූලතා රැසක් අවම කරගත හැකි බව වෛද්‍යවරුන්ගේ මතයයි.
දියවැඩියා රෝගය හා සම්බන්ධ පොදුවේ හඳුනාගත හැකි පූර්ව රෝග ලක්ෂණ නියපොතු ආශ්‍රිතව ද හඳුනාගැනීමට හැකිවෙයි. ඔබේ නියපොතු වල මෙවැනි වෙනස්කම් දැකිය හැකි දැයි විමසිලිමත්වන්න.

නියපොතු කහවීම සහ පහසුවෙන් කැඩීයාම දිලීර ආසාදනයක් ඇතිවීම නිසා ද නියපොතු වල මෙවැනි ලක්ෂණ ඇතිවිය හැකියි.ඇතැම් විට මීට හේතුව yellow nail syndrome නම් දුර්ලභ සහලක්ෂණය වීමට ද ඉඩ තිබිය හැකියි.නියපොතු පැහැය වෙනස්වීම හානිකර තත්වයක් නොවෙයි.එහෙත් නියපොතු කහවීම දියවැඩියාව නිසා ද ඇතිවෙන්නට පුළුවන්. දියවැඩියා රෝගීන්ගේ සිරුර තුළ සීනි බිඳදැමීමේ ක්‍රියාවලියත් සමඟ නියපොතු කහ වීමට පටන්ගනියි.මෙහිදි නියපොතු ආශ්‍රිත කොලැජන් වලට ඇතිවන බලපෑමත් සමඟ නියපොතු කහ පැහැයට හැරෙයි.
නියපොතු කොටවීම නිතර නියපොතු හැපීම නිසා ද නියපොතු අනවශ්‍ය ලෙස කෙටි වෙයි.එමෙන්ම නියපොතු ඉක්මනින් කැඩීයාමට බලයි.ඔබ නියපොතු හපන්නේ නැති කෙනෙක් වුණත් නියපොතු පහසුවෙන් කැඩී යයි නම් එය යම් සෞඛ්‍ය ගැටලුවක සංඥාවක් විය හැකියි.ස්නායු හානිවීම් එවැනි එක් ගැටලුවක්.මෙය දියවැඩියාව හේතුවෙන් ඇතිවන දුර්ලභ තත්වයක්.දියවැඩියාව නිසා ස්නායු හානිවීමෙන් නිය වර්ධනය ද අඩාල වී යයි. නියපොතු වල පෝෂණයක් නොමැති නිසා පළුදු වී වඩාත් කෙටි වෙයි.
නියපොතු රතුවීම නීරෝගි නියපොතු සමානව පැතිරුණු රෝස පැහැයක් ගනියි. එහෙත් ඔබ දියවැඩියාවෙන් පෙළෙන කෙනෙක් නම් නියපොතු වල පැහැය මෙන්ම හැඩය (ඝනකම සහ අඛණ්ඩතාව) ඉක්මනින් වෙනස්වෙයි.නියපොතු වල සියුම් රතු පැල්ලම් මතුවීම ද එවැනි ලක්ෂණයක්.මෙසේ ඇතිවන්නේ දියවැඩියාවේ රෝග ලක්ෂණයක් ලෙසයි.
නියපොතු වල ඉරි මතුවීම සිරස් ඉරි මතුවීම වයසට යාමේදී ඇතිවන ඉතාම සාමාන්‍ය තත්වයක් වුවත් නියපොත්ත තිරස් අතට (හරහට) ඉරි මතුවීම/හෑරී යාම ඔබ දෙවන කාණ්ඩයේ දියවැඩියාවෙන් පෙළෙන බවට සංඥා කරයි. මෙවැනි ඉරි හටගන්නේ සිරුරේ රුධිර සීනි මට්ටම් පාලනයෙන් තොරවී ඉහළ යාම නිසයි.දියවැඩියාව හැරුණු කොට තයිරොයිඩ් ගැටලු හේතුවෙන් ද නියපොතු වල හරස් ඉරි මතුවීමට ඉඩ තිබෙයි.
මේවාට අමතරව දියවැඩියාව අවදානම පෙන්නුම් කරන වෙනත් රෝග ලක්ෂණ ද පවතියි.
මූත්‍රා පහ කිරීමේ අවශ්‍යතාව වැඩිවීම වෙනදාට වඩා මූත්‍රා පිටකිරීමේ අවශ්‍යතාව දැනෙයි නම් මීට හේතුව ඔබේ සිරුරේ රුධිර සීනි මට්ටම ඉහළ ගොස් තිබීම විය හැකියි.සීනි මට්ටම් ඉහළ වූ විට වකුගඩු වලට ඒ සම්බන්ධව ක්‍රියාකිරීම ඉතා අසීරු වෙයි.එම නිසා වැඩි ග්ලූකෝස් ප්‍රමාණයක් මූත්‍රා ලෙස බැහැර කෙරෙයි.විශේෂයෙන්ම රාත්‍රී කාලයේදි පවා නිතර මූත්‍රා කිරීමට අවශ්‍ය වේ නම් මේ තත්වය නොසලකා හැරීම සුදුසු නැහැ. වහාම දියවැඩියා අවදානමක් තිබේ දැයි පරික්ෂාවක් කරගන්න.
පෙනීම බොඳවීම දියවැඩියාව හේතුවෙන් ඇස් වල පෙනීම බොඳවීමට ඉඩ තිබෙයි. අයි ඩ්‍රොප්ස් හෝ රුධිර සීනි මට්ටම් ස්ථාවර වීමට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමෙන් බොහෝ විට මෙය පාලනය කළ හැකිවෙයි.එහෙත් ඇතැම් තත්වයන්ට එසේ සරලව ප්‍රතිකාර කිරීම ප්‍රමාණවත් නොවෙයි.සිරුරේ ග්ලූකෝස් මට්ටම් නිසි පරාසයක නොපවතින විට ඇස් වල පෙනීම බොඳවීමට පටන්ගනියි.ඉන්සියුලින් ප්‍රතිකාර නිසා ද ඇස් පෙනීම බොඳ වීමට තුඬු දිය හැකියි.ඇස් වල තරල පිරීමෙන් පෙනුම බොඳ වී යයි.දියවැඩියාව හේතුවෙන් ඇතිවන retinopathy තත්වය ඇසේ පටලයට හානි ඇතිකරවයි.දියවැඩියා හේතුවෙන් ඇසේ සුද මතුවීමට ද ඉඩ තිබෙයි.ග්ලූකෝමා තත්වය ද දියවැඩියාවෙන් ඇතිවිය හැකි තවත් ගැටලු තත්වයකි.ඇසේ පීඩනය වැඩිවීමෙන් ඇස් රතුවී පෙනීම දුර්වල වෙයි.

සිරුරේ අධික තෙහෙට්‍ටුව දියවැඩියාවේ ප්‍රධාන රෝග ලක්ෂණයකි.ග්ලූකෝස් සහ රුධිර සීනි මට්ටම් ඉහළ වීම නිසා සිරුර තුළ අධික තෙහෙට්‍ටුවක් වර්ධනය වෙයි.මෙම මට්ටම් නිතර ඉහළ පහළ යාම නිසා සිරුරට නිසි පරිදි ක්‍රියාකිරීමට අවශ්‍ය ශක්තිය නොලැබෙයි. එහිදි සිරුර විඩාවට ලක්වෙයි. ඇතැම් දියවැඩියා රෝගීන් ආහාර වේල් මගහැරීම සිදුකරති. මේ නිසා සිරුරට අවශ්‍ය පෝෂණය හා ශක්තිය නොලැබෙයි. එමෙන්ම සිරුරේ ක්‍රියාශීලීබව අඩුකම නිසා ද සිරුර තුළ අප්‍රාණිකබවක් වර්ධනය විය හැකියි. නින්ද නොයාම,සිරුරේ ප්‍රදාහය ,මන්දතයිරොයිඩතාව සහ වකුගඩු අකරණිය (අක්‍රීයවීම ) වැනි වෙනත් ගැටලු තත්වයන් නිසා ද සිරුරේ අධික තෙහෙට්‍ටුව ඇතිවිය හැකියි.
තුවාල සුවනොවීම කුඩා තුවාලයක් සාමාන්‍යයෙන් ඉක්මනින් සුවවී යයි.නමුත් ඔබේ සමේ ඇතිවන එවැනි සුලු තුවාලයක්වත් ඉක්මනින් සුව වන්නේ නැතිනම් එය දියවැඩියාවේ ලක්ෂණයක් විය හැකියි.රුධිරයේ සීනි මට්ටම් වැඩි වන විට සිරුරේ තුවාල සුව කිරීමේ හැකියාවට ඉන් විවිධ බාධා ඇතිකරවයි.දියවැඩියා රෝගීන් තුළ හටගන්නා තුවාල ඉක්මනින් පැතිරී වණ බවට පත්වීමේ අවදානම ද වැඩියි.විශේෂයෙන්ම කකුල ආශ්‍රිතව තුවාල ඇතිවූ මෙවැනි තුවාල වලට නිසි ප්‍රතිකාර නොගතහොත් එය වඩාත් බරපතල ගැටලුවක් බවට පත්වෙන්නට ඉඩ තිබෙනවා.ඇතැම් විට කකුල් වණ වීමෙන් එහි කොටස් කපා ඉවත් කිරීමට පවා සිදුවෙයි. කකුල් වල තුවාල ඇතිවූ විට ඒවාට නිසි ප්‍රතිකාර ලබාගන්න.
සම ඝනකම් වීම අත් වල සම ඉටි වැනි ඝනකම් ස්වභාවයක් ගැනීම හෙවත් digital sclerosis නම් සිරුරේ පටක දෘඩවීමේ තත්වය දියවැඩියාවේ පූර්ව රෝග ලක්ෂණයක්.කාලයක් යන විට ඇඟිලි දරදඬු වී නැවීමට පවා අපහසුවෙයි.මෙම තත්වය නොසලකා හරින්න එපා. දිගු කලක් ප්‍රතිකාර නොගෙන සිටීමෙන් මෙය වඩාත් නරක අතට හැරිය හැකියි.යටිබාහු,උඩුබාහු,බෙල්ල ,උරහිස මෙන්ම පිට දක්වා සමේ මේ තත්වය පැතිරෙන්නට පටන්ගත හැකියි.
දිය බිබිලි (blisters)මතුවීම බිබිලි එකක් දෙකක් හෝ පොකුරු වශයෙන් සමේ හටගෙන තිබෙනවාද? මෙය දියවැඩියාව ඇතිබව පෙන්නුම් කරන ලක්ෂණයකි.බොහෝ විට අත් සහ කකුල් වල මතුවෙයි.මෙවැනි බිබිලි දිලීර ආසාදන සහ ආසාත්මිකතා නිසා ද මතුවිය හැකියි. දියවැඩියාව නිසා ඇතිවන බිබිලි වේදනාවෙන් තොරයි.මේවා නිසා කැලැල් ඇතිනොවෙයි.මෙවැනි බිබිලි සමේ නිතර මතුවේ නම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමුවන්න.
සමේ තද පැල්ලම් වර්ධනය වීම බෙල්ල, කිහිලි, ඉකිලි ආශ්‍රිතව සම වඩාත් කලු වී ඇත්නම් එය දියවැඩියා රෝගයේ පූර්ව සංඥාවක් විය හැකියි. විශේෂයෙන්ම බෙල්ල පිටුපස කලුවීම දියවැඩියා අවදානම පෙන්නුම් කරන ප්‍රධාන ලක්ෂණයක් ලෙස සැලකෙයි. මෙවැනි තද පැල්ලම් වර්ධනය වීමෙන් පෙන්නුම් කරන්නේ සිරුරේ ඉන්සියුලින් මට්ටම ඉතා අධික බවයි.සම කසන සුලු බවක් ගැනීමට ද ඉඩ තිබෙයි.
*ඉහත සඳහන් රෝග ලක්ෂණ ඔබ තුළත් අත්දකිනවා නම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමුවී ඔබේ සෞඛ්‍ය තත්වය පරික්ෂා කරගන්න.