මිනිසාගේ දේහයට අවශ්‍ය පෝෂණ කොටස් හෝර්මෝන ආදී දේවල් නිසි ප්‍රමාණවලින් තිබීම දේහයේ යහපත් පැවැත්මට හේතුවක්. හෝර්මෝන කියන්නේ ඒ ආකාරයට අසීමාන්තිකව අඩුත් නොවන වැඩිත් නොවන සමබර මට්ටමක තබා ගත යුතු දෙයක්. මොකද හෝර්මෝන අපේ දේහයේ පැවැත්මට අමිල මෙහෙයක් ඉටු කරන නිසාවෙන්. ඇතැම් හෝර්මෝන කාන්තාවන්ට සහ පුරුෂයන්ට යන දෙපාර්ශවයටම තිබුණත් ඒවායේ මට්ටම වෙනස් වෙනවා. යම් විටෙක කාන්තා හෝර්මෝන පිරිමි පුද්ගලයෙකු තුල අධික නම් එය කාන්තා දේහ ලක්ෂණ ඇති වෙන්නත් හේතුවක් වෙනවා. ඒ නිසා මේ හෝර්මෝන සමබරව තබා ගන්නා එක හරිම වැදගත්. අපි අද කතා කරන්නේ පිරිමින්ට ආවේණික පුරුෂ ලක්ෂණ ඇති කරන්නට හේතුවෙන ටෙස්ටොස්ටෙරෝන් හෝර්මෝනය පිළිබඳව.
මේ ටෙස්ටොස්ටෙරෝන් හෝර්මෝනය ලිංගික හා ස්ටෙරොයිඩ් කාණ්ඩයේ හෝර්මෝනයක්. මේ හෝර්මෝනය පුරුෂයන් තුළ විතරක් නෙවෙයි කාන්තාවන් තුළත් යම් ප්‍රමාණයකින් නිපදවෙනවා. නමුත් මේ හෝර්මෝනය කාන්තාවන්ට සාපේක්ෂව පුරුෂයන්ගේ දේහයේ වැඩි වශයෙන් නිපදවෙනවා. මේ ටෙස්ටොස්ටෙරෝන් හෝර්මෝනය කුස තුළ දරුවා වැඩෙද්දි වගේම බිහි වී මුල් මාස කිහිපය තුළ දී යම් ප්‍රමාණයකින් දැක ගන්නට හැකියාව ලැබෙන නමුත් ඒ මට්ටමක ක්‍රමයෙන් අඩු වී ගොස් නැවත දරුවා වැඩිවිය පැමිණීමෙන් පසුව ක්‍රමයෙන් ඉහළ යාමට පටන් ගනු ලබනවා. එහි ප්‍රතිඵලයක් ලෙස පුරුෂයන්ගේ ද්විතීයික ලිංගික ලක්ෂණ පහල වීම සිදු වෙනවා. ඒ වගේම මේ හෝර්මෝනය පුරුෂයන්ගේ වගේම කාන්තාවන්ගේ අස්ථි ශක්තිමත් කිරීම සඳහාත් දායක වෙනවා.
මේ හෝර්මෝනය වැඩි වශයෙන් පුරුෂයන්ගේ වෘෂණ කෝෂ මගින් නිෂ්පාදනය කෙරෙන අතර සුළු වශයෙන් අධි වෘක්ක ග්‍රන්ධි මගින් ශ්‍රාවය වෙනවා. පුරුෂයන්ගේ දේහයට අවශ්‍ය පමණට ටෙස්ටොස්ටෙරෝන් හෝර්මෝනය ශ්‍රාවය නොවුණොත් එමගින් ගැටළු කිහිපයක්ම ඇති වෙනවා. ඒ නිසා යම් විටෙක ඔබේ ශරීරයේ මේ ටෙස්ටොස්ටෙරෝන් හෝර්මෝනය ශ්‍රාවය වීම අඩු නම් එය ලිංගික අප්‍රාණිකත්වය ඇති කරන්නත්, මාංශපේශී වර්ධනය දුර්වල කරන්නත්, ඔස්ටියෝපොරෝසිස් වැනි රෝගවලට ගොදුරුවීමේ ඉඩකඩ වැඩි කරන්නත් හේතු වෙනවා. ඒ නිසා ඔබ ඔබේ ටෙස්ටොස්ටෙරෝන් හෝර්මෝනය ශ්‍රාවය නිසිපරිදි සිදුවීමට බාධා කරන කරුණු ගැන අවබෝධයකින් යුක්තවිය යුතු වෙනවා.

ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම ප්‍රමාණවත් නින්දක වටිනාකම ඔබ හොඳින්ම දන්නවා. රාත්‍රියට නිදා ගන්නට නොහැකි වීම කඩින් කඩ නින්දයාම ආදිය නිසා කයට වගේම මනසටත් දැඩි පීඩනයක් එල්ල වෙනවා. එය අපේ සිරුරේ කාර්යයන්වලටත් දැඩි ලෙස බලපෑම් කරනවා. දවස ප්‍රබෝධමත්ව ගත කරන්නට නම් පුද්ගලයෙක් පැය 6-8 ක තරම් සුවදායි නින්දක් ලබා ගැනීම අනිවාර්ය වෙනවා. ප්‍රමාණවත් නින්දක් ලබා නොගැනීමෙන් ආහාර රුචිය අඩුවීම, අලස බව, රුව අවලස්සන වීම, අක්මාවේ විෂ තැන්පත්වීම ඉහළයාම ආදි ඇතිවන හානිදායක බලපෑම් අතරේ පුරුෂයන්ට වඩාත් හානිදායක බලපෑමකුත් ඇති වෙනවා. ඒ තමයි ටෙස්ටොස්ටෙරෝන් හෝර්මෝනය ශ්‍රාවයේ ගැටළු. සාමාන්‍යයෙන් පිරිමින්ගේ දෛනික ටෙස්ටොස්ටෙරෝන් හෝර්මෝනය බහුතරයක් මුදා හරින්නේ නින්දේ සිටින අවස්ථාවේදී. මේ හෝර්මෝනය ඔබ දවස පුරාම ප්‍රබෝධමත්ව තබා ගන්නට උදව් වෙන නිසා ඒ සඳහා ඔබ අනිවාර්යෙන්ම පැය 6-8 ත් අතර සුවදායි නින්දක් ලබාගත යුතු වෙනවා.
අඩුවෙන් ව්‍යායාම නොකිරීම දිනපත ව්‍යායාම කිරීම හෝ ශරීර වර්ධනය සඳහා ව්‍යායාම සැලැස්මක් සකසා ගැනීම මෙයින් අදහස් කරන්නේ නැහැ. නමුත් අපි සිදු කරන ව්‍යායාමය ශරීරයට ප්‍රමාණවත් පරිදි සිදු නොකිරීමෙන් ප්‍රතිඵලයක් ලබා ගන්නට බැහැ. ඒ වගේමයි ඇඟ මහන්සි වී ඇති අවස්ථාවේදී ව්‍යායාම් අතරමග නතර කිරීමෙන් එදින සිදු කළ සාර්ථක ව්‍යායාම කොටස්වලත් ප්‍රතිඵල ලබා ගන්නට නොහැකි වෙනවා. ඒ නිසා තමන්ගේ දේහයට අවශ්‍ය ප්‍රමාණයට නිසි කාල වේලාවක් තෝරාගෙන ව්‍යායාම් සිදු කිරීම තමයි වැදගත් වෙන්නේ.එය ඔබේ දේහයේ ටෙස්ටොස්ටෙරෝන් ප්‍රමාණය ක්‍රමවත් පවත්වා ගෙන යන්නට හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම දිවීම, වේගයෙන් ඇවිදීම, පිහිනීම, පාපැදි පැදීම, බරක් සමඟ කඳු නැගීම ආදී ව්‍යායාම ටෙස්ටොස්ටෙරෝන් හෝර්මෝනය වර්ධනය සඳහා බෙහෙවින් උදව් වෙනවා.
දේහයේ මේද අගය අඩු මට්ටමක පවත්වා ගැනීම අධ්‍යනයන්ගෙන් හෙළිවී ඇති ආකාරයට ශරීරයේ මේද ප්‍රතිශතය වැඩිවීම ටෙස්ටොස්ටෙරෝන් හෝර්මෝන මට්ටම අඩු කරන්නට හේතු වෙනවා. ඒ සඳහා ව්‍යායාම්වල නිරත වීම, ප්‍රෝටීන්වලින් පොහොසත් සංකීර්ණ කාබෝහයිඩ්රේට් අඩංගු ආහාර, අසංතෘප්ත මේදය සහිත ආහාර පරිභෝජනය කළ හැකියි.
අධික මත්පැන් භාවිතය අවම කිරීම දේහයේ ටෙස්ටොස්ටෙරෝන් හෝර්මෝනය කඩාවැටීමට අධික ඇල්කොහොල් භාවිතය විශාල බලපෑමක් එල්ල කරනවා. අධික ලෙස ඇල්කොහොල් භාවිතා කරන අයෙකුගේ ටෙස්ටොස්ටෙරෝන් හෝර්මෝනය 25% ක ප්‍රතිශතයකින් පමණ කඩාවැටීම සිදු වෙනවා.
ආහාර වේල් මගනොහැරීම කුසගින්නේ සිටින විට සිදුවන්නෙත් ටෙස්ටොස්ටෙරෝන් මට්ටම පහළ බැසීමක්. ඒ නිසා ප්‍රමාණවත් පරිදි ආහාර ගැනීම මගින් ටෙස්ටොස්ටෙරෝන් මට්ටම යහපත්ව තබා ගන්නට හැකියාව ලැබෙනවා.මාංශපේශීවල ඉක්මන් වර්ධනයක් ඔබ අපේක්ෂා කරන්නේ නම් දිනකට කුඩා ප්‍රමාණයේ ආහාර වේල් 5-6 ක ප්‍රමාණයක් ගැනීම වඩා ඵලදායි වෙනවා.

මානසික ආතතිය දුරු කර ගැනීම ආතතිමය ස්වභාවයක් නිසා කෝටිසෝල් හෝර්මෝනය වර්ධනය වීම සිදුවෙනවා. එමගින් මාංශ පේශී පටක දියකිරීමක් සිදුකර මේදය තැන්පත්වීමත් වැඩි කරනවා. ඒ නිසා එය ටෙස්ටොස්ටෙරෝන් හෝර්මෝනය කෙරෙහිත් ඍණාත්මකව බලපෑම් කරනවා. ඒ නිසා සුවදායි නින්දක් ලබා ගැනීම, විනෝදාත්මක කටයුතුවල යෙදීම භාවනා කිරීම ආදී මනස සැහැල්ලු කරන කටයුතුවල යෙදීම ඉතා වැදගත්.
ටෙස්ටොස්ටෙරෝන් හෝර්මෝනය නිසි මට්ටමේ පවත්වා ගෙන යන්නට ඔබ ඔබේ ආහාර රටාව වගේම චර්යා රටාවත් යහපත් ලෙස වෙනස් කරගත යුතු වෙනවා. එමගින් පුරුෂ පාර්ශවයට අත්‍යවශ්‍ය ටෙස්ටොස්ටෙරෝන් හෝර්මෝනය අඩු නොවී නිසි මට්ටමේ පවත්වා ගන්නට හැකියාව ලැබෙනවා.