ඔබට තැලසීමියා රෝගය ඇති බව දැනගන්න ක්‍රම 8 ක්

health tips

ලෙඩ රෝග කියන්නේ අපේ හුස්ම පොද පවතින තුරාවටම විවිධාකාරයෙන් අපිට පීඩාගෙන එන මාරයෙක්.එයින් අපිට ගැළවෙන්නට ඉතාම අපහසුයි. බෝ වන රෝග බෝ නොවන රෝග ආදී වශයෙන් අපිට මියෙන තුරාවට පීඩා ගෙනදෙනවා. මේ රෝග අතුරින් අද වෙද්දි තවත් එක් ප්‍රධාන සෞඛ්‍ය ගැටළුවක් තමයි තැලසීමියා රෝගය. බෝ වන රෝගයක් නොවන මේ රෝගය ඉතාම දරුණු ගණයේ එකක්.ජානමය වශයෙන් පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේශණය වන රුධිරය හා සම්බන්ධ රෝගී තත්ත්වයක්.මේ රෝගී තත්ත්වය නිසා මුළු ජීවිත කාලය පුරාවටම රුධිරය පිටතින් ලබාදෙන්නට සිදුවීම, දිනපතා යකඩ ඉවත් කිරීම ආදී ප්‍රතිකාර රාශියක්ම සිදු කරන්නට වෙනවා. ඉතින් එය සැබැවින්ම රෝගීයා පමණක් නොවෙයි මුළු කුටුම්භයම ආර්ථිකමය වශයෙන් සමාජීය වශයෙන් වගේම මානසික වශයෙනුත් අතිශය ප්‍රබල ගැටළුකාරී තත්ත්වයකට පත් වෙනවා. ඉතින් අද අපි කතා කරන්නට සූදානම් වෙන්නේ මේ තැලසීමියා රෝගය පිළිබඳව.

ශ්‍රී ලංකාව පුරා වසරකට තැලසීමියා රෝගය සහිත දරුවන් 80 ක් පමණ උපදිනවා.ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 2.4% ක්ම තැලසීමියා වාහකයන්. බෝහෝවිට මේ රෝගය පිළිබඳව බොහෝ අය තුළ පවතින නොදැනුවත්භාවය වගේම නොසැලිකිලිමත්භාවය නිසා මේ රෝගය වේගයෙන් ව්‍යාප්ත වී යාමක් දක්නට ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. ඒ නිසා සැමදෙනෙක්ම මේ රෝගය සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවබෝධයක් ලබාගත යුතුයි.

තැලසීමියාව යනු 

අපේ ශරීරයේ රතු රුධිරාණුවලට බලපාන රෝගයක් වන මේ රෝගය ප්‍රවෙණිගත රෝගයක් ලෙසට සලකනවා. දෙමාපියන් තැලසීමියා රෝගීන් වීම තුළ දරුවන් මේ තැලසීමියා රෝගයට ගොදුරු වෙනවා.මව පියා යන දෙදෙනාම තැලසීමියා රෝගීන්වීමට වඩා අඩු අවදානමක් එක් අයෙක් පමණක් වාහකයෙක් වීම තුළ සිදු වෙනවා.එය ප්‍රතිශතයක් ලෙස 50% ක්. දෙමාපියන් දෙදෙනාම තැලසීමියා රෝගීන් වීම දරුවන් සියල්ලම තැලසීමියා රෝගීන් බවට පත් කරනු ලබනවා.

මේ තැලසීමියා රෝගීන්ගේ ශරීරයේ රතු රුධිරානු අසමානව පවතිනවා. ඒ වගේම ඒවා ඉතා ඉක්මනින් විනාශ වෙනවා. ඒ නිසා හිමොග්ලොබින් ප්‍රමාණය පහළ බැසීමෙන් නීරක්තිය ඇතිවෙනවා. රුධිරයේ රතු පැහැයත් අඩු වෙනවා. මේ රක්තහීනතාවය නිසා ශරීරය තුළ සංකූලතා රාශියක්ම ඇති වෙනවා.ශරීරය තුළ ඔක්සිජන් ගමන් කිරීමේ හැකියාව අඩු වීම ශරීරයේ සියලුම ක්‍රියාවන් අඩපණ වීමටත්, ශරීරයේ පටකවල වර්ධනයට අහිතකර ලෙස බලපෑම් කිරීමත් සිදු වෙනවා. ඇට මිදුළුවල රතු රුධිරාණු සෑදීම අඩාල වීම නිසා හෝ රතු රුධිරාණු දියවීමෙන් රක්තහීනතාවය ඇති වෙන්නට පුළුවන්.සාමාන්‍යයෙන් තැලසීමියා රෝගී දරුවෙක් බිහිවී මාස 5-6 දී පමණ මේ රෝග ලක්ෂණ දකින්නට හැකි වෙනවා.

මේ රෝගය බෝ නොවන රෝගයක් නිසා පාලනය පහසුයි. සාමාන්‍යයෙන් අපේ රටේ වාර්ෂිකව එකතු වන තැලසීමියා රෝගීන්ගෙන් බහුතරය වාර්තා වෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්. ඒ හැරුණාම පුත්තලම, බදුල්ල, අනුරාධපුරය, පොළොන්නරුව,මාතලේ නුවරඑළිය වැනි දිස්ත්‍රික්කවලත් මේ රෝගයේ ව්‍යාප්තියක් දකින්නට පුළුවන්.

තැලසීමියාවේ රෝග ලක්ෂණ 

How to treat and manage iron deficiency related anemia – 1K Recipes!
  • ශරීරයේ වර්ධනය බාල වීම 
  • රතු රුධිරාණු වේගයෙන් බිඳ වැටීම 
  • සිරුර සුදුමැලිවීම 
  • මුත්‍රා  අඳුරු පැහැයක් ගැනීම 
  • කුඩා දරුවන්ට කිරි පෙවීමේ ගැටළු හා උදරය තරමක් විශාල වීම 
  • අලස බව 
  • සිරුරේ යකඩ ප්‍රමාණය වැඩිවීම හා ඒ යකඩ ශරීරයේ ප්‍රධාන ඉන්ද්‍රියන් වන අක්මාව, අග්න්‍යාශය,හෘදය ආදී අවයවල තැන්පත්  වීම.
  • ඇස්වල මද කහ පැහැයක් ඇතිවීම 

මේ රෝග ලක්ෂණ ඇතිවිට පමා නොවී වෛද්‍යවරයෙකු හමුවට යා යුතු වෙනවා. එහිදී ළදරුවාගේ ප්ලීහාව ඉදිමී ඇත්දැයි සොයා බලා හිමොග්ලොබින් පරීක්ෂණය ඇතුළුව පරීක්ෂණ කිහිපයක් සිදු කරනු ලබනවා. එහිදී තැලසීමියා රෝගය හඳුනා ගන්නට හැකියාව ලැබෙනවා.

තැලසීමියා මයිනර් ඇතැම් විට තැලසීමියා රෝග ලක්ෂණ කිසිවක් නොපෙන්වන නමුත් රුධිර පරීක්ෂාවකදී රතු රුධිරාණුවල එක් අසාමාන්‍ය ජානයක් පමණක් පවතින බව සොයා ගන්නට හැකියාව ලැබෙනවා. මේ තත්ත්වය හඳුන්වන්නේ තැලසීමියා මයිනර් යන නමින්.ඔවුන් ශාරීරික වශයෙන් මානසික වශයෙන් සුවයෙන් සිටියත් ඔවුන් ඉදිරි පරම්පරාව සඳහා මේ රෝගය ගෙන යනු ලබනවා.මෙවැනි රෝගීන් හඳුනා ගත හැකි එකම ක්‍රමය වන්නේ රුධිර පරීක්ෂාවයි. ඒ වගේම මේ රෝගීන්ට කිසිම ප්‍රතිකාරයක් අවශ්‍ය වන්නේ නැහැ.

රෝගය ව්‍යාප්ත වීම වැළකිය හැකි ආකාරය මෙය බෝ නොවන රෝගී තත්ත්වයක් නිසා එය වළකාලීමට කළ හැකි වෙන්නේ තැලසීමියා රෝග වාහකයන් අතර විවාහය නතර කිරීම මගින් පමණයි. එක් තැලසීමියා වාහකයන් කිසිම අවස්ථාවක තවත් තැලසීමියා වාහකයෙක් සහකරු හෝ සහකාරිය වශයෙන් තෝරා ගත යුතු නැහැ.

තැලසීමියා රෝගියෙක් සඳහා අවශ්‍ය උපකාර  

  • සැම රෝගියෙකුට වගේම තැලසීමියා රෝගීන්ටත් මානසිකව ශක්තියක් වීම.
  • සෑම මාස දෙකකට වරක් රෝගියාගේ උස සහ බර පරීක්ෂා කිරීම 
  • ආහාර සමඟ තේ ලබාදීම 
  • ඇට මිදුළු බද්ධ කිරීම 
  • යකඩ ඉවත් කීරීම 
  • යකඩ අඩංගු ආහාර ලබාදීමෙන් වැළකීම 
  • රුධිර පාරවිලනය කිරීම 
  • පූර්ව ආරක්ෂක එන්නතක් ලෙස හෙපටයිටීස් බී එන්නත ලබාදීම.

තැලසීමියා රෝගීන් සඳහා නියමිත ප්‍රතිකාර ලබාදීමෙන් රෝගී දරුවෙකුට හොඳින්ම වැඩීමට හැකියාව ලැබෙනවා. නිතර නිතර වෛද්‍ය පරීක්ෂණවලට භාජනය වීමත් රුධිර පාරවිලනයත් ආදීය සිදු කිරීම අත්‍යවශ්‍යයෙන්ම කළ යුතුයි. නිසි ලෙස වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් තැලසීමියා රෝගියෙක්ට වයස අවුරුදු 7 ක කාලයක් ජීවත්වීමේ වාසනාව හිමි වෙනවා.