බොහෝ දෙනෙකු රෝගී වූ විට වැඩි වශයෙන් ආහාරයට ගන්නා රසම් හොද්ද යනු ඖෂධීය කුළුබඩු රැසක එකතුවකින් සැදුම් ලත් ඖසධීයම ආහාරයකි. එනම් ඈත අතීතයේ සිටම කායම් හොද්ද නොහොත් තැම්බුම් හොද්ද ආහාරයට එක් කරගෙන ඇති අතර නොයෙක් ප්‍රදේශ වල මිරිස් හොද්ද රසම් හොද්ද යන නම්වලින් ද හඳුන්වනු ලබයි.
එනම් උණ රෝගීන් සඳහා පාචනය පවතින රෝගීන් සඳහා ආහාර අජීර්ණය වැනි උදරගත රෝග සදහා ශරීරයේ මේදය දහනය කිරීම සඳහා කායම් හොද්ද පානය කළ හැකිය.මෙම ඖෂධීය ආහාරය සකස් කරන විට නිවසේ පවතින කුළුබඩු අතරින් කුළුබඩු කිහිපයක්ම එක් කොට සකස් කරනු ලබයි.එනම්
- සුදුලූනු
- ගොරකා
- සියඹලා
- කොත්තමල්ලි
- කරපිංචා
- සූදුරු
- මහදුරු
- පෙරුම්කායම්
- ගම්මිරිස්
- කුරුඳු
ආදී වූ කුළුබඩු ඒ අතර ප්‍රධාන වේ. මෙම එක් එක් කුළුබඩු මගින් ශරීයට නොයෙක් සෞඛ්‍ය ප්‍රතිලාභ අත්කර ගත හැකිය. එමෙන්ම නොයෙක් රෝග තත්ත්වයන් සමනය කරගත
හැකිය.

සුදුලූනු දේහ ගත රෝග බොහෝ ප්‍රමාණයක් සුවකර ගැනීමට සුදුලූනුවල අඩංගු පෝෂ්‍ය පදාර්ථ වැඩි දායකත්වයක් සපයනු ලබයි. එනම් කායම් හොද්ද සකස් කිරීමේදී සුදුලූනු එක් කර ගැනීමෙන්
- හෘද රෝග
- කොලෙස්ටරෝල් වැඩි වීම
- ප්‍රතිශක්තිකරණය දුර්වල වීම
- උදරගත රෝග
- සෙම් රෝග
- සුව කර ගත හැකිය.
ගම්මිරිස් කුලුබඩු වර්ග අතර කළු රත්තරං ලෙස හදුන්වනු ලබන ගම්මිරිස් කායම් හොද්ද සකස් කිරීමේදී භාවිතා කරනු ලබයි. එනම් ගම්මිරිස් මේ සඳහා යොදා ගැනීමෙන්
- කොලෙස්ටරෝල්
- උදරගත රෝග
- කෑම අරුචිය
- සෙම්ප්‍රතිශ්‍යාව
- උණ
- ආදී රෝග තත්ත්වයන් සුව කරගත හැකිය.
කරපිංචා ඕනෑම ආහාරයක් පිසින විට එහි සුවඳ රසය වැඩිකර ගැනීම සඳහා කරපිංචා භාවිතා කරයි. ඊට අමතරව කරපිංචා භාවිතා කිරීම මගින් බොහෝ රෝග සුව කර ගත හැකිය. මේ නිසා කායම් හොද්ද සකසන විට ද කරපිංචා භාවිතා කරයි. එනම්
- ආහාර ජීර්ණය ක්‍රමවත් කිරීමට
- රුධිරය පිරිසිදු කිරීමට
- ශරීරගත විෂ නැසීමට
- මේදය දහනයට
- රුධිර ගත සීනි පාලනය කිරීමට කරපිංචා භාවිතා කිරීම ගුණදායකය.
කොත්තමල්ලි රෝග රැසකට ගුණදෙන කොත්තමල්ලි කායම් හොද්ද සකස් කිරීමේදී යොදා ගන්නා ප්‍රධාන කුළු බඩුවකි. එනම්

- රුධිරය වර්ධනය කිරීමට
- ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි කර ගැනීමට
- මුඛ රෝග සමනය කිරීමට
- වා, පිත්,සෙම් සමනයට
- උණ, සෙම්ප්‍රතිශ්‍යාව සමනයට
- කොලෙස්ටරෝල් පාලනය කිරීමට
- උදරගත රෝග සමනය කිරීමට
- කොත්තමල්ලි එක් කර ගැනීම යෝග්‍ය වේ.
සූදුරුකායම් හොද්ද සකස් කිරීමේදී භාවිතා කරන තවත් එක් ප්‍රධාන කුළුබඩුවක් ලෙස සූදුරු හැඳින්විය හැකිය. එනම් සූදුරු භාවිතා කිරීමෙන් ද බොහෝ රෝග සුව කර ගත හැකිය.
- සෙම් රෝග සුව කිරීමට
- ආහාර රුචිය වර්ධනය කිරීමට
- උදර රෝග සමනය කිරීමට
- මේදය දහනය කර ගැනීමට
- ශරීර ශක්තිය වර්ධනය කර ගැනීමට
- යනාදී වශයෙන් රෝග සුවකිරීමට සූදුරු ඖෂධයක්
ගොරකා ඇඹුල් රසයෙන් යුතු ගොරකා මිනිස් සිරුරේ හට ගන්නා නොයෙක් රෝග සුවකිරීමට ඖෂධයක් ලෙස යොදා ගත හැකිය. එනම් කායම් හොද්ද සකස් කිරීමේ දී ගොරකා එකතු කර ගැනීම සිදුකරයි. ඉන්
- උදරගත රෝග සමනය කිරීම
- කොලෙස්ටරෝල් පාලනය කිරීම
- පණු රෝග සමනය කිරීම
- විදුරුමස් ආශ්‍රිත රෝග සුව කිරීම
- පිළිකා මර්ධනය කිරීම
- ආහාර ජීර්ණය ක්‍රමවත් කිරීම
- ආහාර රුචිය වැඩි කිරීම සිදුකරයි.
පෙරුම්කායම් ඈත අතීතයේ සිට ම භාවිතා කළ වටිනා ඖෂධයක් ලෙස පෙරුම්කායම් හඳුනාගත හැකිය. එනම් රසම් හොද්ද සකස් කිරීමේ දී පෙරුම්කායම් භාවිතා කරන නිසා කායම් හොද්ද යන නමින්ද හඳුන්වනු ලබයි. මෙසේ පෙරුම්කායම් මේ සඳහා එකතු කර ගැනීමෙන්
- ආහාර අරුචිය
- බඩ පිපුම
- ආහාර ජීර්ණය යන ආදී රෝගී තත්ත්වයන් සුව කර ගත හැකිය.
මුරුංගා බොහෝවිට විවිධ ප්‍රදේශ වල කායම් හොද්ද සකස් කිරීමේදී මුරුංගා එකතුකර ගනී. එනම් මුරුංගාවල අඩංගු පෝෂ්‍ය පදාර්ථ මිනිස් සිරුරේ බොහෝ රෝග සුව කිරීමට හේතු පාදක වේ. එනම්
- ආහාර රුචිය වැඩි කිරීම
- බඩ බුරුල් කිරීම
- ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීම
- ශරීරයේ මේදය දහනය කිරීම
- ආදී වූ බොහෝ රෝග සමනය කිරීමට කායම් හොද්ද භාවිතා කළ හැකිය.
තැම්බුම් හොද්ද සකස් කර ගත හැකි ආකාරය.

- කොත්තමල්ලි මේස හැඳි 02.
- සූදුරු මේස හැඳි 01
- සුදුලූනු ගෙඩි දෙකක්
- ගොරකා ස්වල්පයක්
- ගම්මිරිස් ස්වල්පයක්
- වේලිච්ච මිරිස් කරල් දෙකක්
- කරපිංචා ඉත්තක්
- පෙරුම්කායම් කැබැල්ලක්
- ලුණු ස්වල්පයක්
- මුරුංගා කොළ ඉත්තක්.
එනම් පළමුව කොත්තමල්ලි, සූදුරු සියල්ලට වතුර ස්වල්පය බැගින් දමා විනාඩි 15 ක් පමණ පෙඟෙන්නට තබා පෙරා එයට ගම්මිරිස් ස්වල්පයක්, සුදුලූනු ගෙඩි දෙකක්, ගොරකා, ලුණු ස්වල්පයක් වේලිච්ච මිරිස් කරල් යන සියල්ල දමා බ්ලෙන්ඩර් එක ආධාරයෙන් හෝ ගලෙන් හොඳින් අඹරා ගෙන පසු බඳුනක් ලිප තබා මේ සියල්ල එක් කොට වතුර කෝප්ප දෙකක් පමණ දමා පැසෙන විට මුරුංගා කොළ අත්ත කැබලිවලට කපා එකතුකර ඊට පෙරුම්කායම් කැබැල්ලක් ද එකතු කර හොඳින් හැඳි ගාමින් පිසගන්න.
බොහෝවිට තැම්බුම් හොද්ද සකස් කරනු ලබන්නේ රෝගී වූ පුද්ගලයෙකුට ලබාදීම සඳහාය. එනම් පාන්, බත් හෝ පානයක් ලෙස මෙය භාවිතා කළ හැකිය. එනම් ඉන් උණ, උදරගත රෝග ආදී වූ බොහෝ රෝග සුව කර ගත හැකිය.