ශරීරය රෝගී වී ඇති බව හඟවන ලක්ෂණ 10 ක්

health tips

අපි හැම කෙනෙක්ම නීරෝගීව ජීවත් වෙන්නට කැමති වුණාට ස්වභාවයෙන්ම අපි නොයෙකුත් ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා. නමුත් අපේ ශරීරය තුළ  බොහෝ භයානක ලෙඩ රෝගවලින් අපිව ආරක්ෂා කරගන්නට අවශ්‍ය කරන යාන්ත්‍රණයක් ස්වභාවිකවම ක්‍රියාත්මක වෙනවා. අපේ ශරීරයට පාලනය කරගත නොහැකි යම් යම් රෝග තත්ත්වයන්වලදී අප විසින් ශරීරය පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතු බව අපිට විවිධ සංඥා මගින් දැනුම් දෙනවා. එවැනි අවස්ථාවක අපිට ඒ වගේම දැනුම් දෙනු ලබන සංඥා නොසලකා හැරිය යුතු නැහැ.අද අපි ඔබ සමඟ කතා කරන්නේ සිරුර විසින් ශරීරයේ ගැටළුවක් ඇති බව අපිට දැනුම් දෙන එවැනි සංඥා කිහිපයක් පිළිබඳවයි.

  • රෝස පාට දෙපතුල් – සමේ ආරක්ෂාවට වගේම පෙනුම සඳහාත් විවිධ ආලේපන ගැල්වුවත් එවැනි ආලේපනවලින් දෙපතුල්වල පැහැය වෙනස් කිරීම අපහසුයි. ඒ නිසා දෙපතුල් රෝස පැහැයක් ගැනීම, ඒවා කෙට්ටු රැලි වැටීම, කකුල් බොහෝසෙයින් වේදනාවක් නැගීම යන අවස්ථා නොසලකා හැරිය යුතු තත්ත්වයන් නම් නෙවෙයි. මේ ලක්ෂණවලින් කියවෙන්නේ ඔබේ රුධිරයේ සීනි මට්ටමේ වැඩිවීමක් ඇති බවයි. ඒ නිසා මෙවැනි අවස්ථාවක රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කර ගත යුතු වෙනවා. ඒ වගේම වෛද්‍යවරයෙකු හමුවී හෝර්මෝන මට්ටමත් පරීක්ෂා කර ගන්නට අමතක කරන්න එපා.
  • සිප වැළද ගැනීමේදී අපහසුවක් දැනීම – තමන්ගේ ආදරණීයන් තමන්ව සිප වැළද ගන්නවා නම් අපි හැමෝම කැමතියි. නමුත් ඒ අවස්ථාවේදී ඔබට ලණුවකින් ගැට ගහලා වගේ ඉතා දැඩි  අපහසුවක් අත් විදිනවා නම් එය සාමාන්‍ය දෙයක් වෙන්නට බැහැ. ඒ වගේම ග්ලවුස් හෝ සපත්තු ආදියෙන් අතපය වැසී ඇති බවක් දැනෙන්නේ නම් හෝ එයින් ඔබේ ඇඟ රිදෙන ස්වභාවයක් ගන්නවා නම් එයින් හඟවන්නේ ඔබ මල්ටිපල් සීරෝසීස් (MS) කියන රෝගයෙන් පෙළෙන බව. ඒ නිසා මෙවැනි රෝග ලක්ෂණවලින් ඔබත් පීඩා විදින්නේ නම් ස්නායු වෛද්‍යවරයෙක් පමා නොවී හමුවී ප්‍රතිකාර ලබා ගන්නට කටයුතු කරන්න.
  • ඇහි බැම සිහින් වීම – අද කාන්තාවන් හැමදෙනාම වගේ සිදු කරන ඇහි බැම සැකසීමේදී ඇහි බැම සිහින් කිරීම සාමාන්‍ය දෙයක් වුණාට එවැනි හේතුවක් නොමැතිව ඇහි බැම සිහින් වන්නේ නම් එය සැලකිලිමත් විය යුතු කාරණයක්. මොකද මෙය මන්ද තයිරොයිඩතාවයේ ලක්ෂණයක්. ඒ වගේම අධික වෙහෙස, මල බද්ධය,බර වැඩිවීම ආදියත් මේ මන්ද තයිරොයිඩතාවයේදී දැක ගන්නට පුළුවන්. මේ රෝගය ගැබිනි මව්වරුන්ට ඉතාම භයානක වන නිසා මේ ලක්ෂණය නොසලකා හරින්නට එපා.
  • පාදයේ ඇඟිලි අස්වාභාවික ආකාරයට ඉදිමීම– පාදයේ ඇඟිලි පාදයේ අනෙක් කොටස්වලට වඩා අස්වාභාවික ලෙස ඉදිමී ඇත්නම් හෝ වේදනාවක් ඇත්නම්  මෙය සෝරයිටීස් ආතරයිටීස් කියන රෝගයේ ලක්ෂණයක් වෙන්නට පුළුවන්. මෙයට හේතු වෙන්නේ හානි වූ සම වගේම සමේ ඇතිවන ඉදිමීම්වලින් වන අතුරු ප්‍රතිඵල. මේ ලක්ෂණය ඇති නම් ඔබ පමා නොවී වෛද්‍යවරයෙකු හමුවී ප්‍රතිකාර ලබාගත යුතු වෙනවා.
  • සිරුර කසන සුළු බව – කෘමි සතුන්ගේ දෂ්ඨ කිරීමක් හෝ ආහාර අසාත්මිකතාවයක් නොමැතිව සම කසන්නට පටන් ගැනීම සාමාන්‍ය කාරණයක් නොවෙයි. මේ ලක්ෂණය ඇතැම්විට දියවැඩියා රෝගය නිසා වුණත් ඇති වෙන්නට පුළුවන්.ඒ නිසා අන්තරාසර්ග වෛද්‍යවරයෙකු හමුවී රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කරවා ගන්න.
  • කෑම අරුචිය – කෑම පාලනයකින් තොරව ආහාර ගැනීමට කැමැත්තක් නැත්නම් හෝ දිනෙන් දින ශරීරයේ බර පවා අඩු වන්නේ නම් එය පරිවෘත්තීය අක්‍රමිකතාවය කියන තත්ත්වයට ලක්වීම නිසා වෙන්නට පුළුවන්.එසේ නැත්නම් ඔබේ ගලනාලය හරහා ඇසිඩ් ගතිය මුඛයට පැමිණීමක් වෙනවා නම් කෑම ගැනීම එපා වන්නේ නම් එය Gastroesophageal කියන රෝගයේ රෝග ලක්ෂණයක් වෙන්නත් පුළුවන්. මෙය පරම්පරාවෙන් පරම්පරාවට එන දෙයක් හෝ කාලයක් තිස්සේ සෞඛ්‍ය සම්පන්න ආහාර නොගැනීම නිසාත් ඇති වන්නට පුළුවන්. මෙවැනි රෝග ලක්ෂණවලින් ඔබත් පීඩා විදිනවා නම් එය නොසලකා නොහැර වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න.
  • ඇතුළත වූ ස්ථානවල සිටීමට අකමැති වීම – යම් විටෙක පොදු ප්‍රවාහනයේ සිටියදී වෙනත් කාමරයක හෝ ආවරණය වූ ස්ථානයක සිටියදී ජනෙල් විවර නොකර සිටීමට නොහැකි නම් හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වේ නම් එය වෛද්‍යවරයෙකු හමුවිය යුතු තත්ත්වයක්. මෙයට මූලිකම හේතුව වෙන්නේ හෘදය ආශ්‍රිත රෝගයක් ඔබට වැළදී තිබීමයි. බොහෝවේලාවට තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව මේ රෝග තත්ත්වයන් ඇති වෙන්නට පුළුවන්. ඒ හැරුණාම අධික ලෙස ඖෂධ භාවිතය වගේම අධික ලෙස කැෆේන් භාවිතයත් අනෙකුත් තයිරොයිඩ් ගැටළුත් මේ රෝග ලක්ෂණය ඇති කරන්නට හේතු වෙනවා. මේ ලක්ෂණවලින් පීඩා විදින අයෙක් නම් ඔබ එය නොසලකා හැරීම සුදුසු නැහැ. නොපමාව වෛද්‍යවරයෙකු හමුවට ඔබ යා යුතුමයි.
  • ජනෙල් විවර කරන්නට අකමැති වීම -අධික උෂ්ණ කාලගුණයක් ඇතිවිටෙක පවා ජනෙල් විවර කරන්නට අකමැති නම් හෝ නිතරම සීතල දැනෙන්නේ නම් එයත් ඔබ මන්ද තයිරොයිඩතාවයෙන් පෙළෙන බවයි හඟවනු ලබන්නේ. ශරීරයේ අයඩීන් ඌණ වූ විට එවැනි තත්ත්වයක් ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා ඔබ මේ ලක්ෂණවලින් පීඩා විදිනවා නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
  • චෞරෝන්මාදය -යම් දෙයක් ඔබට මිලට ගන්නට හැකියාව තිබියදී එය සොරකම් කරන්නට සිතෙන්නේ නම් එය ඩිමෙන්ෂියා රෝගයෙන් ඔබ පෙළෙන බව හඟවන එක් ලක්ෂණයක්. මෙය ඒ රෝගයේ මූලික අවස්ථාවක් ලෙසයි හඳුනා ගනු ලබන්නේ.ඒ නිසා මෙවැනි තත්ත්වයකදී ඔබ මනෝ වෛද්‍යවරයෙකුගෙන් සහ ස්නායු සම්බන්ධ වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබාගත යුතු වෙනවා.
  • නියපොතුවල ඇති වෙනස්කම් පැවති ප්‍රමාණයට වඩා නියපොතු අහබු ලෙස පලල් ආකාරයක් පෙන්නුම් කරනවා නම් ඒවායේ වර්ණය වෙනස් වන්නේ නම් ඒ පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුයි. විශේෂයෙන්ම අක්මාවේ, පෙනහළුවල,  හෘදයේ හා තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත රෝග පිළිබඳව එයින් ඉඟි ලබාදෙන ලෙස. ඒ නිසා මේ පිළිබඳව අතිශයින්ම සැලකිලිමත් විය යුතුයි.

ශරීරයේ පෙන්වන ඒ වගේ පුංචි පුංචි ඉඟි පවා අපේ ජීවිතය ඉතා භයානක රෝගවලින් ගලවා ගන්නට බෙහෙවින් උපකාරී වන නිසා ඒවා නොසලකා හරින්නට එපා. අසාමාන්‍ය ලෙස සිදුවන එවැනි ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය  උපදෙස් ලබා ගන්නට කටයුතු කරන්න.