ගැබ් ගත් පසු කිසි විටක නොකර යුතු දරුවා අංගවිකලයෙකු පවා කල හැකි දේවල් 8 ක්

health tips

ගැබිනි කාන්තාවක්  තමන්ගේ ගැබිනි සමය තුළ බොහෝසෙයින් තමන් කන බොන දේ ගැන වගේම කරන කියන හැමදෙයක් ගැනම වැඩි අවධානයකින් යුක්තව සිදු කරන්නට වග බලා ගත යුතුමයි. මොකද තමන්ගේ කුසේ තවත් ජීවිතයක් පණ ගැහෙන නිසා.  ඒ වගේම මව කරන කියන දේවල්  ගන්නා ආහාර පාන වගේම සිතන සිතුවිලි පවා දරුවාට හිතකර ආකාරයට වගේම අහිතකර ලෙසත් බලපෑම් කරන නිසාවෙන්. ඉතින් ඒ නිසාවෙන් ගැබිනි මවක් නොකළ යුතුම දේවල් කිහිපයක්ම තියෙනවා. අන්න ඒ කරුණු කාරණා පිළිබඳව තමයි අද අපි ඔබ සමඟ කතා කරන්නට යන්නේ.

දුර ගමන් යාම මේ කාරණය බොහෝසෙයින් වැදගත් වෙන්නේ ගැබිණි සමයේ මුල් මාස කිහිපයේ පසුවන කාන්තාවන්ට. නමුත් ගැබිණි  සමයේ අවසන් මාස කිහිපයේ පසුවන ගැබිනි මවක් පවා මේ කාරණය පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතු වෙනවා. කොහොමනමුත් මුල් මාස තුන හතර කාලයේ දී  ශරීරයට විශාල වෙහෙසක් ගෙනදෙන ගමන් බිමන් යාම නොකළ යුතුමයි. ඒ වගේම බොහෝ ගැස්සෙන සුළු වාහනවල දුර ගමන් යාමත් ගැබිනි සමයේදී මවක් ලෙස ඔබ වැළකිය යුතු කාරණාවක්. 

විකිරණවලට නිරාවරණය වීම විශේෂයෙන්ම X ray කිරණවලට මේ ගැබිනි සමයේදී කිසිසේත්ම නිරාවරණය වෙන්නට එපා. ඒ  වගේම රසායනික ද්‍රව්‍ය, කෘමිනාශක වල්නාශක  ආදියට නිරාවරණය  වීම ගර්භනී ඔබ වැළකිය යුතුම කාරණාවක්.  විශේෂයෙන්ම ඔබ ගැබ් ගෙන ඇතත් නැතත් ඔබ දරුවෙක් අපේක්ෂාවෙන් සිටින කාන්තාවක් නම් ඔබ කිසිවිටෙකත් කෘමි නාශක සහ වල් නාශක ඉසින ස්ථානයකටවත් නොයා යුතුමයි. මොකද ඔබට බිහිවන දරුවා විකෘති තත්ත්වයක් සහිතව ඉපදෙන්නට හැකියාව තියෙනවා. ඒ නිසා මේ දේවල් ඔබටත් ඔබේ දරුවාටත් හානිදායක වන නිසාවෙන් ඒවායින් හැකිතාක් ඈත්ව සිටින්නට උත්සාහ ගන්න.

අධික බර එසවීම ගර්බනී මුල් සමයේ වගේම අවසාන මාස කිහිපය තුළත් ඔබ වඩාත් ප්‍රවේශම් විය යුතු වෙනවා. අඩු බරක් එසවීම ගැටළුවක් නැතත් අධික බරක් එසවීමට යාම ගර්භනී ඔබ නොකළ යුතුම දෙයක්. 

මත්ද්‍රව්‍ය භාවිතයගැබිනි මවක් නම් ඔබ අනිවාර්යෙන්ම මත්ද්‍රව්‍ය සහ සිගරැට්වලින් වැළකිය යුතුමයි. අපේරටේ  කාන්තාවන් මේ මත්ද්‍රව්‍ය  භාවිතා කරන්නේ හරිම අඩුවෙන්. නමුත්  මත්ද්‍රව්‍ය භාවිතා කරන කාන්තාවක් නම් ඔබ ඔබේ ගර්භනී කාලය තුළදීවත් මේ පුරුදුවලින් සම්පූර්ණයෙන්ම ඈත්විය යුතුයි.

ඖෂධ  ලබා ගැනීම යම් වේදනාවක් හෝ රෝග තත්ත්වයකදී හිතුමතේට ප්‍රතිජීවක ඖෂධ හෝ වේදනානාශක හෝ වෙනත් බෙහෙත් වර්ග ලබා ගැනීමෙන් වැළකීම ගැබිනි මවට වගේම දරුවාටත් අහිතකර බලපෑම් ඇතිවීමෙන් වැළකෙන්නට හේතුවක් වෙනවා. නමුත් හිතුමතේට වෛද්‍ය  නිර්දේශයකින් තොරව ඖෂධ  ලබා ගැනීම ඉතාම භයානකයි. වේදනා නාශක වගේම විටමින් වර්ග පවා වෛද්‍ය  නිර්දේශයකින් තොරව ලබා ගන්නට එපා. ගැබිනි සමය පුරාවටම ඔබ ගත යුත්තේ වෛද්‍යවරයෙක් අනුමත කළ ඖෂධ පමණයි.

රූපලාවන්‍ය කටයුතු සඳහා රසායනික ද්‍රව්‍ය භාවිතය විශේෂයෙන්ම කොණ්ඩය සැකසීම ආදී කටයුතුවලදී භාවිතා කරන්නේ ඉතාම සැර රසායනික ද්‍රව්‍ය නිසා එවැනි රූපලාවන්‍ය කටයුතුවලින් ගැබිනි ඔබ වැළකිය යුතුයි.

අධිකව සංවේදී වන, අධිකව බය හිතෙන, තැති ගන්නා සිදුවීම් ඇසීම නැරඹීම ගර්භණී කාල සීමාවේ පසුවන ඔබ අසන සිදුවීමක්, නරඹන ටෙලි නාට්‍යයක්, සවන් දෙන ගීතයක්, නරඹන සිනමා නිර්මාණයක් හෝ කියවන පොතක් පවා තෝරා බේරා ගෙන ඇසිය යුතුයි. නැරඹිය යුතුයි. කියවිය යුතුයි. මොකද මවට දැනෙන හැඟෙන සෑම හැඟීමක් නිසාම ශ්‍රාවය වන රසායන ද්‍රව්‍ය සහ හෝර්මෝන ඔස්සේ දරුවාට ඒ සිතුවිලි  ගමන් කරන නිසා  එය දරුවාගේ වර්ධනයට  දැඩි ලෙස බලපෑම් කරනවා. ඒ නිසා කියවන පොත, ශ්‍රවණය කරන ගීතය, නරඹන සිනමා පටය හෝ ටෙලි නාට්‍ය  දරුවාට හිතකර වන ලෙස තෝරා ගන්නට කටයුතු කරන්න.

කිසිදිනෙක ආහාරය පිණිස නොගත් අල වර්ග, පලා වර්ග හෝ එළවලු වර්ග ආහාරයට ගැනීම සාමාන්‍යයෙන් ගර්භනී වීමට පෙර සිටම ඔබ ගත් ආහාර ගැටලුවක් නොවුණත් කිසිදිනෙක ආහාරයට ගෙන නැති එතරම් සුලබ නොවන ආහාර වර්ග ගැබිනි සමයේදී අත්හදා බැලීම පිණිස හෝ ආහාරයට ගන්නට එපා. ඒවා දේහයට  ආගන්තුක නිසා ඇතැම්විට ඔබට නොයෙකුත් අසාත්මිකතා  ඇති කරන්නට හැකියාව තියෙනවා.

  • අධික ලෙස ව්‍යායාමවල නිරත වීම 
  • අධිකව ගැස්සෙන වාහනවල ගමන් කිරීම 
  • අධිකව කේන්ති ගැනීම 

ගැබිනි සමයේදී කරන සෑම කටයුත්තකදීම ඉතාම සැලකිල්ලෙන් යුතුව සිදුකළ යුතුයි. ඒ වගේම ඉහත සඳහන් කළ කටයුතුවලින් ගැබිනි සමයේදී ඔබ වැළකිය යුතුයි. ඒ  වගේම ගර්භනී මවක් සිය දරුවා කුසේ දරාගෙන ගත කරන ඒ කාලසීමාව විවිධ අපහසුතා සහිතව ගත කරන නිසා ඇයව නිරන්තරයෙන්ම සතුටින් තබන්නට සාමකාමී පරිසරයක් නිර්මාණය කරන්නට නිවැසියන් කටයුතු කළ යුතුයි. එය ගැබිනි මවටත් දරුවාටත් වඩාත් හිතකර ලෙස බලපානු ලබනවා.