කැසිල්ල යනු නියපොතු වලින් සූරන්නට හිතෙන ආකාරයෙන් සමේ ඇතිවන පුපුරුගසන ස්වභාවය හෝ අපහසුතාවකි.සිරුරේ එක් ස්ථානයක හෝ සිරුර පුරාම එසේ කැසිල්ල ඇතිවිය හැකියි.සම වියපත්වීම හා වියළි ස්වභාවය සමේ කැසිල්ල ඇතිවීමට බලපාන ප්‍රධානම තත්වයන් දෙකකි. එක්සිමා දද , විෂවීම්,කුෂ්ඨ,පොතුකබර හා ඉම්පෙටයිගෝ,ෆොලිකියුලයිටිස් වැනි සමේ ආසාදන ඇතුළු චර්ම ගැටලු හේතුවෙන් කැසිල්ල ඇතිවිය හැකියි.කෘමි දෂ්ට කිරීම්, හයිව් දද හා ආසාත්මිකවීම් ද කැසිල්ලට තුඬු දෙයි.
ආයුර්වේදයේ ‘කණ්ඩු’ හෙවත් පොතුකබර හා එක්සිමා දද වැනි ගැටලු නිසා ඇතිවන සමේ කැසිල්ල අඩුකිරීමට ගුණ දෙන ‘පංචකර්ම’ නම් ප්‍රතිකාර ක්‍රම ගැන සඳහන් වේ. කොහොඹ කොළ, වදකහ හා කයිප්පු වැනි ඖෂධ වර්ග කැසිල්ල සමනය කරන ප්‍රතිකාර සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය වේ.දිරවීමට පහසු ආහාර පරිභෝජනය කිරීම,බාර්ලි හා තිත්ත රස කොළ එළවළු ආහාර වේලට එක්කරගැනීම,නිතිපතා ව්‍යායාම කිරීම, ඇඹුල් හා ලුණු ආහාර වලින් වැළකීසිටීම හා අධික වේලාවක් සෘජු හිරු එළියට නිරාවරණය වී සිටීමෙන් වැළකීම වැනි පුරුදු හරහා කැසිල්ල ලක්ෂණ මතුකරන යටින් පවතින සෞඛ්‍ය ගැටලු යම් දුරකට හෝ පාලනයකට ලක්කළ හැකි බව වෛද්‍ය උපදෙස් වල සඳහන් වෙනවා.
ආයුර්වේදයට අනුව කැසිල්ල තත්වය පැපොල,ආසාත්මිකතා,ගැබිණිබව හෝ යකඩ ඌනතා නිරක්තිය වැනි රෝග කැසිල්ල ඇතිවීමට හේතුවේ.ඊට අමතරව වකුගඩු රෝග,හෙපටයිටීස් හෝ විටමින් ඒ,ප්‍රතිජීවක වැනි ඇතැම් ඖෂධ වලට ප්රතික්රියාකිරීම් ද හේතුවිය හැකියි.සමේ යම් ප්‍රදේශය ආශ්‍රිතව ඇතිවන කැසිල්ලට හේතුවන්නේ බොහෝ විට හිරු කිරණට සම පිලිස්සීම,කුෂ්ඨ,චර්මදාහය,උකුණන් වැනි පරපෝෂීන් බෝ වී තිබීම, ඇතැම් රසායනික ද්‍රව්‍ය, සබන් හෝ වෙනත් උත්කෝපක ද්‍රව්‍ය වලට සම ආසාත්මික වීම වගේ හේතුය.
වාත,සෙම හා පිත කිපීම කැසිල්ල උඩුදිවීමට බලපායි. කාලගුණයේ ක්ෂණික වෙනස්කම් (උෂ්ණ පරිසරය සීතල වීම),සිරුරේ ස්වභාවික අවශ්‍යතා මැඩගෙන සිටීම,බර ආහාර වේල් ලබාගැනීම, අධිකව මාලු ආහාරයට ගැනීම,නොගැලපෙන ආහාර සුසංයෝග වශයෙන් ගැනීම (උදා: මාලු සමඟ කිරි),සිරුරේ පරිවෘත්තිය ආශ්රිත අසාමාන්‍යතා, හකුරු, රාබු,අලුත් ධාන්‍ය වර්ග හා තල වගේ ආහාර ගැනීම ඇතැම් පුද්ගලයින් තුළ කැසිල්ල ඇතිකරවයි.
කැසිල්ල තත්වයට ආයුර්වේදයේ ඇති ප්‍රතිකාර ක්‍රම

‘වමන’- රෝගියාව වමනය කරවීමට සලස්වන ඖෂධ ලබාදීමේ චිකිත්සාවයි.සිරුරේ විෂද්‍රව්‍ය හා කිපී ඇති පිත හා සෙම දුරුකරයි.මලබද්ධය,රයිනයිටීස්,ශ්වසන රෝග,සයිනසයිටිස් (හිසේ සෙම පිරීම), චර්ම ගැටලු වලට ප්‍රතිකාරයක් ලෙස නියම කෙරේ.මෙම ප්‍රතිකාරයට පැය 24කට පමණ පෙර තෙල් අධික ආහාර,කිරි,මුදවපු කිරි හා මස් වැනි ආහාර පරිභෝජනයට දෙයි. ආයුර්වේදයේ සෝරයියසිස් රෝගයට ප්‍රතිකාර කිරීමේදී මේ ක්‍රමය භාවිත කරයි.
‘විරේචන’- ආමාශයික ආන්ත්රික මාර්ගයේ අවහිරතා,ඇදුම,නිදන්ගත ජෝන්ඩිස් (ඇස් හා සම කහවීම),අපස්මාරය,පිත රෝග හා සමේ ගැටලු වලට මේ ක්‍රමය හරහා ප්‍රතිකාර කරයි.විරේක කිරීම ලෙස ද හඳුන්වන මේ ක්‍රමයේදි පිත හා විෂ ද්‍රව්‍ය ගුද මාර්ගයෙන් මලපහ සමඟ බැහැර වීමට සලස්වන ඖෂධ නියම කෙරේ.
‘රක්තමෝක්ෂන’- ලෝහමය උපකරණ භාවිතයෙන්, කූඩැල්ලන් ආදි වෙනත් ක්‍රම වලින් අපිරිසිදු රුධිරය බැහැර කිරීම මෙහිදි සිදුවේ.රුධිරයේ විෂද්‍රව්‍ය බැහැර වීමට සලස්වමින් පිත ගැටලු,ගුද මාර්ගයේ ප්‍රදාහය,අජීර්ණය,ජෝන්ඩිස්,හැලිටෝසිස් (අධික මුඛදුර්ගන්ධය),දත්මුල් ඉදිමීම (ජින්ජිවිටීස්),රක්තපාතය වැනි රෝග වලට ප්‍රතිකාර කරයි.ලියුකොඩර්මා, රතු දද,ස්කෙබී හෙවත් පණු හොරි,අඳුරු ලප කැලැල් (පිග්මන්ටේශන්),පැපොල හා පොතු කබර වැනි සමේ රෝග වලටද ඵලදායි ප්‍රතිකාරයක් ලෙස භාවිත වේ.
‘ලේප’- ආලේපන හෝ පත්තු බැඳීමයි.නෙල්ලි,තෙල් වර්ග,තෙබු,බාර්ලි,වදකහ වැනි ඖෂධ වලින් අර්ධඝන ආලේපන සකසා බලපෑමට ලක්වූ ප්‍රදේශය මත ආලේප කිරීම සිදුකරයි.’විෂග්න’ – විෂහරණය කරන ආලේප,’දෝෂග්න’ -දෝෂහරණය කරන ආලේප හා ‘වර්ණිය මුඛාලේප’-රූපලාවණ්‍ය ආලේප ආදී වශයෙන් ආයුර්වේදයේ සඳහන් ප්‍රධාන ‘ලේප’ වර්ග 3කි.ඇහැළ,වැල්මදට,හීන්මදුරුතලා,අබ තෙල්,දාරුහරිද්‍රා, තිපලා හෙවත් අරළු,බුළු,නෙල්ලි සුසංයෝගය,කලු වවුලැටිය ආදී නොයෙකුත් ඖෂධ භාවිතයට ගැනේ.
කැසිල්ල සමනය කරන ආයුර්වේදයේ සඳහන් ඖෂධ වර්ග

කයිප්පු –කැටෂින්,ටැනින් අම්ල හා ටැනින් වැනි ශාක රසායනික පෝෂක බහුලය.මේවායින් සිරුරට ඉහළ මට්ටමේ චිකිත්සක ගුණයක් ලැබේ.සෝරයියසිස් වැනි කසනසුලු චර්ම ගැටලු වලට ප්‍රතිකාර ඖෂධයක් ලෙස යොදාගනියි.ඉදිමුම හා දියවැඩියාව පාලනය කරයි.
දරුහරිද්රා– රුධිර සංසරණ හා ආහාර ජීර්ණ පද්ධතිය තුළ සක්‍රීය ක්රියාකාරීත්වයක් ඇතිකරයි.මූත්‍රා වර්ධක ගුණ ඇත.තිත්ත රසකින් යුක්තය.බඩේ කැක්කුම් හා උණ ලක්ෂණ අඩුකරවන ගුණ ඇත.කිපී ඇති පිත දොස් දුරුකරයි.විෂ අපද්‍රව්‍ය බැහැර කර සිරුර සමනය කරයි.
කැසිල්ල සමනය කරගැනිමට මෙම ඖෂධ මුසු කළ ජලයෙන් ස්නානය කිරීම නිර්දේශ කෙරේ. මේවා කසාය,ඇස් සේදුම් දියරයක්, කුඩු හෝ ගිතෙල් මිශ්‍ර කළ තලපයක් ආකාරයෙන් ලබාගත හැකියි. වෛද්‍ය උපදෙස් යටතේ භාවිතය වැදගත්ය.
කොහොඹ- රුධිර සංසරණ, ශ්වසන, ආහාර ජීර්ණ හා මූත්‍රා පද්ධති වල ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කරයි.කසට ගුණ ඇති අතර සිරුර සමනය කරවන,ප්‍රතිහෙල්මින්තික (පරපෝෂී පණු ආසාදන දුරුකරවන ගුණ) හා පැසවීම වළකන ගුණ අඩංගුය.විෂ ද්‍රව්‍ය බැහැර කරමින් රුධිර පිරිසිදු කරයි.පැපොල හා එක්සිමා දද රෝග වලදි ඇතිවන කැසිල්ල සමනය කරයි.අස්ථි හා සන්ධි ඉදිමුම හා ප්‍රදාහය අඩුකිරීමට මෙන්ම ශ්ලේෂ්මල පටල වල ඇතිවන වණ වලට ප්‍රතිකාර කිරීමේදී ද භාවිත වේ.කොහොඹ ඖෂධීය කසායක් ලෙස,තැම්බූ වතුර, කුඩු, තෙල් හෝ ගිතෙල් මිශ්‍ර කර හෝ ආයුර්වේද වෛද්‍යවරයාගේ උපදෙස් අනුව භාවිතයට ගත හැකියි.
අත් කහ– බැක්ටීරියානාශක,වාතහරණ හා පරපෝෂී ආසාදන දුරුකරවන ඖෂධීය ගුණ බහුලයි. රුධිරය පවිත්‍ර කරමින් පටක වර්ධනය වීමේ ක්‍රියාවලියට සහය දෙයි.පොතු කබර,පණු කැවිල්ල, කණ්ඩුතිය හා සමේ ආසාත්මිකතා වැනි ගැටලු වලට ප්‍රතිකාරයක් ලෙස භාවිත වේ.තුවාල, ආතරයිටීස්, මූත්‍රා ගැටලු, ප්‍රදාහක බඩවැල් රෝග (IBS)දියවැඩියාව, ඉදිමුමට ප්‍රතිකාරයකි.කසාය, කිරි මුසු කර පානය කිරීම,බාහිර ආලේපයක් ලෙස හෝ වෛද්‍ය උපදෙස් අනුව භාවිතයට ගත හැකියි.
වැල්මදට- සංරසණ පද්ධතිය මෙන්ම කාන්තා ප්‍රජනන පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කරවයි.මූත්‍රා වර්ධක, පිළිකා නාශක හා කසට ගුණ අඩංගුය.රුධිර පවිත්රකාරක ඔසුවක් නිසා සිරුරේ විෂ අපද්‍රව්‍ය බැහැර වීමට සලස්වමින් රුධිර ගමනාගමනය ප්‍රවර්ධනය කරයි.පොතුකබර,හෙපටයිටිස්,අංශබාගය,ජෝන්ඩිස්,අනතුරුආබාධ,ආතරයිටිස්,දුරාර්තවය වැනි ගැටලු වලට ප්‍රතිකාරයකි.කුඩු,ගිතෙල් මිශ්‍ර තලපයක් ලෙස හෝ කසායක් ආකාරයෙන් හෝ වෛද්‍ය උපදෙස් යටතේ සුදුසු මාත්‍රාවකින් සකසා භාවිතයට ගත හැකියි.
ආයුර්වේදයට අනුව කැසිල්ල තත්වයෙබ් පෙළෙන රෝගීන් කළ යුතු හා නොකළ යුතු දේවල්

- බාර්ලි,පතෝල,පිපිඤ්ඤා,මුං ඇට,තිත්ත රස කොළ එළවළු වර්ග හා තිරිඟු ඔබේ ආහාර වේලට එක්කරගන්න.
- සැහැල්ලු ආහාර ලබාගන්න.
- පෞද්ගලික හා අවට පරිසරය තුළ සනීපාරක්ෂාව පවත්වාගන්න.
- මේස ලුණු වෙනුවට කැට ලුණු පරිභෝජනයට ගන්න.
නොකළ යුතු:
- මාලු,උඳු,අලුතින් අස්වැන්න නෙලාගත් ධාන්‍ය වර්ග,පිරිපහදු කළ පිටි නිෂ්පාදන,රාබු,හකුරු,මුහුන් කළ ආහාර, මුදවපු කිරි හා ලුණු පරිභෝජනය අවම කරන්න.
- ස්වභාවික අවශ්‍යතා ආයාසයෙන් සිරකරගෙන නොසිටින්න.
- හිරු කිරණය අධිකව නිරාවරණය වීමෙන් වළකින්න.
- ඇඹුල් හෝ ලුණු අධික ආහාර වලින් වළකින්න.
- නොගැලපෙන ආහාර වර්ග සුසංයෝග ලෙස පරිභෝජනය කිරීමෙන් වළකින්න.
- අධිකව හා නිතර නිතර ආහාර ගැනීමෙන් වළකින්න.
- ආතතිය හා කාංසාව දුරුකරගන්න.
- දහවල් කාලයේ නින්දට යාමෙන් වළකින්න.
- මෙම ඖෂධ වර්ග භාවිතයට පෙර නිසි වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවීම ඉතා වැදගත්ය