අපි හැමෝම වගේ මුහුණේ සුන්දරත්වය ගැන වැඩි සැලකිල්ලක් දක්වනවා . ඒත් ඔබ මුහුණේ සුන්දර බව ගැන විතරක් හිතල මදි. මොකද මුහුණෙන් හදිසියේම මතුවන ඇතැම් ලක්ෂණවලින් නොයෙකුත් සෞඛ්‍ය ගැටලු පෙන්නුම් කරන්නත් පුළුවන් නිසා. අපේ මුහුණේ සෑම කොටසක්ම ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියකට සම්බන්ධව පවතින නිසා මුහුණේ සෑම කොටසක්ම හොඳින් නිරීක්ෂණය කර රෝග විනිශ්චය කරන්නට එදා වෙද මහතුන්ට හැකියාව තිබුණා.
අද කොතරම් තාක්ෂණය දියුණු වුණත් අපේ ශරීර අභ්‍යන්තරයේ යම් ගැටලුවක් තියෙන බව හඳුනාගන්නට පවා අපිට මේ ලක්ෂණ උපයෝගී කරගන්න පුළුවන්. ඉතින් ඔබේ මුහුණෙත් මේ වගේ ලක්ෂණ පෙන්නුම් කරනවා නම් වැඩිපුර සැලකිලිමත් වෙන එක හොඳයි.

තොල් පැලීම-තොල් පැලීම අපි බහුතරයක් දෙනා අත්විඳින තත්ත්වයක්. දේශගුණික වෙනස්වීම් සමග එය සාමාන්‍ය තත්වයක් ලෙසයි බහුතරයක් දෙනා හිතන්නේ. නමුත් ශීත කාලවලදී වැඩි වශයෙන් ජලය පානය නොකරන නිසා ශරීරය අධික ලෙස විජලනයට පත් වීමෙන් තොල් පැලීම සිද්ධ වෙන්න පුළුවන් . එය එතරම් ගැටළුවක් නොවුණත් ප්‍රතිකාර කළත් සුවයක් ගත නොහැකි ඇතැම් වෛරස හේතුකරගෙන වුණත් මේ වගේ තොල් පැලීම් ඇතිවෙන්න පුළුවන්. එය කෙයිලිටිස් වගේම හර්පීස් වෛරස නිසා වුණත් ඇති වෙන්න පුළුවන්.
කෙයිලිටීස් තත්ත්වය හට ගන්නේ හිරු කිරණට අධික ලෙස නිරාවරණය වීමේ ප්‍රතිඵලයක් විදිහට. මෙහිදී තොල් වටා සුදු පැහැති සිහින් වට රේඛාවක් නිර්මාණය වෙනවා. ප්‍රතිකාර නොකළොත් කාලයත් සමගම එය චර්ම පිලිකාවක් දක්වාම වර්ධනය වෙන්න පුළුවන්.
හර්පීස් වෛරසය නිසා ඇතිවෙන තත්ත්වයේදී තොල වටා සම වියලි පොතු ගැලවී යාමත් සමඟම තුවාල ඇති වෙන්න පටන් ගන්නවා. මෙය ඉතා ඉක්මනින් තවත් කෙනෙකුට සම්ප්‍රේෂණය විය හැකි නිසා ඉතා ඉක්මනින් ප්‍රතිකාර ලබාගත යුතුයි.
අධික ලෙස මුහුණේ රෝම වර්ධනය -කාන්තාවන් බොහෝ දෙනෙක් මුහුණේ අධික ලෙස රෝම වර්ධනය වීම නිසා පීඩාවට පත්වෙලා ඉන්නවා. ඉතින් මේ සඳහා විසඳුම් සොයන්නට යන්නේ රූපලාවණ්‍යාගාරවලට. නමුත් මේ ගැටළුවට ප්‍රතිකාර තියෙන්නෙ රූපලාවණ්‍ය ශිල්පීන් සතුව නම් නෙවෙයි. මොකද අධික ලෙස රෝම වර්ධනය වෙන්නේ අපේ ශරීරයේ යම් සෞඛ්‍ය ගැටළුවක් පෙන්නුම් කිරීමක් වශයෙන් .
හදිසියේම මුහුණේ වගේම ශරීරයේ වෙනත් ස්ථානවල රෝම වඩාත් හටගන්නවා නම් එයට හේතුව ඇන්ඩ්‍රොයජන් හෙවත් පුරුෂ හෝමෝනවල වැඩි බලපෑමයි. එනිසා පුරුෂයන්ගේ මෙන් රෝම ගණකමින් වර්ධනය වීමක් සිද්ධ වෙනවා. ඒ ඒ වගේ තත්ත්වයක් ඇති වෙන්නට ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය හෝ ජානමය බලපෑම් හේතු වෙන්නත් පුළුවන්. හදිසියේම මෙවැනි තත්ත්වයක් දකින්නට සිද්ධ වෙනවා නම් හෝමෝනවල අසමතුලිතතාවය සම්බන්ධව පරික්ෂා කර ගන්න.
කනේ ඇතිවන කසන සුළු බව-අප භාවිතයට ගන්නා විවිධ නිෂ්පාදන හේතු කරගෙන එහෙමත් නැත්නම් කනේ ඉටි එක්රැස් වී තිබීම වගේ හේතූන් මත මෙවැනි තත්වයක් ඇති වෙන්නට පුළුවන්. නමුත් වඩාත් බරපතළ විදිහට කනේ කසන සුළු ස්වභාවයක් පවතිනවා නම් එය එක්සිමා එහෙමත් නැත්නම් පණුකැවිලි තත්ත්වයක් හෝ සොරයිසීස් කියන තරමක් බරපතළ චර්ම රෝග ලක්ෂණයක් වෙන්නත් පුළුවන්. එනිසා මේ වගේ අවස්ථාවකදී පමා නොවී වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි.
හිසකෙස්වල වෙනස්කම්-දුර්වර්ණ වුණු, පැලී ගිය දුර්වල ආකාරයේ හිසකෙස් දකින්නට ලැබෙනවා නම් එය තරමක් සැලකිලිමත් විය යුතු කාරණාවක්. සාමාන්‍යයෙන් හිසකෙස් සඳහා භාවිතා කරන ඇතැම් රසායනික ද්‍රව්‍ය, සමබර ආහාර වේලක් ශරීරයට නොලැබීම, ශරීරය විජලනයට පත්වීම ආදී ගැටලු නිසා මෙවැනි දුර්වර්ණ දුර්වල හිසකෙස් ඇති වෙන්න පුළුවන්. නමුත් ඒ හැරුනහම කෙස්වල නිරෝගී බවට හානි වන ලක්ෂණ ක්‍රමයෙන් වැඩි වෙලා යනවා නම් එය තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත රෝග තත්ත්වයක් නිසා ඇතිවන තත්ත්වයක් විය හැකි නිසාවෙන් ඒ ගැන සැලකිලිමත් වීම වැදගත්.
ඇස් යට සම එල්ලා වැටෙන ස්වභාවය සහ ඉදිමීම-ප්‍රමාණවත් ලෙස නින්දක් නොලැබීම සහ ප්‍රමාද වී නින්දට යාම නිසා ඇතිවන අතුරු ප්‍රතිඵල විදිහට මේ ලක්ෂණ දකින්නට ලැබුණත් ඔබ සුවබර නින්දක් ලබාගත්තත් මේ තත්ත්වය දකින්නට ලැබෙනවා නම් එයින් පෙන්නුම් කරන්නේ යම් සෞඛ්‍ය ගැටළුවක්.
මෙසේ ඇස් වටා ඉදිමුණු ස්වභාවයක් ඇති වෙන්නේ ඇසිපියන් යටින් තරල තැන්පත්වීමේ ප්‍රතිඵලයක් විදිහට. එයට ශරීරයේ ඇතිවන ඇතැම් ආසාත්මිකතා, අධික ලෙස හැඬීම, අධික ලෙස ලුණු පරිභෝජනය වගේ හේතු බලපානවා. වඩාත් උණුසුම් සහ වඩාත් තෙතමනයක් සහිත දේශගුණයකදී මේ තත්ත්වයේ වර්ධනයක් ද දකින්න පුළුවන්.
සමේ වියලි බව-ජලය පානයේ අඩු බව, නිසි පෝෂණයක් නොමැතිකම ආදිය නිසා සම වියළීම සිද්ධ වෙන්න පුළුවන්. ඒ හැරුනහම දේශගුණික වෙනස්කම් පවා මේ සඳහා බලපානවා. නමුත් සම වියලී යාම ඇතැම් සෞඛ්‍යය ගැටලු නිසා වුණත් දැක ගන්න පුළුවන්. ඔබේ දුර්වල ආහාර රටාව, අධි තයිරොයිඩතාවය එහෙමත් නැත්නම් දියවැඩියාව වගේ ගැටලු නිසාත් මේ විදිහට සමේ වෙනස්කම් දැකිය හැකි නිසා මෙය නොසලකා හරින්න එපා.

මුඛ දුර්ගන්ධය-බොහෝ වෙලාවට මුඛයේ ඇතිවන ගැටලු නිසා මුඛයේ දුර්ගන්ධයක් ඇති වෙන්න පුළුවන්. නමුත් ඒ හැරුනහම ශරීරයේ අස්ථි කොටස්වල සහ හදවතේ නිරෝගීකම පිරිහී ඇති බවට ලක්ෂණයක් විදියටත් මේ මුඛ දුර්ගන්ධය ඇති වෙන්න පුළුවන්.
හකු ප්‍රදේශය ආශ්‍රිත සම මත කුරුලෑ වර්ධනය-සම යටින් තෙල් තැන්පත් වීම නිසා කුරුලෑ වර්ධනය වෙනවා. නමුත් හකු ප්‍රදේශ්යේ කුරුලෑ ඇති වීම තරමක් සැලකිලිමත් විය යුතු කාරණාවක්. මේ කුරුලෑවල ස්වභාවය ගත්තොත් ඝන සහ රතු පැහැයෙන් යුක්ත වෙන්න පුළුවන්. සුදු සැරව සහිත පොකුරු වශයෙන් තොල උඩ ප්‍රදේශය පවා මේවා මතුවෙනවා.
මෙවැනි කුරුලෑ ආතතිය, හෝමෝනවල අසමතුලිතතාවයන් සහ වෙනස්කම් මත, ඇතැම් උපත් පාලන ක්‍රම, ඇපෙන්ඩි ප්‍රෙසන්ට් ඖෂධ වගේම polycystic ovary syndrome හෙවත් ඩිම්බ කෝෂ ආශ්‍රිත syndrome නිසා ඇතිවන ලක්ෂණයක් වෙන්නත් පුළුවන්. ඉතින් මෙයත් බෙහෙවින් සැලකිලිමත් විය යුතු ලක්ෂණයක්.
සම සුදුමැලි වීම-සමේ පැහැය අඩු වෙන්නට සමේ සුදු මැලි බවක් ඇතිවීමට බලපාන මූලිකම කාරණාව තමයි ශරීරයේ ලේ අඩු බව. ඒ වගේම මේ ආකාරයට සුදුමැලි වෙලා තියෙන්නෙ ඔබේ මුහුණේ හෝ අත් පාදවල එක් විශේෂ ස්ථානයක් පමණක් නම් එය වඩාත් ඉක්මනින් වෛද්‍යවරයෙකු හමුවට යා යුතු තත්ත්වයක්.
ඒ විතරක් නෙවෙයි සම සුදුමැලි වීම සඳහා රුධිර පීඩනය ශරීරයේ ඔක්සිජන් මට්ටම පහළ අගයක පිහිටීමත් , අධික ලෙස හිරු කිරණට නිරාවරණය වීමත් අධික සීතල ආදියත් බලපාන්නට පුළුවන්. ඉතින් ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න .
ඉන්නන් ශරීරයට හානිකර නොවන සමේ වර්ධනය වන මේ තත්ත්වය සාමාන්‍ය වුණත් අසාමාන්‍ය විය හැකි අවස්ථාත් තියෙන බව අමතක නොකළ යුතුයි. යම් විටෙක ඉන්නන් අසමමිතික හැඩයක් ගන්නවා නම්, එයින් රෝම කූප වර්ධනය වෙලා තියෙනවා නම් වෙනස්ම වර්ණයකින් සමන්විතයි නම් එහි විශ්කම්භය මිලි මීටර6 ක් ඒ ගැන සැලකිලිමත් වෙන්න.
ආඝාතය-මුහුණේ ඇතිවන ආඝාතය තත්ත්වයේදී මුහුණේ කොටසක් අප්‍රාණික වීම ඒ ප්‍රදේශයේ ඇති මාංශපේශීන් හැසිරවීමට ඇති හැකියාව තාවකාලිකව නැතිවී යාම වගේ තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන්. විශේෂයෙන්ම මෙය ආඝාත තත්ත්වය නිසා හනු ප්‍රදේශය සහ කණ පිටුපස ප්‍රදේශයේ දැඩි වේදනාවන් කැක්කුම් හට ගන්නවා.
මෙය පැය කීපයක් තුල හෝ දින කිහිපයක් තුළදී ව දී වර්ධනය වෙන්න පුළුවන් තත්ත්වයක්. ඒ වගේම වගෙන් එය සුවපත් කරන්නට මාස 6 ක තරම් කාලයක් ද ගත වෙනවා.
සාමාන්‍ය ලක්ෂණ ලෙස පෙන්නුම් කරන මෙය අසාමාන්‍ය ලක්ෂණ ගැන ටිකක් වැඩිපුර අවධානය යොමු කළොත් බොහෝ සෞඛ්‍ය ගැටළු කල්තියා හඳුනා ගන්න පුළුවන්. ඒවාට කල්තියාම ප්‍රතිකාර කරගන්නටත් අවස්ථාව ලැබෙන නිසා රෝග සුවපත් කරගන්නත් එය පහසුවක් වෙනවා.