ප්‍රධාන වශයෙන් උදෑසන,දිවා,රාත්‍රි ලෙස ආහාර වේල් තුනක් ඇති අතර එම ආහාර වේල් තුනම මිනිසාගේ ශරීර පැවැත්මට අත්‍යවශ්‍ය වේ. නමුත් ආහාර ලබා ගත් විගසම අප බොහෝ කාර්යයන් වල නිරත වේ. එසේ ආහාර ගත් විගස නොකළ යුතු දේවල් බොහොමයක් පවතී.එනම් ආහාර ගත් විගස සිදුකරන එම ක්‍රියාවන් නිතර සිදු කිරීම මගින් නොයෙක් අතුරු ප්‍රතිඵල ඇතිවිය හැකිය. එම නිසා එසේ නොකොළ යුතු දේවල් පිළිබඳව සැලකිලිමත් වීම මගින් නීරෝගී දිවියක් ගත කළ හැකිය.
ආහාර ගත් විගස නොකළ යුතු දේවල්
- ස්නානය කිරීමෙන් වැළකිය යුතුය.
- දුම් පානය කිරීමෙන් වැළකිය යුතුය.
- පළතුරු ආහාරයට ගැනීමෙන් වැළකිය යුතුය.
- තේ පානය කිරීමෙන් වැළකිය යුතුය.
- වැඩිපුර ජලය පානය කිරීමෙන් වැළකිය යුතුය.
- නිදා ගැනීමෙන් වැළකිය යුතුය.
- බඳපටිය ලිහිල් කිරීමෙන් වැළකිය යුතුය.
- ඇවිදීමෙන් වැලකිය යුතුය.

ස්නානය කිරීමෙන් වැළකිය යුතුය. බොහෝ දෙනෙකු ආහාර ගත් විගස ස්නානය කිරීම පුරුද්දක් කරගෙන තිබේ. එනම් එය එතරම් යහපත් පුරුද්දක් නොවේ. එනම් ඉන් රුධිරය ශරීරයේ අනෙක් කොටස් වලට ගමන් කිරීම වේගවත් වී ආමාශ පද්ධතියේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය රුධිරය අවම වී ඉන් ආහාර ජීර්ණය ක්‍රමවත්ව සිදුනොවේ. මේ නිසා ආහාර ගැනීමට පෙර හෝ ආහාර ගෙන පැය දෙකක් පමණ ගෙවී ගිය විට ස්නානය කිරීම වඩාත් සුදුසුවේ.
දුම්පානය කිරීමෙන් වැළකිය යුතුය.ආහාර ගත් විගස බොහෝ පිරිමි පුද්ගලයින් දුම්පානය කිරීමට පුරුදු වී සිටිති. එය ශරීරයට ඉතාමත් අහිතකර දෙයක් බව කරනලද නවතම වෛද්‍ය පරීක්ෂණ වලින් තහවුරු කර ගෙන තිබේ. එනම් ආහාර ගත් විගස දුම් පානය කිරීම මගින් දුම්වැටි 10 ක් බලපෑම එම පුද්ගලයාට ඇති වන බවත් එය නොයෙක් මාරාන්තික රෝග එනම් පිළිකා වැනි රෝග ඇතිවීමට හේතුවන බවත් තහවුරු වී තිබේ. මේ නිසා ආහාර ගත් විගස දුම් පානය කිරීමට පුරුදු වූ පුද්ගලයින් එම පුරුදු නවතා දැමීමට කටයුතු කළ යුතුය.
පළතුරු ආහාරයට ගැනීමෙන් වැළකිය යුතුය.ලොකු කුඩා සෑම දෙනාම ආහාර ගත් විගස පලතුරු ආහාරයට ගැනීම සිදුකරයි. බොහෝ දෙනෙකු එය පුරුද්දක් ලෙස දිනපතා සිදු කරනු ලැබේ. නමුත් එය ශරීරයට එතරම් සුදුසු දෙයක් නොවේ. එනම් පළතුරු ආහාරයට ගැනීමෙන් උදරගත වාතය වැඩි වී ආහාර ජීර්ණය ප්‍රමාදවීම සිදුවේ. එනම් හිස්බඩට පලතුරු ආහාරයට ගැනීම වඩාත් සුදුසු බව වෛද්‍ය මතයයි. ඉන් එහි අඩංගු පෝෂ්‍ය ගුණය එලෙසින්ම ශරීරයට අවශෝෂණය කර ගැනීමට හැකියාව ලැබේ.
තේ පානය කිරීමෙන් වැළකිය යුතුය.ආහාර ගත් විගස තේ පානය කිරීමට පුරුදු වීම සුදුසු නොවේ. එනම් එසේ තේ පානය කිරීම මගින් ආහාර දිරවීම ප්‍රමාද වීම සිදුවේ. එනම් තේ පානය කිරීම මගින් තේ වල අඩංගු ආම්ලිකතාව ආහාරවල ඇති ප්‍රෝටීන් සමග ඇතිවන අන්තර් ක්‍රියාවෙන් ආහාර ජීර්ණය ප්‍රමාද වන අතර ගනු ලැබූ ආහාර වල ප්‍රෝටීන්, විටමින්,ඛනිජ ලවණ ශරීරයට උරාගැනීමට බාධා ඇති කරයි. එනම් කෙතරම් ගුණදායක ආහාර ගත්තද ඉන් නියම ප්‍රතිඵල තේ පානය කිරීමෙන් නොලැබ යයි. මේ නිසා ආහාර ගත් පසු පැයක් හෝ පැය දෙකක් යන තුරු තේ පානය කිරීමෙන් වැළකීම සෞඛ්‍යයට හිතකර වේ.
වැඩි පුර ජලය පානය කිරීම නොකළ යුතුය.ආහාර ගන්නා අතර තුරදී මෙන්ම ආහාර ගත් විගස ජලය වැඩිපුර පානය කිරීමෙන් වැළකිය යුතුය. එනම් එසේ වැඩි වශයෙන් ජලය පානය කිරීමෙන් කුසගිනි අඩුවී ආහාර මද වශයෙන් ගැනීමට සිදුවේ. එමෙන්ම ආහාර ගත් විගස ජලය පානය කිරීමෙන් බොහෝ විට ආහාර ජීර්ණය ක්‍රමවත් ව සිදුනොවේ. මේ නිසා ආහාර ගන්නා අතර තුර හෝ ආහාර ගත් විගස වැඩි වශයෙන් ජලය පානය නොකළ යුතුය.

නිදා ගැනීමෙන් වැළකිය යුතුය.බොහෝ දෙනෙකු ප්‍රමාණය ඉක්මවා ආහාර ගැනීමට පෙලඹේ. එසේ ආහාර වැඩි වශයෙන් ගත් විට නිදිමත නිරායාසයෙන්ම ඇතිවේ. එවිට බොහෝ දෙනෙකු නිදා ගැනීමට පෙළඹෙන අතර එය එතරම් සුදුසු දෙයක් නොවේ. එනම් ඉන් ආහාර ජීර්ණය ක්‍රමවත්ව සිදු නොවී ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව නොයෙක් ආබාධ තත්ත්වයන් ඇති වනු ලැබේ. එනම් ඉන් උදරය ඉදිරියට ඒම ප්‍රධාන වශයෙන් ඇතිවන ගැටලුවක් ලෙස හඳුනාගත හැකිය.
බඳ පටිය ලිහිල් කිරීම නොකළ යුතුය.වැඩි ප්‍රමාණයක් ආහාර ගත් පසු උදරය ඉදිරියට නෙරා ඒම සිදුවේ. එවිට බඳ පටිය ලිහිල් කිරීමට සිදුවේ. නමුත් මෙය ආහාර ජීර්ණ ක්‍රියාවලියට බලපෑම් ඇති කරන බව බොහෝ දෙනෙකු නොදනී. මේ නිසා ආහාර ගත් විගස බඳ පටිය බැඳ ඇත්නම් එය ලිහිල් කිරීමෙන් වැළකිය යුතුය. එනම් ඉන් ඇතිවන අහිතකර බලපෑම වලක්වා ගත හැකිය.
ඇවිදීම නොකළ යුතුය.බොහෝ දෙනෙකු ආහාර ගත් විගස ඇවිදීමට ප්‍රිය කරයි. නමුත් කරන ලද නවතම පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ ආහාර ගත් විගස ඇවිදීම එතරම් සුදුසු දෙයක් නොවන බවයි. එනම් ආහාර ගත් විගස ඇවිදීමෙන් ආහාර ජීර්ණය වීමට බාධා ඇති වීම හා යටි බඩ ආශ්‍රිතව වේදනාවන් ඇති වීම සිදුවන බවයි.
එම නිසා ආහාර ගත් විගස ඇවිදීමෙන් වැලකී ආහාර ගෙන විනාඩි 45 ක් පමණ ගෙවුනු පසු ඇවිදීම සිදු කරන්නේ නම් එය යහපත් සෞඛ්‍යට බෙහෙවින් උපකාරීවේ.
ආහාර ගත් විගස මේ ආදී වූ ක්‍රියාවන් කිරීමෙන් වැලකී සිටීමෙන් ආහාර ජීර්ණය ක්‍රමවත් ව සිදුකරගෙන ආහාර ක්‍රමවත් ව ජීර්ණය නොවීමෙන් ඇතිවන දියවැඩියාව, අම්ලපිත්තය, ආමාශගත රෝගයන්ගෙන් ද ආරක්ෂා විය හැකිය.