ආහාර ගත් විගස නොකොළ යුතු දේවල් 8 ක්

health tips

බොහෝ විට අප සියලු දෙනා  උදෑසන, දහවල්, රාත්‍රි යන ප්‍රධාන ආහාර වේල් තුනම ගනු ලබන අතර ආහාර ගත් විගස පුරුද්දක් ලෙස  මොනයම් හෝ ක්‍රියාවක නිරතවෙයි. නමුත් කරන ලද වෛද්‍ය පරීක්ෂණ වලට අනුව ආහාර ගත් විගස කිරීමට නුසුදුසු යැයි සලකන ක්‍රියාවන් කිහිපයක් තිබෙන බවත් එම ක්‍රියාවන් කිරීමෙන් නොයෙක් අතුරු ආබාධ ඇතිවෙන බවත් වෛද්‍ය වරු වැඩි දුරටත් පවසා තිබේ.

ආහාර ගත් විගස නොකළ යුතු දේවල් 

  • 1. තේ පානය කිරීම
  • 2. ඇවිදීම
  • 3.දුම් පානය කිරීම
  • 4. නිදා ගැනීම
  • 5. ස්නානය කිරීම
  • 6. පළතුරු ආහාරයට ගැනීම
  • 7. බඳපටිය ලිහිල් කිරීම
  • 8. වැඩිපුර ජලය පානය කිරීම
  • 9.තේ පානය කිරීම

ප්‍රධාන ආහාර වේල ගැනීමෙන් පසු බොහෝ දෙනෙකු තේ පානය කිරීම. පුරුද්දක් කරගෙන තිබේ. එය එතරම් හොඳ පුරුද්දක් නොවේ. ගත් ආහාර දිරවීමට පෙර තේ පානය කිරීමෙන් තේ වල අඩංගු ආම්ලිකතාව ආහාරවල ඇති ප්‍රෝටීන් සමග ඇතිවන අන්තර් ක්‍රියාවෙන් ආහාර ජීර්ණය ප්‍රමාද කරන්නාසේම ඔබ ගත් ආහාර වල ප්‍රෝටීන්, විටමින්,ඛනිජ ලවණ අවශෝෂණය කර ගැනීමට බාධා පමුණුවයි.මේ නිසා ආහාර ගත් විගස තේ පානය නොකිරීම වඩාත් ගුණදායකය.

2.ඇවිදීම ආහාර ගත් විගස ඇවිදීමද නොකළ යුතු දෙයකි.බොහෝ දෙනෙකු පිළිගන්නේ ප්‍රධාන ආහාර වේලෙන් පසුව ඇවිදීම එම ආහාර දිරවීමට ඇති හොදම උපක්‍රමයක් බවයි. නමුත් වෛද්‍යවරුන්  පවසන්නේ ආහාර ගත් විගස ඇවිදීම මගින් ආහාර දිරවීම ක්‍රමවත්ව සිදු නොවන බවයි. බොහෝ විට ආහාර ගත් විගස ඇවිදීමෙන් යටි බඩ ආශ්‍රිතව වේදනාවන් ඇතිවන්නේ එම වැරදි ක්‍රියාවේ ප්‍රතිඵලයක් ලෙසය. එම නිසා ආහාරගෙන විනාඩි 45 ක් පමණ ගෙවුනු පසු ඔබ ඇවිදීම සිදුකරන්නේ නම් එය ඔබගේ සෞඛ්‍යයටද හිතකරවේ.

3.දුම්පානය කිරීම බොහෝ විට පිරිමි පාර්ශවය බහුලව සිදුකරන ක්‍රියාවක් ලෙස මෙය දැකගත හැකිය. එනම් ආහාර ගත් විගස දුම් පානය කිරීම ද නුසුදුසු ක්‍රියාවකි. එනම් ආහාර ගත් විගස දුම් පානය කිරීමෙන් දුම්වැටි 10 ක බලපෑම ශරීරයට ඇතුළු වන අතර එය පිළිකා වැනි නොයෙක් නිදන්ගත රෝග ඇතිවීමට හේතුවේ. එම නිසා ආහාර ගත් විගස දුම් පානය කරන පුද්ගලයින් වේ නම් ඒ පිළිබඳව සිතීම බෙහෙවින් වැදගත්වේ.

4. නිදා ගැනීම ආහාර වැඩි වශයෙන් ගත්විට නිදිමත ඇතිවීම සෑම දෙනාටම පොදු වූ දෙයකි. නමුත් එය ඔබේ සෞඛ්‍යයට හිතකර නොවේ. ආහාර ගත් විගස නිදාගැනීම මගින් ආහාර ජීර්ණය වීමට අපහසුවන අතරම එමගින් ආහාර මාර්ග පද්ධතිය ආශ්‍රිතව ද ගැටලු ඇතිවේ.  බොහෝ විට උදරය නෙරා ඒම මෙමගින් සිදුවේ. එම නිසා ආහාර ගත් විගස නින්දට ඇබ්බැහි වූ පුද්ගලයෙකු නම් එම පුරුදු සමනය කර ගැනීමට කටයුතු කළ යුතුය.

5.ස්නානය කිරීම ආහාර ගත් විගස ස්නානය කිරීමට පුරුදු වීමද නොකළ යුතු දෙයකි. එනම් ස්නානය කරන විට රුධිරය ශරීරයේ අනෙක් කොටස් වලට ගමන් කිරීම වේගවත්වේ. එහිදී ආමාශ පද්ධතියේ ක්‍රියාවලියට රුධිරය අවම වී එමගින් සිදුවන කාර්ය ක්‍රමවත්ව සිදුවීම අඩපණවේ. එම නිසා ආහාර ගත් පසු පැය දෙකක් පමණ ගෙවී ගිය පසු ස්නානය කිරීමට පුරුදු වන්නේ නම් ඉන් ඔබට අතුරු ආබාධ ඇතිවීම වළක්වා ගත හැකිවේ.

6. පළතුරු ආහාරයට ගැනීම ප්‍රධාන ආහාර වේලට පසුව ලොකු කුඩා සෑම සියලු දෙනාම අතුරුපසක් ලෙස පළතුරු ආහාරයට ගැනීමට පුරුදුවී සිටිති. නමුත් මෙයද ආහාර ගැනීමට පසු නොකළ යුතු දෙයකි.එනම් පළතුරු ආහාරයට ගැනීමෙන් උදරගත වාතය වැඩි වන අතර එමගින් ආහාර ජීර්ණයද ප්‍රමාදවී ඔබගේ ශරීරයටද අපහසුතා ඇතිවේ. මේ නිසා පළතුරු ආහාරයට ගන්නා විට හිස්බඩට ආහාරයට ගැනීමට පුරුදු වන්නේ නම් එමගින් එහි අඩංගු පෝෂණයද උපරිමෙන්ම ශරීරයට ලබා ගත හැකිය.

7.බඳ පටිය ලිහිල් කිරීම බොහෝ විට වැඩි වශයෙන් ආහාර ගත් පසු එය බැඳ පටිය බැඳ සිටීමට අපහසු හෙයින් එය බුරුල් කිරීම සිදුකරයි. එයද ගත් ආහාර ජීර්ණය ප්‍රමාද වීමට බලපාන තවත් එක් හේතුවක් බව පිළිගෙන තිබේ. මේ නිසා ආහාර ගත් විගස බඳපටිය ලිහිල් කිරීමද නුසුදුසු බව ඔබ මතක තබා ගත යුතු තවත් එක් කරුණකි. 

8 වැඩි පුර ජලය පානය කිරීම බොහෝ විට කුඩා දරුවන් ,තරුණයින් ආහාර ගන්නා විටද වැඩි වශයෙන් ජලය පානය කිරීමට පුරුදුව සිටී මෙමගින්ද කුසගිනි පාලනය වී ආහාර ගැනීමේ රුචියද අඩුවේ. ඊට අමතරව ආහාර ගත් විගසම තවත් පුද්ගලයින් ජලය පානය කිරීමට පුරුදුව සිටී එමගින්ද ආහාර ජීර්ණය වීම ක්‍රමවත්ව සිදුනොවේ. එම නිසා ආහාර ගත් විගස ජලය පානය කිරීම  මගහැරීම ඔබගේ සෞඛෞයට වඩාත් හිතකරවේ.

මේ ආදී වූ ආහාර ගත් විගස නොකළ යුතු දේවල් නොකර සිටීමෙන් ඔබගේ ආහාරවේලේ නියම පෝෂණ ගුණය ඔබගේ ශරීරයට බාධාවකින් තොරව ලබාගත හැකිය. එමෙන්ම ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව ඇතිවන රෝගයන්ද මෙමගින් සමනයට පත් කර ගත හැකිය.