තේ හෙවත් ප්ලේන් ටී (බ්ලැක් ටී) කියන්නේ බොහෝ දෙනා ප්‍රිය කරන පානයක්. ලෝකයේ වැඩිම පිරිසකගේ ප්‍රියතම පානයක් ලෙස ප්‍රචලිත වී තිබෙන තේ මුළින්ම සොයාගෙන තිබෙන්නේ චීන ජාතිකයින් විසිනි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන බෝගයක් ද වන තේ ‘සිලෝන් ටී’ නමින් මුළු ලෝකයේම ඉතා ප්‍රචලිතව තිබෙනවා. තේ කියන්නේ හුදෙක්ම ඇඟ උණුසුම් කරවන හෝ පිපාසය සන්සිඳුවන පානයක් විතරක්ම නොවෙයි.තේ වල අප නොදත් සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් පවතියි.දිනපතා තේ පානය කිරීමෙන් මිනිස් සිරුරට ලැබෙන එවැනි සෞඛ්‍ය ප්‍රතිලාභ ගැනයි අද අපි කතා කරන්නේ.

තේ වල ප්‍රතිඔක්සිකාරක බහුලයි ප්‍රතිඔක්සිකාරක මඟින් අපේ සිරුරේ සෛල හානිකර මුක්තකණ්ඩ (free radicals) වලින් හානිවීමට නොදී ආරක්ෂා කරයි.එම ගුණ මඟින් සිරුර සුවපත් කරවයි.හානිකර ක්ෂුද්‍රජීවීන්ට එරෙහිව සිරුර ආරක්ෂා කරයි. අධික ලෙස තේ පානය කිරීමෙන් ඇතැම් අයට ජීර්ණ පද්ධතියේ යම් යම් ගැටලු පැණ නැගිය හැකියි. එම නිසා දිනකට කෝප්ප 2-3ක් පමණ පානය කරන්න.
තේ වල කැෆේන් අන්තර්ගතය අඩුයි ඇතැම් අයා කෝපි වලින් තේ හෝ හරිත තේ (ග්‍රීන් ටී) වලට මාරුවන්නේ බොහෝවිට මේ කාරණාව නිසයි.කෝපි වලට වඩා තේ වල ඇති කැෆේන් ප්‍රමාණය ඉතා අඩුයි.කැෆේන් යනු උත්තේජකයක් නිසා මේවා අධිකව ගැනීමෙන් සෞඛ්‍ය ගැටලු පවා මතුවීමට ඉඩ තිබිය හැකියි.නින්ද නොයාම මේ අතරින් ප්‍රධාන ගැටලුවක්.අධික ලෙස කෝපි පරිභෝජනය කරන පුද්ගලයින් බොහෝවිට නිදාගැනීමට නොහැකිකමින් පීඩා විඳින බව අධ්‍යයන මඟින් පෙන්වාදෙයි.එම නිසා නිදාගන්න යන්න කළින් කෝපි පානය කරන එක නතර කරන්න. එය එතරම් හිතකර පුරුද්දක් නොවෙයි.කැෆේන් අපේ සිරුර තුළ රැඳී තිබෙන කාලය තරමක් වැඩි නිසා නොයෙලුත් සෞඛ්‍ය ගැටලු වර්ධනය වීමේ අවදානම ද වැඩියි.
හෘදයට හිතකර පානයකි තේ පානය කිරීම ඔබේ හෘද සෞඛ්‍ය නීරෝගි කරවන පුරුද්දක් බව අධ්‍යයන මඟින් පෙන්වාදෙයි.ඊට හේතුව මීට ඉහතදීත් සඳහන් කළ ප්‍රතිඔක්සිකාරක ගුණාංගයි.දිනපතා තේ පානය කරන්නන් 10000 ඇසුරෙන් සිදුකළ එක්තරා අධ්‍යයනයකින් හෙලි වූයේ එම පුරුද්ද හේතුවෙන් එවැනි පුද්ගලයින් තුළ හෘද රෝග හෝ ආඝාතය (අංශබාගය) වැනි තත්වයක් වර්ධනය වීමේ අවදානම 20%කින් පමණ අඩු බවයි.හෘද රෝගයකින් මියයාමේ අවදානම අවම කරයි.
බර අඩුකරගැනීමට සහය වෙයි ව්‍යායාම කිරීම සහ ආහාර පාලනය කිරීම ඔබේ බර අඩුකරගැනීමට සහය වෙයි. ඊට අමතරව තේ පානය කිරීම ද ඔබේ මෙම අරමුණ වෙත ලඟාවීමට හොඳ සහයක් ලබාදෙන බව අධ්‍යයන මඟින් පෙන්වාදෙනවා.ඊට හේතුව තේ මඟින් සිරුරේ පරිවෘත්තිය වැඩිදියුණු කිරීමයි.පරිවෘත්තිය ඉහළ යන විට කැලරි හා මේද දහනය වීම ද වැඩිවෙයි.ග්‍රීන් ටී පානය කිරීම බර අඩුකරගැනීමට සහය වෙයි.
ප්‍රතිශක්තිය වඩවයි තේ වල අඩංගු ප්‍රතිඔක්සිකාරක මඟින් සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරවයි.ඒවගේම තේ වල ක්ෂුද්‍රජීවීනාශක,දිලීරනාශක හා ප්‍රතිප්‍රදාහක ගුණාංග ද අඩංගුයි.ප්‍රතිශක්තිය වර්ධනය වීම මඟින් හානිකර සාධක වලට එරෙහිව සිරුරේ ක්‍රියාකාරීත්වය වැඩිවෙයි.ලෙඩ රෝග ආසාදන වලින් සිරුර ආරක්ෂා වෙයි.
ජීර්ණ මාර්ගය සමනය කරවයි කලින් සඳහන් කළා වගේම තේ අධික ලෙස පානය කිරීම ජීර්ණ පද්ධතියට එතරම් හිතකර පුරුද්දක් නොවෙයි.දිනකට කෝප්ප 2ක් පමණ පානය කිරීමට පුරුදු වීමෙන් සිරුරට හොඳ ප්‍රතිලාභ අත්කරගැනීමට අපහසු නොවෙයි.ඉඟුරු තේ ඊට හොඳ උදාහරණයක්.ඉඟුරු වල අඩංගු ජින්ජරෝල් හා ශෝජෙඕල්ස් වැනි සංඝටක මඟින් ආමාශය උත්තේජනය කරවා ජීර්ණ ක්‍රියාවලිය වැඩිදියුණු වීමට සහය දෙයි.ආමාශය සංකෝචනය වීම හා හිස් කිරීමේ ක්‍රියාවලින්ට සහය දෙයි.ජීර්ණ ගැටලු ගණනාවකටම හොඳ අත්බෙහෙතකි.බඩ පෙරළෙන ගතිය, ඔක්කාරය,බඩපිපුම වැනි ගැටලු සමනය කරයි. ඕනෑවට වඩා ඉඟුරු තේ පානය කිරීමෙන් බඩපපුවේ දැවිල්ල වැනි ගැටලු උත්සන්න විය හැකි බවත් මතක තබාගන්න.

දියවැඩියාව පාලනයට සහය වෙයි දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයින් තම සිරුරේ ඉන්සියුලින් මට්ටම් නියාමනය සම්බන්ධයෙන් ගැටලු අත්දකිනු ලබයි.අධික සීනි පරිභෝජනය එවැනි රෝගීන්ට මාරාන්තික ප්‍රතිඵල ඇතිකළ හැකියි.දියවැඩියාවෙන් පෙළෙන අය, දිනපතා උදෑසනට සීනි හෝ වෙනත් රසකාරකයක් මුසු නොකළ ග්‍රීන් ටී කෝප්පයක් පානය කිරීමට පුරුදුවන්න.මෙම පුරුද්ද දියවැඩියාව ආශ්‍රිත සංකූලතා රැසක් මගහරවා ගැනීමට සහය වෙන බව අධ්‍යයන ගණනාවකින්ම තහවුරු වී තිබෙයි.සීනි නොදා තේ පානය කිරීම ඉන්සියුලින් මට්ටම් නිසි නියාමනයකින් පවත්වාගැනීමට සහය වෙයි.
මොළයේ ක්‍රියාකාරීත්වයට හිතකර පානයකි ඇල්සයිමර්ස්, ඩිමෙන්ෂියා වැනි මොළයේ ක්‍රියාකාරීත්වය හා සම්බන්ධ ගැටලු හා රෝග තත්වයන් මතුවන හේතු සහ ඒවාට නිසි ප්‍රතිකාර පිළිබඳව තවමත් නිශ්චිතව සොයාගෙන නැහැ.මෙවැනි තත්වයන් ඇතිවීමට නොදී බොහෝදුරට වළක්වාගැනීමට හා පාලනය කරගැනීමට අපේ ඇතැම් ආහාර පාන පුරුදු ඉහළ මට්ටමේ සහයක් ලබාදෙයි. කලු තේ හා හරිත තේ පානය කිරීමෙන් මෙවැනි රෝග වර්ධනය වීමේ අවදානම අවම කරවන බව ඇතැම් අධ්‍යයන මඟින් පෙන්වාදී තිබෙයි.ස්නායු පරිහාණි රෝග අවදානම් අඩුකරවයි. තේ වල අඩංගු කැෆේන් හා L තියෙනයින් සංයෝග නිසා පුද්ගලයාගේ මතක ශක්තිය, අවධානය හා ඒකාග්‍රතාව ද ඉහළ යයි.
දන්ත සෞඛ්‍යට හිතකරයි
ග්‍රීන් ටී මුඛ බැක්ටීරියා වර්ධනය පාලනය කරන හොඳ අත්බෙහෙතක්.දත් හා විදුරුමස් ගැටලු ඇතුළු නොයෙකුත් මුඛ සෞඛ්‍ය ගැටලු ඇතිවීම බොහෝ දුරට වළක්වයි.තේ එක් ප්‍රතිකාරයක් විතරයි. එම නිසා දිනපතා දවසට දෙවරක් ඔබේ දත් මැද හොඳින් පිරිසිදු කරගන්න අමතක කරන්න එපා.දත් අතර කොටස් පිරිසිදු කිරීමට ඩෙන්ටල් ෆ්ලොස් භාවිත කරන්න.