අපේ රටේ බොහෝ දෙනෙක් මුහුණ දෙන ප්‍රධානම සෞඛ්‍යය ගැටලුවක් තමයි තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවන ගැටළු. මේවා පිරිමි පාර්ශවයටත් වඩා කාන්තා පාර්ශවය අතර දකින්නට ලැබෙනවා. පරිවෘත්තීය ක්‍රියාවලීන්, හෘද ස්පන්දනය, ශරීර වර්ධනය, අභ්‍යන්තර උෂ්ණත්වය ඇතුළු තවත් බොහෝ දෑ සඳහා අත්‍යවශ්‍ය වන හෝමෝන වර්ග නියාමනය කරන්නට හෝර්මෝන උත්පාදනයට කටයුතු කරන්නේ තයිරොයිඩ් ග්‍රන්ථිය .
මේ තයිරොයිඩ් ග්‍රන්ථියේ නිෂ්පාදනය වන තයිරොක්සීන් හෝමෝනය ප්‍රමාණවත් තරම් නිෂ්පාදනය නොවීම සහ ප්‍රමාණය ඉක්මවා නිෂ්පාදනය වීම කියන අවස්ථා දෙකම අපේ ශරීර සෞඛ්‍යයට හිතකර නැහැ. මේ වගේ අවස්ථාවකදී මේ රෝගයෙන් පෙළෙන අයට තමන්ගේ ආහාර රටාව ගැන තරමක් සැලකිලිමත් වෙන්නට සිද්ධ වෙනවා. තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත ගැටළුවලින් පීඩා විඳින පුද්ගලයෙක් සහ ඒ සඳහා අවදානමක් ඇති පුද්ගලයෙක් සීමාසහිතව ගත යුතු ආහාර පවතිනවා.
මොකද මෙවැනි ආහාර තයිරොක්සින් හෝර්මෝනය නිෂ්පාදනය කිරීම සඳහා විවිධාකාරයෙන් බාධා ඇති කරන නිසා ඒ ආහාර පිළිබඳව දැනුවත් වෙලා ඒවා සීමාසහිතව ගැනීම තමයි වඩා වැදගත්.
අපි අද මේ කතා කරන ආහාර තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වයට කුමන හෝ ආකාරයකින් බාධා ඇති කරන්නට බලපෑ හැකි නිසා ඒවා ආහාරයට එකතු කර ගනිද්දී ඔබ සැලකිලිමත් වෙන්න.

Goitrogen අඩංගු ආහාර-1928 වගේ කාලයේදී තමයි මේ Goitrogen කියන රසායනිකය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම ආරම්භ වෙලා තියෙන්නේ. මේ Goitrogen කියන රසායනිකය ආකාර තුනකින් හඳුනා ගැනෙනවා.
- Goitrins
- Thiocyanates
ඉහත සඳහන් දෙවර්ගය නිෂ්පාදනය වීම සිද්ධ වෙන්නේ යම් ශාකමය ආහාරයක් තැලීමකට ලක් වුණාම කැපීමට ලක් කළ විට ආදී වශයෙන්. විශේෂයෙන්ම ගෝවා වගේ ආහාර කැබලි වශයෙන් කැපීමේදී මේ රසායනික නිෂ්පාදනය වීම සිද්ධ වෙනවා. එනිසා මේ කැබලි කරන ලද ආහාර ගැනීමේදී දේහයට Goitrogen ලැබෙන්න පුළුවන්.
3. Flavonoids අපේ දේහයට ආරක්ෂාකාරී කෘත්‍යයක් ඉටු කරන flavonoids ප්‍රතිඔක්සිකාරක ලෙස ක්‍රියා කරන රසායනිකයන්. මේ flavonoids අපේ ශරීරයට ඇතුළු වුණාට පස්සේ ආහාර මාර්ග පද්ධතිය තුළ විශේෂයෙන්ම බැක්ටීරියාවන්ගේ ක්‍රියාකාරීත්වයන් යටතේ goitrogens බවට පරිවර්තනය වෙනවා. ඒ හැරුනහම මේ flavanoids කියන්නේ සම්පූර්ණයෙන්ම අපේ දේහයට හානිකර දෙයක් නෙමෙයි.
ඉතින් මේ කුමන ආකාරයකට හෝ Goitrogen අපේ රුධිරයට එකතු වීමෙන් අයඩීන් බ්ලොක් කිරීම සිදු කරනවා. තයිරොක්සීන් හෝර්මෝනය නිෂ්පාදනය සඳහා අපේ තයිරොයිඩ් ග්‍රන්ථියට අයඩීන් ලැබිය යුතුයි . මේ Goitrogen කියන රසායනිකය මගින් තයිරොයිඩ් ග්‍රන්ථියට අයඩීන් ලැබීම වැළකෙනවා. ඒ වගේම මේ Goitrogen රසායනික හේතුවෙන් Thyroid peroxidase එන්සයිමයේ ක්‍රියාකාරීත්වය වළක්වනවා. සාමාන්‍යයෙන් මේ Thyroid peroxidase කියන එන්සයිමයෙන් සිද්ධ වෙන්නේ අයඩීන් සමග Tyrosine ඇමයිනෝ අම්ලය සම්බන්ධ කර තයිරොක්සීන් නිෂ්පාදනය සිදු කිරීම. ඒත් Goitrogen හේතුවෙන් මේ ක්‍රියාවලිය වළකින නිසා අපේ දේහයේ තයිරොක්සීන් හෝර්මෝන නිෂ්පාදනය අඩාල වෙනවා.
ඒ වගේම අපේ ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට තයිරොක්සින් නිෂ්පාදනය සඳහා පණිවිඩ අපිට නිකුත් කරන්නේ TSH හරහා. මේ goitrogens හරහා මේ Thyroid stimulate hormone හි ක්‍රියාකාරිත්වයට බාධා ඇති කිරීම නිසා අවශ්‍ය පරිදි අපේ ශරීරය තුළ තයිරොක්සින් නිෂ්පාදනය වෙන්නේ නැහැ. ඒ නිසා අපේ ශරීරයට අවශ්‍ය කරන තයිරොක්සින් ප්‍රමාණය නිෂ්පාදනය වෙන්නේ නැහැ.
මේ Goitrogen ලැබෙන ප්‍රමාණය වැඩිවීම නිසා අපේ තයිරොයිඩ් ග්‍රන්ථියේ සෛල වැඩිවීම සිද්ධ වෙනවා. ඒ නිසා තයිරොයිඩ් ග්‍රන්ථිය ප්‍රමාණයෙන් විශාල වෙලා බාහිර වශයෙන් ගලගණ්ඩය විදිහට දකින්නට ලැබෙනවා. කෘෂිපරස් ගණයට අයත් වන ගෝවා, රාබු, නෝකෝල් වගේ ආහාර මගින් Goitrogen දේහයට ලැබෙනවා.
ඊට අමතරව නිවිති, මඤ්ඤොක්කා සහ බඩ ඉරිගු ආදී ආහාරවල ප්‍රධාන වශයෙන්ම මෙය goitrogens අඩංගු වීම හේතු කරගෙන තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටලු ඇති පුද්ගලයන්ට ඒවා සීමා කරන්නට සිදුවෙනවා . පර්යේෂණ වාර්තා පෙන්වා දෙන ආකාරයට රටකජු, මෙනේරි, බතල සෝයා සහ සෝයා ආශ්‍රිත නිෂ්පාදනත් සීමා සහිතව ගැනීමට කටයුතු කළ යුතු වෙනවා .
මේ ආහාර තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත ගැටළුවලින් පෙළෙන පුද්ගලයන්ට වගේම එවැනි ගැටලු ඇති වීමේ අවදානමක් සහිත පුද්ගලයන්ටත් ඒවා සීමාසහිතව ගැනීම මිස ඒ ආහාරවලින් සම්පූර්ණයෙන්ම වැළකීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ රසායනික ශරීරයට අහිතකර ලෙස බලනොපාන ආකාරයටඒවා ආහාරයට ගන්න වගබලා ගන්න.
අමුවෙන් ආහාරයට ගැනීම වෙනුවට පිස ආහාරයට ගැනීම
එවැනි ආහාර තනිව ගන්නවාට වඩා වෙනත් එළවළු වර්ග සමඟ මිශ්‍රකර ආහාරයට එකතුකර ගැනීම
විශේෂයෙන්ම ගෝවා කුලයේ එළවළු වෙන broccoli මල් ගෝවා කේල් ආදී එළවළුවල අපේ ශරීරයට අත්‍යවශ්‍ය කරන ඛනිජ ලවණ සහ විටමින් වර්ග බොහොමයක් අඩංගු වෙනවා. නමුත් අයඩීන් ඌණතාවයෙන් පෙළෙන පුද්ගලයෙක් මේවා ආහාරයට ගැනීමෙන් ඒවා අවශෝෂණයට යම් යම් බාධා ඇති කරනවා. ඒ නිසා මේ එළවළු වර්ග සඳහා ප්‍රියතාවක් දක්වන කෙනෙක් නම් දිනකට ග්‍රෑම් 100ක් පමණ ආහාරයට ගැනීම ප්‍රමාණවත් වෙනවා. එ වගේම ඒවා හොඳින් පිස ආහාරයට ගැනීමෙන් එයින් වන බලපෑම් අඩු කරගන්න පුළුවන්.
ඉහත සඳහන් කරන ලද ආහාර වලට අමතරව තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත ගැටළුවලින් පීඩා විඳින අය සීමාසහිතව ගැනීමට වගබලා ගත තවත් ආහාර කිහිපයක් තමයි මේ .

තිරිඟු සහ බාර්ලි-තිරිඟු සහ බාර්ලි වගේ ධාන්‍ය වර්ගවල අඩංගු වෙන glutton ශරීරයට ඇතුල් කර ගත නොහැකි වීම නැත්නම් සිලියාක් රෝගය ඇති පුද්ගලයන්ට තයිරොයිඩ් ආබාධ වැළඳීමේ වැඩි අවදානමක් පවතිනවා. එනිසා තයිරොඉඩ් ග්‍රන්ථියේ රෝගයඇති පුද්ගලයන් gluton වැඩි වශයෙන් අඩංගු වෙන මේ ආහාර සීමා සහිතව ලබා ගැනීම සුදුසුයි.
මාංශ අවයව-පීකුදු වගේ මාංශමය අවයව ආහාරයට ගැනීම නිසා ඒවායේ අඩංගුවට lipoic අම්ලය හේතු කරගෙන තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වයට අහිතකර විදිහට බලපෑම් ඇති වෙනවා .දැනට ඔබ තයිරොයිඩ් ප්‍රතිකාර ලබා ගන්නා කෙනෙක් නම් මේ මාංශ අවයව ආහාරයට ගැනීමෙන් වැළකීම සුදුසුයි.
ඒ වගේම සකස් කරන ලද ආහාර ක්ෂණික ආහාර සහ අධිකව සීනි අඩංගු කරන ලද ආහාර තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත ගැටළුවලින් පීඩා විඳින ඔබට කිසිසේත්ම සුදුසු නැහැ. මේ කෘතීම ආහාරවලින් වැළකීම තයිරොයිඩ් ග්‍රන්ථියට විතරක් නෙවෙයි සමස්ත දේහයේම සෞඛ්‍ය සම්පන්න බව සඳහා හරිම වැදගත් . ඒ වගේම මේ තයිරොයිඩ් ග්‍රන්ථිය සම්බන්ධ ගැටළු සංකීර්ණ නොවන තත්ත්වයේ තබා ගෙන එයින් මිදෙන්න නම් මේ ආහාර සීමාසහිතව ලබා ගන්න.