සුදුවන් නීරෝගි දත් දෙපළකට අපි අපි හැමෝම ආසයි. ඒ නිසාම, ඇතැම් පිරිස් දන්ත වෛද්‍ය ප්‍රතිකාර හරහා කෘතිම ක්‍රම මඟින් දත් සුදු කරගැනීම සඳහා යොමු වෙන ආකාරය පවා දකින්නට පුළුවන්. ඔබේ විදුරුමස් වලට සහා එනමලයට හානියක් නොවන ආකාරයෙන් ස්වභාවිකව අමුද්‍රව්‍ය වලින් සිදුකල හැකි ප්‍රතිකාර කිහිපයක්ම තිබෙනවා. දිනපතා මෙම ස්වභාවික ක්‍රමයන් භාවිතයෙන් දත් මැදීමෙන් ඔබේ දත් වල දුර්වර්ණ බව ක්‍රමයෙන් ඉවත් වී විදුරුමස් ශක්තිමත් වන ආකාරය ඔබටම අත්දැකිය හැකි වේවි.
- දත් සුදු කරගැනීමට විශේෂයෙන් සකසා ගත හැකි දත් බෙහෙතක්!

භාජනයක් ගෙන එයට කහ තේ හැන්දක්, පිරිසිදු පොල් තෙල් තේ හැන්දක් සහා මින්ට් තෙල් බින්දු 2-3 ක් පමණ එක්කර හොඳින් මිශ්‍ර කරගන්න. එය සාමාන්‍යය දන්තාලේපයක පදම වනතුරු මිශ්‍රකරගත යුතුය.මෙය දිනපතා දත්මැදීමේදී භාවිතා කරන්න. එය ඔබේ විදුරුමස් නීරෝගී හා ශක්තිමත් කර, දත් සුදු කරමින් ඔබේ මුව නැවුම්ව තබාගැනීමට උපකාරී වේවි.
- ටී ට්‍රී ඔයිල්

ටී ට්‍රී ඔයිල් බින්දු 5ක් පමණ වතුර වීදුරු බාගයකට එක්කර, දිනපතා දත් මැදීමෙන් පසු ඔබේ කට සෝදා ගැනීමට භාවිතා කරන්න. නැතිනම්, සතියකට දෙවරක් පමණ ටී ට්‍රී ඔයිල් බින්දු කිහිපයක් බුරුසුවට දමා දත් මැදීම සිදුකරන්න. සති දෙකකින් පමණ ඔබට වඩාත් හොඳ ප්‍රතිඵල දැකිය හැකිවනු ඇත.
- ස්ට්‍රෝබෙරි පල්පයක් ලෙස භාවිතා කිරිම

නැවුම් ස්ට්‍රෝබෙරි ගෙඩියක් හැන්දකින් කුඩාවට පොඩි කරගන්න. එයට ලුණු කැට එක්කරමින් පල්පයක් වෙන සේ හොඳින් අඹරාගන්න.පසුව දත් බුරුසුවට ඉන් ස්වල්පයක් ගෙන මිනිත්තු කිහිපයක් පුරාවට ඔබේ දත් සියුම්ව මැදගන්න. දත් මැද අවසන් වූ පසු කට හොඳින් සෝදා පිරිසිදු කරගන්න. ඔබේ දත්වල එනමලයට හානියක් නොවීමට සති දෙකකට එක් වරක් මෙය සිදුකිරීම ප්‍රමාණවත් වේ.
- පොල් තෙල්

දත් මැදිමට පෙර පොල් තෙල් ස්වල්පයක් ඔබේ දත් වල ආලේප කරගන්න. මිනිත්තු 15-20ක් පමණ ගත වූ පසු ඔබේ බුරුසුවට දත් බෙහෙත් දමා දත් හොඳින් මැද පිරිසිදු කරගන්න. සතියකට වාර 2-3 මෙය නැවත නැවත සිදුකිරීම ඔබට ඉක්මන් ප්‍රතිඵල ලබාදෙනු ඇත.
- සක්‍රීය අඟුරු (activated charcoal) වලින් ‘මාස්ක් එකක්’

අඟුරු කුඩු ජලය සමඟ මිශ්‍ර කර ක්‍රීම් පදම ලැබෙන තුරු කලවම් කරන්න. ඉන්පසුව, ඒවා දත් වල ප්‍රවේශමින් ආලේප කරගන්න. මිනිත්තු 2ක් පමණ මිශ්‍රණය දත් මත රැඳීමට තබා කට හොඳින් සෝදා පිරිසිදු කරගන්න.ඉන් අනතුරුව, සාමාන්‍යය පරිදි බුරුසුවෙන් ඔබේ දත් මැදීම සිදුකරන්න. සතියකට වරක් හෝ දෙවරක් මෙම ප්‍රතිකාරය නැවත සිදුකරගන්න.
- කෙසෙල් පොතු වලින් දත් සුදුකර ගැනීමට ක්‍රමයක්

දත් වල ඇති මැලියම් ඉවත්කිරීමට සහා දත් වල වර්ණය ආරක්ෂා කිරීමට හැකි විශේෂ සංයුතියක් කෙසෙල් පොතු වල අඩංගු වේ. කෙසෙල් පොත්තේ ඇතුල් පැත්ත ඔබේ දත් මත හොඳින් අතුලාගන්න. එසේ,අතුල්ලා මිනිත්තු 5-7ක් පමණ රැඳෙන්නට හැර, දත් බුරුසුවෙන් දත් මැද, කට හොඳින් සෝදා පිරිසිදු කරගන්න. මෙය නිතර කිරීම සෞඛ්‍යයට අහිතකර නොමැති නිසා ඔබට ඉක්මනින් හොඳ ප්‍රතිඵල ලබාගත හැකි ක්‍රමයකි.
- ලෙමන් වලින් මුවසේදුම් දියරයක්

ඔබේ දත් ක්‍රමයෙන් සුදු කරමින් මුව නැවුම්ව තබාගැනීමට මෙම සේදුම් දියරය භාවිතා කල හැකියි. ලෙමන් යුෂ කොටස් 3 කට ලුණු කුඩු කොටස් 1ක් බැගින් ගෙන ඒවා හොඳින් මිශ්‍රකරගන්න. සාමාන්‍ය ලෙස දත් මැදීමෙන් පසුව ඔබේ කට මෙම දියරය භාවිතා කරමින් හොඳින් සෝදා ගන්න. සතියකට දෙවරක් හෝ තෙවරක් මෙම ක්‍රමය භාවිතා කිරීම සුදුසුයි.
*අවවාදායයි! ඔබේ කටේ දැවිල්ල හෝ කැසිල්ල හට ගනියි නම් මෙම සේදුම් දියරය භාවිතා කිරීමෙන් වළකින්න.
- බැසිල් කොළ

බැසිල් කොළ හොඳින් අඹරා පල්පයක් සේ සකසාගන්න. ඔබේ සාමාන්‍ය දන්තාලේපය වෙනුවට මෙම පල්පය භාවිතා කරමින් දත් මැදගන්න. එසේනැත්නම්, දත් මැදීමට පෙර මිනිත්තු 5-10ක් පමණ ඔබේ දත් මත මේ ආලේපය ගල්වාගෙන සිටින්න.ඔබේ දත් සුදු කිරිමේ විශේෂ හැකියාවක් බැසිල් කොළ වල අඩංගු වන නිසා මෙය ඔබට වඩාත් ප්‍රයෝජනවත් ක්‍රමයක් වේවි.
- කෝමාරිකා

නැවුම් කෝමාරිකා යුෂ හෝ ජෙල් ලෙස සැකසූ කෝමාරිකා භාවිතා කරමින් ඔබේ දත් වල නීරෝගී බව වැඩි කරගත හැකියි. කෝමාරිකා ස්වල්පයක් ගෙන දත් මත හොඳින් අතුල්ලාගන්න. පසුව, කෝමාරිකා හොඳින් ඉවත් වී යන සේ කට සෝදා ගන්න. දත් මැදීමට පසුව ද මෙම ක්‍රමය භාවිතා කල හැකියි. සති දෙකකින් පමණ මෙම ප්‍රතිකාරයෙන් ඔබේ දත් වල දීප්තිය සහා දුර්වර්ණ බව ඉවත් වී දත් සුදු පැහැයට පත් වී ඇති ආකාරය ඔබට නිරීක්ෂණය කල හැකි වේවි.