ඔබේ ඉනෙන් පහළටත් වඩා දිගු කෙස්කලඹක් ලබාගන්න ස්වභාවික සත්කාර 8 ක්

health tips

සුන්දර කෙස්කලඹක් පවත්වාගැනීම සඳහා ඊට හොඳ නඩත්තුවක් ලබාදීම අවශ්‍යයි. එසේ නොකළ විට ඔබේ කෙස්කලඹ පහසුවෙන් හානි වලට නිරාවරණය වෙයි. කෙස්කලඹ හානි වීමට බලපෑ හැකි සාධක බොහෝයි. රසායනික ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන අධි භාවිතය, හිරු කිරණය කෙස්කලඹ අධික ලෙස නිරාවරණය වීම.රළු හිසකෙස් සත්කාර, හිසකෙස් අලංකරණ උපකරණ භාවිතය, උණුවතුරෙන් ස්නානය කිරීම,තදින් පිසදැමීම ,තදින් ගැටගැසීම වැනි හේතු ඒ අතර වේ.

හානි වූ කෙස්කලඹ යථා තත්වයට පත්කරගැනීම සඳහා ඔබට නිවසේදීම පහසුවෙන් කළ හැකි ස්වභාවික සත්කාර කිහිපයක් ගැනයි අද අප ඔබට කියාදෙන්නේ.විටමින් ඌනතාව හෝ හෝර්මෝන අසමතුලිතතා ගැටළු හේතුවෙන් නොවන , හානියට පත් වූ කෙස්කලඹකට මෙම සත්කාර ක්‍රම භාවිතා කිරීමෙන් හොඳ ප්‍රතිඵල උදාකරගත හැකි වනු ඇත.

  1. ජොජෝබා තෙල් භාවිතා කරන්න

යළි තෙතමනය ඇති කරමින්, හානි වූ හිසකෙස් ශක්තිමත් කීරීමට ජොජෝබා තෙල් ඵලදායීව දායක වේ.මේවා බොහෝ ෂැම්පු හා කන්ඩිෂනර් වල අඩංගුය.හිසකෙස් සේදීමේදී බිංදු කිහිපයක් එක්කළ හැකියි. 

නැතිනම්, සෘජුවම හිසකෙස් සහ හිස්කබලේ ආලේප කළ හැකියි. ඒ සඳහා මේ පියවර අනුගමනය කරන්න.

  • ජොජෝබා තෙල් මේස හැඳි 2 ක් පමණ බඳුනකට දමා රත්කරගන්න.
  • හිසකෙස් මුල් වල සිට අග දක්වා තෙල් ආලේප කර , මිනිත්තු 20 ක් පමණ තිබෙන්නට හරින්න. 
  • ෂැම්පු හා කන්ඩිෂනර් භාවිතයෙන් කෙස්කලඹ සාමාන්‍ය පරිදි සෝදන්න.
  • හිස්කබලේ වියළිබව හෝ ඉස් හොරි වැනි ගැටලු වලින් පෙළෙන්නේ නම්, තෙල් බිංදු කිහිපයක් අත්ලට ගෙන හිස්කබලේ ගල්වන්න.
  1. බිත්තර සහ ලෙමන් වලින් මාස්ක් එකක්

බිත්තර සුදුමද වල ප්‍රෝටීන සහ ඇමයිනෝ අම්ල බහුලය. ලෙමන් වියළි හිස්කබලට හොඳ සත්කාරයකි. මෙමඟින් හිසකෙස් වල දීප්තිමත් බව වර්ධනය වේ.

මාස්ක් එක සකස් කිරීමට:

  • බිත්තර සුදුමද 1 ක් සහ මධ්‍යම ප්‍රමාණයේ ලෙමන් ගෙඩියකින් බාගයක යුෂ එකට දමා මිශ්‍ර කරන්න.
  • හිසකෙස් වල සමානව ගල්වන්න.
  • ෂවර් කැප් එකක් හෝ පොලිතින් බෑගයකින් කෙස්කලඹ ආවරණය කරගෙන මිනිත්තු 30 ක් පමණ සිටින්න.
  • මෘදු ෂැම්පු වර්ගයක් භාවිතා කරමින් හිස සෝදන්න. නිතිපතා භාවිතයෙන් හොඳ ප්‍රතිඵල ලැබේ.
  1. ඇපල් සයිඩර් වලින් හිසකෙස් සේදුම් දියරයක්

පලුදු වූ, අකීකරු සහ දුර්වල කෙස්කලඹකට ඇපල් සයිඩර් විනාකිරි හොඳ පිළියමකි. මේවායේ ඇති ආම්ලිකබව හිස්කබලේ pH අගය සමතුලිත විමට වැදගත් වේ.මේවායේ විටමින් සී සහ බී බහුල බැවින් හිසකෙස් වල නීරෝගි බව ප්‍රවර්ධනය කරයි.

ක්‍රමය:

  • ඇපල් සයිඩර් විනාකිරි මේස හැඳි 2 ක් සහ වතුර ලීටර් 1 ක් බඳුනකට දමා මිශ්‍ර කරන්න.
  • ෂැම්පු සහ කන්ඩිෂනර් කළ පසු, මෙම ද්‍රාවණය හිසකෙස් වල සමානව ගල්වා, හිස්කබල මෘදුව සම්බාහනය කරන්න.
  • මිනිත්තු 2 ක් පමණ තබා, සෝදා හරින්න.
  • සතියකට දෙවරක් පමණ කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලැබෙයි. විනාකිරි ගන්ධය ප්‍රබල වැඩියි සිතේ නම්, ඔබ කැමති එසෙන්ෂියල් ඔයිල් වර්ගයකින් බිංදු කිහිපයක් ද්‍රාවණයට එක්කරගන්න.
  1. ජලයේ මෙන්ම ඔබ භාවිතා කරන හිසකෙස් අලංකරණ උපකාරණ වල උෂ්ණත්වය ගැන සැළකිලිමත්වන්න.

පලුදු වූ, දුර්වල කෙස්කලඹක් ඇති අය උණු වතුරෙන් ස්නානය කිරීමෙන් වැළකිය යුතුයි.අධික උෂ්ණත්වයන් හිදි කෙස් තන්තු වල ඇති ස්වභාවික තෙල් ස්තරය ඉවත් වී කෙස්ගස් වලට ඇති ආරක්ෂක ස්තරය විනාශ වෙයි.එවිට කෙස්කලඹේ ගැටලුකාරී තත්වය තවත් උත්සන්න වීමට ඉඩ ඇත. උණුසුම් හෝ සාමාන්‍ය ජලය භාවිතා කරන්න.

ස්ට්‍රේට්නර්, කර්ලිං අයන් හෝ හෙයාර් ඩ්‍රයර් වැනි උපකරණ භාවිතයේදී ඔබේ හිසකෙස් වලට හානිවීමේ අවදානමක් ද ඇත. මේවා භාවිතයේදී thermal protection වර්ගයේ නිෂ්පාදනයක් භාවිතා කරන්න. අඩු උෂ්ණත්වයක් යටතේ සැකසුම් වෙනස් කර භාවිතා කරන්න. දැනටමත් අධික ලෙස ඔබේ කෙස්කලඹ හානි වී ඇත්නම් මේවා භාවිතය නතර කිරීම වඩාත් නුවණට හුරුය.

  1. පැපොල් මාස්ක් 

පැපොල් වල විටමින් ඒ බහුලය. මෙම පෝෂක මඟින් හිසකෙස් පෝෂණය කිරිම, ශක්තිමත් කිරීම සහ ආරක්ෂා කිරීමට ඉහළ මට්ටමේ ප්‍රතිලාභ ලබාදෙයි.

මාස්ක් එක සකස් කිරීම සඳහා පියවර:

  • පැපොල් ගෙඩි බාගයක් , පොල් තෙල් කෝප්ප බාගයක් සහ මී පැණි මේස හැඳි 1 ක් බ්ලෙන්ඩරයට දමා මිශ්‍ර කරගන්න.
  • මිශ්‍රණය තෙත කොණ්ඩයේ ගල්වා , මිනිත්තු 30-40 ක් පමණ තිබෙන්නට හරින්න.
  • අවසානයේ, සාමාන්‍ය පරිදි ෂැම්පු හා කන්ඩිෂනර් භාවිතා කර හිසකෙස් සෝදාගන්න.
  • හොඳ ප්‍රතිඵල සඳහා සතියට දෙවරක් පමණ මෙය සිදුකරන්න.
  1. වඩාත් සුදුසු නිෂ්පාදන භාවිතා කරන්න

ඔබේ කෙස්කලඹ හානි වී ඇති බව පෙනෙන්නට ඇත්නම් සල්ෆේට් අඩංගු නොවන (sulfate -free) ෂැම්පු වර්ගයක් භාවිතා කරන්න.හිසකෙස් වලට ප්‍රතිකාර කිරීමට ඵලදායි වන ස්වභාවික අමුද්‍රව්‍ය අඩංගු ඒවා භාවිතා කරන්න.හිසකෙස් සීතල වතුරෙන් සෝදන්න.

නිතර සේදීමට අවශ්‍ය නොවන පරිදි වියළි ෂැම්පු (dry shapoo) භාවිතා කළ හැකියි.

  1. ජෙලටින් වලින් සත්කාරයක්

රස නොකළ ජෙලටින් වල ප්‍රෝටීන් විශාල ප්‍රමාණයකින් අන්තර්ගත වේ. හානි වූ හිසකෙස් වලට මෙය ඉතා හිතකරය. එහි පවතින ස්වභාවය කෙස්ගස් මතුපිට ආවරණයක් ඇතිකරමින් , ඊට අවශ්‍ය තෙතමනය ලබාදෙයි.

භාවිතයට උපදෙස්:

  • ජෙලටින් පවුඩර් මේස හැඳි 1 ක් උණුසුම් වතුර කෝප්පයක දියකරන්න. අර්ධ වශයෙන් සවිවනතුරු මිනිත්තු 5 ක් පමණ පසෙකින් තබන්න.
  • ඇපල් සයිඩර් විනාකිරි තේ හැඳි 1ක්. සහ පිච්ච,ලැවෙන්ඩර් හෝ එසෙන්ෂියල් ඔයිල් බිංදු 6 ක් එක්කර හොඳින් කළවම් කරන්න.
  • පිරිසිදු කරගත් කෙස්කලඹ මත මේවා ගල්වන්න. මිනිත්තු 10 ක් තිබෙන්නට හරින්න.
  • උණුසුම් වතුරෙන් හිස සෝදන්න.සතියකට වරක් මෙය සිදුකරන්න.
  1. මී පැණි සහ ඔලිව් තෙල් වලින් සත්කාරයක්

හිසකෙස් වලට තෙතමනය ලබාදී , ඒවා ශක්තිමත් කිරීමේ ගුණාංග මී පැණි වල අන්තර්ගත වේ. හානි වූ හිසකෙස් යථාතත්වයට පත්කිරීම සඳහා මී පැණි ඉතා ප්‍රයෝජනවත් වේ.ඔලිව් තෙල් ද හිසකෙස් සඳහා හොඳ තෙතමනකාරකයක් ලෙස ක්‍රියාකරයි.

භාවිතා කරන ආකාරය:

  • මී පැණි කෝප්ප බාගයක් ඔලිව් තෙල් කෝප්ප කාලක් සමඟ මිශ්‍ර කරන්න.
  • හිසකෙස් සෝදා, මෙම මිශ්‍රණය  මුල සිට අග කොටස් දක්වා ආලේප කර තෙත් කරගන්න.
  • මිනිත්තු 15-20 ක් පමණ තිබෙන්නට හරින්න.
  • උණුසුම් වතුරෙන් හිසකෙස් සෝදා පිරිසිදු කරගන්න.
  • මේ සත්කාරය මසකට වරක් දෙවරක් පමණ  සිදුකරන්න.