සාමාන්‍යයෙන් නීරෝගී පුද්ගලයෙකුගේ මුත්‍රා තද පැහැයකින් තොරයි. ඇතැම් ඖෂධ භාවිතා කළ අවස්ථාවක පමණක් තද කහ පැහැයක් ඇතිවෙන්නට පුළුවන්. ඒ හැරුණාම යම් විටෙක මුත්‍රාවල පැහැය රතු පැහැයක් හෝ රෝස පැහැයක් ගන්නේ නම් ඒ පිළිබඳව අපි අවධානය යොමු කළ යුතු වෙනවා. මොකද ඇතැම් විට යම් රෝග තත්ත්වයන් නිසාවෙන් මුත්‍රා සමඟ රුධිරය පිටවීමක් සිද්ධ වෙන්නට පුළුවන්. මේ මුත්‍රා සමඟ රුධිරය පිටවීම හිමැටුරියා ලෙසයි වෛද්‍ය විද්‍යාවේදී හඳුන්වනු ලබන්නේ. මුත්‍ර සමඟ රුධිර පිටවීම ඇතැම්විට අපිට පියවි ඇසට දකින්නට හැකි වුණත් ඇතැම්විට එය අපිට පරීක්ෂාවකින් තොරව දකින්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. නමුත් මුත්‍ර පරීක්ෂණයක් කිරීම මගින් රුධිරය මුත්‍රවල ඇති බව සොයාගන්නට පුළුවන්. ඒ වගේම යම්විටෙක එක්වරක් පමණක් මුත්‍රා සමඟ රුධිරය පිටවීමක් සිද්ධ වෙන්නට පුළුවන්. එවන් අවස්ථාවක එය නොසලකා හැරිය යුතු නැහැ.
එවිට රුධිරය මුත්‍ර සමඟ පිටවීමක් දැයි සොයාබලා ඒ සඳහා නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම අපි සිදුකළ යුතු වෙනවා. මේ තත්ත්වය බියවිය යුතු තත්ත්වයක් නොවුණත් එය කුමන හේතුවක් නිසා ඇතිවූවක් ද යන්න පරීක්ෂා කරවා ගත යුත්තේ එය ඇතැම්විටෙක මුත්‍රා පද්ධතිය ආශ්‍රිත පිළිකාවක මූලික ලක්ෂණයක් විය හැකි නිසා.
මුත්‍රා මාර්ගයේ, මුත්‍රාවාහීනි, වකුගඩු හෝ මුත්‍රාශය ආදී ඕනෑම ස්ථානයකින් මුත්‍රාවලට රුධිරය එකතු වෙන්නට පුළුවන්. එවැනි අවස්ථාවක හොඳින් මුත්‍රා පරීක්ෂා කිරීම ස්වයංව සිදු කිරීම වැදගත්. මුත්‍රාවල පැහැය තද රතු හෝ රෝස පැහැයක් ද යන්න, මුත්‍රා කිරීම ආරම්භයේ දී හෝ අවසානයේදී පමණක් රතු පැහැයක් ගන්නේ ද යන්න, පිට කරන මුත්‍රා සියල්ලම රතු පැහැයක් ගන්නේ ද යන්න එහිදී ඔබ පරීක්ෂා කළ යුතුයි.මුත්‍රා සමඟ රුධිරය පිටවීම හැරුණාම මුත්‍රා පිට කිරීමේදී දැවිල්ල ඇතිවීම, උණ සහ වේදනාවන් ආදිය පිළිබඳවත් වඩාත් සැලකිලිමත් විය යුතු වෙනවා. නමුත් මේ තත්ත්වයේදී ස්වයංව රෝගය නිශ්චය කර ගැනීම සුදුසු ක්‍රියාවක් නොවන නිසා ඒ සඳහා වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි.
මුත්‍රා සමඟ රුධිරය පිටවිය හැකි අවස්ථා

- වකුගඩු ආශ්‍රිත ආසාදන
- මුත්‍රා මාර්ගයේ ආසාදන තත්ත්වයන්
මුත්‍රා ආසාදන ඇති කරන්නට මූලික වෙන්නේ (E Coll ) ඊ කෝල් කියන බැක්ටීරීයාව. මේ බැක්ටීරියාව හැරුණාම වෙනත් බැක්ටීරියාවන් ද මේ මුත්‍රා ආසාදන ඇති කරන්නට හේතු වෙන්නට පුළුවන්. මේ බැක්ටීරියාවන්ට හැකියාව පවතිනවා එහි ඕනෑම ස්ථානයක් ආසාදනයට ලක් කරන්නට. මෙවැනි තත්ත්වයකදී මුත්‍රා සමඟ රුධිර පිටවීම හැර රෝග ලක්ෂණ කිහිපයක්ම ඇති වෙන්නට පුළුවන්.
- මුත්‍ර දැවිල්ල
- නිතර මුත්‍රා පිට කිරීම අවශ්‍ය වීම
- මුත්‍ර අධික උෂ්ණත්වයක් ගැනීම
- අධික දුගඳ
- කොන්දේ වේදනාව
- උණ
- යටිබඩේ වේදනාව
- රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිතව රුධිරය කැටි නොගැසීම
- වකුගඩු ගල්
- මේ ගල් මුත්‍රවාහිනී ඔස්සේ ගමන් කිරීමෙන් මුත්‍රාවලට රුධිරය එකතුවීමක් සිදු වෙනවා. මෙවැනි තත්ත්වයකදී ඉකිලි ප්‍රදේශයේ ඇතිවන නැතිව යන වේදනාවක් වගේම එක් ආකාරයකට සිටිමට නොහැකිවීමත් වෙනත් ලක්ෂණ ලෙස දක්වන්නට හැකියි.
- ක්ෂය රෝගය
- මුත්‍ර ගල්
- ඩෙංගු රෝගය
- පිළිකා තත්ත්වයන්

- වකුගඩුවල, මුත්‍රාශයේ, පුරස්ථි ග්‍රන්ථියේ ආදියේ පිළිකා තත්ත්වයන් ඇතිවීමෙන් මුත්‍රාවලට රුධිරය එකතුවෙන්නට පුළුවන්.
- පුරස්ථි ග්‍රන්ථිය ඉදිමීම වයස්ගත වීමත් සමඟ හෝ යම් රෝග තත්ත්වයන් නිසා මේ පුරස්ථි ග්‍රන්ථිය ඉදිමීම නිසා ඇතිවන අවහිරතාවයන් මත රුධිරය මුත්‍රාවලට ඇතුල් වෙනවා.
- ගුද මාර්ගයේ හෝ යෝනි මාර්ගයේ රෝග ,ජානමය රෝග රතු රුධිරාණුවල වෙනස්කම් ඇතිවීම ආදිය විශේෂයෙන්ම දෑකැති සෛල රක්තහීනතාවය ආදී තත්ත්වයකදී රුධිර මුත්‍රවලට එකතු වෙන්නට පුළුවන්.
- යම් අනතුරකදී වකුගඩුවලට වන හානිවීමකදී එවැනි අවස්ථාවකදී මුත්‍රවලට රුධිරය එකතුවීමේ වැඩි ඉඩකඩක් පවතිනවා.
- භාවිතා කරන යම් යම් ඖෂධ විශේෂයෙන්ම පිළිකා රෝග තත්ත්වයට භාවිතා කරන ඖෂධ හෝ ඇස්ප්‍රීන් ආදී ඖෂධ ලබාගත්විට මුත්‍රාවල රුධිරය තිබීමේ හැකියාව පවතිනවා.
- ක්‍රීඩාවල නිරත වන අය සිදු කරන ඇතැම් ශාරීරික ව්‍යායාම් විශේෂයෙන්ම දිවීමේ ක්‍රීඩාවල නිරත වන අයගේ යම් යම් ව්‍යායාම් නිසා මුත්‍රා පද්ධතියට හානි සිදුවීමෙන් මුත්‍රාවලට රුධිරය එකතු වෙන්නට පුළුවන්.
ඉහත සඳහන් කළ හේතු සාධක එකක් හෝ කිහිපයක් නිසාවෙන් මුත්‍ර සමඟ රුධිරය පිටවීමක් සිදු වෙන්නට පුළුවන්. රතු පැහැයකින් පිටවන මුත්‍රාවල රුධිරය මිශ්‍රව ඇත්දැයි නිශ්චිතව දැන ගැනීම සඳහා සිදු කළ යුතු මුත්‍ර පරීක්ෂණ වගේම ස්කෑන් ultra sound පරීක්ෂණ ආදී තවත් පරීක්ෂණ ගණනාවක්ම පවතිනවා. ඒ අනුව මුත්‍රා සමඟ ලේ පිටවීමට බලපාන ලද හේතුවට ප්‍රතිකාර කිරීම මගින් ඒ තත්ත්වයන් මගහරවා ගන්නට පුළුවන්.
වඩාත් සැලකිලිමත් විය යුතු අවස්ථා

- විශේෂයෙන්ම කුඩා දරුවෙකුට මුත්‍ර සමඟ රුධිරය පිට වන විට ඇස්වටා සහ කම්මුල් ඉදිමී ඇතිවිට වහාම වෛද්‍යවරයෙකු හමුවට යා යුතුයි.
- ඩෙංගු රෝගයෙන් පෙළෙන අවස්ථාවක මුත්‍රා සමඟ රුධිරය පිට වන්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර කරා යොමු විය යුතුයි.
- යම් විටෙක තිත් පොළගෙක් දෂ්ට කිරීමකින් පසුව මුත්‍රා සමඟ රුධිරය පිටවූ පසු වහාම වෛද්‍යවරයෙකු හමුවට යා යුතුයි.
මුත්‍රා සමඟ රුධිරය පිටවීම වළක්වා ගන්නට කළ හැකි අත් බෙහෙත්
- කතුරු මුරුංගා කොළ යුෂ කකාරවා පානය කිරීමට ලබාදීම
- පිපිඤ්ඤා යුෂවලට උක් පැණි එකතු කර පානය කිරීමට දීම
- රණවරා මල් තැම්බූ ජලය පානය කිරීම
- ඉඟුරු කලං 12ක් වතුර කලං 7 ක් එළකිරි කෝප්ප 1 ක් පත 8 එකට සිදුවා එයට සීනි එකතු කර පානය කිරීම
මේ ප්‍රතිකාර ක්‍රම එකින් එක ගුණ අනුව සිදු කරන්නට වග බලා ගන්න.ඒ වගේම මේ ප්‍රතිකාර සිදු කරන්නට පෙර වෛද්‍යවරයෙකු හමුවී අදාළ පරීක්ෂණ කරවා ගැනීම වඩා වැදගත් බව මතකයේ තබා ගන්නා.